Feb 7, 2012

හුටා බොඩිය!

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ මකුලු දැල් ටික කඩලා බ්ලොගේට බැස්සා බොලලට වැදි බනක් කියලා යන්ට!
පුදුම අමාරුවකින් කොටන්නෙ මේක, මක්කද මම ටික කාලෙකට මගේ දකුණු අතේ නියපොතු ටික වවලා බලන්න හිතුවා
 හා හා, ඩැන් බහිමු බොඩියට... මම කිව්වෙ කතාවට




උබලා දන්නවා නෙව ගම් වල වෙනවා කියලා හෙන කේස්, මේකත් එහෙවු එකක්.
ඔන්න එක දවසක් කිරි ගෙනියන මනුස්සයෙක් පාරෙදි හාට් ඇටයක් හැදිලා මලාලු. මේක ඒ ලඟ තියෙන ගෙදරක ආච්චි-මොඩල් එකක් දැක්කලු.
ඔය වෙලාවෙ ඕපදූප වටේ යව යව ඉදලා බෑනෙ, දාගත්තලු හැට්ටෙ දිව්වලු පොලීසියට.

පොලිස් අයියෙක් - ආච්චියේ මක්කද සීන් කෝං එක?
ආච්චි - ආච්චි?? තෝ දැනගනින් මම බොගේ අම්මගෙ වයසෙ :O
පො අ -  හා හා අරි නැන්දෙ දැන් කියන්නකො මක්කද උනේ කියලා
ආස්සි - මේ මහත්තයො කිරි මහත්තයා අන්න අරෙහෙ වැටිලා මලා, මම උන්දැව ගෙදරකින් තියලා කාරි නැතිව දුවගෙන ආවා මහත්තයැලට කියලා යන්ට.

ඕක කිව්ව ගමන් මෑන්ස් නැගිට්ටා පුටුවෙන්

පො. අ. - හා හා මෙතන වාඩිගෙන මක්ක කොරන්නද??
ආච්චි - ඒක තමා අපි එහෙනන් යමුද?

ඔන්න එතකොට  මෑන්ස් අහනවා

"කෝ ආච්චි බොඩිය?"

ආච්චිගෙ රීප්ලයි එක

"අනේ පුතේ මේ හදිස්සියේ ඕක දාගන්න අමතක උනා, ඒක තාම වැලේ"

පොලිස් ලොක්කා නලලෙ අතගහගත්තා.
............................................................................

කතාව නිමයි අසාසිටි නෑ නෑ කියවා සිටි ඔබ සැමට ඉත්තූතී! ජය වේවා!


6 comments:

  1. අහ්යියෝ සුපියල් 5

    ReplyDelete
  2. බන්දු සමරසිංහ පරාදයිනෙ....අදයි ආවෙ ඔන්න...ජය වේවා...!!!

    ReplyDelete
  3. hina kala pana giya... :D

    eka nemei ban mokadda me "supiyal 5" ????

    ReplyDelete
  4. අනේ අම්මපා උඹලාගේ පැත්තෙ නැහැදිච්ච ආච්චලාගේ තරම...

    ReplyDelete