Oct 26, 2011

වාහනේ නැවතුවාම පොලීසියට නොකිය යුතු දෑ

"සභාවෙන් අවසැරයි!
මම මෙතනට පැමිනියේ කතාවක් කෙටීමටයි!"

හික්ස්, දැක්කාම මට කූටි කාලෙ මතක් උනා ;) , මම ඉතින් තාම අවුරුදු 5හේ කිරි සප්පයා නෙව, වැඩි කාලයක් නෑ :D

දැන් කාලෙ කතා කිරීම වෙනස් වෙලා ඇඹරිලා, කෑරවිලා, කර වෙලා, පාලු වෙලා ගිහින් කොටින්ම පොලෝසියේ අංකොල්ලෙක් මම කිව්වෙ මාමා කෙනෙක් :P එක්ක කතා කරන්න දන්නැති එවුන්නෙ ඉන්නෙ ඉතින් මම කියන්න යන්නෙ වැරදිලාවත් වාහනේ නැවත්තුවොත් මේ දේවල් මඟ ඇරලා පොලිසියෙන් කතා කරන්න ඕන විදිය.




  1. "සර් ලයිසන් එක ගන්න" කිව්වාම කීයටවත් "මගේ ෆෝන් එක අල්ලගන්න" කියල කියන්න එපා ;) අමතර දඩයක් ඕකෙන් සැට් වෙන්නෙ 
  2. "සොරි වෙන්ට ඕනෙ, මම ලයිට්ස් දාගෙන නෑ, නැත්තන් මම දකිනවනෙ ඕගොල්ලංව" නවත්තලා තියෙන්නෙ වෙන වැරැද්දකට, වසලා හමාරයි
  3. "සැහ්! ඔයා මාර පොලොස් අයියෙක්නෙ! මාව අල්ලන්න සුවැර් එකටම 100ටවත් එන්ටැති නේද මයේ පස්සෙන්" කෙලියා තාප්පෙට
  4. "..... ඒක තමා, හරි හරි, මේහ් පොඩි ප්‍රශ්ණයක් තියනවා, මමත් හිතුවෙ පොලිසියට එන්ට, හැබැයි ඉස්කෝලෙ ඉවර වෙලා" වයස මාට්ටු :P
  5. "මේහ්, ඩිකිය(සිංහලෙන් බූට් එක හෝ ට්‍රංක් එක) එහෙම බලන්නෑ නේද?" වහ කාපන්!
  6. "ඇත්තද මොනිස්සු කියන්නෙ වැඩක් කරන්න දන්නැත්තන් පොලිසියට බැදෙන්න කියන කතාව?" කාපන්කො ලණු දැන් 
  7. "මේකනෙ උනේ, මගේ මල් බෑග් එක ගන්න යද්දි තුවක්කුව වැටුනා ඉතින් මම ඒක ගන්න පහත් වෙද්දි බ්‍රේක් එක වෙනුවට ගෑස් එක පාගගෙන හිටියා" පොලිශ් කොලුවගෙ කල්ල මරේ!

මේ වගේ එව්වා කටින් පනිනවනන් මොනවද දැන් කියන්න ඕනෙ???


  1. "ලයිසන් එකද? පොඩ්ඩක් ඉන්න,.... ආ මාර වැඩේ, ගෙනල්ලා නෑනෙ, ඒක නෙමේ යමුද ප්ලේන්ටියක් ගහන්න??"
  2. "ලයිට්, ලයිට් අවුලක් නැත්තන් මගේ ගාව ඉම්පෝටඩ් බ්‍රෑන්ඩ් එකක් තියනවා, රස බලමුද?"
  3. "හොද වෙලාවට ලොක්කා ඔයා කඩාගෙන ආවෙ, නැත්තන් අපි දෙන්නට නිදහසේ ශොට් එකක් දාගෙන මගේ දඩේ ලියව ගන්න බැරි වෙනවා"
  4. "ලයිසන් එක? ආහ් විනාඩියක් ඉන්න, මාරු දාහක් තියනවද? තියනවනන් මට පන්සීයක් දෙන්න පුලුවන්ද?"
  5. " විනය කියන දේ මේ උගත් කියාගන්න මිනිස්සුන්ට තේරෙන්නෑනෙ! මමත් එනවා පොලීසියට"
  6. "මගේ වොලට් එක වැටුනා, ඒක ගන්න යද්දි තමා වැරදිලා ගෑස් එක පෑගුනේ"
චැහ් කොරලා බලලා මටත් කියන්න, මම ඉතින් පාරෙ යන්නෙ විසේස වරප්පසාද එක්කනෙ, ඉතින් ඕවා බලන්ට බෑ නෙව.

6 comments:

  1. ඔය මොනව කිව්වත් අවංක නිළධාරිනුත් ඉන්නවා...

    ReplyDelete
  2. මම ඕක ට්‍රයි කරලා බලන්නම්. :D

    ReplyDelete
  3. ආ හිටහං මේ ලගදි මට වෙච්ච සීං එකක් තියෙනවා.. ලියලා දාන්න :D

    ReplyDelete
  4. පොලොසියෙ වැරදි නැත්තෙමත් නෑ ඇත්තෙමත් නෑ ඔයගොල්ලො කැමතිනම් පගෙ බ්ලොගයෙ අනීතික වෘත්තිය කියලා සඳැසක් ඇති.

    ReplyDelete
  5. අත්දැකීම් තියෙනව වගේ :D

    ReplyDelete