May 9, 2012

මම... ඔයා...

මම ඔයාව දැක්කා
ඔයා නොදැක්කා වගේ හිටියා...
ඔයා මාව දැක්කා
මම මේ ලෝකෙ නෑ වගේ හිටියා...
මම ඔයාට කෝල් කරා
සද්ද නැතුව හිටියා...
ඔයා මට කෝල් කරා
ඔයාගෙ අම්මා මට බැන්නා...
මම රටින් පිට ගියා
ඔයා ගැනම හිතුවා...
ඔයා රටින් පිට ගියා
වෙන කොල්ලෙක් එක්ක...
එහෙන් ඔයාට පොටෝ එකක් එව්වා
ඔයා ඉරල ගිනි තිබ්බා...
ඔයාගෙ පොටෝ එකක් අපේ අම්මා දැක්කා
ලස්සන කෙල්ල කියලා කිව්වා...
මම තාම මගෙන් අහනවා මොකද්ද උනේ කියල
මම දන්නෙත් නෑ...
ඔයාගෙන් ඇහුවා මොකද්ද උනේ කියලා
ඔයා දන්නෑ වගේ ඉන්නවා...
මම ඔයාට ආදරෙයි
නමුත් මම පෙන්නන්නෑ...
ඔයා මට වෛර කරනව
හැම කෙනාම දන්නවා...

1 comment:

  1. හ්ම්....ලොකු කතාවක් පොඩියට....

    ReplyDelete