Jul 21, 2011

පොඩ්ඩක් හිනා වෙන්න

මනමාලි :D මනමාලයා :C 

වෙඩින් එකකට මවක් සමග පැමිණි චූටි කොල්ලෙක් ජෝඩුව දැක මෙසේ විමසුවේය.

''අම්මා මොකද අර මනමාලි සුදු ඇදල ඉන්නේ''

මනමාලිගේ සුදු ඇදුමින් පෙන්නුම් කරන්නේ ඇයගේ සතුට, විවාහ දිනය ඇයගේ ජිවිතයෙ සතුටුදායකම දිනය. මව එලෙස පිලිතුරැ දුන්නාය.

''එතකොට මනමාලයා කලු ඇදුමක් ඇදගෙන ඉන්නේ...''

මවට කට උත්තර නැත.

සීයගෙ ගැජමැටික් එක

පොඩි එකා- ''ආච්චියේ අයිස් පෙට්ටිය දිහා බලාගෙන ඔයා මක්කැයි කල්පනා කරන්නේ''

ආච්චි- ''පුතේ ඔය අයිස් පෙට්ටිය ඇතුලෙ දැම්මහම ඔනැම රෙද්දක් නරක් නොවි තියාගන්න පුලුවන් කියන්නේ ඇත්තද...''

පොඩි එකා- ''ඇත්ත තමයි ආච්චි, ඇයි ඇහුවේ''

ආච්චි- ''උඔලගෙ මහ එකාගෙ හිත නරක් වේගන එනවයි කිව්වා ඒ හින්දා අන්න ඒක ඔන්න ඔය පෙට්ටිය ඇතුලට දාපන් පුතේ...''

ගැසිල්ල
සංගිත සංදර්ශනයකදි එක් රසිකාවියක් වෙදිකාවෙ හිටපු සංවිධායකයෙකුට මෙහෙම කිව්වා

"අනේ අයියේ,එඩ්වඩ් අයියට කියන්න සිරියහනේ ගහන්න කියලා....."

එවිට සංවිධායක පොර මෙහෙම කිව්වා

"නංගි,එඩ්වඩ් අයියා තාම ආවේ නැහැ.එතකම් මම මිල්ටන් අයියට කියන්නද නංගිට මේ මැයි ගහයට ගහන්න කියලා?...."

මෙව්වා එක
"මචාං මේ බෝතලේ දිහා බලපං, මෙව්වා හදන්නෙ මෙව්වා කරලා කියලා උබ දන්නවද?"
"මෙව්වා මෙව්වා කරලා මෙව්වා නෙමේ බං හදන්නෙ අරෙව්වා!"


"අරෙව්වා නෙමේ බොල, උබට වැඩීද කොහෙද, එක්කො උබට මෙව්වා වෙන්ට යනවද?"
"ඒක නෙමේ බං, ගෑණි එව්වා මෙව්වා කියයිද දන්නෑ බං!"
"කමක් නෑ අද මෙව්වා එක නිකන් හම්බුන නිසා මෙව්වා උනා කියලා කියාන්!"

ඕක අහගෙන හිටපු මනුස්සයෙක්, මුන් දෙන්නට මෙව්වා එක, කරුමෙටම එකටම මෙව්වා වෙනවනෙ



අන්තිම එක මෙලෝ රහක් නැත!

6 comments:

  1. වහ කන්න ඔනේ වෙලාවක හිනා වෙන්න දෙයකුත් මට තියනවානේ

    ReplyDelete
  2. සිරාවටම අන්තිම ඒක නම් මෙලෝම රහක් නැත.

    ReplyDelete
  3. හික් හික් හික්.. මේ මැයි ගහයට.. :D nice :D

    ReplyDelete
  4. @ගැසිල්ල
    මමත් අහල තියනවා ඔයවගේ කතාවක්.කොල්ලෙක් ටී ෂර්ට් එකක් ගන්න ගිහිල්ලා මුදලාලිගෙන් අහනවා
    "මුදලාලි කිඹුලා අතේ ගහපු ටී ෂර්ට් තියනවද" කියලා.
    මුදලාලි කියනවා
    "මහත්තයා කිඹුලා අතේ ගහපුවා නම් නෑ,මං අතේ ගහල පිහිදපුව නං තියනවා දෙන්නද?" කියලා...:D

    ReplyDelete
  5. රෙස්ලින් - උබට වහකන්න වෙන සීන් එකක් තමා, ඊයෙ තිබ්බෙ. ඔය වගේ ගොං වැඩ කරන්නැතුව reputation හදාගෙන උඩට වරෙන්. අන්න එදාට ආතල් එකට හරි උබේ බ්ලොග බලන්න කස්ටිය එයි. මම උබට බනින්නෑ මොකද මට ප්‍රශ්ණයක් උන්නැති නිසා, තේරුම් ගනී කියලා හිතනවා.|

    ඒන්ජල් - අන්තිම එක කොහෙද යන එකෙක් කෝල් කරලා කිව්ව එකක්, මදෑ මමත් දැම්මනෙ මේකටම ;)

    බනිය - ඒ සීන් එක උබට ගැලපෙනවා ලොක්කා! :D

    දයාල් බතී - බොහෝම ස්තූතී ආයි ඇවිත් යන්න.

    රාජ් - හික්ස්, ඒකත් එලය, ජය වේවා කිව්වා!

    ReplyDelete