Aug 20, 2011

එළුවෙන් තො. තා. වි. (හෙලුවෙන් නොවේ)

සුද්ධා රට ආක්‍රමණය කිරීමට පෙර තැනූ තොරතුරු තාක්ෂන ප්‍රශ්න පත්‍රයකි!
1. ජනේල හත ස්ථාපනය කිරීම සදහා පරිගණකයක තිපිය යුතු අවම නිකරු පෙවෙස් දාගැබ ගිගාබද්විත කොපමණද ?
2. මුහුයත්නය හැර අන්තර්ජාලය වෙත සම්බන්ධ වීමට භාවිත කල හැකි එක් උපකරණයක් නම් කරන්න
 
3. ජාලතැන්නක් සැකසීම සඳහා අධි ලිඛිත සැකසුම් යුත් බස හැර භාවිතයට ගත හැකි වෙනත් බසක් නම් කරන්න
 
4. ජනේල හතේ කාර්‍ය පටියේ සහ ජනේල ඇක්ස් පී හි ඇති කාර්‍ය පඉටියෙහි ඇති වෙනස් කම් දෙක් සඳහන් කරන්න 
5. පරිගණකයෙහි අතුරු දැල් සම්බන්ධන ගිනිවැටියක් භාවිතා කරන්නේ කුමක් සඳහාද ?
 
6. පරිගණකයට කේන්ද්‍රික ක්‍රියා වර්තක ඒකය මගින් සිදු වන කාර්‍ය පැහැදිලි කරන්න.
 
7. මුද්‍රණ යන්ත්‍රයක් සඳහා කඩ රඳුවෙන් ඉටු වන සේවය පැහැදිලි කරන්න.
 
8. අසමැති අංකිත දායක වැල් සම්බන්ධතාවයක් යනු කුමක්ද ?
 
9. අන්තර්ජාල ප්‍රදර්ශක මෘදුකාංග සඳහා නිදසුන් 2ක් දෙන්න
 
10. වෙබ් තැන්නක ඇති බන්දයක් මත කිලිකන්න කල විට කුමක් සිදු වේද ?
 
10 ‍x 10 = 100 බැරිමනන් කියන්න මම සිංහල මාක්ගෙන් අහලා කියන්නන්.

5 comments:

  1. WWW = විශ්ව විසිරි දැල

    ReplyDelete
  2. මේ ටිකේ මුගේ වයර් එකක් වැරදි තැනකට ඈමිනිලාද කොහෙද...

    ReplyDelete
  3. මේක කියවන්න ගිහින් මගෙත් වයර් මාරු උනා :)))))

    ReplyDelete
  4. ඒ මක්කයි බං මේ.කිසි දෙයක් තේරුන් නෑ

    ReplyDelete
  5. ඈ බොල... මම හදපු පුරස්න පත්තරේ තෝ ඉස්සුව නේද... :P

    ReplyDelete