Jun 20, 2011

"තාත්තෙ මේ...!" සහ "අංකල් වෙලාව?"

මේ අපේ සෙට් එක දවසක් බස් එකේ සෙට් වෙච්ච වෙලාවෙ උන සීන් එකක්,

මේකයි කතාව, මමයි (දෙන්නට පුබ්බා, උදියා කියලා ගමු) මුන් දෙන්නයි බස් එකේ යනවා යද්දි ඉතින් එක එක පිස්සු විකාර කර කරනෙ යන්නෙ,

එක පාරටම බස් එකට නැග්ගා පොඩි කොල්ලෙක් අවු;4ක් 5ක් ඇති මිනිහා අම්මා, අනේ මංදා අම්මා කියන්නත් බෑ, නිකන් අක්කා වගේ. උදියා පැණි බේර බේර හිටියා අපේ වයසෙ කියලා.

කොහොම හරි පොඩ් එකාගෙ අතේ තිබ්බා කාර් පොඩ්ඩක් මිනිහ ඕක වද්දන්න ගත්තා පුබ්බගෙ කකුලෙ, මිනිහා පහල බැලුවා විතරයි "තාත්තෙ මේ..."
අම්මා ගහයි පොල් පිත්තෙන් කිව්වා, අරූ සුදුමැලි වෙලා කෑගහනවා

"අඩෝ පොඩි එකා මැරුම් කන්න එපා" කියලා.

අර අක්කටත් වස ලැජ්ජාව, හැබැයි ඕකෙන් මම අංකල් එකෙනෙක් උනා විනාඩි 2කට හරි. අර අක්කා කට වහගෙන බස් එකෙන් බැස්සා.








ඕන් අනිත් එක,

මම ඉස්කෝලෙ ඉස්සරහට ගියා සාපෙ ඉවරවෙච්ච ගමන්ම වගේ,
ඔය අස්සෙ පොඩි එකෙක් ලඟට ආවා

"අංකල් දැකලා පුරුදුයි වගේ"

"ඕයි මම මලියා!"

අනේ ඒ මල කරුමෙ ගියා කියන්නකො, මෙන්න තව එකෙක් ඇවිල්ලා අහනවා

"අංකල් වෙලාව කියන්නකො?"

මගෙ මල අතේ,

"07.15, පල ඇතුලට පොඩි එවුන්ට අංකල් කියන්නැතුව"

මම ආයි ඉස්කෝලෙට ආවෙ 10 පහුවෙලා, නැත්තන් එතන හිටගෙන හිටියනන්, 10 වෙනකොට මුන් මාව සීයා කරලත් ඉවරයි.

11 comments:

  1. පොස්ට් එක හොදයි රෙස්ලින් බලන්නට කෑමතිනම් මෙහාට එන්න http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  2. නියම කතාව අංකල්.... :P

    ReplyDelete
  3. ඇත්තටම අපි වයසට යන්න මොන තරම් අකමැතිද...බන්..නේද.

    ReplyDelete
  4. අපෝ ඕක හොඳයි මලිත්..ඊට වඩා තද වෙන්නෙ මේ 60 පැනපු අය ඇවිත් නංගි කියද්දි.ඊට වඩා හපන් සක්කරවට්ටමක් ඇවිත් අක්කෙ කියද්දි

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඒ වගේද අපට වඩා වයසින් අඩු ගෑනු ලමයි ඇවිත් මල්ලි කියලා කතා කරද්දි... හික්ස්.. මමත් ඉතින් අක්කේ කිය කියා ඉන්නවා...

    ReplyDelete
  7. @ ගිනි අවි සහ ගිනි කෙලි - අහ් ශේප් මම ඔය රෙස්ලින් වලට නෑ, 9 වසරෙදි එකෙක්ගෙ අතක් කැඩුනා මම නිසා ආයි නෑ. මම මල්ලිට දෙන්නන් ලින්ක් එක, මිනිහගෙ ෆේවරිට්.

    @ ඒන්ජල් - අංකල් කියන්න එපා, මම තාම පොඩි එකා, මම පව්නෙ, ඕන්නන් බුකියෙ උනත් බලන්න, ඕන තරම් සාක්කි තියනවා.

    @ -නිල් අහස- සිරා, මම කැමති නෑ ඔය අංකල් ද අරවද මේවද කියනවට එක්කො මලිත් අයියා නැත්තන් අපේ වයසෙනන් මලියා.

    @ කඩේ හාමිනේ - ඔන්න හොරේ අහු උනා! සුවර් ඔහේට 30 පැනලා! නැත්තන් 60 පැනපු අය ඇවිත් 30 පහල කෙනෙක්ට නංගි කියන්නෑ නොවෑ :D

    @ රොශාන් - ඔන්න ඔය වෙලාවට කවුද ඉන්නෙ කියල බලන්නෑ හොද හොද නෝන්ඩි දානවා. කෙල්ල සෙට් කරගෙන ඉන්නෙ අපේම වයසෙ පොරක්නම් මල්ලි කියෞ ගමන් මම කියන්නෙ "ඔයාගෙ කොල්ලා ඔයාට වඩා අවුරුද්දක් බාලයි නේද" කියල කෑගහලා අහනවා. තැනට සුදුසු නුවණ දැම්මාම වැඩේ ගොඩ.

    ReplyDelete
  8. මටත් මල පනිනවා ඔහොම කිව්වම :P

    ReplyDelete
  9. හික්ස් සිරා සිරා බං! ඉස්සර පොඩි උන් අයියෙ අයියෙ ගාපු අපිට දැන් පොඩි උන් අංකල් කියද්දි විලි ලැජ්ජාවේ සන්තොසෙ බෑ බං! මං නම් පුතා කියල නම් කියන්නෙ නෑ එකෙක්ට වත්! ඔක්කොම මල්ලිල තමා! හික්ස් www.sabithl.blogspot.com

    ReplyDelete
  10. අඩෝ මාත් උබට ඇවිල්ල අන්කල් කියල කිව්ව නේ

    ReplyDelete
  11. සබිත් - :D ඒකනෙ බං

    පිස්සා - හොද වෙලාවට උබ පිස්සා, මම වගේ පික්සෙක් නෙවේ, නෑ බං උබ කිව්වෙ තාත්තෙ කියල! මට හොදට මතකයි!

    ReplyDelete