Aug 14, 2011

ශාන් කොලුවට මේදාවි නංගිගෙන් ලියුමක්

මෙයා පිටිසර ගමක හැදිච්ච දුප්පත් ගෑනු ලමයෙක්. එච්චර අකුරැ සාස්තරේ බෑ. ඔය ඉස්සෙල්ලම තියෙන්නේ එයා එවපු ලියුම. ඊට පස්සේ ඔන්න ශාන් ට්‍රාන්ස්ලේට් කරපු එක තියෙනවා.


දොරේ ගලන ආදාරයෙන් ලියමී..


මං බාත් තාල දැං ආවෙ. සීරිපලයියත් අද ඇවිල්ලා ගියා. මං ගොනං ගත්තෙ නෑ. බේබෝ.. මේ රා හරිම සුවඳයි. හරිම රෝමටික්. මේ සුවඳ දීගේ ඔයත් එන්න. ඔයාට හිරෙන් එන්න පුලුවන්ද? හැබැයි අපේ දර කඩන්න වෙයි. වහලු නවයි. ඔයා පට් එක අරං ආප්ප ගෙදර එන්න. අපේ පපීගෙන් මාව ඉල්ලන්න. ඔයා කලින් මිනිහෙක්නේ. කාක්කටත් දවන්න බලාගෙන එන්න. මකද එයා පුස්කෝලෙ ගයි. වට් තිබ්බට කෙමක් නෑ. එන්න. මං බීලා සිටිමි.


මම ඔයාගේ රං කැඳ...
ලවුලි ගලේ මදාවි...........



කොහොම හරි ඉතිං ඔන්න වචන ගලපගෙන බලද්දී එන්නෙ ඔහොමයි.

දෝරෙ ගලන ආදරයෙන් ලියමි..

මං බාත් කලා. දැං ආවේ. සිරිපාල අයියත් අද ඇවිල්ලා ගියා. මං ගනං ගත්තෙ නෑ. බබෝ... මේ රෑ හරීම සුවඳයි. හරිම රොමෑන්ටික්. මේ සුවඳ දිගේ ඔයත් එන්න. ඔයාට හොරෙන් එන්න පුලුවන්ද? හැබැයි අපේ දොර කඩන්න වෙයි. විහිලු නෙවෙයි. ඔයා ෆිට් එක අරං අපේ ගෙදර එන්න. අපේ පප්පාගෙන් මාව ඉල්ලන්න. ඔයා කෙලින් මිනිහෙක්නේ. කෝකටත් දුවන්න බලාන එන්න. මොකද එයා පිස්තෝලෙ ගයි. වෙඩි තිබ්බට කමක් නෑ. එන්න. මං බලා සිටිමි.

මම ඔයාගේ රං කඳ...
ලවුලි ගර්ල් මේදාවී.........

4 comments:

  1. හික්ස් ය... ලොල් ය...

    ReplyDelete
  2. මීට කලින් කොහේදී හරි කියවලා තියනවා මේක.

    ReplyDelete
  3. කොහේ හරි මාත් කියවල තියනවා වගේ මතකයි! අවුලක් නෑ! ජය වේවා!

    ReplyDelete
  4. හික් හික් ....... මන් ඔයායිගේ රං කැඳ........ :P

    එල එල :D

    ReplyDelete