Aug 28, 2011

කෙල්ලෙක් සැට් කොරගන්න කලියෙන්...

මේවා මේ නිකන් ඉදලා බලලා ලියනවා නෙමේ, කොරලා බලලා කියන එව්වා!

පලවෙනි එක, තව කොල්ලෙක් ලයින් දානවා කියල අම්බානකට වඩා පොඩ්ඩක් හරි වැඩියෙන් දැනෙනවනන් විතරක් එයාට දැනගන්න අරින්න. නැතුව කීයටවත් දැනගන්න දෙන්න එපා! මොකද සමහර කෙල්ලො කැමති නෑ ඉක්මනටම අහනවට (නේද සදුනි?? (මේක සදූ කියවයි කියලා හිතනවා))



ඊට පස්සෙ කීයටවත් ගොං වැඩ කරන්න එපා! නිකන් ක්ලබ් ගිහින් වෙන කෙල්ලෙක් අල්ලගෙන ඉන්න ෆොටෝ එකක් අහලකවත් අර කෙල්ලව ටැග් කරන්න එපා (කලින් කරලා තියනවා, දැන් නෑ ^_* )


හ්ම්ම් තව සල්ලි තියනවනන් ඒක පෙන්නන්න යන්නත් එපා, නැත්තන් ඒකත් පෙන්නන්න යන්නත එපා. මොකද සල්ලි තියන කොල්ලෙක් අල්ලලා බැංකු පිටින් කඩන කෙල්ලො ඉන්නවා. නැත්තන් (නෑ කියන්න බෑනෙ, ගෑස් එකක් දෙකක් මාසෙකට ගෙදරට ගේනවා කියන්නෙ ලොකු වත්කමක් තියනවා කියලනෙ) ඒක එයාට දැනෙන්න ඉඩහරින්න, මොකද ඕක බොක්කෙන්ම නැගලා යන එකක් උනොත් ඕවා බලන්නෑනෙ.


ට්‍රයි කරන කෑල්ල කොයි රටක හිටියත් (මම වගේ) නිදිවරාගෙන හරි මැසේජ් එකක් ආපු ගමන් රීප්ලයි එකක් දාන්න, එතකොට එයාට දැනෙයි මූ සිරා ඩයල් එකක්, මම වෙනුවෙන් නැඟිටලා හරි හිටියා කියලා(අවුල තාම දැනිලා නෑ).


ෆේස්බුක් එකේ ඉන්නවනන් පුලුවන් තරම් හොදට ඉන්න, කොයි මොහොතෙ වෙන එකෙක් ඇවිල්ලා බිත්තිවල මඩ පාර ගහලා යයිද දන්නෑ.

එයාට කොච්චරක් ආදරෙයිද කියල කියන්න එපා, පෙන්නන්න. පෙන්නන්න ගිහින් වැඩ වරද්දගන්න එපා හරිය, මම කිව්වෙ වෙන දෙයක්! :P



ආ අමතක උනා, ඒ කෙල්ල තව කොල්ලෙක් එක්ක යළුනන්, දෙයියන්ගෙ නාමෙන් ඒ දෙන්නව වෙන් කරන්න හදන්නනන් එපා, ඒක මාර පවක්(මම දන්නෙ අර කොල්ලා තාම පව් ගෙවනවා, මට කරපු දෙයින්)
සහ පසු කාලීනව 3න් දෙනාටම දුක් වෙන්න වෙනවා.


එච්චරයි, අමතක වෙච්ච එව්වා මම තව පෝස්ට් එකකින්, අත්දැකීම් සහිතව කියන්නන්.
කමන්ට් එකක් දාලා වැඩ කරානන් වැඩ කරා හරි කියලා යන්න

(E)ලවු එකට පණ උනත් දෙන මලියා!

ජය වේවා


7 comments:

  1. " ගෑස් එකක් දෙකක් ගේනවා කියන්නේ ලොකු වත්කමක් නේ..."
    ලොල්...හිකිස්‌ මෙන්න පට්ට කතාව... :D :D

    ReplyDelete
  2. මොකද යකෝ මේක දාන්න පරක්කු උනේ ?

    කෝ මේකේ ඇනොනිමස් කමෙන්ට් දාන එක ? ඒක දාපං :D

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්............. දැන් ඉතින් තාත්තාගේ ක්‍රෙඩිට් කාඩ් එක විතරක් නෙමේ පොකට් එකටත් මලියගේම සරනයි...

    ඔන්න ඉතින් සුභ පැතුම්.. මේ කෙල්ලට ත්

    ReplyDelete
  4. මේ දැන් අපිට කේක් දෙන්නේ කවද්ද?

    ReplyDelete
  5. ඒකෙල්ල තව කොල්ලෙක් එක්ක යාලුනම් ඒක කඩන්න යන්න එපා ඒ පවක් නිසා නෙමෙයි,ඒ වගේ ගොන් නාම්බෙක් කරගහන් ජීවත් වෙන්න බෑරි නිසා,කවුද කෑමති රටවටේ අහවල් එක දීගෙන යන කෙල්ලෙක් බෑදගන්න....

    ReplyDelete
  6. අනේ බන් උඹ දැම්මෙ සෙට් කරගත්තට පස්සෙනෙ...
    කමක් නෑ ඉතින්..

    ReplyDelete
  7. චම්මා - මට ඕක මීටර් උනේ අම්මා කෑගහද්දි මල්ලිට ගෑස් ලිප නිකන් දාගෙන ඉන්න වෙලාවක, ඒක ඉතින් ඇදලා දැම්මා :D

    බනියා - මේ උබ මොකද්ද කියෙව්වෙ මොකද්ද දැම්මෙ?? බීලද??

    දේවා - හික්ස්, පොඩ්ඩක් ඉන්න මමත් ට්‍රයි පාරක් දාන්නෙ ආයි!

    ප්‍රසන්න (aka මාළු) - කේක් දෙන්නන් බදින දවසට, එතකන් හිටු!

    අසංක - ඒකත් ඇත්ත නේ, මට හිතෙන්නෙ පවු කියලා බං, උබේ කතාවත් ඇත්ත හැබැයි

    ප්‍රියංක - නෑ බං, තාම නෑ, සෙට් වෙයි කියලා හිතෙනවා :)

    ReplyDelete