Jan 31, 2011

මාතෘකාවක් නොමැති අදහසක්

සිතේ දුකකි
ඇසේ කදුලකි
තනිවූ මලකි
මතකයන් නොමැකී
රිදුම්දෙයි මනසෙහී
තනිවූ රෝස මල තවමත් පරව නොයමින්
ඔබ එනතුරු බලාසිටියි.
සමනලිය පැමිනි පසු ඇගේ පහසේ මිය යමී යැයි ගත්
සිතුවිල්ල බලවත් බව හැගෙයි, දැනෙයි.

ඔබ වෙනුවෙන් කල කැපකිරීම්,
නැති කරගත් දේවල්,
නැවත නොලැබෙන බව හොදාකාරයෙන් මම
දනිමි.
මගේ මතකය ඇයි පරන දෘඩ තැටියක් නොවුනේ
සියල්ල මකා දමා නැවත ජීවිතයක් පටන් ගන්න.

No comments:

Post a Comment