Mar 19, 2013

ලංකාව හා අපාය

ඕන් ඉතින් ලංකාව කිව්වාම කස්ටියට නිකන්ම මතක් වෙන්නෙ අපාය නෙව, මහිංද මහත්තයට අපේ මුතුං මිත්තංට පිං සිද්ද වෙන්න.
අපිට පොඩි කාලෙ කියල තියන කතා වලට, එහෙනන්.....



ඔන්න ඉතින් දැන් අපාය තියනවලු, ඔය ඉතින් බෑනෙ, පටන් ගත්තගමන් කොහෙද කියලා අහනවා. තිබ්බ තැනම ඇති අත ගාලා බැලුවනන්.

ඔය අපායෙ පව් කරපු එවුන්ට ඒ ඒ රටවල හැටියට වලවල් හදලා තියනවලු. ඒ වලවල් ඉවරවෙන තැනට පොඩ්ඩ දුරකින් දිව්‍ය ලෝකෙ තාප්පෙලු.
එක දවසක් ලොක්ක ගියාලු ෆීල්ඩ් ට්‍රිප් එකක් යමලෝකෙ වටේ,
හුටා එක එක එවුන් අර වලවල් වලින් පැනලා අර පැත්තට පනිනවලු.

මෑන්ස්ට මල පැන්නා, "බලපං!!! අර හුත්*ලා ටික වලවල් වලින් පනිනවා, උන්ව ගෙන්නන්නත් බෑ ආයි!! දාපිය ගාඩ් එකක් මේකට!"

ඔන්න ඉතින් ගාඩ් එකක් දැම්මලු. දැන් ඉතින් ටික කාලෙකින් මිනිහා ආයි ආවලු රවුමක් දාලා යන්න රාජධානිය වටේ.
හුටස්, ලංකාවෙ වල වටේ එකෙක්වත් ගාඩ් එකට නෑලු.

"කෝ අර මහ සික්කට එන්න කියාං!! අර මොකද්ද කරලා තියෙන්නෙ?? ලංකාවෙ වලේ එක ප*ක් වත් නෑ බලාගන්න"

ඉතිං අර මහ සික්කා දුවගෙන ආවලු

"ඇයි යමර්ජුනි??"

"කෝ බොල හු*න්නො මේ වලේ ගාඩ් එක??"
"අනේ සෑර් පේන්නැතෙයි, මේක ලංකාවෙ වල නෙව"
"ලංකාවෙ කියල උන් ඉස්පෙසල්ද??"
"නෑ නෑ, උන්ගෙ එකෙක් එලියට එද්දි අනිත් එකා කකුලෙන් අදිනවා, ඉතින් එකෙක්ටවත් පනින්න බෑ"

3 comments:

  1. අම්මප, ලංකාවෙත් සිංහලයෝ තමයි තමන්ගේ ජාතියට ඔලුව උස්සන්න දෙන්නේ නැත්තේ. උපතින්ම ආපු කාලකන්ණි කමක්.

    ReplyDelete
  2. පවු ඒ ලංකාවෙ වැසියන්ට මට දුක හිතෙනවා එයාල ගැන..

    ReplyDelete