Mar 31, 2011

යාලුවො සෙට් වීම සහ බල්ලට නිදි පෙති පෙවීම "මුරන්ඩු කොල්ලා II"


මිනිහ 6 වසරෙ ඉන්නකොට හම්බවෙනව එල යාලුවෙක් මිනිහ නමින් රංග, මිනිහ වමත් ඩයල් එකක්. දෙන්නම හිටියෙ චූලා රණසිංහ මිස්. මිස් මුන් දෙන්නට මාර ආදරෙයි. ඇයි උදේ පීරියඩ් දෙකම විද්‍යාව. චූලා මිස් තමා කරන්නෙ, මම පලවෙනි ඩෙස්ක් එකේ අරූ දෙවනි එකේ තුනේ තව කවුද බුවෙක් හිටියා. මම ලියනකොට මගේ අත අරූගෙ ඩෙස්ක් එකේ පොඩ්ඩක් විතර. මිනිහ ලියන්නෙ වමෙන්නෙ ඉතින් අපි වලි.

කොහොමින් කොහොම හරි අපි දෙන්නා කියෝනවයි, ගහගන්නවයි. මෙලෝ සංසාරයක් නැතුව ඉතින් පන්තියේ ඉන්නව. එක දවසක් අපි වලි දාගෙන ගෙදර ආවා, ආ කියන්න ඕනෙ මුගෙන් තමා ඔය අලුත් අලුත් වචන කෑලි එහෙම හොයාගත්තෙ.

ගෙදර ආවා කියල එතනවත් සැනසීමෙ ඉන්න එපැයි ඔන්න ඔය අස්සෙ බල්ලෙක් කෑගහනව. තියෙන මලත් එක්ක, අපේ සීයාගෙ කබඩ් එකේ තියනවා ඕන කුනු ගොඩක්, තෝරල බේරල ගත්තා නිදි පෙති 5ක් විතර ගියා බල්ල ලගට,
"ඇරපිය ඩෝ කට" මූ අහන්නෑ
ගෙදර තිබ්බා පාන් පෙති ටිකක්, ගත්තා ගානට ගනන් කරල දෙකක්, පෙති දැම්මා තක්කාලි සෝස් දැම්ම. රෝල් කරා. අනේ අර බවු කුක්කා නිකන් ගිල්ලා කෑම දැක්කෙ නැති ගානට. මූ ශපාන් එකේ පොඩි දුරක් ගියා වැටුනා නෝ සද්ද බද්ද, නිදි පැය 2ක් විතර.

ඊට පස්සෙ ඉස්කෝලෙ ගියාම තමා හිතුනෙ රංගයට දුන්නනන් මට ආතල් එකේ ලියන්නත් තිබ්බා කියල. ඔන්න එදා මම එක දෙයක් හොයා ගත්තා, අදටත් මූ මෙහෙමයි "බත් කන්නෑ අතින් අල්ලලා, අම්ම තමා කවන්න ඕනෙ, එතකන් පාන් හරි ශොර්ට්-ඊට්ස් තමා උස්සගෙන එන්නෙ"

ප.ලි. - චූලා රණසිංහ මිස් දන්න කෙනෙක් ඉන්නවනන් කරුණාකරල දැනුම් දෙන්න පුලුවන්ද රංගයි මලිතුයි මිස්ව මතක් කලා කියල.

Mar 30, 2011

මුරන්ඩු කොල්ලා

ඔක්කොම පටන්ගන්නෙ මූ 5වසර මුලදි ඉස්කෝලෙ කරපු දෙයකින්. එදා උදේ දෙමවුපිය රැස්වීම, කොල්ලො සෙට් එක ඔක්කොම පිට්ටනියට යැවුව්වා සෙල්ලන් කරන්න කියල.
උදේ පාන්දර අර යකාට මලපැනල අම්මත් එක්ක,
"මොනාද අනේ පරක්කු වෙන්නැතුව එන්නකෝ"
"හරි පොඩ්ඩක් ඉන්න කියන වේලාවටම යන්න බෑනෙ"
"නෑ නෑ පුලුවන්"
කොහොම හරි මූ ඉස්කෝලෙට පැන්නා.
මිනිහ ගියා පිට්ටනියට, පොර ඉස්කෝලෙ ආවෙ 4 වසර අන්තිම හරියෙ, ඉතින් වැඩිය යාලුවො නෑ. ඔය වෙලාවෙ පොර දැක්කා එක කොල්ලෙක් තව එකෙක්ට ගහනව.
ගිහින් ඇහුව
"මොකද්ද ප්‍රශ්නෙ උබල දෙන්නා ගහගන්න"
"මූ මට නිකන් ඉන්න දෙන්නෑ, වැලි වලින් ගහනවා"
මුන් දෙන්නා විතරක් ගහගත්තනන් ඉවරයිනෙ, මෙන්න මේ වලි බේරන්න ආපු එකාටත් ගහනවා.
"ඇයි ඕයි මට ගහන්නෙ, තොට මොලේ හොද නැද්ද?"
"ඇයි උබ මැද්දට පැන්නෙ, මට කවුරුවත් මෙහෙම කතා කරල නෑ, උබ එන්නෙපා එහෙම ඒවට"
ඉතින් වලිය බේරන්න ගිය එකාගෙ මල අතේ, අරූට සම්බෝලෙ කවන්නමයි හිත.
"තෝ වරෙන් බල්ල යන්න, අනුන්ට ගහන්නෙ, වරෙන් තොට දෙන්න."
"ඇයි උබ මොනව කරන්නද?, ආ,, වරෙන් ගහපන් එකක් පුලුවන්නන්"
මූ බලාගෙන හිටියෙ නෑ, ගැහුව, මිනිහ වලි කාරයාව ඇදගෙන ගිහින් තිබ්බ පන්තියෙන්.
"මොකද මේ?" ගුරුතුමියගෙන් පටන්ගනත් කලින්ම ප්‍රශ්නයක්.
අරූ එක පාරටම පැනල කිව්ව
"මිස් මෙන්න මූ අරූත් එක්ක ගහගද්දි මටත් ගැහුව"
"අඩෝ පෙරේතයා මම තෝව මරනවා"
5 වසරෙ කොල්ලෙක් මෙහෙම හැසිරුනා කියන්නෙ, අම්ම කියනවා
"මොනවද ඔයා ඔය කරන්නෙ මම ආයි එන්නඕනෙ ඉස්කෝලෙට, ඊටත් මෙහෙමද හැසිරෙන්නෙ?"
කට උත්තර නැත.
එදා ඉදන් ප්‍රින්සිපල් උනත් "කෝ අර මුරන්ඩු කොල්ල," කියල මතක් කරපු කාලයක් තිබ්බා. තව කොටසක් දෙන්නන් මිනිහ ගැන තව ටික දවසකින්. ඔක්කොටම ජය වේවා.

ප.ලී. - හෙම්බිරිස්සාවට කැස්සට හදපු බෙහෙත් බීලා, බෙහෙත් වැඩිවෙලා මත් උනාම මොකෝ අනිත් දවසෙ කරන්න ඕනේ?

ප.ප.ලි. - සිරප් හොදෙ, නිකන් නැගිටින්න පන නෑ වගේ නිසා ඇහුවෙ, බෙහෙත පිරිටන් ඩී.ම්. ද කොහෙද. මත් වෙලාවගේ කිවුවෙ ඒකෙන් හැදි 5ක් විතර ගහල, තාම වෙන මොනවත් ගැහුවෙ නෑ, කොටින්ම කාලවත් නෑ.

අන්ධ කල ආදරය, සදහටම අන්ධ විය

මේ කතාව ඔය කවුරු හරි කොතැනකදි හරි කියවල ඇති, නමුත් මේක මාර හිතට වදින කතාවක් කියවලම බලන්න.
අන්ද භාවයෙන් පෙලෙන කෙල්ලෙක් හිටියා. එයා ඉස්කෝලෙ යන්නෙ එයාගෙ ඇස් පෙනෙන අක්කා කෙනෙක් එක්ක. දවසක් බස් එකේ යද්දි කොල්ලෙක් මෙයාගෙන් ඇහුව
"මම ඔයාට කැමතී, ඔයා මගේ වෙනවද?"
ඒ අහින්සක ඉල්ලීම හොද හුරුබුහුටි කොල්ලෙක් කරේ කියල අර අක්කා කිව්ව.
මෙයා ඊට පස්සෙ ඉදන් එයත් එක්ක එකට හීන මැවුවා, එයා එක්කම කතා කරා.
කොල්ලා මෙයාට වඩා අවු;1ක් වැඩියි. මෙයා විභාගය කරල ඉවරවෙනකොට මිනිහ යමක් කමක් තියෙන තත්වෙකට ඇවිල්ලා හිටියේ. මෙයා දවසක් කියනවා එයාගෙ රැජිනට
"මම තව ලොකු කාලයකට ඇතිවෙන්න මගෙ ව්‍යාපාරය දියුනු කරල තියෙන්නෙ, අපි දෙන්නට එකට අවුරුදු ගානක් උනත් තනියම අපේ කියල ගෙදරක ඉන්න පුලුවන්" කියල.
කෙල්ල කියනව "අනේ මගෙ ඇස් දෙකෙන් ඔයාව බලන්න පුලුවන්නම්, මම ඔයාව කසාද බදිනව." ඕක කොල්ලගෙ හිතේ වැදුනා.
මිනිහ තව තවත් ව්‍යාපාර දියුනු කරල එයා ගෙයක් අරගෙන අවුරුදු කීපයක් ම කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන් තැනට කටයුතු කරා.
ඔහොම යනකොට මේ ගෑනු ලමයට ඇස් දෙකක් පරිත්‍යාග කරනවා, මෙයා මුලින්ම යන්නෙ එයාගෙ බොහෝම ආදරණීය කොල්ල ලගට.ගියාම දකිනව එයා අන්දයි,ඇස් පේන්නැති කෙනෙක් කියල.
"ඔයා කිව්ව මාව දැක්ක දවසට මාව බදිනවා කියල, ඒක නිසා....."
කියල ඉවර කරන්න හම්බ උන්නෑ, අර කෙල්ල ඉතා නින්දිත විදියට කොල්ලගෙ ඉල්ලිම ඉවතදැමුව නිකන් අකටයුත්තකට යෝජනා කරා වගේ.
නින්දිත අයුරින් බැනවැදිල යන්න හදද්දී අර අහිංසක කොල්ල අහනව
"මට කොලේකුයි පෑනකුයි දෙනවද ඔයාට දෙයක් ලියල දෙන්න"
"ආ මෙන්න"
අරයා සාමාන්‍ය ලස්සන හිනාවක් දාලා කොලේ දීලා එයා ටිකක් දුර පයින් ගිහින් එයාගෙ බෙන්ස් එකේ නැගල ගියා, ඔය ටික වෙනකන් අර ගෑනු ලමය දැක්කෙ නෑ මොකද අර කොලේ තිබුන එක දැකලා එයා අඩ අඩ හිටියෙ,
ලියල තිබ්බෙ නේද
"ඔයා මට ආදරෙ නැති උනාට කමක් නෑ, නමුත් මම ඔයාට හැම දාම ආදරෙයි, ඔයා ආදරෙන් මගේ ඇස් දෙක ප්‍රවේසමෙන් බලා ගන්න. මම ඒවා දුන්නෙ ඔයාට මාව පෙන්නන ඕන නිසා".

Mar 27, 2011

යම් දවසක ඔබ මට ආදරය කරයි, නමුත් ,,

ඔබ මට යම් දවසක ආදරය කරයි, නමුත් මම ඔබට පෙරලා ආදරය කරන්නේ නැත.

මක්නිසාද යත් ඔබ කලා වැනි පහත් ගතිගුණ වලට සමාවක් දීමට මිනිසා කියන සත්වයා හැඩගැසී නොමැති බැවිනි. මට ඔබට පැවසීමට ඇත්තෙ මගේ දෑහට නොපෙනී තොලොන්චි වෙලා යන්න කියලයි. මට තවත් ඔබගේ කපටි දෑස් දෙස බලා සිටීමට නොහැකිය.

මගෙ හිත දුර්වලය, එයට ආදරය ඉගැන්වීමට තවත් බොහෝ කාලයක් ගතවන බව මා සිතමි.

එය උගන්වන විට එයට බාදා නොකරන ලෙසද ඉල්ලමි, මොකද ඔබ MKට කේන්ති ගිය වේලාවල් හරියට දැක නොමැති බැවිනි.

මලියගෙ වචනයෙන් - මගේ හිත ගත්ත කෙනෙක් ඉන්නව, එයා මගේ ගැජමැටික් එක අරගෙන ඉවරයි මම හිතන්නෙ. ඔයා ගිය දවසෙ ඉදන් මගේ හදවත මැරුනා, ඒකට මම රිප්ලේස් කරපු කෑල්ලට තමා මම ගැජ්මැටික් එක කියන්නෙ. ඒ ගැජමැටික් එක ඒකට ඕන විදියට වැඩ කරන්නෙ. මම කියන කිසිම දෙයක් අහන්නෑ.

නෙත්මි ඔයා මාව වෙනස් කරා නමුත් මාව ඔයා ආයිත් ආගාදයකටම ඇදලා දාලා තමා ගියේ.
මට හැගීම් දැනීම් නෑ, එක තැනක ඉන්න බෑ, කන්න බෑ.

මට කියවෙන්නෙම "මැරෙන්නෙ කොහොමද පිස්සි ඔයාව අමතක කරලා?",
ඔහොම කියද්දි "මෝඩ කතා කියන්න එපා පිස්සෝ, ඔයා මැරෙන්නෑ"
හුරතල් කටහඩින් කියද්දි ඔයා මට කරපු කියපු දේවල් ඔක්කොම අමතක වෙනව.

මට ඉස්කෝලෙ ඇතුලට යන්න විදියක්වත් තිබ්බෙ නෑ, පාන්දර 3ට නිදාගෙන 5ට නැගිටින්නෙ.

සිගරට් නෑ, රස්තියාදු ගැහිලි නෑ අර පිස්සි මාව ආයි හොද කොල්ලෙක් කරල, මම නොදැනුවත්වම.

හිනාවෙන්න
































මොන රෙද්දකට හාඩ් එකේ තියන් ඉන්නවද කියල හිතුනා, කාට හරි බලන්නත් එපැයි කියල ඔන්න දැම්මා.

නන්දා මාලිනියගේ තවත් සුන්දර ගායනයක්,,

අහස ගුගුරා.....
අකුනු ගුගුරා....
මගේ හිත වැන්දබු උනා.....

වසා ගන් දොර මගේ හිමියනි
නුබට රිසි නම් යන්ට යන්නෙමි.....

කාලයක් නැති තාලයක් නැති....
විජිතයේ.....
කටු ඔටුනු හැර යමී.....
කාලයක් අපි ආදරයෙන් සිටි සොදුරු මතකය අරන් යන්නෙමි.....

වසා ගන් දොර මගේ හිමියනි
නුබට රිසිනම් යන්ට යන්නෙමී.....

බැන්ද රන් දම්, මගේ ගෙල වට.....
මුදා විසිකොට අඩන අහසට.....
මගේ සිහිනයේ නුබ නිදන් කොට කුරුටු ගී දසක් ලියන්නෙමි.......

වසා ගන් දොර මගේ හිමියනි නුබට රිසිනම් යන්ට යන්නෙමී.......
වසා ගන් දොර මගේ හිමියනි නුබට රිසිනම් යන්ට යන්නෙමී.......

  Theme song of Aga Pipi Mal teledrama by malithkushanh



මම මේ සින්දුව ඇහුවෙ ස්වර්ණවාහිනියෙ නැවත විකාශයක් උන 'අග පිපි මල්' නාට්‍යයේ තේමා ගීතය විදියටයි. කවුද කියනව වගේ 'මගෙ බොක්කටම වැදුනා' කියන්න පුලුවන් ජාතියෙ සින්දුවක්. පට්ට ආ, අඩේ මෙච්චර ලස්සනයි කියල තේරුනෙ ඔක්කොම ඇහුවට පස්සෙ. එහෙනන් අහන්න, කමන්ට් එකක් දෙන්න අදහසක් එක්ක. ජය වේවා !!


Mar 26, 2011

ගාමින්ද විසින් මාක් මාමට ලියමි, (2)

මාක් මාමා වෙත ,

  අනෙ අම්මපා තොට දෙවනි සැරේටත් ලියන්න වුන එක ගැන මම කනගා‍ටුවෙමි. කලින් ලියුම ලියන්න කලින් මම මෙය දැක්කනම් එක ලියුමෙන්ම තොපට බැනුම් ඇසීමට තිබුනි. නමුත් අවාසනාවකට මා මෙය ප්‍රමාධ වී දු‍ටු නිසා තොට බැනීමට තවත් ලියුමක් ලියමි. ‍තෝ අද දින (දින කිහිපයකට පෙර වීමට පුළුවන) මූනුපොතට තවත් නවතම පහසුකමක් එකතු කරන ලදී. එනම් Poll එකක් ය. දැන් මේ මඟුල නිසා අපිට වෝල් එක කිසිම අපහසුවකින් තොරව කැත කර ගැනීමට ඔබ නොමිලේ ඉතාමත් ලේසියෙන් අවස්ථාව දී ඇත. *** Commented On a Photo of You කියාද *** Metioned you in comment කියාද එන නොටි‍ෆිකේශන් 200ක් 300ක් වැනි ඉතා අල්ප ගනණක් එන නිසා ඒ ගැන දුක හිතී තොප කල මේ අමන ක්‍රියාව මා තරයේ හෙලා දකිමු. මා සිතන විදිහට තොපවිසින්ම සෑදූ මේ සමාජ ජාල වෙබ් අඩවිය සමාජ ජාල වෙබ් අඩවියක් බව තොපට අමතක වී ඇත. මෙය Poll දාන්න Elakiri වැනි ෆෝරමයක්ද, බ්ලොගියක්ද නොවන බව මතක් කිරීමට කැමැත්තෙමු. තොපට Poll වලට ඔය තරම්ම ආශාවක් තිබේ නම් තොට මේ මූනුපොත හරහා ලැබෙන මහා ධනස්කන්ධයෙන් පෞද්ගලික වෙබ් අඩවියක් සාදාගෙන එය වැසෙන සේ Poll පමණක් දාගත්තා නම් මැනවි. යාලුවෙක් සමඟ සතු‍ටු සාමිචියේ යෙදී, අයෙක්ව හෑල්ලුවට ලක් කර හීන් ආතල් එකක් ගැනීමට මෙහි පැමිණෙන අපගේ ලේ සෙල්සියස් අංශක 1000 ට පමණ උණුසුම් වන ක්‍රියාවන් කරන්නේ මෙය තොපගේ පෞද්ගලික බූදලයක් යැයි සිතාගෙනද යන්න මම නොදනිමි. තවද විශේෂයෙන්ම කිව යුතු කාරණයක් ඇත. එනම් මේ මූනුපොතේ පසුබිම් වර්ණයයි. තොප වර්ණ අන්ධතාවයෙන් පෙලෙන මිනිසෙකු බව මා දැනගත්තේ මේ ලඟදීය. තොපගේ වර්ණ අන්ධතාවය මෙහි පසුබිම් වර්ණය නිල් ලෙස යොදාගැනීමටද හේතුවක් වූ බව මම දැනගත්තේ ලඟදීය. මා දන්නා ලෙසට මෙම මූනුපොත මිලියන 500 කට අධික පිරිසක් භාවිතා කරති. තොපගේ වර්ණ අන්ධතාවය එම මිලියන 500 ක් වූ ජනයාගේ පිට පටවන්නාක් මෙන් මූනුපොතේ වර්ණය නිල් ලෙස යොදාගැනීම මම තරයේ හෙලා දකිමු. තොපට නිල් පැහැය ඕනෙ නම් ලංකාවේ ඡන්දය පවතින සමයක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ශ කාර්්‍යාලයක් ලඟට වී ඒ දෙස බලා සිටිනු යෙහෙකි. නැත්නම් තොප මූනුපොතට නෑවිත් සිටියාට කම් නැත.

  මා මේ ලියුම ලියන්නේ තොපගේ වර්ණ අන්ධතාවය ගැන කීමට නොවේ. තොපගේ මූනුපොතට එක් කල Poll එක ගැන කීමටය. තොපට කූඹියෙකුට තරම් වත් මොලයක් ඇත්නම් දෙයක් මූනුපොතට එක් කිරීමට පෙර ඒ දෙය එක් කලොත් වන දේ ගැන සිතා බලන්න. නිකන් එහෙං මෙහෙං ඇහිඳ ගෙන අහුවෙන සෑම කුණුගොඩක්ම මේක අස්සෙ එබීම මූනුපොත ජනප්‍රිය වීමට ඉවහල් වනවා යැයි සිතනවා නම් තොප වැනි අධම, අඥාන, කුප්ප මිනිසෙක් මේ ලොවේ කිසිම තැනක නැත. තොප මෙම Poll එක මේ ලියුම ලැබී
පැය 72ක් ඇතුලට ඉවත් නොකලහොත් මා තොපව ලිබියාවට පිටමං කර ගඩා‍ෆි යා ලවා ගෙල වැලලා මරවමි.

  මේ ගැන තවත් කථා කිරීමට ගියහොත් මාගේ රුධිරයේ උනුසුම වැඩිවී සියොලඟින් දහදිය වැගිරෙනවා මිස වන සෙතක් නැත. එම නිසා මා මෙය මින් නවත්වමි.


                                                                                                                           මෙවරත් පිටපත මහින්ද අබේසුන්දර මාමාගෙන්

ගාමින්ද විසින් මාක් මාමාට ලියමි, (1)

 මාක් මාමේ,

    මාක් මාමේ. ඔබට කැම්පස් එකට වී ඉගෙන ගන්නවා වෙනුවට නිකං ඉන්න බැරි අමාරුවකට හදපු මූනුපොත නිසා අප විඳින දුක දන්නේ අප පමණි. එක් අතකින් මෙය ඔබට නොවැටහෙන එක ගැන අප පුදුම නොවෙමු. මන්ද යත් ඔබට පෙනෙන්නේ ඔබ මසකට උපයන මිලියන බිලියන ගනන් මුදල් නෝට්‍ටු පමණි. ඔබ ඔබගේ මේ සමාජ ජාලය ට පසු ගිය දින කිහිපය තුල නවතම පහසුකම් ‍රැසක් එක් කල බව අපි දු‍ටුවෙමු. එහි හොඳක් ඇත. නමුත් ඉන් හොඳකට වඩා අපට මහත් කරදරයක් සිදුවෙයි. ඉන් එකක් ලෙස Comment සඳහා මිතුරන්ව ටැග් කිරීමේ පහසුකම හඳුන්වා දිය හැක. මෙතෙක් කලක් තිබුනේ වීඩියෝ වලට, පින්තූර වලට සහ බිත්තියේ දමන Post වලට මිතුරන් ටැග් කිරීම පමණි. ඒවායින්ද කරදර නැත්තේම නොවේ. නමුත් ඒවා කලකට පෙර සිටම පැවත එන බැවින් ඒවා ගැන දැන් කථා කිරීම නිශ්ඵලය. එම නිසා ඒ ගැන කරන කතාව නවත්වා තොප අලුතින් හඳුන්වා දුන් Comment Tags පිලිබඳ කතා කිරීමට මම කැමැත්තෙමු.

  අප ඉස්සර යහලුවෙකුට පමණක් වලංගු වන ලෙස කමෙන්‍ටුවක් දැමීමට ඕනේ අවස්ථාවකදී යතුරු පුවරුවේ @ ලකුණ ඔබා සාමාන්‍ය කමෙන්‍ටුවක් ලෙස එය පල කලෙමු. යහලුවාට එය ලැබුනේද සාමාන්‍ය කමෙන්‍ටුවක් මෙනි. එනිසා යහළුවාට එය තමන්ට කියූ දෙයක්ද, නැති නම් වෙනත් අයෙකුට කිවූ දෙයක්ද යන්න දැන ගැනීමට හැකි වූයේ එයට ගොසින් මය. නමුත් අලුත් වැඩි දියුණු කිරීමත් සමඟ අපට යහළුවාට විශේෂයෙන්ම දැන ගත හැකි වන පරිදි කමෙන්ට් දැමීමට හැකි වී ඇත. එය මා දකින පරිදි මෙහි ඇති එකම වාසියයි. නමුත් මෙහි අවාසි බොහෝමයකි.

  ඉන් එකක් නම් යම් දෙයකට කමෙන්ට් දැමීමේදී එය අපට Notification එකක් ලෙස එයි. තවද එයටම තවත් කෙනෙක් තමාව ටැග් කර කමෙන්ට් එකක් දැමුවහොත්  *** metioned you in comment ලෙස තවත් Notification එකක් පැමිණේ. අවසන එකම ස්ථානටට යෑමට Notification දෙකකි. මෙය මා සිතන විදිහට බොහෝ දෙනෙකුට  වදයකි.

  ඉතිං මම තොපට මෙය අවලංගු කරන ලෙස නොකියමි. හැකි නම් අපගේ Settings වලට අපව තවත් අයෙකුට ටැග් කිරීමට හැකි වන හෝ නොහැකි වන ලෙස අලුත් පහසුකමක් යොදන්නේ නම් මැනවි. එය මෙම පහසුකම අවලංගු කර දමනවාට වඩා සාර්ථක වනු ඇත.

  තවද මේත් සමඟ ඔබට මතක් කිරීමට තවත් දෙයක් ඇත. ඔබ මේ මූනුපොතට එක් කරන මේ පහසුකම් අතරේ MP3 ෆයිල්ද දැමීමට හැකි වන ලෙස පහසුකමක් යෙදීමට හැකි නම් ඉතා අගනේය.

  මේ කිසිම දෙයක් ඔබ වැනි කඩු වනන්නෙකුට නොතේරෙන බව දනිමි. තොප ලඟ සිටින ලංකාවෙන් ගිය පුද්ගලයා ලවා කියවාගෙන මෙය ක්‍රියාත්මක කිරීමට හැකි නම් එය අප මහත් උපකාරයක් කොට සලකමු.

                                                                                                                අදත් විමසුම පිටපත මහින්ද අබේසුන්දර මාමාගෙන් :P

Private බස් කතා

අපි ඉස්කෝලෙ ඉදල එනකොට වෙච්ච පොඩි පොඩි සිද්දි දෙක තුනක් ගැන කියන්න හිතුනා. මම විතරයි අපේ සෙට් එකෙන් කලඩ් ගහල බස් එකේ යන්නෙ, අපි ඉතින් බස් එකට නගින්න ඕනෙ තුම්මුල්ලට ගිහිල්ල, එතකොට මම, ආබෘ, ඔටුවා, ගන්ජා තව කස්ටිය යනව. එක දවසක් මට වැඩිය දන්නෑ නමුත් අෆ්ෆා මෙන්න යන් ටිකී (young TIKI) ඉන්නව බස් එකේ.
මූවත් සෙට් කොරන් දැන් යනව. අපි ඉතින් සද්ද බද්ද නැති අහින්සක කොල්ලොනෙ, එකෙක් එකපාරටම "තාත්තේ නැගපන් බන් ෆුට් බෝඩ් එකෙන් උඩට" කියල කෑගැහුව,
මම බැලුව මූ කාටද යකෝ තාත්තෙ කියල කෑගහන්නෙ කියල. හුටා එහා පැත්තෙ එකෙක් බලු හිනාවක් දැම්මාම තමා මට ක්ලික් උනේ මූ මට නේද කිව්වෙ කියල.
"පල පල යන්න" කියල මම ශේප් එකේ උඩට නැග්ගා.

විනාඩි 10ක් විතර ආතල් එකේ ඉන්නකොට සහෝදර පාසල්ක් වන 'පතන' පාසල ඉස්සරහින් කෙල්ලො සෙට් එකක් නැග්ගා බස් එකට, ඔන්න ඔය වෙලාවෙ අපේ එකෙක්ට පුන්චි කික් එකක් ඇවිල්ලා මොකක් හරි එකක් ඒ කෙල්ලෙක්ට කිව්ව. එතකොට ටිකී කියනවා
"මෙහෙ වරෙන් තොපිල හැසිරෙන්න දන්නෑ, මෙතනට වරෙන්, හැසිරියන්" කියල කෑගැහුව, අරු එතනට ආවා "තෝ මට හැසිරෙන්න කියනව, තෝ හැසිරියන් මට කලින්" කිව්වා.
ටිකක් දුර ගියා ආයි මට තාත්තා කියපු එකා මාත් එක්ක කෑගහගන්න හදනවා, පොර කිව්ව මොකක් හරි එකකට මම හයියෙන් කෑගහල කිව්ව
"තෝ මට කියෙන්නෙ බලපිය ගෙදර ගිහින් උබේ පැටවු ටික" කියල,
"බලු පැටවු ද?",
"ඔව්, අර උබේ ෆේස් කට් එක තියෙන්නෙ, අන්න උන්" මූ නෝ සද්ද. 

නුගේගොඩ හරියෙදි කස්ටිය බැස්සා,
ටිකී මාත් එක්ක කතාවට වැටුනා මම මිනිහට කිව්ව
"බලපන් බන් දැන් මේ බස් වල හැටි"
"ඔව් බන්, ඉස්සරහින් නැග්ගහම කොන්දා කෑගහනවා පස්සට යන්න කියල, පස්සෙන් නැග්ගාම කියනව ඉස්සරහට යන්න කියලා, බැලුවාම යන්න තැනක් නෑනෙ."
"ඒකට බලන්න ඕනෙ පිටරටවල බස් දිහා"
"ඔහොම කියන්න එපා යකෝ, කොච්චර ආඩම්බරද ලන්කාවෙ ප්‍රයිවට් බස් එකක ආවා කිව්වවහම, බලන්න අයන් කරල අදින ඇදුම තවත් ලස්සන වෙනව ප්‍රයිවට් බස් එකක ආවාම, කොච්චර ශෝක් ද තෙරපිලා, මිරිකිලා, පොඩිවෙලා ආවාම තියන ෆන් එක."
වටේ ඉන්න කට්ටිය අපි දිහා බලාගෙන, ඇයි ඉතින් ඔක්කොටම ඇහෙන්න ස්පීකරේ දාගෙනනෙ ඉන්නෙ.

Mar 25, 2011

පිස්සි....

"යකෝ පිස්සා what men ඇඩෙන කතා කියන්නෙ, මට ඔයා එක්ක කතා කරන්න බැරි උනාට friendship එක තියනවනෙ, don't worry. father is there so don't reply ok. bye TC."

මට මේ මැසේජ් එක එව්වෙ 21/03/2011 රෑ 07.10 විතර.
මට පිස්සා කියල කියන්නෙ. දන්නව මම ගැන හොදට. මම එයාගෙ නම්බර් එක දුන්නෙ ගෙම්බි, "මලියො පොඩ්ඩක් කතා කරල බලන්න හොද කෙල්ල".
මම කිව්ව" අනේ ගෙම්බියෝ මම කැමති නෑ මගේ හිත තව පාරක් කෙල්ලෙක් නිසා රිද්දගන්න, මට එයාට රිද්දන්නත් බෑ" කියල. ඔහොම බැරි බැරිගාතෙ සති දෙකකට විතර පස්සෙ ගෙම්බි අරය මගෙ ඇගේ ගැහුව.ඒ කිව්වෙ මොබයිල් නම්බර් එක දුන්නා.
දවස් 3 - 4ක් යද්දි මට නිකන් මැසේජ් කරන එක නවත්ත ගන්න බැරිගානට වැටුනා, මම දැකලත් නැති කෙල්ලෙක්ට මම කෝල් කරන්නත් පටන් අරගෙන. මම කිව්ව "මට ඔයාව බලන්න ආසයි, හොයාගත්ත ඒවා වලින් දැකල තිබ්බට හරියට කතා කරලවත් නෑනෙ" කියල.
ඉරිදා දෙන්නා කතා කරගත්තා එක්සෙල් වල්ඩ් එකට යන්න. මගේ මාර්ග ගැන තිබුන අතිවිශේෂ දැනුම නිසා පාරවල් බලාගන්න වඩ්ඩා මාර්ගෝපදේශකයා වශයෙන් එන්න කියල කිව්වා. මිනිහත් ආවා. හරි ඔන්න ඉරිදා ආවා කියන්නකො, මෙයා ක්ලාස් එකෙන් එලියට ආවා මාව දැකලත් නෑනෙ ඉතින් මට කෝල් කරා.
ඊට පස්සෙ පොඩි වලියකුත් යන්න ගිහින් ශේප් වෙලා අරය ලගට ගියා. සුදූ පාට, අඩි 5'1''ක් විතර වෙන ෆොරින් කෙල්ලෙක් වගේ කෙනෙක් ඉන්නව දැක්ක.මම හැන්ගිලා කෝල් කරල බැලුව, මෙයා ආන්සර් කරා, හරි කන්ෆර්ම්. මම ලගට ගිහින් හායි කිව්ව. ඊට පස්සෙ වඩ්ඩව පෙන්නුව.
අනේ මන්දා මොන කරුමෙකට හරි මෙයාගෙ අති මිත්තරයො සෙට් එක ඇවිල්ල කිව්ව "ඔයා ක්ලාස් එකට එන්නැත්තන් අපි සර්ට කියනව" කියල. අනේ මට වැටුන තොප්පියක්. එහෙම කියල ඒ සෙට් එක ක්ලාස් එක ඇතුලෙ. විනාඩි 3ක් ගියේ නෑ මෙන්න සර්ගේ මොබයිල් එකෙන් ඒ කෙල්ලො සෙට් එක කෝල් කරනව. මම කිව්ව "කමක් නෑ අද ඔයා ක්ලාස් එකට යන්න, අපි පස්සෙ දවසක කොෆී එකක් බොන්න යමු" කියල මමයි වඩ්ඩයි ගියා පොඩි රවුමක් දාන්න.
 මෙයා ආපු නැති එකෙන් වඩ්ඩට මම 600කට වඩා වියදම් කරා උගේ කෑල්ලට. උගේ කෑල්ලට මමයි අරගෙන දෙන්නත් ඕනෙ. ශුවර් නෑ මුට අර වැඩේ කොරන්න බෑ කියල එයිද වත්දෝ කියල.
මෙයා තව අලි ශෝයි වැඩක් කරගෙන ගෙදර ප්‍රශ්නයක් නිසා කකුල කපාගෙන, පිස්සිනෙ. මොනව උනත් මගේ අර ගැජමැටික් එකට අමුතු හැගීම් ටිකක් ගලාගෙන එනව, අවුල තියෙන්නෙ කියන්න වචන් නැති කම. ඒ කියන්නෙ මම ඒ කෙල්ලට කැමති කියලද??

මාවතේ මගීන් - චින්ති

වසන්තයේ මල් කෑකුළක් නොවී ගිම්හානයේ පර නොවී
හෑමදා මෙන්.. නොවෙනස් වී.. අතු හිස් වූ රුකකට මලක් වී..
ඉන්නවානම් ළදේ…… හැමදා ඔබ මගේ…..
ජීවිත කාලේ පුරා……
තදින් දෑනුනේ නෑ මට මේ ලෙසේ කිසිදා දෑනුනේ නෑ මට මේ ලෙසේ

සුර ලොවින් පහළ වී.. හීත ඉර්තූවේ මා සමග වී..
හැමදා මෙන් නොවෙනස් වී.. අතු හිස් වූ රුකකට මලක් වී..
ඉන්නවානම් ළදේ ………..හැමදා ඔබ මගේ …………
ජීවිත කාලේ පුරා……

මාවතේ මගින් හමුවේ සෙමින්……
ඇය මා ලගින් ගමන් යයී හොරෙන්

මාවතේ මගින් හමුවේ සෙමින්……
ඇය මා ලගින් ගමන් යයී හොරෙන්

නෑත මා සිත වෙනස් කලේ
බෙදා හරී හදවත මගේ සොයා යමී ආදරය මගේ
ඇය හමුවන බව මට නම් සිතේ
සිහින මාවතේ සතුටු සිනා කදුළින් පිරී
කෑකුලක් වී ශිත ඉර්තුවේ
පර නොවී මා සත්තයේ
ඉන්නවා නම් ළදේ ……
හැමදා ඔබ මගේ…… ජිවිත කලේ පුරා……
තදින් දැනුනේ නෑ මට මේ ලෙසේ…… කිසිදා දැනුනේ නෑ මට මෙ ලෙසේ……

මාවතේ මගින් හමුවේ සෙමින්
ඇය මා ලගින් ගමන් යයී හොරෙන්

මාවතේ මගින් හමුවේ සෙමින්……
ඇය මා ලගින් ගමන් යයී හොරෙන්

මාවතේ මගින් හමුවේ සෙමින්……
ඇය මා ලගින් ගමන් යයී හොරෙන්


මේක මට ඔබේ-බටේ හොයාගන බැරි උනා, මගේ ගාව තියන ෆයිල් එක රේඩියෝ එඩිට් එකක්, කෑලි බෑලි හොයාගෙන මෙව්ව කොරල ගත්තා. නිකන් ඒක ඇහුවාම ඇගට කික් එකක් එනව වගේ. තියනවනන් උපරිමෙන් ම කොලිටි එකක ලින්ක් එක එවන්න පුලුවන්නන්, මොනවත් නෙමේ එල. චින්ති අයියගෙ සින්දුවක් මේක.

  Wasanthaye - Chinthy by malithkushanh 

Mar 21, 2011

ටුඩේ ඉස්පෙසල් කිව්වලු!

බලන්න ඇති කෑමක් ගැනද කියල, නෑ මේ පොඩි කතන්දර වගයක් අද වෙච්ච. අද අපේ ගැන්ග් එක ඉස්කෝලෙ ඉස්සරහ සෙට් උනා, ගැන්ග් එක කිව්වහම වරදවා හිතන්න එපා අපේ ඉන්නෙ සිගරට් එකක්වත් පත්තු කොරන්න දන්නැති එව්න්.

බහිමුකො ඉස්ටෝරියට,
 
මෙන්න පලවෙනි එක, අපේ සෙක්ශන් එකේ කොල්ලෙක් බීච් එක පැත්තෙ ඇවිදින්න ගිහින් ඒ අස්සෙ පොර දැකල ෆොරින් ඩයල් එකක් මිනිහ වටපිට බලලා "අම්මට හු**න්න්න්න්න්" කියල කෑගහගෙන ගිහිල්ල, මිනිහත් නිකන් ඉදල නෑ "හාහාහා...යියී" කියාගෙන පොර ලගට ඇවිල්ලා. අරු කියලා "සොරී නොට් ෆො යූ".

දෙක, මම ගිහින් ඔටුව කියන ඩයල් එකගෙන් ඇහුව රිසල්ට්ස් කොහොමද කියල,
"පොඩ්ඩක් හිටපන්කො, (වෙන එකෙක්ට,) පල ප* කීදෙනෙක්ට කියල කියන්නද හිටපිය මම ස්ටෙජ් එකකට නැගල කෑගහල කියන්න".
ඔය අස්සෙ රාජිය(ටෙකා සින්හලෙන්) කියනවා
"මලියො චිත්‍ර කොල නැද්ද?"
මමත් ගොනා වගේ
"මොන රෙද්දකටද, අරව මාක් කරගෙන යන්නද?"
කියල ඇහුව
" නෑ යකෝ උබලට පේන්න ඕකේ ලියල පපුවෙ ගහගන්න".

තුන, අපේ ඉස්කෝලෙ ඇතුලෙ නා ගහක් පැල කරල තියනව මොකද්ද මගුලකට, අනේ මන්දා බිම දණ ගහගෙන ෆෝන් එකෙන් සූම් කරල බැලුවත් නා ගහ නන් පේන්න තිබ්බෙ නෑ. රාජියා සාක්ශි. ලමයි රවට්ටනවට නඩු දාන්න ඕනෙ.

හතර, මම ෆොටෝ එකක් එඩිට් කරා, අයිතිකරය මට වඩා අවුරුද්දක් වැඩිමහල්. මිනිහ එයාගෙ අක්කගෙ පුතාව වඩාගෙන ඉන්න එකක් තමා දැම්මෙ නමුත් පොඩි එකාගෙ ඔලුවට අපේම ඉස්කෝලෙ මල්ලි කෙනෙක්ගෙ ඔලුව දැම්මා. මූ මට කියනවා "තො මගේ යකා නග්ග ගන්නයි හදන්නේ!"
මම කිව්වා "තොට තොගේ එක නග්ග ගන්න බැරිකොට කොහෙද හරකො යකා නග්ගන්නෙ?"
මිනිහ තමා මට වයි-ෆයි කියල ඇක්සස් පොයින්ට් නේම් ටිකක් පෙන්නුවෙ චයිනීස් මොබයිල් එකක.

පහ,
~"මා හඩවලා,, හදවත සලා,,
පෙර, දාක මාගෙ දෙනුවන්, රතුවෙලා,,,
දැන් කිසි දිනේ,, නෑ ඒ වගේ,,,
හද ආදරේ පිරී ඉතිරෙනවා,,,,,,.!!!!!!!!!"
~"අනේ හු**න්"
 "පව් යකෝ ඔහොම මූනට කියන්න එපා!"
"මුන්නන් හැදෙන්නෑ"
"උබ හරි මලියො" 
ඔය අස්සෙ මගෙ මොබයිල් එකේ කැම් එකට අහුවෙච්ච සිරා ෆොටෝ ටිකක් තියනව.
 ඕන්න් කිව්ව මේ මගේ පාසල නොවේ,පාරෙ ඉන්නේද මගෙ පාසලේ අයද නොවේ!