Jul 22, 2011

සරා සිහින - භාතිය & සන්තුශ්


සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කදුලු පහසේ මුමුනා සිනා
ඔහේ ඇවිද හා මා
හද සිතුවිලි විල කලබා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිල
සරා සිහින රහසේ දිවුරා කියා

සිත කදුලැල්ලෙහි තවරා
කලුවර රසකර වින්දා
සද සෙවනැල්ලක හැන්ගී
මගෙ ඇස් තනිකර තෙමුනා
එසේ කදුලු ගැලු ඒ හීනෙ
තවමත් ඔබයි ආදරේ

සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කදුලු පහසේ මුමුනා සිනා
ඔහේ ඇවිද හා මා
හද සිතුවිලි විල කලබා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිල
සරා සිහින රහසේ දිවුරා කියා

තනි අතකින් හඩ දෙදරා
හරි ආදරයක් හින්දා
යලි කවදාවත් නොවෙනා
මහ සාගරයඩ හැඩුවා
එසේ කදුලු ගැලූ ඒ හීනෙ
තවමත් ඔබයි ආදරේ


සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කදුලු පහසේ මුමුනා සිනා
ඔහේ ඇවිද හා මා
හද සිතුවිලි විල කලබා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිල
සරා සිහින රහසේ දිවුරා කියා

ගායනය - භාතිය & සන්තුශ්
රචනය - දුමින්ද අලහේන්ද්‍ර

පොඩි හේතුවක් නිසා දානවා (මුගේ බොරු), මේ දවස් වල වැඩ වැඩීනෙ(මුගේ හිතේ අවුලක්!)

ජය වේවා!

7 comments:

  1. මුකුත් නෑ අනේ, නිකන් ඉන්න එකේ එනවකො චැටක් දාන්න එහෙම! මලිත් කුශාන් කියල සිංහල කොල්ලෙක් ඇති! ඌව ඇඩ් කරගන්න.

    ReplyDelete
  2. මමත් හැමදාම අහන සින්දුවක්

    ReplyDelete
  3. මුකුත් නැ මේ නිකන් කියලා නම් ශේප් වෙන්න හදන්න එපා මලියෝ... මොකක්ද අවුල.... ලෙහලා දෙන්න පුලුවන් අවුලක් නම් ලිහන්න බලමුකෝ

    ReplyDelete
  4. ඇනෝ - එපා වෙන්නෑ ඉතින් දවසම ඇහුවත්

    නිල් අහස - ;) :D එල

    දේවා - ලෙහන්න බෑ බං, පෑරිච්ච හිත විතරයි තියෙන්නෙ. මගෙත් වැරදි තියනවා, එයාගෙත් වැරදි තියනවා.

    ReplyDelete
  5. කලින් පෝස්ට් එකට චා ඉමේජ් එකක් වැටිල මචන්... ඒක චෙක් කරපන් මේක දැක්ක ගමන්...

    ReplyDelete