Jun 18, 2011

රිය පුහුණු අතර, විටින් විට ඇසුණු ප්‍රශ්ණ සහ පිස්සු පිලිතුරු

නිකන් ඉන්න එකේ පොඩ්ඩක් හිනාවෙන්න පෝස්ට් එකක් දාන්න හිතුවා, මෙච්චර දවස් දුන්නෙ තොල විකාගෙන, ඇස් ඉදිම්මවගෙන දාපු පෝස්ට් නෙ. පොඩි කොල්ලෙක්ගෙන් තමා මේ ප්‍රශ්ණ ටික අහල තියෙන්නෙ, හිනා යන්නැත්තන් සමාව භාජනේකට දාලා කස්ටිය කිති කවා ගන්නකො.
 

ප්‍රශ්ණය - ඔයා නවත්තනවද ඇස් පේන්නැති කෙනෙක් පාර පනිනවන්?
පිළිතුර - පිස්සුද? මිනිහට මගේ නමබර් ප්ලේට් එක පේන්නෑනෙ!

ප්‍ර - මීදුමක් තියන වෙලාවක රිය පදවනකොට මොකද්ද ඔයා පාවිච්චි කරන්නෙ?
පි - කාර් එක O.o

ප්‍ර - කොහොමද රිය අනතුරු අඩු කරගන්නෙ ඔයා?
පි - මමත් කාර් එකේ යතුර නැතිකරගත්ත බුවෙක් වගේ උඩ බලාගෙන ඉන්නකොට අඩු වෙයි

ප්‍ර - ඔයාගෙ ජීවිතේ කොච්චර වෙනස් වෙයිද නීති ගරුක නොවන විදියට වාහන පදින්න කියලා කිව්වොත්?
පි - අෆ්ෆො කිසි ප්‍රශ්ණයක් නෑ, හැමදාමත් එහෙමනෙ

ප්‍ර - මොනවද මූලිකව කරන්නෙ කාව හරි පසු කරොත්?
පි - හොදට බලනවා කවුද කියලා, ලස්සන කෙනෙක්නම් ඇහැක් ගහනවා

ප්‍ර - මාර්ග තදබදයට ඔයා පාරෙ යද්ද කරන්න පුලුවන් හොදම විසදුම මොකද්ද?
පි - ලොකු බෝම්බයක් අරගෙන ගිහින් දවල්ට යන පාරෙ රෑට ගිහින් තියලා, එදා දවස ඔෆිස් එකේ නිවාඩු දානවා.


ප්‍ර - පොලිස් ඔෆිසර් කෙනෙක් වෙන්න කැමති නැද්ද?
පි - ආපෝ උදේ ඉදන් ඔලුව කාගෙන, බැණුම් අහගෙන, තමාටම වල කපාගන්න ඕන්නෑ,

3 comments:

  1. අපි Driving ඉගෙන ගන්න ගිය කාලෙත් ඔය වගේ තමයි.
    කොල්ලෝ ඔයිට වඩා එව්වා කිව්වා.
    බඩ පැලෙන්න හිනා..ඉතිං.

    ReplyDelete
  2. කිති කිති කිති කිති කිති කිති ........ (හික් හික් හික්....)

    ReplyDelete