Mar 1, 2011

මුලින් මොන එකටද?

මිස්ට පෙරේරා ගියාලු එයාගෙ ඩොක්ටර් හම්බවෙන්න,

'ආ මිස්ටර් පෙරේරා කොහොමද, ඉදගන්න ඉදගන්න.'

ඔන්න තත්පර 30ක් ගියේ නෑ ඩොක්ටර් නිකන් මාර අපහසුවකින් වගේ පෙරේරගෙ මූන දිහා බැලුවලු.

'ඩොක්ටර් මේකයි මට පොඩි ලෙඩක් තියනව, මේ වාත කේස් එකක්. මට තත්පර 30න් 30ට පොඩි වාතයක් යනව, ඒක එච්චර ලොකු දෙයක් නෙමේ. සද්දෙත් නෑ ගදත් නෑ, මම ආවේ මට ඒක නිකන් දැනෙන නිසා මට නිකන් ඒක අවුල් වගේ. ඩොක්ටර් විශ්වාස කරන්න මාව මම මෙතන හිටපු විනාඩි 10ට දහදොළොස් වතාවක්ම පිට උනා.'

ඩොකා අමාරුවෙන් වගේ කියනව

'ඔයාට කියන්න වෙනව, ඔයාට ලෙඩ 3ක් තියනව. මිස්ට පෙරේරා ඔයාට ඔය 3ටම බෙහෙත් කරගන්න වෙනව.'

'මොනව මට ලෙඩ 3ක් තියනව?'

'ඔව්, ඔයා මෙතනට ආපු වෙලාවෙ ඉදන් බෝම්බ ගහන්න වගේ වාත ඇරිය, ඔයා එච්චර සද්දෙන් යවලත් ඔයාට ඇහිල නෑ, ඒමදිවට ඔයාට අර කුණු බිත්තර වගේ ගදවත් දැනිල නෑ, මටනන් නිකන් හොද ගනන් ඒ ගදට. එතකොට ඔයාගෙ කනේ හා නාස් පද්දතියෙ ලොකු අවුලක් තියනව, ඔය දෙක ඇරෙන්න තමා අර ඔයාට වාත ප්‍රශ්නෙ තියෙන්නෙ'

2 comments: