Aug 30, 2011

කෙල්ලෙක් අල්ලගත්තට පස්සෙ..

ඔන්න දැන් කෙල්ලෙක් අල්ලගත්තා කියමුකො එහෙනන්

මුලින්ම හැගෙන දේ ප්‍රකාශ කරන්න, හිතෙන හැම දෙයක්ම

කෙල්ල වැඩියෙන්ම කොල්ලට දෙන්න ආස වද හරිද, ඒක නිසා කට්ට කන්න බලාන ඉන්න

ඊට පස්සෙ දෙගොල්ලන්ගෙම ගෙවල් වලට හිංට් පාස් කරන එක හොදයි(නරක ගෙවල් නැතුවත් නෙමේ, තැනට සුදුසු විදියට කරන්න)

අහන්න මොනවටද වැඩියෙන්ම කැමති කියලා(තාම ඇහුවෙ නෑ)

එයාට ඉන්වයිට් කරන්න රෑ කෑමකට(Romantic Dinner හරිය, නැතුව තොත්තු කොත්තු කන්න නෙමේ!)
ඒ අතරතුර එයාට මාලයක්, මුද්දක් වගේ වටින දෙයක් දෙන්න පුලුවන්නන් එයාට ඒක හැමදාටම මතක තියෙයි.

තව එයාව පුලුවන් තරම් ලඟින් තියාගන්න, කීයටවත් දුක හිතෙන දේවල් කියන්න එපා මොකද මූට විසාදය කියල දමල ගහල යයි යන්න ;) (බුකියෙ දන්න කොල්ලෙක්ට උනා)

මම වගේ කොල්ලන්ට කියන්නෙ (පික්සු) මහන දම් පිරුවා වගේ ඉන්න වෙනවා, නැත්තන් "මචං අන්න උබේ කෙල්ල අරුත් එක්ක රවුන් ගහනවා" කියල කියනකන් දන්නෑ

එහෙනන් අන්තිම එක, මට හැමදාම අමතක වෙන එක, කෙල්ලට ආදරේ වගේම තමුන්ටත් ආදරේ කරන්න. නැත්තන් කොහෙන් කෙලවර වෙයිද දන්නෑ, මමත් කාලයක් නැපෝලියන් බොන-පාට් වෙලා සිටි බව අකමැත්තෙන් උනත් කියමි.

එහෙනන් මලියා කැපුනා, මේ ක්‍රම වලින් ගොඩ ගියොත් පස්සෙ කාලෙක ළමයින්ටත් කියන්න මලියා කියලා කොල්ලෙක් දත,කට,තොල සහ දිව විකාගෙන පෝස්ට් ටිකක් දාලා තිබ්බා කියලා, ඒවෑන් අදහස් අරගෙන අම්මා සැට් කරගත්තෙ කියලා.

ගල් මුල් ප්‍රහාර සහ අදහස් ඕන එකක්, කමන්ට් එකක් දාලා යන්න :D

3 comments:

  1. LOL hmm eka tama kolleck unama hoda actor kenek wenna oni kiyanne...

    ReplyDelete
  2. තැංකු වේවා.. අවශ්‍ය වෙලාවට ගන්න print to pdf කරලා තියාගත්තා.
    මේ.. ඇත්තටම මේ ක්‍රමේ හරියාවිද?

    ReplyDelete
  3. අන්තිම එක තමා මලයෝ....වටිනම එක.
    කිව්වා වගේ අපට වරදිනකල්ම, අමතක වෙන්නෙත් ඕකමයි.

    ReplyDelete