Mar 27, 2011

නන්දා මාලිනියගේ තවත් සුන්දර ගායනයක්,,

අහස ගුගුරා.....
අකුනු ගුගුරා....
මගේ හිත වැන්දබු උනා.....

වසා ගන් දොර මගේ හිමියනි
නුබට රිසි නම් යන්ට යන්නෙමි.....

කාලයක් නැති තාලයක් නැති....
විජිතයේ.....
කටු ඔටුනු හැර යමී.....
කාලයක් අපි ආදරයෙන් සිටි සොදුරු මතකය අරන් යන්නෙමි.....

වසා ගන් දොර මගේ හිමියනි
නුබට රිසිනම් යන්ට යන්නෙමී.....

බැන්ද රන් දම්, මගේ ගෙල වට.....
මුදා විසිකොට අඩන අහසට.....
මගේ සිහිනයේ නුබ නිදන් කොට කුරුටු ගී දසක් ලියන්නෙමි.......

වසා ගන් දොර මගේ හිමියනි නුබට රිසිනම් යන්ට යන්නෙමී.......
වසා ගන් දොර මගේ හිමියනි නුබට රිසිනම් යන්ට යන්නෙමී.......

  Theme song of Aga Pipi Mal teledrama by malithkushanh



මම මේ සින්දුව ඇහුවෙ ස්වර්ණවාහිනියෙ නැවත විකාශයක් උන 'අග පිපි මල්' නාට්‍යයේ තේමා ගීතය විදියටයි. කවුද කියනව වගේ 'මගෙ බොක්කටම වැදුනා' කියන්න පුලුවන් ජාතියෙ සින්දුවක්. පට්ට ආ, අඩේ මෙච්චර ලස්සනයි කියල තේරුනෙ ඔක්කොම ඇහුවට පස්සෙ. එහෙනන් අහන්න, කමන්ට් එකක් දෙන්න අදහසක් එක්ක. ජය වේවා !!


4 comments:

  1. නදීකගේ කවර් එකත් අහලා බලන්න මලයෝ. මැක්සා

    ReplyDelete
  2. කාලයක් හොයපු සිංදුවක්..............
    පට්ටයි ඈ!

    ReplyDelete
  3. ගොඩ කාලෙක ඉඳන් හොයපු සින්දුවක්.බොහොම ස්තුත්ය්.

    ReplyDelete