Mar 26, 2011

Private බස් කතා

අපි ඉස්කෝලෙ ඉදල එනකොට වෙච්ච පොඩි පොඩි සිද්දි දෙක තුනක් ගැන කියන්න හිතුනා. මම විතරයි අපේ සෙට් එකෙන් කලඩ් ගහල බස් එකේ යන්නෙ, අපි ඉතින් බස් එකට නගින්න ඕනෙ තුම්මුල්ලට ගිහිල්ල, එතකොට මම, ආබෘ, ඔටුවා, ගන්ජා තව කස්ටිය යනව. එක දවසක් මට වැඩිය දන්නෑ නමුත් අෆ්ෆා මෙන්න යන් ටිකී (young TIKI) ඉන්නව බස් එකේ.
මූවත් සෙට් කොරන් දැන් යනව. අපි ඉතින් සද්ද බද්ද නැති අහින්සක කොල්ලොනෙ, එකෙක් එකපාරටම "තාත්තේ නැගපන් බන් ෆුට් බෝඩ් එකෙන් උඩට" කියල කෑගැහුව,
මම බැලුව මූ කාටද යකෝ තාත්තෙ කියල කෑගහන්නෙ කියල. හුටා එහා පැත්තෙ එකෙක් බලු හිනාවක් දැම්මාම තමා මට ක්ලික් උනේ මූ මට නේද කිව්වෙ කියල.
"පල පල යන්න" කියල මම ශේප් එකේ උඩට නැග්ගා.

විනාඩි 10ක් විතර ආතල් එකේ ඉන්නකොට සහෝදර පාසල්ක් වන 'පතන' පාසල ඉස්සරහින් කෙල්ලො සෙට් එකක් නැග්ගා බස් එකට, ඔන්න ඔය වෙලාවෙ අපේ එකෙක්ට පුන්චි කික් එකක් ඇවිල්ලා මොකක් හරි එකක් ඒ කෙල්ලෙක්ට කිව්ව. එතකොට ටිකී කියනවා
"මෙහෙ වරෙන් තොපිල හැසිරෙන්න දන්නෑ, මෙතනට වරෙන්, හැසිරියන්" කියල කෑගැහුව, අරු එතනට ආවා "තෝ මට හැසිරෙන්න කියනව, තෝ හැසිරියන් මට කලින්" කිව්වා.
ටිකක් දුර ගියා ආයි මට තාත්තා කියපු එකා මාත් එක්ක කෑගහගන්න හදනවා, පොර කිව්ව මොකක් හරි එකකට මම හයියෙන් කෑගහල කිව්ව
"තෝ මට කියෙන්නෙ බලපිය ගෙදර ගිහින් උබේ පැටවු ටික" කියල,
"බලු පැටවු ද?",
"ඔව්, අර උබේ ෆේස් කට් එක තියෙන්නෙ, අන්න උන්" මූ නෝ සද්ද. 

නුගේගොඩ හරියෙදි කස්ටිය බැස්සා,
ටිකී මාත් එක්ක කතාවට වැටුනා මම මිනිහට කිව්ව
"බලපන් බන් දැන් මේ බස් වල හැටි"
"ඔව් බන්, ඉස්සරහින් නැග්ගහම කොන්දා කෑගහනවා පස්සට යන්න කියල, පස්සෙන් නැග්ගාම කියනව ඉස්සරහට යන්න කියලා, බැලුවාම යන්න තැනක් නෑනෙ."
"ඒකට බලන්න ඕනෙ පිටරටවල බස් දිහා"
"ඔහොම කියන්න එපා යකෝ, කොච්චර ආඩම්බරද ලන්කාවෙ ප්‍රයිවට් බස් එකක ආවා කිව්වවහම, බලන්න අයන් කරල අදින ඇදුම තවත් ලස්සන වෙනව ප්‍රයිවට් බස් එකක ආවාම, කොච්චර ශෝක් ද තෙරපිලා, මිරිකිලා, පොඩිවෙලා ආවාම තියන ෆන් එක."
වටේ ඉන්න කට්ටිය අපි දිහා බලාගෙන, ඇයි ඉතින් ඔක්කොටම ඇහෙන්න ස්පීකරේ දාගෙනනෙ ඉන්නෙ.

7 comments:

  1. Macho me Blog 1k Kiywanna amrui Colors nisa , Format 1kwenas karpo . Me Dot Format 1k eyes walata amrui

    ReplyDelete
  2. මලියෝ... අර ඈනෝ කතාව ලාවට ඈත්ත වගේ බං. ඒත් අවුලක් නෑ බොට ඕනෙමනම් තියපං..

    ආහ්...කතාව ගැන.... ලඟඳීම හොඳ හෝටලේකින් කන්න සෙට් වෙයි වගේ...

    ReplyDelete
  3. adooo man iwalai ne....

    ReplyDelete
  4. ඇනෝ - එල, ඔබේ සැප මගේ සතුටයි කිව්වලු.

    ප්‍රසන්න - අවුලක් නෑ බන් අපි ඔක්කොම සහෝදරයො වගේ ඉන්න නිසා ප්‍රශ්නයක් නෑ.

    ඇනෝ - ආ මේ ටිකීද කොහෙද, අනේ නෑ උබ ඉවල නෑ. හෙට පොඩ්ඩක් ඉස්කෝලෙ වටේ කැරකෙන්නත් තියනව.

    ReplyDelete
  5. ow man tiky.... ah walenko iskole....

    ReplyDelete
  6. මගෙ නමෙත් ඉෂාරා කෑල්ලක් තියෙනවනෙ... හික්z

    ReplyDelete
  7. අනේ මූ මහ ලොකුවට ප්‍රයිවට් බස් කතා ලිව්වට උබැ ගිහිල්ල තියෙන්නෙ 138 බස් එකේ විතරයි කියල උබලෑ අම්ම කිව්වෙ :) ලොල් බන්,,

    ReplyDelete