Mar 2, 2011

ඔක්කොම ඇමතිල දැම්මත් පාඩු නෑ!

නුවර යන කෝච්චියක ඉන්නවලු ඇමරිකන් ජාතික්යෙක්, චීන ජාතිකයෙක්, සහ අපේ රටේ ඇමතිල 3දෙනෙකුයි වියාපාරිකයෙකුයි.

මේගොල්ලො මෙහෙම යද්දි චීන ජාතිකයට ඕනෑ උනා දුරකථන ඇමතුමක් ගන්න, එයා එයාගේ චයිනීස් මොබයිල් එක අරගෙන කෝල් එකක් ගත්තා, මොකක් හරි ලෙඩකට ඒක වැඩකරේ නෑ. මිනිහ මොකද්ද කලේ කෝච්චියෙන් එලියට ඕක විසික්කරා.

එතකොට ඕක දැකපු අපේ උන්දැලට කසන්න ගත්තා 'අපරාදෙ, ලස්සන ෆොන් එක' අරකද මේකද කියල, හැබැයි වියාපාරිකය නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්.

එතකොට මිනිහ කිව්ව 'අපේ රටේ හැමතැනකම මොබයිල්ස් වැහිවැහැල, අපිට ඕව 10ක් ගන්න එක එච්චර දෙයක් නෙමෙ' කියල.

ඔන්න ඕකට ඇමරිකන් ඩයල් එකට නැග්ගා 84තවුසන්ඩ් වලට 'මමත් පෙන්නනව හොද මැජික් එකක්' කියල හිතල මිනිහ හැම එක්කෙනාටම දෙනව වටිනා සිගරට් ජාතියක් ඊට පස්සෙ මිනිහ හැම කෙනාටම පේන්න ගන්නව රත්තරන් ලයිටර් එකක්, ඒකෙන් හැමකෙනාගෙම  සිගරට් එක පත්තු කරල එලියට විසි කරා.

ආයි අර තුන්දෙනා පටන් ගත්තා එක එක ඒව කියන්න.

ඇමරිකන් මෑන් කියනව එතකොට 'ආ ඒක එච්චර ප්‍රශ්ණයක් නෙමේ, අපේ රටේ හැම කෙනා ගාවම ඔයවගේ කැරට්18 ලයිටර් තියනව'.

ඇමතිල තුන්දෙනාට අමතරව හිටිය වියාපාරිකය ඔය ඔක්කොම අහන් ඉදල ෆ්ල්වර් ජුම්ප් වෙලා, කාටද අපේ රට දෙකේ කොලේට දාලා කතාකරද්දි නිකන් ඉන්න පුලුවන්, මිනිහ ගිහින් එක ඇමති කෙනෙක් උස්සල කෝච්චියෙන් එලියට දැම්ම, අනිත් එකාවත් බැරිබැරි ගාතෙ වලි දාගෙන දැම්ම එලියට, තුන්වෙනි ඩයල් එක බේරුනා පෙර පිනකට,

ඇමරිකානුවයි චීන ජාතිකයයි වියාපාරිකයගෙ ඇගේ එල්ලිල ඉන්දෙවුවා. ඊට පස්සෙ ඇහුව 'මොකද මිනිහෝ අර වගේ වැඩක් කරේ තමුසෙලගෙම රටේ ඇමතිල දෙන්නෙක් නේද?' කියල. 

'තමුසෙලා දන්නැත්ද, අපේ රටේ රජයෙ ඇමතිල එකෙක් දෙන්නෙක් නෙමේ දහයක් දොලහක් දැම්මත් ලාභයක් මිස පාඩුවක් නම් වෙන්නෑ' කියල මිනිහ ගත් කටටම කිව්ව.

1 comment: