Nov 23, 2013

අකීකරු හිතක වදන්!

ජීවිතය කියන්නෙ කවුරුවත් ලියපු කොලයක් නෙමේ ඒක අපිම ලියාගන්න ඕන දෙයක්, ඒක කාට කාටත් කුරුටු ගගා ලියන්න බෑ, ඒකට අයිතිවාසිකම් කියන්න තුන් දෙනයි ඉන්නෙ එයාලා ඒකෙ කුරුටු ගාන්නෙ නරකට නෙමේ, අම්ම තාත්තා ආරම්භය අරං දුන්නට පස්සෙ ඒ කොලේ පුරවන්න වෙන්නෙ අපිටමයි... පුරවද්දි යම් කාලෙකදි එනවා ඔයත් එක්ක තව කෙනෙක් ඒ කොලේක අනු-මාතෘකාවක් විදියට කෙල්ලෙක්, අන්න එතනදි එයාට උඩින් යන්නෙත් නැතුව පහල යනෙත් නැතුව ඉන්න ඕනෙ.. එයත් එක්ක තුන් දෙනයි, යලුවො ගත්තාම මම ජීවිතෙ කරපු ලොකුම මෝඩ කම කියලත් හිපුගමන් හිතෙනවා, උන් නැති කරපු දේවල් ගොඩයි, දෙයක් ලැබුනත් ඒ තාවකාලික සතුටයි බේබදුකමයි විතරමයි! 

බාදක ගොඩයි, ජීවිතේ ගැටගහගන්න තැන් ගොඩයි, මේ ලෝකෙ බඩගින්නෙ ඉන්න මිනිහට නෙමේ කන්න හම්බවෙන්නෙ කියල ඔලුවෙ තියාගෙන වැඩ කරන්න පුලුවන්නන් ඒකත් හොදයි! හිතේ දුකට කුරුටු ගෑවට මම දන්නෑ මගේම මේ දුක මොක්ද්ද කියලා, එක්කො මම හිතනව වැඩිද මන්දා, නමුත් නොහිතත් බෑ, හැම කෙනා කරන දේවල් බලාන නිකන් ඉන්නත් බෑ, දෙයකට විරුද්දව ක්‍රියාවක් ගත්තොත් කැලේ තිබිලා මිනිය හම්බුනා කියාවි! 

2:31 වෙලාව, වැහැලා පෑයුව විතරයි! සැප කියන්නෙත් එක්තරා දුකක් ඕයි! ඔනෙ වෙලාවට නෑ, අනිත් වෙලාවට තියනවා, ගෙයක් තියාගෙන වැස්සෙ තෙමෙන තරම් මෝඩයෙක් මම, ඒ මදිවට මගේ ලවට කෝල් එකක් ගන්න විදියක්  නෑ බිල් ගෙවල නෑ කියලා, රුපියල් 50ක් මාසෙ බිල. ඔන්න ඕකයි තත්වෙ...

ඉස්කෝලෙ යද්දි සිගරට් එක ගහල කාලක් ගහල ගියාට මොකද දැන් එහෙම කරන්නැත්තෙ පවුලගෙ බර බරේ නිසා, "තෝ හදලා ලඟට ගත්තෙ නරක මිනිහෙක් වෙනව දැකලා දාලා යන්න නෙමේ ඕයි" කියල කිව්වෙ කට කහනවට නෙමේ වෙන්ටැති! අනේ සුදූ කෝල් එකක් ගන්න විදියක් ඇත්තෙම නෑ...

හැමදාම මොකක් හරි වලියක් දාගෙන ගෙදර එනවා ඇරෙන්න වෙන දෙයක් ඇත්තෙම නෑ, කොටින්ම ගෙදර හිටියොත් නිකන් කාල නෑ වගේ, වෙන මිනිස්සු ගෙදර ඉන්න දගලද්දි මම ගෙදරින් පනින්නෙ කොයි වෙලාවෙද කියලා බලන්නෙ, දැන් උනත් වැස්සෙ පුටුවක් තියාගෙන ඉදගෙන හිටියෙ තාප්ප 4කින් වට වෙච්චි ගෙයි එහෙමටත් නිදහසක් ඇත්ද බලන්න, ඒත් හුඟක් සීතයි, අසනීප වෙලා කාටත් බරක් වෙන්න බැරි නිසා ඇතුලට ආවා...

ජොබ් එකක් කරන්නත් ඕනෙ, අපිට මොන කොලිෆිකේශන්ද, මිනිස්සු හිනා වෙනව තියන ඒවා දැක්කාම.. නමුත් අපි මිනිස්සු දන්නවා, හිඟන්නගෙ ඉදල ලොකු පුටු වලට යනකන් මිනිස්සු හම්බවෙලා තියනවා, උදව් ඉල්ලන්න බෑ, ඉල්ලල ලැබෙනවනන් කමකුත් නෑ.. මොන මගුලකටද..

පාලුව යන්නත් කියල පලවෙනි වතාවටද මංදා හිංදි ෆිල්ම් එකක් බැලුවා, ආශිකී 2, කරුමෙටම මේ කොල්ලා ගාවත් තියෙන්නෙ ලෑන්ඩ් කෲසර් ජීප් එකක්, මටත් තියෙන්නෙ ඒකක්.. කෙල්ලට "මේ" කියල අහලා "ඇයි මොකද" කියල කෙල්ල අහද්දි මම වගේම "නෑ නිකන්" කියල කියනව, ඔලුවට නිකන් පොල්ලකින් ගහල වගේ!  ඊටත් විස්කි?? ඇයි ඕයි විස්කිම!! මරාගෙන කාපිය මාව! ආයි හිංදි වෆිල්ම් නොබලමි! ආච්චිට හාල් ගරන්න එයා මම බොන එකත් නැවැත්තුවනෙ, අඩේ ඒ කියන්නෙ මාත් කොහෙන් හරි පැනලා එයාව තනි කරලා යන්න ඕනෙ කියන එකද?? නෑ ඒ බලු වැඩේ කරන්නෙ නෑ මම, මම එච්චර ආත්මාර්තකාමී වෙන්නෙ නෑ, එයා මට ආදරෙයි මම එයාට ආදරෙයි!

පාන්දර 3යි, තාම නින්දක් නෑ, ඇයි කියලා තේරෙන්නෑ, මාස ගානකින් නොබීව හින්දා වෙන්ටැති! පාලුවෙන් ගෙවන දුක් පිරුන ජීවිතේ හැරමිටියෙන් යනකන් තියෙන එකක් නෑ, දවසක දරුමල්ලො කිව්වොත් අපිව බරක් කියලා කොහෙ හරි යනවා, උන්ට බරක් වෙන්නත් බෑනෙ.. මම එහෙනන් ගිහින්  කෝපි එකක්වත් හදාගෙන එන්නන්, අඩන්න ඕනෙ ඒත් ඇඩෙන්නෙ නෑ, ඒක මාර අමාරුයි දරාගන්න.. හිතෙන් අඩනව ඇරෙන්න අමාරු දෙයක් තවත් නෑ.. "දුක පිට කරපන් බං, ඕක හිතේ තියාන ලෙඩ වෙන්න ඕනෙ නෑනෙ" කියල ලොකු මාමා කිව්වෙ හේතුවක් නැතුව නෙමේ!