Sep 13, 2011

එයා මගේද?

හීන හොරු අරන්,
ජීවිතේ චාටර්,
එයා මට එපා,
නෑ ඕනෙ,
එයා එන්නෑ,
ඔව් එනවා, 
උබ දන්න කෙහෙල් මලක් නෑ,
ඇයි උබ කියන්නැත්තෙ?,
මට බෑ බං මට අයිති නැති දේවල් ලබාගන්න,
උබ කොහොමද කියන්නෙ එයා උබේ නෙමේ කියලා?
මම දන්නෑ,
ඒක තමා මම කිව්වෙ! එයා උබේ,
උබ කොහොමද එහෙම කියන්නෙ??
මම උබේ හිත,
හික්ස්.. මගේ හිත මැරිලා කියලා අමතකද?
අර කෙල්ල උබේ හිතට පණ දුන්නා කියලා අමතකද?
ඒත් මට එයාව අයිති නැතිනම්?
ඒක එයා කියයි,
ශුවර්ද?
උබ ඔය බෝතලේ තියලා ගිහින් මැසේජ් එකක් දාලා බලපන්,
බෑ ඕයි! එයා බෑ කිව්වොත් මට එයත් නෑ බෝතලෙත් නෑ,
එයා උබට කැමතී බං!
එහෙනන් මම කතා කරලා බලන්නන්,
උබ උබේ හිතට බොරු කරන එක නවත්තගනින් දැන්!

No comments:

Post a Comment