Mar 8, 2011

තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා ... මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා .....

අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ

ඔබ පෙරදා ආදරේන්
මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා ...
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා .....

ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී ...
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ.....

ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

ඔන්න ඉතින් මම ඔය ටිකත් දැම්ම නැත්තන් හරි නෑනෙ. මියුසික් නම් පට්ට කිව්වලු!
ඇඩෙනව. කැමති කෙනෙක් ඉන්නවනන් මට පුලුවන් ටිකට් 3ක් ගන්න ;) .

4 comments:

  1. මලියෝ තරහ නැතුව මේ සිංදුවේ ලින්ක් එකක් දියන් මචං. ටිකට් තුනක් නේ... ඕනේ හෝල් එකක් බලන්න පුළුවන්ද බං?

    ReplyDelete
  2. කොල්ලො කලින් පෝස්ට් එකේ ඇති, කෝකටත් කියල මෙන්න
    http://www.youtube.com/watch?v=afJUClZYYlo&feature=related

    ReplyDelete
  3. මටත් එක්ක ටිකට් තුන, මොකෝ කියන්නෙ, තව එකෙක් අල්ලන් හෝල් එකක් හොයල යමුද බලන්න?

    ReplyDelete
  4. අඩෝ පුදුමෙ කියන්නේ මම මේක බලද්දිත් අහන සින්දුව ඕකම වීම

    ReplyDelete