Sep 30, 2011

පොත් පදර්සනේ බලන්න ගිය අපි 2

මංතුමා - හෙලෝ,
නඟා - මල්ලි ඔයාලා කොහෙද ඉන්නෙ?
මං- හදේ! BMICH බං, දැන් ආවෙ, එනවැයි දැන්?
නඟා - මං තාම ...... එකේ, පොඩ්ඩක් පරක්කුවෙයි, මං එනකන් ඉන්න හොදේ!
මං - හෑ, හා හා, ඉන්නංකො

(* මඩ ටික අන්තිමටම ඇත ;] )

Sep 23, 2011

පොත් ප්‍රදර්සනේ බලන්න ගිය අපි.. 1

ට්‍රීං ට්‍රීං.. ට්‍රීං ට්‍රීං.. (ඇක්සුවලි ඒක මෙන්න මේක)

මංතුමා - හලෝ!....(ඇද්දා)
එහා පැත්තෙ එකා - නැගිටපන් යකෝ!
මංතුමා - කියපන් බං මම නැගිටලා ඉන්නෙ!
එ.පැ.එ. - එද්දි මට කලිසමක් අරගෙන වරෙන්!
(මේ මොන සෙද්දක්ද, උදේ පාන්දර කලිසම්??)
මංතුමා - හෑ කවුද බං මේ??
එ.පැ.එ - යකෝ මං පවියා!

Sep 20, 2011

දෙකොපුල් කදුලින් තෙමා - ළහිරු ...


දෙකොපුල් කදුලින් තෙමා තොල් පෙති නලලත තබා
නික්මුණ දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන් යාමේ
සුහදිනියේ
මින්පෙරදී අපි මේ වගේ වෙන්වී යන්නට ඇති
මේ කදුලු ගංගා ඉමේ කොතැනක හෝ
මගෙ ජීවිතේ ඉකිබිදී ඔබේ දෙනෙත් යලි යලි සොයයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි

ඔබ පපුතුරේ මා හිදි මගේ පපුතුරෙ නුඹ හිදි
ලංවෙන්න වෙන්නෙනම් නෑ සුහදිනියේ
දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලලත තබා
නික්මුන දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන් යාමේ

සුදු සිනිදු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇති
මුදු සුවද දැනෙනා ඉමේ දෙතැනක පිපී
හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වගයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි

ඔබෙ ඉහින වල මා හිදි මගේ සිහින වල ඔබ හිදි
එය පියවි ලෝකය නොවේ සුහදිනියේ
දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලලත තබා
නික්මුන දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන් යාමේ

කලින් මම දැම්ම පෝස්ට් එකේ තිබ්බෙ මැසේජ් එකත් එක්ක මේ සිංදුව තිබ්බා. අනේ මංදා මේ සිංදුව TV එකේ ඇහෙද්දි නාට්‍යක මගේ ඇඟේ මයිල් ස්මයිල් උනා.

ඇත්තටම ඒ කෙල්ල මොකද මේ සිංදුවම මට එවන්න හිතුවෙ?
බොන්න ඕනෙ ප්‍රශ්ණයක්  
එක්කො මම බිව්වා ඇති

හෆ්ෆේ අදවත් පෝස්ට් එක ඉවරයක් කොරන්න ඕනෙ! දෙපාරක්ම එඩිට් කොරා ;)

මේ සිංදුවට මලියගෙ ඇස් වල කදුලු පිරෙව්වා, හැබැයි එකක්වත් වැටෙන්න දුන්නෑ :)
ඒ ඒවා වැටෙන්න හොද නැති නිසා වෙන්නම ඇති!

Sep 13, 2011

මට ලෝබයි... ලෝබයි වෙන කෙනෙක්ට ඔයාව දෙන්න..

මට මොකද්ද කරන්න කියන්නෙ?, කියල දෙන්න. එයා දන්නැතුව ඇති මට ආයි අසනීප වෙලා කියලා. ඒ අස්සෙ මට මේල් එකක් එවලා, සිංහලෙන්ම එවලා තියනවා. මෙයා දන්නැති උනාට මම මෙයාව දන්නවා හුඟ කාලෙක ඉදලා. නමුත් මට හැමදෙයක්ම එපා වෙලා තිබ්බ කාලෙදි මට මඟ හැරුනා. නමුත් මම ආයි අතඅරින්නෑ. එයා මගේනන් මගේ විදියටම ඉදී!


"අනිත් හැම දේටම වඩා ඔයා බොන්නෙ නෑ කිව්ව පොරොන්දුව නොකඩ ඉන්න පුලුවන්ද? පින් සිද්දවෙයි! අපිට කැමති දේවල් අපේ ජීවිතේට එකතු වෙන්නෙ ගොඩක් කලාතුරකින්......

එයා මගේද?

හීන හොරු අරන්,
ජීවිතේ චාටර්,
එයා මට එපා,
නෑ ඕනෙ,
එයා එන්නෑ,
ඔව් එනවා, 
උබ දන්න කෙහෙල් මලක් නෑ,
ඇයි උබ කියන්නැත්තෙ?,
මට බෑ බං මට අයිති නැති දේවල් ලබාගන්න,
උබ කොහොමද කියන්නෙ එයා උබේ නෙමේ කියලා?
මම දන්නෑ,
ඒක තමා මම කිව්වෙ! එයා උබේ,
උබ කොහොමද එහෙම කියන්නෙ??
මම උබේ හිත,
හික්ස්.. මගේ හිත මැරිලා කියලා අමතකද?
අර කෙල්ල උබේ හිතට පණ දුන්නා කියලා අමතකද?
ඒත් මට එයාව අයිති නැතිනම්?
ඒක එයා කියයි,
ශුවර්ද?
උබ ඔය බෝතලේ තියලා ගිහින් මැසේජ් එකක් දාලා බලපන්,
බෑ ඕයි! එයා බෑ කිව්වොත් මට එයත් නෑ බෝතලෙත් නෑ,
එයා උබට කැමතී බං!
එහෙනන් මම කතා කරලා බලන්නන්,
උබ උබේ හිතට බොරු කරන එක නවත්තගනින් දැන්!

මම පරාදයි....

:D කියලා වැඩක් නෑ, මම කෙල්ලෙක්ට පරාද උනා.

Sep 10, 2011

ඇලඩිං සහ පහන (නිව් එඩිසොං

ඇලඩිං කියලා ලංකාවෙ ඩයල් එකක් හිටියා. මූ ඇම්ඩන්ගෙ හොර සොට් එකක්ද මංදා කොහෙන් කැපුවත් ඌ වගේමයි!.

Sep 8, 2011

ඇලජික් සහ කැෆේන්...

සුන්දර බ්‍රහස්පතින්දාවකි, උදයේම කුකුලෙකු මර හඩ තලන හඩ සහ පූසෙකුගේ විලි රුදාවක් වැනි ශබ්දයකින් නිදාගැනීමට කල තැත වැරදී ඇති බව වැටහුනි. මේ ඇහැරී සිටින දෙවන දවසයි..  පාන්දර 4යි, නින්ද යන්නේම නැති නිසා බුකියට පියනගන්න විය. මේ අතරේදි දැක්ක දසුනට ඇස් උඩ ගොස්, කට බිමට වැටුනි!
ඒ බෙන්ස් රථයක් දැකීමෙනි, ගන්නට පින නැත, ජීප් රථය මෙන් දෙඟුණයකට තවත් ලක්ස20ක් දැම්ම කොට ගත්තැකිය!
බුකියට පියමන් කල මා උස්ටේටස්සුවක් අප්ඩේට් කරේ කැෆේන් නිසා නැති වූ නිදිමත නැත්තටම නැති වී තිබුනු නිසාය.
"හුරේ දවස් 1යි පැය 7ක නිදි වර්ජනයක්! එල!! දැන් තව පැයකින් ඉක්කෝලෙ යන්නත් ඕනෙ! යකඩෝ දවසටම කෑවෙත් නෑ, දවසකටවත් හරි යන්න නිදාගෙන නෑ, ඒ මදිවට හෙටත් නැගිටලා ඉන්න හිත! පුලුවන්නන් හෙටත් කන්නැතුව ඉන්නවා, ආයි sixපැක් හදාගන්න පුලුවන් ගේමක් නෑ!!"
 මේ දැම්මා විතරයි වෙලාව පාන්දර 4.55බව දැක්කෙමි. මලලසේකරයි, අම්මා නැගිට්ටවන්න ආවොත් ලැපත් ඉවරයි, කොම්පීතරෙත් ඉවරයි කියා බොරුවට ඔලුව තබා ගත්තෙමි!

මම ඔය ෆී ටයිම් එකක් වෙලාවෙ ගත්ත එකක් ;)
so and so 5පසු වීමත් සමඟ අම්මා ඇවිත් "නැගිටිනවා දැන්වත් වෙනදට ගෙදරට වෙලා ඉන්නවනෙ, දැන් ගිහින් වැඩක් කරගන්නවා" යැයි පැවසීය. කියන්න බැරිවිය, මම ඊයේ ඇදට පැන්නෙ හෙටවත් ඉගෙන ගැනීමට පාසල් යමි කියාගෙනය. විභාගය භාගෙට භාගයක් ඇන ගැනීමේ දුක තාම සිතේ තෙරපෙයි, නමුත් මගේ ගමනට එය භාදාවක් නොව.

හරේ.. ඇදගෙන ලෑස්ති වූ නමුත්, දවසක් එහෙම්පිටින්ම නැගිටලා හිටි නිසාම ලෝකය බ්‍රමණය වීම හොදින් දැනෙන්නට විය, මම හදාගත් ඉස්පෙසල් කෝපි කෝප්පය(කෝපි හැදි2යි, කිරි සාමාණ්‍ය, සීනි හැදි 3යි) ගසා නැවත ඇදුම් ඇදගෙන සාලෙට එන්ටැර් වෙද්දි බඩු බනිස් බව කිලික් විය. ඒ බියර් 3ක් එක හුස්මට ගැහුවාක් මෙන් දැනෙන්නට වීමයි. ඒ අතරේදි නැන්දගෙන් කෝල් එකක් ආවේ ඩොගා(ඩොංගලේ) ඕනෑ කියාය.

හා කියලා ගත්තා මගේ අමීගො(ප්‍රෙන්තා) වඩ්ඩගෙ ඩැඩා, අපේ සේල්ස් මැනේජර් තුමාට කෝල් එකක්, "ගුඩ් මෝනින් අංකල්, මේ මට ඩොංගල් එක ගන්න පුලුවන්ද අද පොඩි වැඩ වගයකට? ඒක නෙමෙයි තුශාන් අද ආවද" කියලා අහපි. රීටර්න් එකේ පුදනකොටම කාපි යකා කියලා වඩ්ඩා කියපි අද ඉක්කෝලෙ හොරු අරන් ගිහින් ලු AKA(also known as) ඉක්කෝලෙ නිවාඩුලු!.

මදෑ අපි හොදට ඇදලා කරලා ලෑස්ති වෙද්දි ඉක්කෝලත් වහලා. කමක් නෑ කියලා, ඉතින් ඇදුම් ගලවලා උදේ නැවුම් වතුරෙ හිරිගඬු පිපිලා ආයි පිපෙන සීතලේ නාන්න ගත්තා. ඒ අස්සෙ අම්මා ඇවිත් කියපි "මෙන්න මේ කලිසමයි ශර්ට් දෙක තුනයි හෝදන්න" කියලා.

මලියා කවදා හෝදපු ශර්ට්ද කියලා ගත්තා, හුටා අතුල්ලන්නෙ කොහොමද සබන් ගන්නෙ කොහොමද කියලා මෙලෝ හසරක් දන්නෑ. ඇහුවා අම්මගෙන් "මේක කොහොමද කරන්නෙ??" සබන් ගාලා අතුල්ලන්න කියලා නංගි ගාවට ගියා. මදෑ මෙතනින් බේරුනා.

හරී සන්සිල්ක් හරි සන්ලයිට් හරි, සන්ලයිට් වෙන්න ඕනෙ, ගත්තා ශර්ට් එක ඉදගත්තා හරවපු බාල්දියක් උඩ, තිබ්බා කකුල උඩින් ශර්ට් එක, ඇතිල්ලුවා සන්ලයිට් කැටේ, ආයි ගත්තා කලිසමක් ඇතිල්ලුවා විතරයි නිකන් අමුත්තක් දැනුනා (*)කයි කියාගෙන නැගිට්ටා! (අම්මා නෑ හොද වෙලාවට.)
"අම්මේ මට සන්ලයිට් ඇලජීක්!!!!!!!!!!!!" මම විලාප දී උඩ පැනගෙන ගොස් අති විසේස සබන් කැටයකින් මුලු ඇඟම හෝදගත්තා.

මම පහල තට්ටුවට ආවේලේ සිට සන්ලයිට් කාරයාගේ වලේ ඉන්න දෙමවුපිය පාර්ශවයට හොදට හෙම්බිරිස්සාව නැමැති සෙම්ප්‍රතිෂ්‍යාව සෑදී ඇති බවක්ද මට මේ වෙලේ නිගමනයකට එන්න හැකිවිය. ඒ මට හොදවෑයින් දේවල් මතක් ඌ බැවිනි.


Sep 6, 2011

පිටරට කෙල්ලො සහ අපේ රටේ කෙල්ලො...

මේක කියන්නෙ ඉතින් දන්න කරුණු කියන්නත් සහ නොදන්න කරුණු දැනගන්නත්. මම වැරදි තැන් මට පෙන්නලා දෙන්න, කමන්ට් එකක් දීලා හරි වැරදි කියලා යන්න.

ලංකාවෙ කෙල්ලෙක් ගත්තාම මුලින්ම පේන්නෙ මොකද්ද? නැංදම්මා පස්සෙන් එලවනවා නෑ බං, පේන්නෙ හැදියාව. හැදියාව නැති අයත් ඉන්නවා. ඒ ගොල්ලො ඉතින් හැදි ගෑවිලාම යනවා. ඉතින් ලොකු ලොකු වෙනස්කම් නෑ

සමහර අය කොල්ලොන්ට පේන්න ඇඟ වැහෙන්නම අදිනවාම, කොටින්ම දණහිසට උඩින් අඟල් 2ක්වත් තියන්න තමා ට්‍රයි එක. ඩාර් ගාලා කොල්ලා චූන් යනවා

බොරු කඩ්ඩ පෙන්නන හදනවා, එතකොට කස්ටියගෙ අවදානය ගන්න පුලුවන් නිසා

අනිවා ඩෙෆා ඉගෙනගන්න තමා ඕනම කෙල්ලෙක්ගෙ ට්‍රයි එක, මොකද කොල්ලව වහල් භාවය ගන්න පුලුවන්නන් ලොවෙත් නෑ, උයන්න පිහන්න කාව හරි ගන්නත් එපැයි නැත්තන්

කෙල්ලෙක් අනිවා සතියකට සැරයක් ශොපින් යනවා, වැඩිපුර අම්මත් එක්ක, මොකද අම්මගෙ පාර්ට් එක අනිවා දුව කවද හරි ඇක්ට් කරන නිසා. තාත්තා පව්.

අෆ්ෆේ, මේ ටික එලියට දාලා මට කන්න වෙයිද දන්නෙත් නෑ!

කමක් නෑ, දන්නවනෙ කෙල්ලො/ගැහැණුන් වැඩියෙන් රත්‍රන් වලට ආසයි, ඉතින් ජොබ් දෙක තුනක් වත් කරන පිය-පාර්ශවයක් ලංකාවෙ ඉන්නවා. හොදම උදාහරණය අපේ තාත්තා, එයා ජොබ් දෙකක් කරනවා(එකක් ආසාවට, අනික ජීවත් වෙන්න ;)) අම්මට වල්ලු ගන්න ගිය වෙලාවෙ නංගිත් අඩනවා එයාටත් ඕනෙ කියලා, තාම අවුරුදු 3යි රත්‍රන් වලට ආසාවෙ. මමයි මල්ලි ඉවරයි!

හරී අපි දැන් පිටරට කෙල්ලො දිහාට හැරෙමු!

මොනවද පිටරට කෙල්ලෙක් මතක් කරාම හිතෙන්නෙ?
මේ අපේ අච්චි හොදේ ;) එහා පැත්තෙ ඉන්නෙ වෙන්ඩ සීයා
භාගෙට ඇදගෙන, නිදහසේ ඉන්නවා නෑ ඒ කතාව වැරදී, ඒගොල්ලො මොකද භාගෙට උනත් ගේමක් නැතුව අදින්නෙ? මම දන්න විදියට ලංකාවෙ ඉන්න මානසික රෝගීන්ගෙන් 75% වඩා එහෙ අඩුයි! ඔව්, මම කලින් ගිහින් හිටපු ගෙදර අක්කා යද්දි ලොක් කරනවා කියලා මොනවත් කරන්නෑ, දොර වැහුවා ආවා.

ඉස්කෝලෙ යන්නැති කට්ටිය ඉන්නවා ඕන තරම් හැබැයි හෝම්-ස්කූලින්ග් (HOME-SCHOOLING) කියලා තියන කේස් එකක් තියනවා අරක ගිහින් කියවන්නකො.

දවසෙන් දවස කොල්ලො මාරු කරන අයත් ඉන්නවා, හැබැයි බොක්කෙන් ලවු කරන අයත් ඉන්නවා

 රත්‍රං වලට ඇති ඉල්ලුම බිංදුවයි!

මට මරණ තර්ජණ එහෙම එයිද දන්නෑ කාන්තා අයිතිවාසිකම් එකෙන් මඩ ගැහුවා කියලා :P

මේ කරුණු ගලපලා කියන්න වෙන්නෙ
(එමනිසා) පිටරට කෙල්ලෙක් + ලංකාවෙ කොල්ලෙක් = සාර්තක පවුල් ජීවිතය ;)

මඩ ගල් මුල් ප්‍රහාර, නිවැරදි කිරීම් ඕන රෙද්දකට කමන්ට් එකක් දාලම යන්න! ජය වේවා!

Sep 3, 2011

කෙල්ලෙක් එක්ක කතා කරද්දි...

සමාවෙන්න එක පාරටම අතුරුදහන් උනාට, කැරකිල්ල වගේ හැදුනා කෙල්ලො ගැන හිතන්න ගිහින්. දැන් කියන්න යන්නෙ කොහොමද කෙල්ලෙක්ව කතාවට ඇදගන්නෙ, කතාවෙ රඳවගන්නෙ කොහොමද කියලා. මේවා ඉතින් පොඩි කොල්ලන්ට හෙම වටිනවා. මොකද උන් ගිය ගමන් පුදනකොටම කාපි යකා කියලා අනා ගන්නවනෙ!