Aug 29, 2011

කෙල්ලෙක් සැට් කරගත්තට පස්සෙ

කලින් එක නැගලා ගියා වගේ දැනුනා, ඉතින් මම හිතුවා තව ටිකක් මගේ ටිකිරි මොලේ යූස් කරලා තව හොද දේවල් ටිකක් ලියන්න.

ඕන් එහෙනන් පලවෙනි එක - මේක බොක්කෙන්ම කරන එකක් නම් ඔය ලවර්ස් එකෙන් කෑලි බෑලි අරන් දෙන්නැතුව ඒ සල්ලි එකතු කරලා රත්තරන් මාලයක් වගේ අරන් දෙන්න පුලුවන්නන් ඒක කෙල්ලගෙ මාර වෙනසක් ඇති කරයි.

තව වෙන කෙල්ලො දිහා බලන් ඉන්න එපා, මොකද කෙල්ල උබට ඇදලා අරිනකන් දන්නෑ. පැණි හැලීමෙන් වලකින්න!

විහිලුවටත් වගේ අහලා බලන්න "මම මැරුනොත් මොකද කරන්නෙ" කියලා, දානෙට ඇවිත් යන්නන් කිව්වොත් ඉතින් වහ කාලා මැරියන්, "තව එක්කෙනෙක් බදිනවා" කිව්වොත් ශේප්, හැම දාම තනියෙන් ඉන්න බෑනෙ.
"බදින්නෑ" කිව්වොත් ඔන්න පුස්සක්, ඔය නොකියා කියන්නෙ කොල්ලව දාල යන්න කියලා.

තව ෆෝන් එකක් අරගෙන දෙනවනන් ඩුවල් සිම් දාන එකක් අරගෙන දෙන්න එපා, මල් කඩන අස්සෙ කොළ වැල් මුල් උනත් කඩන්න පුලුවන් තව සිම් එකක් දාගෙන, අපි දන්නැතෑ කෙල්ලො ගැන

ඊරිසියාව පැත්තකින් දාලා වෙන කොල්ලො එක්ක කතා කරන එක නවත්තන්න කියන්න, නැත්තන් හොදට දන්න කොල්ලො එක්ක විතරක් කතා කරන්න කියන්න, මොකද වෙන එකෙක් ඇවිල්ලා උස්සනකන් දන්නෑ

තව පුලුවන් තරම කතා කරන්න, නවත්තන්න එපා, මොකද කෙල්ලෙක්ගෙ හිත විනාඩියෙන් වෙනස් වෙනවා. ෆෝන් බිලට දෙයියන්ගෙම පිහිටයි!

ක්ලාස් එකකනම් ඉවරවෙලා යද්දි නලලට උම්මා(පොඩි එවුන්නෙ ඉන්නෙ :P ) එකක් දෙන්න, මාර ආසයි ඒකට. ඔෆිස්නන් කලින් යන්න කලින් දෙන්න, ලංකාවනෙ මේක ;)

කීයටවත් පැනලා යන්න අහන්න එපා, මොකද සිරාටම ක්ලාස් එන දවසක ඇදුම් මලු එහෙම උස්සන් ආවොත් උබලට ගෙදර ගිහින් ඉවරයි!

බ්‍රයිට් කේස් එකක් නන් පොඩ්ඩක් කටට රහට උයන්න පුරුදු වෙයන්, නැත්තන් මල රෙද්දක් වෙනවා.

තව සල්ලි ඉතුරු කරන්න පුරුදු වෙයන්, මොකද දන්නවනෙ සොපිං යන්න සෙට් උනොත්, ගෑස් බෝතල් දෙකක ගානට වඩා යනවා(කලින් පෝස්ට් එකේ දාලා තියනවා සීන් එක)

තව ප්‍රශ්ණ තියනවනන් අහන්න කමන්ට් එකක් දාලා, මිස් වෙච්ච එකක් තියනවනන් ඒකත් කමන්ට් කරන්න ;)

ජය වේවා, මම කැපෙනවා :D

10 comments:

  1. මලේ මෙව්ව අත්දැකීමෙන් ලියන ඒවද බං?

    ReplyDelete
  2. pani hala hala ine nathuwa thawa kellek dagathoth wardk naha neda? malaya lolz

    ReplyDelete
  3. mama marunoth mokada karanne kiyana prashne kella ahuwoth mokoda? kiyanne karanne oya wage promblem thiyenne kellnta ne bnz

    ReplyDelete
  4. ප්‍රසන්න - බුකියෙ ඉන්බොක්ස් එක බලන්න, ඇති

    චතුර - ඒක මාට්ටු වෙන්නැතුව කරගන්නවනන් ශේප්, නැත්තන් නෝන්ඩිනෙ ;)
    කෙල්ලෙක් ඇහුවොත් අනිවා කියන්න ඕනෙ දානෙට එනවා කියලා, නෑ නෑ සත්තලනේ ඔයා මැරෙන්නෑ කියන්න. නැත්තන් දුක හිතෙයි :)

    ReplyDelete
  5. අඩෝ උඹට වෙච්චා නේද මේ.??

    හික් හික්...එල කොල්ලො..
    තව ලියහන්

    ReplyDelete
  6. මේවා ඉතින් මලියගේ අත්දැකිම්නේ නොවැ...අපි හිතන්න යන්න හොද නැ මේවා ගැන

    ReplyDelete
  7. අඩා පට්ටා ඇ ජය වේවා!

    ReplyDelete
  8. ඔයාට කලින් මම මැරෙනවා කිව්වොත් මොකැ කරන්නෙ?

    ReplyDelete
  9. ප්‍රියංක - ලාවට ලාවට මට වෙච්ච ඒවා වගේ තමා ;)

    දේවා - ඒක තමයි, කියෝලා අදහසක් ගන්නවනන් තවත් මොනවද :D

    දියා - එල එල,

    පිස්සි - මට කලින් ද නැත්තන් ඔයාගෙ පිස්සට කලින් ද?? මටනන් කිව්වෙ දානෙට ඇවිත් යන්නන් ;) පිස්සගෙන්නන් ඉතින් අර කතාවම තමයි, ඔයා මැරෙන්නෑ සුදූ කියල ඉන්න!

    ReplyDelete
  10. නෑ මොඩයෝ ඔහොම මම මරුනොත් මොකද කරන්නෙ කියලා ඇහුවම කොල්ලා කිව්වොත් ඔයාට කලින් මම මැරෙනවා කියලා එතකොට මොකද කරන්නෙ? :P

    ReplyDelete