Mar 25, 2011

පිස්සි....

"යකෝ පිස්සා what men ඇඩෙන කතා කියන්නෙ, මට ඔයා එක්ක කතා කරන්න බැරි උනාට friendship එක තියනවනෙ, don't worry. father is there so don't reply ok. bye TC."

මට මේ මැසේජ් එක එව්වෙ 21/03/2011 රෑ 07.10 විතර.
මට පිස්සා කියල කියන්නෙ. දන්නව මම ගැන හොදට. මම එයාගෙ නම්බර් එක දුන්නෙ ගෙම්බි, "මලියො පොඩ්ඩක් කතා කරල බලන්න හොද කෙල්ල".
මම කිව්ව" අනේ ගෙම්බියෝ මම කැමති නෑ මගේ හිත තව පාරක් කෙල්ලෙක් නිසා රිද්දගන්න, මට එයාට රිද්දන්නත් බෑ" කියල. ඔහොම බැරි බැරිගාතෙ සති දෙකකට විතර පස්සෙ ගෙම්බි අරය මගෙ ඇගේ ගැහුව.ඒ කිව්වෙ මොබයිල් නම්බර් එක දුන්නා.
දවස් 3 - 4ක් යද්දි මට නිකන් මැසේජ් කරන එක නවත්ත ගන්න බැරිගානට වැටුනා, මම දැකලත් නැති කෙල්ලෙක්ට මම කෝල් කරන්නත් පටන් අරගෙන. මම කිව්ව "මට ඔයාව බලන්න ආසයි, හොයාගත්ත ඒවා වලින් දැකල තිබ්බට හරියට කතා කරලවත් නෑනෙ" කියල.
ඉරිදා දෙන්නා කතා කරගත්තා එක්සෙල් වල්ඩ් එකට යන්න. මගේ මාර්ග ගැන තිබුන අතිවිශේෂ දැනුම නිසා පාරවල් බලාගන්න වඩ්ඩා මාර්ගෝපදේශකයා වශයෙන් එන්න කියල කිව්වා. මිනිහත් ආවා. හරි ඔන්න ඉරිදා ආවා කියන්නකො, මෙයා ක්ලාස් එකෙන් එලියට ආවා මාව දැකලත් නෑනෙ ඉතින් මට කෝල් කරා.
ඊට පස්සෙ පොඩි වලියකුත් යන්න ගිහින් ශේප් වෙලා අරය ලගට ගියා. සුදූ පාට, අඩි 5'1''ක් විතර වෙන ෆොරින් කෙල්ලෙක් වගේ කෙනෙක් ඉන්නව දැක්ක.මම හැන්ගිලා කෝල් කරල බැලුව, මෙයා ආන්සර් කරා, හරි කන්ෆර්ම්. මම ලගට ගිහින් හායි කිව්ව. ඊට පස්සෙ වඩ්ඩව පෙන්නුව.
අනේ මන්දා මොන කරුමෙකට හරි මෙයාගෙ අති මිත්තරයො සෙට් එක ඇවිල්ල කිව්ව "ඔයා ක්ලාස් එකට එන්නැත්තන් අපි සර්ට කියනව" කියල. අනේ මට වැටුන තොප්පියක්. එහෙම කියල ඒ සෙට් එක ක්ලාස් එක ඇතුලෙ. විනාඩි 3ක් ගියේ නෑ මෙන්න සර්ගේ මොබයිල් එකෙන් ඒ කෙල්ලො සෙට් එක කෝල් කරනව. මම කිව්ව "කමක් නෑ අද ඔයා ක්ලාස් එකට යන්න, අපි පස්සෙ දවසක කොෆී එකක් බොන්න යමු" කියල මමයි වඩ්ඩයි ගියා පොඩි රවුමක් දාන්න.
 මෙයා ආපු නැති එකෙන් වඩ්ඩට මම 600කට වඩා වියදම් කරා උගේ කෑල්ලට. උගේ කෑල්ලට මමයි අරගෙන දෙන්නත් ඕනෙ. ශුවර් නෑ මුට අර වැඩේ කොරන්න බෑ කියල එයිද වත්දෝ කියල.
මෙයා තව අලි ශෝයි වැඩක් කරගෙන ගෙදර ප්‍රශ්නයක් නිසා කකුල කපාගෙන, පිස්සිනෙ. මොනව උනත් මගේ අර ගැජමැටික් එකට අමුතු හැගීම් ටිකක් ගලාගෙන එනව, අවුල තියෙන්නෙ කියන්න වචන් නැති කම. ඒ කියන්නෙ මම ඒ කෙල්ලට කැමති කියලද??

2 comments:

  1. ඔහොම යන් ඔහොම යන්. මම ට්යිප් පිස්සු කෙල්ලෙක් වගෙ. :P

    ReplyDelete
  2. පොඩ්ඩක් පොඩ්ඩක්, මොනව උනත් කාටවත් ඇගිල්ල දික්කරලා බනින්න බැරි නිසා "ඔයාලා හරි දුශ්ටයි" කියල දුවනව. පොඩි එකෙක් වගේ කතා කරනව, ඊයෙ පැය 3කට වඩා ඔෆිස් ෆෝන් ලයින් එකේ. මට තියන්න දුකයි. ජය වේවා. පස්සෙ සෙට් වෙමු අලුත් පෝස්ට් 1ක් එක්ක.

    ReplyDelete