Oct 21, 2011

බිල් ගේට්ටු වෙන්ට් ටු ද හෙල්!

මේක බිල් ගේට්ටු ගේට්ස් ගැන, මිනිහා මෙලොවින් චුත වෙලා වෙන්ටු ද හෙල් කිව්වලු!
එදා එහෙ පස්ට පිස්සුවක් යම රජා ගෙනියනවලු.
ඉතින් බිල්ගෙ වෙලාව හොදයි. මිනිහා එකපාරටම ඇවිත් 'ආ බිල් මහත්තයා වස්සාප්!' කියලා.

ඉතින් මිනිහත් ඇහුවලු ඇයි අපායම කියලා
'තමුසෙගෙ වින්ඩෝව්ස් විකුණුවෙ සල්ලිකාරයොන්ට විතරයි! අපි වින්7 තියෙද්දිත් පාවිච්චි කරන්නෙ සල්ලි දීලා ගත්ත වින්98!, තමුසෙ මහ ලෝබයෙක්..' අරකද මේකද

'කමක් නෑ, අද මට හැපී දවසක්!, මම කැමතී හොද ප්ලේස් එකක් බොට දෙන්න, මම පෙන්නන්නන් කැමති ඉස්පොට් එකක් කියු!'

මූත් ඉතින් පැනගෙන යමරජා පස්සෙන් යනවලු, කවුද දන්නෙ හොද ස්පොට් එකක් ලැබුනොත්!

ඉතින් යද්දි යමරජා ඇඟිලි දික් කොර කොර යනවලු අර මගේ ලේඛණාගාරය, අර වදකාගාරය ඔහොමෙයි ඔහොමෙයි කියලා ඉතින් යනවා,
ගිහින් නැවතිලා කිව්වලු මෙන්න මුල්ම කාමරය, කැමතිනන් කියන්න නැත්තන් වෙන එකක් දෙන්නන් කියලා කාමරේ ඇරියලු

ඇතුලෙ සෙස්කි, ඇහැ කණ පිනා(නෑ නෑ ඒ පිනා නෙමේ) යන දර්සණයක් තියන කෙල්ලෙක් ඉන්න, බකාදි   බෝතලයක් එක්ක කම්පියුතරයක් තියන කාමරයක් ඒක.

අරූ දැක්ක ගමන් කිව්වලු 'ඒක එලස්! මට මේක ඕනෙ' කියලා.
අරූත් සුවැර්ද කියලා අහල, කමක් නෑ කියලා දීලා ගියාලු.

යමය අරූව ඇතුලට දාලා යනකොටම යමයගෙ මල්ලි ඇවිත් කියනවා

'මක්කැයි අර කොරපු අසික්කිත වැඩේ??, අරූට ඇයි අරක දුන්නෙ? එච්චර හොද ඉස්පොට්ටක්' කියලා.

'මලයෝ! බය වෙන්ට කාරි නෑ!, ඕකෙ ඇතුලෙ තියන බෝතලේ හිලක් තිබ්බට කෙල්ලට නෑ!'

'ඒත් බං අර කොම්පූතරේ???'

'ආහ් ඒකද, ඒකෙ දුවන්නෙ වින්ඩෝස් ඇන්.ටී. අහ් තව ඒකෙ කීස් 3ක් අඩුයි'

'මොන කීස් ද?'

'කොන්ටොරොල්+ඕල්ට්+ඩිල්'





4 comments: