Jun 6, 2011

බුකියෙ නටන පිස්සු

1.
මරණ මංචකයේ සිටි දිනේෂයා .... සිය බිරිඳ අමතා.....

"මට මේක නොකියා මැරෙන්න බැහැ.. ඔයා දන්නේ නැහැ ඔයත් එක්ක හිටපු කාලේ මම රෑ වැඩ කියලා ගෙදර එන්නේ නැත්තේ මම වැඩට ගිහින් නෙවෙයි. මම වෙන වෙන ගෑණුත් එක්ක හොටල්වල හිටියේ. එහෙම හිටපු ගෑණු කී දෙනෙක්ද කියල මට හිතා ගන්නත් අමාරුයි. ඒත්..... දැන් ඔයා විතරයි මගේ අවසන් වෙලාවේ මා ලඟ ඉන්නේ...... මම දැන් හරියට දුක් වෙනවා පහුගිය කාලේ මම ඔයාට සලකපු විදිහ ගැන. දැන් මගේ හිතේ තිබුණු ලොකූ බරක් නිදහස් උනා වගේ දැනෙනවා. මීට කලින් ඔයා මේ වග දැනගත්තනම් ඔයා මොකද කරන්නේ ???"

බිරිඳ - "ඒක දැනගත්ත හින්ද තමයි තොට වහ දුන්නේ"

2.
ප්‍රසිද්ධ ආපනශාලාවකට ගොඩවූ වියපත් යුවලක් (මෙම වියපත් යුවලේ පිරිමි පාර්ශවය වන්නේ අපේ ඉසුරැ කොල්ල තමා).... ආහාර ඇණවුම් කොට ආපනශාලාවේ කෙලවරවූ මේසයේ අසුන්ගත්හ. ඉතා වියපත් යුවලක් මෙසේ ආදරයෙන් සිටිනු දුටු අනෙකුත් තරුණ තරුණියෝ ‍මොවුන් දෙදෙනා ගැන විමසිල්ලෙන් පසුවූහ.

මේ හෝටලේ වේටර් වරයා වන අපේ ජනත් කොල්ලා එක් ආහාර බඳුනක් සහ එක් බීම වීදුරුවක් ඔවුන් දෙදෙනා ඉදිරියේ තැබීය. ස්වාමිපුරුෂයා වන ඉසුරැවා කෑම ප්‍රමාණයෙන් හරි අඩක් සිය අඹුවගේ කෑම පිඟානට බෙදීය. ඉතිරි කෑම ඔහු ඉතා සෙමින් බුදින්නට විය. භාර්යාව ස්වාමියා දෙස ඉතා ඕනෑකමින් බලා හිඳී. දෙදෙනා මාරුවෙන් මාරුවට බීම වීදුරුවද තොල ගෑහ.

මෙම දසුන ඉතා ආවේගයෙන් දරා සිටි ජනත්.... වියපත් ඉසුරැ අමතා..

"මම තව කෑම එකක් ඔබ දෙපල වෙනුවෙන් ඇණවුම් කරන්නද ?"

වියපත් තැනැත්තා වන ඉසුරැ - " අනේ එපා... "

ජනත් - "එහෙනම් මේ අම්මා ඇයි කෑම නොකා ඔබ දිහා බලාගෙන ඉන්නේ... ඔයාට කෑම මදිවෙයි කියලා නේද? "

වියපත් තැනැත්තා - " අනේ නෑ මහත්තයා.... මම කාල ඉවරවෙලා දත්සෙට් එක එයාට දෙනකල් එයා බලාගෙන ඉන්නේ...."


3.
ඉතා වයස්ගත පුද්ගලයෙක්(කසුන්) සහ තරුණ පුද්ගලයෙක් (ලක්ෂික)ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියේය. කසුනයා ලක්ෂිතයව අභිබවමින් ඉක්මනින් ක්‍රීඩා කලේය.

ලක්ෂිත - "අඩේ කසුනෝ උබ කොහොමැයි මෙච්චර ඉක්මනට සෙල්ලම් කරන්නේ ?"
කසුන් - "ඕව මොනවද, මම උබේ වයසේදී මීටත් වඩා ඉක්මනින් සෙල්ලම් කරනවා... උබට පුළුවන්ද මේ ඉස්සරහ තියෙන ෆයිනස් ගහ උඩින් බොලේ යන්න ගහන්න. ඒ කාලේ මට ඒක සුළු දෙයක්"

ලක්ෂිත - "අම්මේ ............ ඒකේ උස.... උබනම් වයසට ගියත් මාරයි"

කසුන් - "මාර නෑ.. මාර නෑ.... එතකොට ඔය ගහ අඩි තුන හතරකට වැඩිය උස නෑ.... බං..."

4.
පවිත්‍රයයි ප්‍රමෝදයයි සචියයි ඉන්නේ ගොඩනැගිල්ලක 75 වැනි තට්ටුවේය. දවසක් එළියට ගොස් ආපසු ආ මුන් තුන්දෙනා දුටුවේ.... ගොඩනැගිල්ලේ විදුලි සෝපාන ක්‍රියා විරහිත බව දන්වා ඇති දැන්වීමකි.

තිදෙනාම 75 වැනි තට්ටුවට නැගිය යුතුව ඇත.
පවිත්‍ර - "හරි! මම 25 වැනි තට්ටුවට යනකම් සිංදු කියනවා"
ප්‍රමෝද - "මම 25 වැනි තට්ටුවේ ඉඳන් 50 වැනි තට්ටුවට යනකම් හිනා යන කථා කියනවා"
සචින් - "මම 50 ඉඳන් කාමරේට යනකම් කථාන්දර කියනවා "

හරි! එහෙනම් නගින්න පටන් ගමු, කියා තිදෙනා ගොඩනැගිල්ල තරණය කරති. පවියා 25 වැනි තට්ටුව හමාරවනතෙක් සිංදු කීය. ප්‍රමෝදයා 50 වැනි තට්ටුව දක්වා විහිළු කථා කීය. දැන් තිදෙනා සිටින්නේ 50 වැනි තට්ටුවේය.

ප්‍රමෝදයා- "හරි ! දැන් උඹේ වාරේ. කථාන්දර කියන්න පටන් ගනිං"
සචින් - "මම මේ කියන්න යන කථාන්දරේ අහපුවහම උඹලට හුඟක් දුක හිතෙයි."
පවිත්‍ර - "කියපං බං"
සචින් - "කාඹරේ යතුර අරගෙන එන්න අමතකඋනා බං, ඒක කාර් එක ඇතුලේ"

5.
දේශණවාරය අතරතුරදී අශිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයා වන වරැණට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ.

පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්භයේදීම.... “ඇමරිකාවේ ගණිකාවක් එක රෑකට ඩොලර් දෙදාහක් විතර හම්බ කරනවා.......” යි කීය. එය ඇසූ සැනින් නැගී සිටි කාන්තාවන් සියළු දෙනා පංතියෙන් පිටවීමට පටන් ගති. පංතියෙන් ඉවත යන ඔවුන් ඇමතූ කථිකාචාර්ය වරයා “ඒ...යි ... නවතිනවලා..... දැම්ම ගියාට වැඩක් නෑ......ඇමරිකාවට ප්ලේන් එකක් තියෙන්නේ අනිද්දා....”

6.
බිරිද         :   ඩාලිං මම හදිස්සියේ මලොත්?
විදූ  :   පිස්සුද?මොනවද මේ කියන කථා? පිස්සී...
බිරිද        :   එහෙනම උනොත්,ඔයා වෙන කෙනෙක් බදියි..එයත් එක්ක මේ වගේ අපේ ඇදේ එක‍ට...
විදූ :   චිකේ...මගෙ රං..මොනවද ඔයා මේ කියන්නේ?
බිරිද        :   ඒ විතරක් නෙමෙයි එයා මගෙ සාරිත් අදියි..සෙරප්පුත් දායි..ගවුම් අදියි..
විදූ :   පිස්සුද එයා ඔයා වගෙ කැහැටු නෑ...
බිරිද        :   ????

7.
මේ අවුරුද්දෙ මුල සූර්යග්‍රහනයක් තිබ්බා මතකද? මේ සිද්ධිය උනේ එදා.පැතුමයයි දගයයි facebook එකේ චැට් කර කර හිටියේ.

පැතුම් - අඩෝ මචන් අද solar eclipse එක බැලුවද? මරු නේ ?
දගයා - මොකක් ?
පැතුම් - solar eclipse එක බං. බැලුවෙ නැත්නම් වැඩක් නැ.ඉක්මනට බලපන්.
දගයා– අඩේ සුගතා තරහ නැතුව මට link එක එවපන්කො.
පැතුම් -මොකක්?
දගයා - solar eclipse එකේ link එක එවපන් යකෝ.

8.
ඉස්කෝලෙ හොස්ටල් ඉන්න කොල්ලො ටික දෙසැම්බර් 31 පොඩි පාටියක් සෙට් කරල වැඩි හොදටත් එක්ක ප්‍රින්සිපල් වන පිස්සු කුක්කාට කියලම කරමු කියල මුන් ටික ගියා මෑන්ස්ව හම්බවෙන්න.
ගිහින් කිව්වලු "සර්,අපි 31st night පාටියක් දාන්න ඉන්නේ..සර් එදාට අපේ වැඩේට සහයෝගයක් දෙන්නත් එක්ක එන්න ඕන"කියලා.

"ෂා නියමයිනේ..."කියලා කුක්කත් කොල්ලන්ගෙ ආරාධනය ඉහලින්ම පිලි අරගෙන මේක සංවිධානය කිරීම ගැන ස්තුතියකුත් කරලා.

ඒ වැඩෙත් එහෙනම් හරි කියල කොල්ලො ටික එන්න හදනකොට කුක්කා අහනවා,

“කෝ…, ඔය ලමයි පාටිය තියනව කිව්ව විතරනෙ, තියන දිනෙයි වෙලාවයි කිව්වෙ නැහැනෙ"කියලා...

9.
මානසික රොහලක වෛද්‍යවරයෙක් වන රසිකයා සුපුරුදු ලෙස උදයක වාට්ටුවේ ඇවිද බලමින් සිටින අතරතුර ඔහු හදිසියේම දුටුවේ බිලී පිත්තක් ගෙන එහි ඇම වතුර බේසමක දමාගෙන සිටින රෝගියෙක් වන පවිත්‍රයයි.
"කොහොමද? මාළු කී සෙනෙක් අහු වුනාද ?"රසිකයා විමසා සිටියේය..
එවිට පවිත්‍රයා"මොන පිස්සුද දොස්තර මහත්තයෝ...මාළු කොහෙද වතුර බේසමේ.."

10.
මං ඔයා නිසා අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ...කින්ග්ශාන් වෙත දිව ආ තරුණියක කීවාය.
මහ මග මහ පිරිසක් මැද හටගත් ඒ සිද්ධියෙන් කම්පනයට පත් ශානයා කෑ ගසමින් "මොකක් කිව්වා...එහෙම වෙන්නේ කොහොමද?...මේක හරි කථාවක්නේ.."

"නෑ...නෑ...කලබල වෙන්න එපා.."තරුණිය යළි නැලැවිල්ලේ කිවාය.
මං කියන්න හැදුවේ මේ ඔයගෙ තාත්ත ඇයි දන්නෙ නැත්ද ගමින්ද මාව කසාද බදින්න තීරණය කරල කියලයි...

2 comments: