Mar 25, 2012

කිලෝමීටර්...


මැන්ඩි සහ ජනා දිනක් ගමනක් යෑමට පිටත් විය.. ඒ යන අතර ජනාට පාර ගැන සැක හිතුනි...

ජනා - මැන්ඩියො.. හොඳටම සුවර්ද අපි යන පාර හරිය කියල ?

මැන්ඩි - ඇයි බොල.. තොට මාව අවිශ්වාසද ? මේක තමයි පාර... මරු පාර :D

ජනා - මරු පාරක් නම් තමයි.. මං කිව්වෙ නැද්ද. මට සැක හිතුන.. මං හිතුව හරි...

මැන්ඩි - උඹ ඔය මොකක් ගැනද දොඩවන්නෙ ?

ජනා - ඇයි ගොනෝ පේන්නැද්ද.. මේක සොහොං පිට්ටනියකට යන පාරක්නෙ.. :/

මැන්ඩි - මොනවා.. භය හිතෙන කතා කියන්න එපා යකෝ.. සොහොන් පිට්ටනියක් නම් හොල්මන් එහෙමත් ඇති :(

ජනා - අඩෝ.. අර තියෙන්නෙ සොහොන් කොතක්.. කිට්ටු කල්ල බලමුද ?

මැන්ඩි - බලන්න ඕනෙමද ? එහෙනං යමං.. හැබැයි තනියම බෑ>. දෙන්නම යමු..

ජනා - මේකෙ උඩින්ම කොටල තියෙන්නෙ මේ මිනිහගෙ වයස වෙන්ටැ.

මැන්ඩි - 250 යි :O අඩෝ.. මිනිස්සුන්ට අවුරුදු 250ඉක් ජීවත් වෙන්ඩ පුළුවන්ද ?

ජනා - ඔව්.. සමහර විට මේ ගමේ මිනිස්සු එච්චර කල් ජීවත් වෙනවද දන්නෑ.

මැන්ඩි - ජනෝ.. මොකක්ද ඔය වයසට යටින් ලියල තියෙන නම ?

ජනා - ම්ම්. පොඩ්ඩක් හිටිං.. නම පොඩියට කොටල තියෙන්නෙ.. තව ජුන්ඩක් ලං වෙලා බලමු..
අඩෝ. මේක මහ අමුතු නමක් බොල..

මැන්ඩි - මොකක්ද නම ?? :O

ජනා - කිලෝමීටර්................

4 comments:

  1. අඩේ කිලෝමීටරයා මැරිලද මල කෙලියයි

    ReplyDelete
  2. මාර සීන් එක... කොහේ පොරක්ද බං ඒ මැරිලා තියෙන්නේ... මයිලක් මැරුනනම් මොනා හරි කරන්න තිබ්බ.... ඒත් කිලෝමීටර්යක්????

    ReplyDelete
  3. කොහේද ඔය ගම.....යාපනේ පැත්තෙද..

    ReplyDelete
  4. 250 තිබ්බේ කොහෙද දන් නෑ....

    ReplyDelete