Jun 9, 2011

මගේ ජුලියට්ට ලියුමක්




මම මේක ලියන්නෙ නෙතූ ගැන දාන අන්තිම පෝස්ට් එක විදියට හිතාගෙන. මලියා වෙනස් වෙන්නෑ, ඒක නිසා මේක අන්තිම පෝස්ට් එක වේවි.
  
                         ඔයා හොදින් ඉන්නවා කියලා ආරංචියක් ආවා, ඔයාට දැන් මාව එපා වෙලානෙ, මාව රිමූව් කරලත් එක්ක එෆ්.බී. එකේ. මෙහෙ මම දුක්වෙනවා ඔයාව අන්තිම වතාවටවත් බලන්න බැරි උනා කියලා. කොටින්ම ඔයා මාව දකින්නවත් කැමති නෑ කිව්වටත් පස්සෙ මම සමහර දවස්වල ඇවිල්ලා ඔයා කාර් එකේ යනවා දකිනවා. මම ඔයාව දකින හැමතිස්සෙම ඉස්සර ඔයා කරන දේවල් මතක් වෙනවා, මතකද? ඔයා මගෙ ඩෙනිම් කලිසමේ සාක්කු වලට අතදාගෙන ඉන්නවා, මගෙ අත මිරිකනවා, බොරුවට කේන්ති ගන්නවා. මට තාම මතකයි.

                         මලියගෙ විශ්වය, ඔයා නිසා ඒක මට උරුම උනා මාස 7කට කලියෙන්. මම ඒක අප්ඩේට් කර කර සතුටුවෙනවා. මට හිනාවෙන්න තහනම් නම් වෙන කෙනෙක්ට ඒ හිනාව උරුම කරන්න ඕනෙ කියලා හිතුන නිසා මම දැන් හිනාවෙන්න කියලා පෝස්ට් එහෙම දානවා. දවසට 2නෙක් හරි කියවනවා.

        නමුත් ඒ කිසිම දේකට ඔයාගෙ අඩුව පුරවන්න බැරි උනා. මම දුර්වලයි, මට කාටවත් ආදරේ පෙන්නන්න බැරි ගානට මම වැටිලා. මම කිසිම දවසක ඔයාට ඔරු කරලා නෑ. නමුත් ඔයා මට බොරු කරපු වාර අනන්තයි, ඔයා මට බොරු බලාපොරොත්තු දුන්නා, මම කිසිම වෙලාවක ඔයාට වෛර කරේ නෑ, කරත් ඒ හොද සිහියෙන් හිටපු වෙලාවල නෙමේ.

       මම පිලිගන්නවා මගෙ අතින් වැරදි වෙන ඇති නමුත් ඔච්චර ඔයාට වෙනස් වෙන්න තරම් ලොකු වැරදි වෙලා නෑ. මතක තියාගන්න, ඔයා ඕනෑම වෙලාවක මට කතාකරන්න, ඕන උදව්වක් ඉල්ලන්න, මම කරලා දෙන්නන්, නමුත් තවත් මට ඔයාව අමත කරන්න කියලා කියන්න එපා!

                      පුලුවන්නන් කරුණාකරලා මට එක පැය භාගයක් ඔයාව හම්බවෙන්න පුලුවන්නන්, මට කතාකරන්න පුලුවන්නන් කොච්චර ලොකු දෙයක්ද. ඕනම වෙලාවක මට කෝල් කරන්න, නම්බර් එක තාත්තගෙ නම්බර් එකට කලින් 0759 එන්නෙ(0777නැතුව). මම අගෝස්තු වලට කලින් යනවා පුලුවන්නන් ඊට කලින් මට කතාකරන්න.

                        එහෙනන් මලියා යනවා, මේ පෝස්ට් එකෙන් ඔයාට මම සමුදෙනවා. ඔයා කැමතිනන් මගේ ජීවිතයට එන්න,  එන්න පුලුවන් ඔයා වෙනුවෙන් හදවතේ ද්වාර ඇර ඇත.

ජය!


"I Don’t Care; Hand On The Wheel; Drivin Drunk; I’m Doin’ My Thing
Rollin The Midwest Side And Out Livin’ My Life Getting’ Out Dreams
People Told Me Slow My Road I’m Screaming Out Fuck Thaat
Imma Do Just What I Want Lookin’ Ahead No Turnin’ Back
If I Fall If I Die Know I Lived It To The Fullest
If I Fall If I Die Know I Lived And Missed Some Bullets

I’m On The Pursuit Of Happiness And I Know Everything That Shines Ain’t Always Gonna Be Gold
I’ll Be Fine Once I Get It; I’ll Be Good" - ~KID CUDI~

 

13 comments:

  1. ගනන් ගන්න එපා ලොක්ක... අවුරුදු ගානක් ගිහිනුත් තාම මම වෙච්ච දේවල් වලට හේතුවක්වත් දන්නෙ නෑ... :)

    ReplyDelete
  2. දයාබර නෙතු සඟලේ
    සෙනෙහෙබර මුව කමලේ
    නැතුවාද යලි හමුවන්නේ
    නොකියාද ඔබ සමුගන්නේ...

    ReplyDelete
  3. @ ගැජමැටිස් කොලුවා - නියම කොහෙද බං, මම මේ එපාවෙලා ඉන්නවා.

    @සාතන් - මේකනන් මස 6ක් තිස්සෙ හේතුවක් නැතුව ඇදිලා යනවා.
    මම මේ උබේ වාසභවනට දෙන්නෙක් තුන්දෙනෙක් එවනවා, පොඩ්ඩක් සලකන්න ;)

    සෝරෝ - ඔහොම කියන්න එපා බං, මම පව්නෙ,
    දුක තමා.

    කස්ටියට ජය!

    ReplyDelete
  4. හිත හදා ගන්න උත්සාහ කරපන් ...මචං.
    මමත් ඔය වලේමයි..මේ දැනුත් ඉන්නේ.
    ගොඩට එන්න පුලුවන් තරම් වලි කනවා...වලේම ඉන්න බැරි හින්දා.

    කවදාක හරි උඹ කවුද කියලා එයා දැන ගනියි.
    හැබැයි එදාට එයා පරක්කු ‍වැඩි වෙන්නත් බැරි නෑ.

    ReplyDelete
  5. මොකක්ද ඔය කෙල්ලට කරන්නට ඔනෙ ප්ලෑනක් ඔනෑනම් ප්‍රතිචාරයක් දමන්න ඔයිට වෑඩ්ය case විසදලා තියනවා

    ReplyDelete
  6. නිල් අහස - අනිවා, මගේ බලාපොරොත්තු තියනවා තාම.

    බොද මීදුම් - මොනවත් ඕන්නෑ, එයාව ගෙනල්ලා මට පැයක් දෙකක් කතාකරන්න තිබුනොතින් ඇති. පැයක් ඕන්නෑ, විනාඩියක් හරි.

    මේ පැත්තෙ ආවාට ස්තූතී ජය

    ReplyDelete
  7. නෙතූ.....
    නෙතූ.....
    උඹේ කෙල්ලත් නෙතූ
    මගේ කෙල්ලත් නෙතු
    දෙන්නටම උනේ දෙයක් නොසිතු
    නෙතූ අපි පැතූ
    දමාගියා සේ නොසිතූ
    කමක් නෑ මිතූ - යම් දිනක මතූ
    තේරුම් ගනී "නෙතූ"

    ReplyDelete
  8. පුලුවන් තරම් පොතට බර වෙන්න බලපන්!

    ReplyDelete
  9. ane mandaa saho.... wadiya hithanna epaa...

    ReplyDelete
  10. පිටස්තරයා - :)

    තාරක - මගුලක් කියනවා, මචං මොන පොත් ද, ඉස්කෝලෙත් එක්ක එපාවෙලා ඉන්නෙ

    ඒන්ජල් - සිංහලෙන් ලියද්දි ඈන්ගල් කියලා එන්නෙ, කේන්ති ගියේ නෑ නේද?
    හිතන එක නවත්තන්න බෑ, එහෙම හිතනවා කියන එක පේන්නැති වෙන්න තමා මම දැන් ඔක්කොම කරන්නෙ.

    ReplyDelete
  11. හැරයන්න මා
    නොපෙනෙන්න යලිත් නුඹ
    එහෙත්,
    පවසන්න
    කෙලෙස මකන්නද ඒ මතකය
    අප අපේම වූ ඒ සොඳුරු නිමේෂය
    ගෙන යන්න ඒ මතකය
    මරණයේ අමෘතය
    මගේ මුව ගල්වා
    මගේ හිස අත ගෑ
    ඒ සිහිල් ඇඟිලි තුඩින්.....

    ReplyDelete