Sep 20, 2011

දෙකොපුල් කදුලින් තෙමා - ළහිරු ...


දෙකොපුල් කදුලින් තෙමා තොල් පෙති නලලත තබා
නික්මුණ දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන් යාමේ
සුහදිනියේ
මින්පෙරදී අපි මේ වගේ වෙන්වී යන්නට ඇති
මේ කදුලු ගංගා ඉමේ කොතැනක හෝ
මගෙ ජීවිතේ ඉකිබිදී ඔබේ දෙනෙත් යලි යලි සොයයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි

ඔබ පපුතුරේ මා හිදි මගේ පපුතුරෙ නුඹ හිදි
ලංවෙන්න වෙන්නෙනම් නෑ සුහදිනියේ
දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලලත තබා
නික්මුන දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන් යාමේ

සුදු සිනිදු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇති
මුදු සුවද දැනෙනා ඉමේ දෙතැනක පිපී
හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වගයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි

ඔබෙ ඉහින වල මා හිදි මගේ සිහින වල ඔබ හිදි
එය පියවි ලෝකය නොවේ සුහදිනියේ
දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලලත තබා
නික්මුන දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන් යාමේ

කලින් මම දැම්ම පෝස්ට් එකේ තිබ්බෙ මැසේජ් එකත් එක්ක මේ සිංදුව තිබ්බා. අනේ මංදා මේ සිංදුව TV එකේ ඇහෙද්දි නාට්‍යක මගේ ඇඟේ මයිල් ස්මයිල් උනා.

ඇත්තටම ඒ කෙල්ල මොකද මේ සිංදුවම මට එවන්න හිතුවෙ?
බොන්න ඕනෙ ප්‍රශ්ණයක්  
එක්කො මම බිව්වා ඇති

හෆ්ෆේ අදවත් පෝස්ට් එක ඉවරයක් කොරන්න ඕනෙ! දෙපාරක්ම එඩිට් කොරා ;)

මේ සිංදුවට මලියගෙ ඇස් වල කදුලු පිරෙව්වා, හැබැයි එකක්වත් වැටෙන්න දුන්නෑ :)
ඒ ඒවා වැටෙන්න හොද නැති නිසා වෙන්නම ඇති!

1 comment:

  1. ලස්සන සින්දුවක්.... මගේ ඇස්වලටත් කඳුළු පිරුණා....

    ReplyDelete