Apr 7, 2011

තවත් දුරකතන ඇමතුමක්.........

මන් හදිස්සියෙ මැරුනොත් ඔයා මොකද කරන්නෙ...?
වෙන කෙනෙක් කසාදබදිනවා..
මෝඩයා....
ඇයි..
මගෙ හිත ඔයා ගොඩාක් පෑරුවා..... මාව අමතක කරන්න ඔයාට පුලුවන්ද...?
කවුද කිව්වෙ ඔයාව අමතක කරනවා කියලා...
කැමතිද මන් තනිවෙනවට...
ඒකට විසදුම වෙනකෙනෙක්ව බදින එකද?
වෙන මොකද්ද...
මන්දන්නෙ නෑ....
කැමත්තක්...
එහෙනම් තරහගත්තෙ.....
ඔයාට තේරෙන්නෙ නෑ....
බඳිනව උනත් එහෙම මුණට කියනවද? මන් හිතුවෙ ඔයා වෙනුවෙන් තව අසරණ කෙනෙක්ට ජීවිතයක් දෙන්න...
බෝධිසත්වයෙක් වෙන්නද...?
නෑ... නිකමට... කොහොමත් අපි බැන්දත් මමයි මුලින්ම මැරෙන්නෙ.....
එ ඇයි...?
මටනෙ එතකොට අඩන්න වෙන්නෙ ඔයා මැරිල ඉන්නව බලන් ඉන්න බෑ....
පොරොන්දුවෙන්න.... ඔය අත්දෙකෙන් මගෙ අවසන් කටයුතු කරනව නේද..??
කොහොමද?..... ඔයාම කියන්න...
අම්මා එනවා....?
තියන්නම් පැටියො... උම්මා

බීප්... බීප්.... බීප්....

2 comments:

  1. අෆොය් අෆොය්........අම්මට අහුවුනා නම් උබේ අවසන් කටෞතු තමා කරන්න වෙන්නේ

    ReplyDelete
  2. නෑ කොල්ලො ඔහොම කිව්වට අම්මා ශේප්, තාත්තා තාම මාව දන්නෙනෑ. අනිව මම ඔහොම ඇහුව කියල දන්නවනන් වහ බෝතලයක් එවයි.

    ReplyDelete