Sep 8, 2011

ඇලජික් සහ කැෆේන්...

සුන්දර බ්‍රහස්පතින්දාවකි, උදයේම කුකුලෙකු මර හඩ තලන හඩ සහ පූසෙකුගේ විලි රුදාවක් වැනි ශබ්දයකින් නිදාගැනීමට කල තැත වැරදී ඇති බව වැටහුනි. මේ ඇහැරී සිටින දෙවන දවසයි..  පාන්දර 4යි, නින්ද යන්නේම නැති නිසා බුකියට පියනගන්න විය. මේ අතරේදි දැක්ක දසුනට ඇස් උඩ ගොස්, කට බිමට වැටුනි!
ඒ බෙන්ස් රථයක් දැකීමෙනි, ගන්නට පින නැත, ජීප් රථය මෙන් දෙඟුණයකට තවත් ලක්ස20ක් දැම්ම කොට ගත්තැකිය!
බුකියට පියමන් කල මා උස්ටේටස්සුවක් අප්ඩේට් කරේ කැෆේන් නිසා නැති වූ නිදිමත නැත්තටම නැති වී තිබුනු නිසාය.
"හුරේ දවස් 1යි පැය 7ක නිදි වර්ජනයක්! එල!! දැන් තව පැයකින් ඉක්කෝලෙ යන්නත් ඕනෙ! යකඩෝ දවසටම කෑවෙත් නෑ, දවසකටවත් හරි යන්න නිදාගෙන නෑ, ඒ මදිවට හෙටත් නැගිටලා ඉන්න හිත! පුලුවන්නන් හෙටත් කන්නැතුව ඉන්නවා, ආයි sixපැක් හදාගන්න පුලුවන් ගේමක් නෑ!!"
 මේ දැම්මා විතරයි වෙලාව පාන්දර 4.55බව දැක්කෙමි. මලලසේකරයි, අම්මා නැගිට්ටවන්න ආවොත් ලැපත් ඉවරයි, කොම්පීතරෙත් ඉවරයි කියා බොරුවට ඔලුව තබා ගත්තෙමි!

මම ඔය ෆී ටයිම් එකක් වෙලාවෙ ගත්ත එකක් ;)
so and so 5පසු වීමත් සමඟ අම්මා ඇවිත් "නැගිටිනවා දැන්වත් වෙනදට ගෙදරට වෙලා ඉන්නවනෙ, දැන් ගිහින් වැඩක් කරගන්නවා" යැයි පැවසීය. කියන්න බැරිවිය, මම ඊයේ ඇදට පැන්නෙ හෙටවත් ඉගෙන ගැනීමට පාසල් යමි කියාගෙනය. විභාගය භාගෙට භාගයක් ඇන ගැනීමේ දුක තාම සිතේ තෙරපෙයි, නමුත් මගේ ගමනට එය භාදාවක් නොව.

හරේ.. ඇදගෙන ලෑස්ති වූ නමුත්, දවසක් එහෙම්පිටින්ම නැගිටලා හිටි නිසාම ලෝකය බ්‍රමණය වීම හොදින් දැනෙන්නට විය, මම හදාගත් ඉස්පෙසල් කෝපි කෝප්පය(කෝපි හැදි2යි, කිරි සාමාණ්‍ය, සීනි හැදි 3යි) ගසා නැවත ඇදුම් ඇදගෙන සාලෙට එන්ටැර් වෙද්දි බඩු බනිස් බව කිලික් විය. ඒ බියර් 3ක් එක හුස්මට ගැහුවාක් මෙන් දැනෙන්නට වීමයි. ඒ අතරේදි නැන්දගෙන් කෝල් එකක් ආවේ ඩොගා(ඩොංගලේ) ඕනෑ කියාය.

හා කියලා ගත්තා මගේ අමීගො(ප්‍රෙන්තා) වඩ්ඩගෙ ඩැඩා, අපේ සේල්ස් මැනේජර් තුමාට කෝල් එකක්, "ගුඩ් මෝනින් අංකල්, මේ මට ඩොංගල් එක ගන්න පුලුවන්ද අද පොඩි වැඩ වගයකට? ඒක නෙමෙයි තුශාන් අද ආවද" කියලා අහපි. රීටර්න් එකේ පුදනකොටම කාපි යකා කියලා වඩ්ඩා කියපි අද ඉක්කෝලෙ හොරු අරන් ගිහින් ලු AKA(also known as) ඉක්කෝලෙ නිවාඩුලු!.

මදෑ අපි හොදට ඇදලා කරලා ලෑස්ති වෙද්දි ඉක්කෝලත් වහලා. කමක් නෑ කියලා, ඉතින් ඇදුම් ගලවලා උදේ නැවුම් වතුරෙ හිරිගඬු පිපිලා ආයි පිපෙන සීතලේ නාන්න ගත්තා. ඒ අස්සෙ අම්මා ඇවිත් කියපි "මෙන්න මේ කලිසමයි ශර්ට් දෙක තුනයි හෝදන්න" කියලා.

මලියා කවදා හෝදපු ශර්ට්ද කියලා ගත්තා, හුටා අතුල්ලන්නෙ කොහොමද සබන් ගන්නෙ කොහොමද කියලා මෙලෝ හසරක් දන්නෑ. ඇහුවා අම්මගෙන් "මේක කොහොමද කරන්නෙ??" සබන් ගාලා අතුල්ලන්න කියලා නංගි ගාවට ගියා. මදෑ මෙතනින් බේරුනා.

හරී සන්සිල්ක් හරි සන්ලයිට් හරි, සන්ලයිට් වෙන්න ඕනෙ, ගත්තා ශර්ට් එක ඉදගත්තා හරවපු බාල්දියක් උඩ, තිබ්බා කකුල උඩින් ශර්ට් එක, ඇතිල්ලුවා සන්ලයිට් කැටේ, ආයි ගත්තා කලිසමක් ඇතිල්ලුවා විතරයි නිකන් අමුත්තක් දැනුනා (*)කයි කියාගෙන නැගිට්ටා! (අම්මා නෑ හොද වෙලාවට.)
"අම්මේ මට සන්ලයිට් ඇලජීක්!!!!!!!!!!!!" මම විලාප දී උඩ පැනගෙන ගොස් අති විසේස සබන් කැටයකින් මුලු ඇඟම හෝදගත්තා.

මම පහල තට්ටුවට ආවේලේ සිට සන්ලයිට් කාරයාගේ වලේ ඉන්න දෙමවුපිය පාර්ශවයට හොදට හෙම්බිරිස්සාව නැමැති සෙම්ප්‍රතිෂ්‍යාව සෑදී ඇති බවක්ද මට මේ වෙලේ නිගමනයකට එන්න හැකිවිය. ඒ මට හොදවෑයින් දේවල් මතක් ඌ බැවිනි.


2 comments:

  1. අඩෝ මාත් මේ ටිකේ දවසට කෝපි ලීටර් ගනන් බොන්නෙ :ඩී

    ReplyDelete
  2. ඔහොමත් ඇහැරන් ඉන්න පුලුවන් ද. අම්මෝ මාව නම් මරන්නා වගේ ඔහොම ඇහැරන් හිටියොත්.

    ReplyDelete