Jul 11, 2011

කාගෙද උපන් දිනයක්, මලියගෙ මල්ලි විසින් අයියව චා කරනු ලබයි!

මල්ලි විසින් ලියන වගයි!
මලා හෙට අයියා-කාරයාගෙ  උපන් දිනේලු, මූ බ්ලොගක් කරනවා කියලා ආරංචියනන්, මට ඇඩ්ඩරස් එක පොඩ්ඩක් මතක නෑ. මිනිහටලුනෙ චාටර්ම බ්ලොගත් තියෙන්නෙ, මොනව උනත් හිනා වෙන්න 1ක් හරි තිබ්බා, දැන් මේ ලොක්කා වගේ ලොගින් අරගෙන ලොග් උනාට පණ බයේ මම මේක කොටන්නෙ.

මිනිහ කේක් 2ක් අරගෙන නූගේගොඩ ඇවිදිනවා දැක්කා කියලා නිලලත් ආරංචි මාර්ග පවසනවා. අම්මා එක්ක ගිහින් කේක් ගන්න.

මිනිහා අද අර නුගේගොඩ සොප් එකකට ගිහින් ශර්ට් පොඩ්ඩක් ගන්න, අක්ක කෙනෙක් අහලා මොනවද ඕනෙ කියලා, මූ කියලා "තිබහට ඒසී වදින්න ෆෑං එකක් යටට ආවා" කියල ගොං කතාවක් කියලා.

ඒ කමක් නෑ මූ බුකියෙ දාලා තියන ඉස්ටේටස් එක දැක්කනන් අම්මා මූට වහ කවනවා සුවර්! මොකද "වොඩ්කා සොට් ගසා කොළඹ මහ නගර සභාවට කිරිවෙහෙර කියා වැන්දෙමි!"  කියලා බුකියෙ ගහලා. අනේද කියන්නෙ මූ වගේ පිස්සෙක්!
අයියාගෙන් සොට් දෙක තුනක්ද ඉදහිට මට නොවදිනවා නොවේ, මොකද මමත් ඉතින් පෙන්දා වගේ ඉන්න බැරි නිසා "අඩෝව්!" කියාගෙන පනිනවා, අන්තිමට වැදුනාම අම්මා ගාවට දුවනවා.

ඒ අස්සෙ මූ එහා ගෙදර වයි-ෆයි අල්ලන්න ගිහින් ඒ අක්කගෙ ඇදුම් වැටද කඩාගෙන වැටුන බව අපේ පැත්තෙ ජනප්‍රිය රහසකි. පොඩි එකාගෙ ආසාව නොවෑ! අක්කගෙ මක්කද කවරයක් ඔලුවේ ඔතාගෙන සිටින පිංතූරයක් ඇති නමුත් බෙල්ලට ඇති ආසාව නිසා එසේ නොකරමි!

ඒ අස්සෙ අක්කලා 3න් 4 දෙනෙක්ව එක පාර කරගහන්න ගිය බවක් ද මට ඇසුනි!!

මේ අයියා දොයියන්න එනවා වගේ, මම දුවනවා පබිලිස් බට්න් එකෙන් ගේමට එන්ටැර් වෙනවා කියලා අහලා තියනවා, එහෙනන් ගේමට එන්ටැර් වෙන ගමන් පොඩි කොලුවා දුවනවා.

මට බුදු සරණයි! අයියට සුභ මෙව්වා එකක් කියලා ප්‍රාර්තනා කරනවා!


7 comments:

  1. අයියාට සුභ මෙව්වා එකක් වේවා :)

    ReplyDelete
  2. මලයගේ මුවාවෙන් ඔක්කෝම වැරදි ටික කියෝගෙන තියෙන්නේ.... දැන් ඉතින් බිසිලුනේ.. ඒකනේ අපේ පැත්තේ නිකමටවත් එන්නේ නැත්තේ.....

    ඔන්න මලියෝ සුභම සුභ මෙව්වා එකක්ම වේවා....

    කේක් නම් නැතුවට කම් නැ ඉතින්

    ReplyDelete
  3. අර දේවා කියපු එක තමා කියන්න වෙන්නෙ.. සුභ උපංදිනයක් වේවා :D

    ReplyDelete
  4. මල්ලී කිවුව ජාතියේම මෙවුවා එකක් වේවා

    ReplyDelete
  5. හැපිම හැපි බර්ත් ඩේ එකක් ඔයාගෙ අයියට

    ReplyDelete
  6. හැපිම හැපිම බර්ත්ඩේ එකක් වේවා!:)

    ReplyDelete
  7. කස්ටියටම බොහෝමත්ම ස්තූතී. මලයට මම හොද ටොක්කක් ඇන්නා. ඕන්නැති රෙද්දක් නෑ එයාටත්.

    කස්ටියට කේක් දෙන්නන්, හැබැයි වෙඩින් කේක් තමා ;) ඒක ඒ වෙලාවට දැන් මම කැපෙනවා

    ජය වේවා!

    ReplyDelete