May 16, 2012

Dolce & Gabbana පිස්සුව

ඔන්න ඉදලා ඉදලා කතාවක් කියන්න යනවා, ෆෝන් එකක් ගැන තමා කියන්න යන්නෙ.
 ඊයෙ පෙරේදා මට මාර පිස්සු ටිකක් හැදුනනෙ, මුලින්ම කෙල්ලෙක්ට පිස්සු වැටුනා, ඊට පස්සෙ බ්ලැක්බෙරියකට බෙල්ල තිබ්බා, ඒක දීලා PSP එකක් ගත්තා. නමුත් හෙට තියන සන්තකේම උගස් තියන්න යන්නෙ ෆෝන් එකක් ගන්න. ඒක තමා මෝටොරෝලා වී3අයි ඩොල්ජි ඇන් ගබානා ගෝල්ඩ් එඩිශන්. 
 AT&T එකේ මේ ෆෝන් එක $400ක් කියල කියන්නෙ අවුරුදු දෙකක කන්ට්‍රැක්ට් එකක් එක්ක ගන්නවනන් $198ක් විතර කියල කියන්නෙ.

ඔන්න එහෙනන් ඒකෙ විස්තර, චාටර් කියල පාච්චල් කොර්නව නෙමේ ඕන්!


ෆීචර්ස් අතින් ගත්තාම මේක බිංදුවේ කියලා හිතෙනවා. නමුත් 2005දි මම මේක සිංගප්පූරුවේදි පාවිච්චි කරලා තියන නිසා දන්නවා මේක මාර හුරු බුහුටි පෝං කට්ටක්.
අම්මට පිංසිද්ද වෙන්න ඒක වතුරට වැටිලා  කෙල උනා.
දැන් ආයි ආසාවක් ඇවිල්ලා. දන්නවනෙ මමත් ලේසියෙන් අතාරින්නෑනෙ ;)



දැන් ඉතින් උදේට නැඟිටලා සල්ලි යවන්න ඕනෙ. මේ ගැන අදහස් එහෙම තියනවනන් කියන්න.

3 comments:

  1. එල එල මටත් එකක් එවපන් ......... :D

    ReplyDelete
  2. මට අරන් දෙනන්කෝ.. <3

    ReplyDelete
  3. ලයං - බොට අරන් දෙන්නෙ අපේ ආණ්ඩුවක් ආපු දවසට තමා!
    සි.ත.ට සලකා බලන්න පුලුවන් ;)

    ReplyDelete