Mar 8, 2011

ලබැදියේ - ලහිරු පෙරේරා

ඔබ එන්න සුළඟේ දැවටිලා
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැඟවිලා

ලබැඳියේ ලබැඳියේ
මා සිතින් සිරකලා
ලබැඳියේ ලබැඳියේ
මා සිතින් පෙම්කලා

නා දල්ල වාගේ දිදුලනා
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිර වෙලා
මට ඉන්න ඇත්නම් තනි වෙලා

ලබැඳියේ ලබැඳියේ
මා සිතින් සිරකලා
ලබැඳියේ ලබැඳියේ
මා සිතින් පෙම්කලා

කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පළඳා හැඩ බලා
මා වින්ඳ සතුටේ නිම් සොයා
ඔබ යන්න සුළඟේ අප දමා

ලබැඳියේ ලබැඳියේ
මා සිතින් සිරකලා
ලබැඳියේ ලබැඳියේ
මා සිතින් පෙම්කලා

සුන්දර අතීතය නිමේශයකින් සුන්විය. නමුත් යාලුවන්ට පින් සිද්දවෙන්න මම ඉන්නව. පොඩ්ඩක් වැඩ වැටිල තිබ්බ, ඔය අස්සෙ අහපු ගමන් තමා ක්ලික් උනේ සිරා සින්දුව නේද කියල.  

1 comment: