Jun 6, 2011

බුකියෙ නටන පිස්සු

1.
කෙල්ලෙක් බස් එකෙ ගමනක් යනවා.බස් එකේ සෙනග එච්චර නෑ.සීට් ගානටත් වඩා අඩුවෙන් තමා හිට්යේ.ටික වෙලාවක් ඔහොම යන්කොට මැන්ඩරීනා බස් එකට නැගලා කෙල්ල ලඟින් වාඩි උනා..පොර හොද ටියුබ් ලයිට් කාරයානේ.
මැන්ඩියා හිමීට කෙල්ල දිහා බැලුවා.කෙල්ල ලස්සනයි.
දැන් මුට කෙල්ල එක්ක කතාකරන්න ඔන.
කතාකරන්න පොටක් පාදගන්න විදියක් හිත හිත ඉන්න කොට දැක්කා කෙල්ල කුරුසෙ තියන මාලයක් දාගෙන ඉන්නවා.

මැන්ඩියා හිමීට කෙල්ල දිහ බලලා ලාවට හිනා වෙලා මෙහෙම ඇහුවා.
“නංගි ක්‍රිස්මස්ද?”
කෙල්ල මොකුත් නොකියා අහක බලාගත්තා .
“නැ මේ, බෙල්ලෙ චර්ච් එකක් තියන හින්ද ඇහුවෙ”.
මරුම සීන් එක තමා කෙල්ල දුන්න උත්තරේ...
"ඈයි අහන්නෙ… මං ක්‍රිස්මස් නෙමෙ. ක්‍රිස්මස්ම වෙන්න ඕනයැ බෙල්ලෙ චර්ච් දාන්න, මම ටෙම්පල්"
එකිත් උ‍ටම හරියන ටියුබ් ලයිට් එකියක්!.

2.
ගමින්ද: මචෝ මලියා හැම තිස්සෙම මතක තියා ගනින් අපි මෙ ලොකෙට ඇවිත් ඉන්නෙ අනිත් අයට උදව් උපකාර කරන්න කියලා..

මලිතයා: එතකොට ගමින්දයෝ අනිත් අය මොකටද මෙ ලොකෙට ඇවිත් තියෙන්නේ..

3.
රසිකයා අලුතෙන් ඩ්ව්ඩ් ප්ලේයර් එකක් අරන් කියල කිව්වනේ.කින්ග් ශානුයි , ගමින්දයයි, මලිතයයි, භවන්තයයි මේ දවස් ටිකේම එහෙ ගිහිල්ල ෆිල්ම් බලනවා. හවස බෝක්කුව උඩට වෙලා මනෝ පාරක් ගහන් ඉන්නකොට රසිකයා ආවා.
“මචන්ලා"(රසිකයා)
“හ්ම්..”( ගමින්දයා)
“උඹලා ෆිල්ම් බලනවාද?”(රසිකයා)(රසිකයා)
“ඔව්.. මොකෝ?”(මලිතයා)
“ජැකී චැන්ගේ රස්සව මරු නේද?”(රසිකයා)
“ඔව් ඉතින් නළුවෙක් වෙන එක මරු තමා”( භවන්තයා)
“නෑ බං රස්සව”(රසිකයා)(රසිකයා)
“එක තමා බුරුවො උගෙ රස්සාව නළුකම”(කින්ග්ශාන්)
“නෑ බං රස්සව… චිත්‍රපටිය”(රසිකයා)
“මේ ගොන්තය මෙ වෙනකන් කියල තියෙන්නෙ ජැකී චෑන්ගෙ Rush hour ෆිල්ම් එක ගැන”

4.
රසිකයයි ගමින්දයයි චිත්‍රපටි ගැන වාද කරලා.උන් දෙන්නා බැනගන. රසිකයාට මල පැනලා.
“අඩො මේ ගමින්දයාගේ හෙන පණ්ඩිත කම.”
“ඇයි?”
“ඌ අහනව ෆැන්ටැස්ටික් ෆෝ කියන film එකෙ ප්‍රධාන නලුවො කීයක් ඉන්නවද කියල”
“ඉතින්?”
ඕන එකක බං එකානේ  ඉන්නනේ..?”
” ඇයි උඹ දැන් ඒක බැලුවෙ නැද්ද?”
“ගමින්දයා ළග නම් ෆිල්ම් එක තිබ්බ ඒ උනාට පලවෙනි ෆිල්ම් 3 බලන්නෙ නැතුව කෙලින්ම 4 බැලුවම ආතල එකක් නැ නෙද බං...?”
"????"

5.
වේගයෙන් පැමිණි රියක්  මලිතයාගේ නිවස ඉදිරිපිට නතර කෙරුණි. ඉන් කඩිනමින් බැස ආ කින්ග්ශාන් කඩිමුඩියේ මලිතයායා ළඟට දුවගොස් මෙසේ ඇසීය.

"අනේ මලිතයෝ... ඉක්මනට ඉක්කාවට බොහෙතක් තියෙනවා නම් දෙන්නකො..."

කිසිවෙක් නොකී මලිත අත දිගහැර කින්ග්ශාන්ගේ කම්බුලට වේගවත් පහරක් ගැසීය.

"ක්ෂණික කම්පනයට පත් වුනාම ඉක්කාව ඉබේම හරි යනවා... දැන් කොහොමද ඉක්කාව හොඳද..?"

කම්ඹුල අතගාමින් මලිත දෙස විශ්මයෙන් බලා සිටින කින්ග්ශාන් වෙතට හැරෙමින් මලිත ඇසිය...

"දන්නෙ නෑ මලිතයෝ" කින්ග්ශාන් පිළිතුරු දුනි.

"ඉක්කාව තියෙන්නේ මගේ ගෑණිට බං.... ඒකි කාර් එකේ ඉන්නවා... මම අහලා එන්නද???"

6.
සුද්දෙක් ලංකාවට එන්න Sri Lankan Airlines වලට අයිති ප්ලේන් එක්කට නැග්ගා.නැගලා සීට් එකේ වාඩි වෙලා ඉන්නකොට අපේ ගමින්දයා ලඟට ඇවිල්ලා වැඩ්ඩ වගේ “ආයුබෝවන්” කියලා කිව්වා.

සුද්දා පුදුමෙන් වගේ බලලා “No I’m Henry ” කියලා කිවා.

ගමින්දයා ආයේ විරිත්තලා ලතාවට “ආයුබෝවන්”

සුද්ද මල පැනලා “Please don’t disturb me! I’m Henry” කිව්වා.

පස්සේ තමා සීන් එක දනේ.සුද්දට ආයුබෝවන් එක තේරිලා තියේන්නේ  “ආ යූ බෝවන්(Are You Bowen )” කියලා.

7.
සෑම දිනෙකම බීමත්ව සිටින මලිතයා දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.

"ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්‍රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම."

එය අසා සිටි මලිත ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.

"ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ."

8.
"ගමිනදයා කියනවා එයා ජීවිතේටම ආශ්‍රය කරපු ලස්සනම කෙල්ල මමලු"

නිතර දොඩමලු වන නිලූකා, වසන්තා ඉදිරියේ ඇති පුටුවේ වාඩිවෙමින් කීවාය.

"ඔහොම තමයි අනේ, ඔය මලිත ඉඳ හිටලා ඔය විධියේ පට්ටපල් බොරුත් කියනවා"

 ලිපිගොනුවක හිරවී සිටි වසන්තා එම ගොනුවෙන් හිස ඔසවමින් කීවාය.

9.
කින්ග්ශාන්, රසික සමග අවන්හලින් පිටතට පැමිණියේ හොඳ පදමට රත්වීමෙන් අනතුරුවය. නිවෙස් බලා යාමට බස් නැවතුම් පළ වෙත ඔවුන් දෙදෙනා ගියේ විසිවෙමිනි. එසේ යමින් සිටියදී රසික කින්ග්ශාන් ගෙන් මෙසේ ඇසීය.

"මචං , ශානයෝ උඹට වැඩියෙන් වදින්නේ ගල්වලින් ද එහෙම නැත්තං පොල් වලින් ද?"

කින්ග්ශාන් පියවෙන තම දෑස් අමාරුවෙන් හැර මෙසේ පිළිතුරු දුන්නේය.

"බාර් එකේදි නම් ගල්වලිනුත් වදිනවා, පොල්වලිනුත් වදිනවා. ඒත් ගෙදරදි වදින්නේ පිඟන්වලින්."

10.
කන පලෙන්න බීමත්ව පැමිනි මාර්ක්ගෙන් ඔහුගෙ යාලුවෙක් වෙන භවන්ත පැනයක් ඈසීය.

භවන්ත : අඩෝ මාකෝ...ඇත්තද බං මේ ලෝකේ කැරකෙනවා කියන්නේ...???

මාර්ක් : තොට පිස්සුද ‍යකෝ...තෝ මං නැති අතරෙ මගෙ ඇදයට තිබුණ කසිප්පු බොතලෙ බිව්ව නේද..??

 

7 comments:

  1. හෙහ්..අර ආයුබෝවන් නම් මරු...අනිත්වා ත් කොර...

    ReplyDelete
  2. උඹත් සිරස ටීවී එකේ වැඩේ පටන් ගත්තද?

    ReplyDelete
  3. අනිවා එල මටත් අහන්න තියේන්නේ prasanna86k ගේ කාතාවම තාම. මරු කතා ටික එල..

    ReplyDelete
  4. රවුම් පීසා හතරැස් පෙට්ටියක එන්නේ ඇයි බන්?

    ReplyDelete
  5. ප්‍රසන්න - සිරසෙ වැඩේ මොකද්ද?

    තාරක - ඔන්න ඔතන තමා කොරවෙන තැන ;)

    සියලු දෙනාටම ස්තූතී ඇවිත් ගියාට!
    නියත ජය!

    ReplyDelete