Sep 30, 2011

පොත් පදර්සනේ බලන්න ගිය අපි 2

මංතුමා - හෙලෝ,
නඟා - මල්ලි ඔයාලා කොහෙද ඉන්නෙ?
මං- හදේ! BMICH බං, දැන් ආවෙ, එනවැයි දැන්?
නඟා - මං තාම ...... එකේ, පොඩ්ඩක් පරක්කුවෙයි, මං එනකන් ඉන්න හොදේ!
මං - හෑ, හා හා, ඉන්නංකො

(* මඩ ටික අන්තිමටම ඇත ;] )
සමණලයා හා ම'ළ'
අෆ්ෆේ ඕන් ඊට පස්සෙ මගේ ගානෙ කස්ටියට මිනිට් මේඩ් එක ගානෙ අරගෙන දීලා ඇතුලට ගියා.
ඕන් එතකොටම ඉසාරයා

"අන්න අස්සරේ"
"අස්සරේ නෙමේ බං අක්ශරේ" මගෙන් නිවැරදි කිරීමකටත් පස්සෙ එතනට ගියා මූ ඇතුලෙ කවුරුහරි ඇති කියලා කෑගහගෙනම
සික් කැත නෝන්ඩිය ඇතුලෙ පුටුවක්වත් නෑ

මම ඉතින් හොද එකානෙ, මම කෑගහලා කිව්වා "මේක ස්ක්‍රිප්ට් කතාවක්නෙ අපි යුනිකෝඩ් නෙ" කියලා.
නැත්තන් වසලා හමාරයි, කෙල්ලො  2ක් 3දෙනෙක් හිනාත් වෙනවා දැක්කා ඉසාර දිහා බල බල.

එතනින් ගියාගියමයි කොහේ ගියාද කියල මතක නෑ ;)

සිංහල යුනිකෝඩ්කාරයො
අපේ දිලීප කොල්ලා ඇදන් ඇවිල්ලා තිබ්බෙ ඊට කලින්දා උගේ මාමන්ඩි හපපු ඩෙනිමක්, ඇහුවාම ඒක හෙන දිග ඉස්ටෝරියක්!

ඒ අති විසේස ඩෙනිමට නංගිලා දෙන්නෙක් "අයියෙ මහල දෙන්නද?" කියල ඇහුවා.
මේ ගල් ඉබ්බා ඔහේ හිටියනෙ :P
(සික් මගේ ඩෙනිමනන් ගලවලා අතට දෙනවා ;)

කෝම හරි මම බෑග් එකට අතදාලා බැලින්නන් හුටා ඉස්පෙසැල් බෲ ටික රත් වෙලා, මේ වැඩේ හරි යන්නෑ කියලා ඩාර් ගාලා ගහක් අස්සට ගිහින් 6 දෙනෙක් කෑන් 5ක් ගැහුවා.

ඕක ගහද්දි කස්ටිය ඇඹරි ඇඹරි මූණ ඇඹුල් කරගෙන ගහනවා,  කූල් බැහැලා පට්ට තිත්තයි. කරුමෙටම වගේ මට කිසිම තිත්තක් තිබ්බෙ නෑ අපේ ගීතික අයිය(නඟාගෙ සුදු අයියා) ගෙනාපු කරවල බැදුම(ද කොහෙද) නිසා.

නඟා සහ ලව් එක(සුදු අයිය)
කස්ටියට මතකනෙ සාටර් කොලුවා, මිනිහා අරක ගහපු වෙලාවෙ වගේ ඉදලා "මලියෝ මට ඇපලක් ඕනෙ" කිය කිය මගේ පස්සෙ ආවා, එතකොට තමා මීටර් උනේ මූට වැදිලා කියලා.

හික් හික්, ප්‍රොපෙසනල් කස්ටිය කියනවා කෑන් එක ගහලා ගතිය නෑ බටේ නත්තන්,
මම ඉතින් බලෙන්ම නඟාට කෝල් එකක් අරගෙන කිව්වා "බුදු නඟේ 5ක් අරගෙන වරෝ, සල්ලි දෙන්නන්" මෙයා කොහෙද අපිට බටයක් තියා කොලයක්වත් අරන් දෙනවැයි??

අපේ හිරු එලිය සහෝදරයට පින් සිද්ද වෙන්න අපේ ආසාව මිනිහා ඉශ්ට කොරා නෙව

බොරු කියන්න ඕනෙ නෑ ෆට්ට පං එකක් ගත්තා,
ඉසාර කොලුවා බියර් එකක් ගැහුවා කියල දාන්න එපා කිව්වෙත් නෑ, කොටින්ම විටමින් කූරක්වත් ඇද්දෙ නෑ
දිලීප මලයා කෙල්ලො පස්සෙ ගියෙත් නෑ, නංගිලා කාලද කියලා ඇහුවෙත් නෑ කොටින්ම අර BMICH එක ඉස්සරහ තියන තණකොළ ගොඩේ ඇදගෙන දිව්වෙත් නෑ
නඟා සුදු අයියත් එක්ක තරහ වෙලා ගෙදර යන්න හැදුවෙත් නෑ
සාටරේ බස් එකට පනින්න හැදුවෙත් නෑ

ඉතින් ඊට පස්සෙ

සභාතොමෝ සතුටින් විසිර ගියහ!
ඔය මඟඇරිච්ච එවුවා තියනවනන් මට මඩ ගහන්නැතුව දාපල්ල ;)
ජය වේවා!

1 comment:

  1. අන්තිම මඩ ප්‍රහාරය නම් පන්කාදුයි ඈහ්..

    ReplyDelete