May 23, 2011

නොබොන උන්ට බොන එවුන් ගැන ඇති කැසිල්ල මොකටද?

මට මේක ලියන්න හිතුනෙ අසංකගෙ පෝස්ට් එකක් දැකලා,

මම මේ කියන්න යන්නෙ 365 දවසම බ්ලැක්-අවුට් වෙලා ඉන්න ඩයල් වලට නෙමේ,
සාධාරණ ලෙස හරිහම්බ කරලා නිවාඩු දවසට ඒ හම්බ කරපු ඒවායින් සුලු කොටසක් වියදම් කරලා ශොට් එකක් ගහලා නිදාගන්න කට්ටිය වෙනුවෙන්,

මුලින්ම මොනවටද බොන්නෙ?
               ~අනේ පවු පොඩි එකා මූ දන්නෑ!~
 බොන එකේ ආතල් ඇති, මට වගේනන් නිදාගන්න අමාරු, හිතට අමාරු දවස් වලට පට්ටම බෙහෙත!

ඕකෙ තියන හොදේ මොකද්ද?
             ~උබම නේද කිව්වෙ නිදාගන්න පට්ට කියල~
මේකයි ඕකෙ ඇති හොදකුත් නෑ, හැබැයි එහෙම කියනවනන් නරකමත් නෑ
නරක මේකයි, ඕකට සෝඩා හරි ඩ්‍රයි ජින් ඒල් ටිකක් හරි දාලා බිව්වෙ නැත්තන් තමා ටොපිය. ඕවා බඩවැල් වල පිලිකා ඇති කරවනවා.

එතකොට නොබොන එවුන්ට බොන එවුන් ගැන ඇති කැසිල්ල මොකටද?
              ~ඇයි, නැතුව පෝස්ටරයක් වත් ගහන්න බෑනෙ ආතල් එකටවත්~
තමන් හරි විදියට හම්බකරගත්ත දෙයක් තමාගෙ යුතුකම් ඉටුකරලා ඉවරවෙලා යම් ප්‍රමාණයකට පැලපැදියම් වෙනවනම් අනුන්ට කරදරයක් නොවෙන්ට ඒක කමක් නෑ, කොහෙද යන කාළකණ්ණි රෑලක් මහජන මුදල්(මෙහෙම කිව්වෙ කාගෙ හරි සල්ලි නිසා) ගසාකමින් පෝස්ටර් ගහන එක වැරදී. මොකද අම්මා අප්පගෙ සල්ලි බෝතලයක් ගත්තනං අර පෝස්ටර් ගහන්න ඕනෙත් නෑ, බ්ලැක් ලේබල් එකක් සති දෙකක්වත් තියාගන්න පුලුවන් සාමාන්‍ය පදමට භාවිතා කරොත්.

මම මේක මෙහෙම කිව්වෙ ඇයි?
                    ~උබට කැහිල්ලනෙ~
 මම අම්මාපා අර 365දවසෙම බ්ලැක්-අවුට් වෙලා ඉදලා තියන එවුන්ට බැනලත් තියනවා, බැනලා හැදිච්ච එවුනුත් ඉන්නවා, තවත් නොආහා වල පල්ලටම ගිය එවුනුත් ඉන්නවා.
කරුමෙ කියන්නෙ මම ඇබ්බැහි වෙච්ච කාලයක් තිබ්බා මෙව්වට, නමුත් දැන් සාමාන්‍ය ලෙස ගත කරනවා,

7 comments:

  1. එලම තමා...ලෙසටම ලියලා තියන්වා මචන්.කොහොමත් සාමාන්යෙන් ඉදලා හිටලා පොඩි ඩ්‍රින්ක් එකක් දාලා සිංදුවක් කියලා පොඩි ෆුන් එකක් දාන තරම් මොන සෑපක්ද බන්,කොහොමත් බොන සීන් එකක් ගෑන පෝස්ට් එකක් දෑම්මොත් නොබොන උන්ට නොබොන උන්ට මහාසත්ව කරුනාව පහල වෙනවා අනේ මුන් බීලා නෑති නාස්ති වෙනවා,ඒත් ගොඩක් වෙලාවට බොන එකා බොන්නේ තමාගෙන් වෙන්න ඕන යුතුකම් ඔක්කොම කරලා කියලා උන් දන්නේ ,සමහර වෙලාවට උන් ඔය කෑගහන්නේ තමන්ගෙන් වෙන්න ඔන කියුතුකමක් ඉටු නොකර..

    ReplyDelete
  2. අන්න පොයින්ට් එක කෑගහන එකා කෑගහන්නෙ තමාගෙ යුතුකම් ඉටුනොකර, ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ(හරිද දන්නෑ, මට ඇහිල තියනවා ඕක අපෙ ආච්චි සීයට කියනවා)

    අදහසට ස්තූතී, ජය වේවා!

    ReplyDelete
  3. LOL


    පිස්සි නන්ගිට කොහොමද? ඔයා නන් ආතල් එකේ ඉන්නවා වගෙ පේනවනේ :P

    ReplyDelete
  4. පිස්සි නංගිව පිස්සා දාලා ගියා පොඩි ප්‍රශ්ණයක් ගැන හිතලා, මොකද මේක කරේ නැත්තං දෙන්නගෙන් එක්කෙනෙක්ට ජීවිත කාලෙම අඩන්න වෙන සීන් එකක් හින්දා කලින්ම කියල කතාවෙලා, හොදට, නියමාකාරයෙන් ඈත් උනා, දෙන්නටම අවුල් නමුත් කරන්න දෙයක් නෑ.

    පිස්සි අක්කේ මේක කරේ හොදකට, නැත්තං මම කීයටවත් කරන්නෑ,

    ලොලේලොල් කිව්වා, මමත් ඔය ස්ටෙලා වෙලා ඉද්දැද්දි ලිනන්න හිතුන එකක් තමා ආයි මතක් වෙලා ලිව්වෙ.

    ReplyDelete
  5. දෙන්නටම අවුලක් නැත්තන් කමක් නැ
    ආතල් එකේ ඉන්න
    :)

    ReplyDelete
  6. බොන උන්ට නම් ෆන් ගන්න පුලුවන් බොන වෙලාවට, නොබොන උන් ඉතින් කොයි වෙලේ ෆන් එකක් ගන්නද ඒක නිසා උන් අපි ගැන කතා කරලා ෆන් එකක් ගන්නවා ඇති :-D

    ReplyDelete