May 22, 2012

හිට්ස් වැඩි කරගන්නෙ කොහොමද?

දැන් කියලා දෙන්න යන්නෙ ඔය හිට්ස් බලාගෙන කටයුතු කරන අයට මම පොඩි ට්‍රික් එකක්!
ඕන් හැබැයි අහක යන තොප්පි දාගෙන මාත් එක්ක කස්ටිය තරහ වෙනවා නෙමේ ඕන්! (මඩක්ද ඇතුලත්ය!)
මම නම්බ කරලා එහෙනන් දාන්නන්කො කොහොමද හිට්ස් ගන්නෙ කියල.

එයා ඔයා

එයා ඔයාව මතක් කරනවනන් එයා ඔයාට කෝල් කරයි, නිකන් ඔයාගෙ රින්ග්-කට් එක එයා දැක්කද නැද්ද කියල දුක් වෙන්න එපා!

May 16, 2012

Dolce & Gabbana පිස්සුව

ඔන්න ඉදලා ඉදලා කතාවක් කියන්න යනවා, ෆෝන් එකක් ගැන තමා කියන්න යන්නෙ.
 ඊයෙ පෙරේදා මට මාර පිස්සු ටිකක් හැදුනනෙ, මුලින්ම කෙල්ලෙක්ට පිස්සු වැටුනා, ඊට පස්සෙ බ්ලැක්බෙරියකට බෙල්ල තිබ්බා, ඒක දීලා PSP එකක් ගත්තා. නමුත් හෙට තියන සන්තකේම උගස් තියන්න යන්නෙ ෆෝන් එකක් ගන්න. ඒක තමා මෝටොරෝලා වී3අයි ඩොල්ජි ඇන් ගබානා ගෝල්ඩ් එඩිශන්. 
 AT&T එකේ මේ ෆෝන් එක $400ක් කියල කියන්නෙ අවුරුදු දෙකක කන්ට්‍රැක්ට් එකක් එක්ක ගන්නවනන් $198ක් විතර කියල කියන්නෙ.

ඔන්න එහෙනන් ඒකෙ විස්තර, චාටර් කියල පාච්චල් කොර්නව නෙමේ ඕන්!


ෆීචර්ස් අතින් ගත්තාම මේක බිංදුවේ කියලා හිතෙනවා. නමුත් 2005දි මම මේක සිංගප්පූරුවේදි පාවිච්චි කරලා තියන නිසා දන්නවා මේක මාර හුරු බුහුටි පෝං කට්ටක්.
අම්මට පිංසිද්ද වෙන්න ඒක වතුරට වැටිලා  කෙල උනා.
දැන් ආයි ආසාවක් ඇවිල්ලා. දන්නවනෙ මමත් ලේසියෙන් අතාරින්නෑනෙ ;)



දැන් ඉතින් උදේට නැඟිටලා සල්ලි යවන්න ඕනෙ. මේ ගැන අදහස් එහෙම තියනවනන් කියන්න.

May 9, 2012

මම... ඔයා...

මම ඔයාව දැක්කා
ඔයා නොදැක්කා වගේ හිටියා...
ඔයා මාව දැක්කා
මම මේ ලෝකෙ නෑ වගේ හිටියා...
මම ඔයාට කෝල් කරා
සද්ද නැතුව හිටියා...
ඔයා මට කෝල් කරා
ඔයාගෙ අම්මා මට බැන්නා...
මම රටින් පිට ගියා
ඔයා ගැනම හිතුවා...
ඔයා රටින් පිට ගියා
වෙන කොල්ලෙක් එක්ක...
එහෙන් ඔයාට පොටෝ එකක් එව්වා
ඔයා ඉරල ගිනි තිබ්බා...
ඔයාගෙ පොටෝ එකක් අපේ අම්මා දැක්කා
ලස්සන කෙල්ල කියලා කිව්වා...
මම තාම මගෙන් අහනවා මොකද්ද උනේ කියල
මම දන්නෙත් නෑ...
ඔයාගෙන් ඇහුවා මොකද්ද උනේ කියලා
ඔයා දන්නෑ වගේ ඉන්නවා...
මම ඔයාට ආදරෙයි
නමුත් මම පෙන්නන්නෑ...
ඔයා මට වෛර කරනව
හැම කෙනාම දන්නවා...

May 7, 2012

මාතෘකාවක් නොමැත


සුදු මුහුන
කළු ඇස්
සුරතල් හිනාව
හිමි ක