Nov 19, 2011

කුප්පකම....

එයා ලංකාවෙ හාමුදුරුවරු මැරුවෙ නෑ, දළදා මාලිගාවට බෝම්බ තිබ්බෙ නෑ, ලංකාව වටේ කුඩු විකුණුවෙ නෑ, කොටින්ම A/C රූම්ස් වල ඉදගෙන සුපිරියට හදන රතු හාල් බත් කෑවෙ නෑ, ත්‍රස්තවාදියො හුරතල් කරන්න යන්නෑ, ප්ලේන් එකක් පිටින් ගාඩ්ලා අරගෙන තුවක්කු අරගෙන රටවල් ගානෙ ඇවිදින්නෑ.

කීයටවත් පුටුවක ඉදගෙන යුද්ද කරන්න බෑ, ඒ ගැන අවදානයක් තියෙන්නෙ ඕනෙ, කොටින්ම ටකරං උස්සපු එක්කෙනා අද ජනාදිපතිනන් ඇයි ජනතාව වෙනුවෙන් බෝම්බෙකට මැරෙන්න ගිය මනුස්සයෙක් අද හිරේ ඉන්නෙ?

ද්‍රෝහියා වෙන්නෙ කටට ආපු පලියට කතා කරලා නෙමේ, වැරදියට වැඩ කරලා සමාජෙට වල කපපු එකෙක්ව එහා පැත්තෙන් තියාගෙන ලංකාවෙ ලොකුම කුඩු බිස්නස් කාරයො දෙන්නව පාලනතන්ත්‍රය ඇතුලට බස්සලා ලොකු පුටු දෙන අයයි ද්‍රෝහියො.

"ජෙනරල් සමඟ කළ සාකච්ඡාව ‍පටිගත කර නැහැ - 'සුදු කොඩි' නඩුවේදී සන්ඩේ ලීඩර් කතුවරිය කියයි දේශීය 2010 ඔක්තෝබර් 07 වෙනි බ්‍රහස්පතින්දා, 13:21"

සාක්ශි නැතුව ගෙනියන නඩුවක්! මාරයි නේහ්??

වැඩිය ඕන්නෑ, අවුරුදු 3යි රු.5000යි, මේවට අනිත් පැත්තෙන් හිනා වෙන්න ඕනෙ. නිකමටවත් හිතෙන්නැද්ද මෙයාව අවු:3කට යැව්වෙ මහරජා අවුරුදු 3න් රට පනින්නවත් ද??

මේ රට කොහොමත් සංවර්දනය වූ රටක් කරන්න ඉතින් මගේ මුනුබුරාගෙ කාලෙවත් පුලුවන් උනොත් හොදා, නැත්තන් උන් ටික අපිට සාප කරයි අද අපේ මෝඩකම් නිසා උන් දුක් විදිනවා කියලා.

මම දන්න විදියට නඩුවට පටලපු හා එහි ශාක්ශිකාරිය වන ෆෙඩ්‍රිකා ජෑන්ස් දැන් ලංකවෙත් නෑ, නඩුවට දවස් 3කට කලින් රට පනින්න, අලි සෝයි!

ප.ලි. - "යම් කිසි ශිෂ්ඨ සම්පන්න ජාතියක් , නින්දා සහගත අරමුණු ඇති දුෂ්ඨ පාලන කල්ලියක පාලනයට ගොදුරු වී ඇති විටෙක , ඊට හැකි පමණින් විරෝධයක් නොපාන්නේ නම් ඒ ජාතිය තඹයකුදු නොවටී."

3 comments:

  1. බලයෙන් මත් උනාම මිනිස්සු අන්ධ වෙනවා.... අහිංසක සිංහල මිනිස්සු කපල මරන්න අණ දීපු එකා ව තුරුල් කොරන්.... ත්‍රස්ථවාදීන් ඉවරයක් කරල යුද්දෙ ඉවර කරන්න අණ දීපු කෙනා හිරේ...

    අනේ අපිට සුබ අනාගතයක්

    ReplyDelete
  2. "ආසියාවේ ආශ්චර්යය" බොලන්.... තව මොන කතා ද!!! මීට වැඩිය ආශ්චර්යයක් තියේ ද මේ ලෝකේ?????

    /"මේවට අනිත් පැත්තෙන් හිනා වෙන්න ඕනේ"/
    ඒක නම් සහතික ඇත්ත.

    ReplyDelete
  3. මගේ ලිපියකුත් තියනවා මේ ගැන ඊයෙ ලියපු!

    ReplyDelete