Jan 25, 2015

පෙම්වතෙකුගේ ජීවිත කතාව..

"දිනක ඔබ මා
හිරි පොද වැස්සෙ
මල් කුඩේ යටින් පිය මැන්නා
මොනවද හිමිහිට මිමිනුවා
"



ඒ කාලෙ හරි සුන්දරයි නේ, කිසිම බරක් නැතුව හිටියෙ වලාකුලක් වගේ, ඒකාලෙ ඔයා මගේ හොදම යාලුවා කියල කවුරුත් දැනගෙන හිටියා, ඊටත් එහා දෙයක් තියනවා කියලා හිතාගෙන හිටියා.. 
ඔය දේ වෙනස් උනේ දවසක් ඔයා පන්සල් ගිහින් එන ගමන් මමත් එක්ක ක්ලාස් එකට ආපු දවසෙ, මම පන්සලට ආවා ඔයාව ගන්න, කවුද දන්නෙ ඔයා සුදු ගවුමක් ඇදගෙන යයි කියලා, ඊටත් වැස්ස, දැන් ඉතින් ඇවිදින්නකො ක්ලාස් එකට, ඔයාව පරිස්සම් කරගෙන එන්නත් එපැයි නැත්තන් ඇදුමෙ මඩ, පාරෙන් අයින් කරගෙන, මඩ වදින්නැති වෙන්න පරිස්සම් කරගෙන එක්කගෙන ක්ලාස් එකට ආවාම ඔයයි මායි තනි කුඩේ යයින් ලංවෙලා එද්දි මෙච්චර කට කතා හැදෙයි කියලා හිතුනෙත් නෑ, අපි දෙන්නගෙ බැදීම එදා වැඩි උනා මිසක් අඩු උනේ නෑ..

"හද හීතල දී බිදු නාවයි මා
මට හෙවන දෙන්න නුබ ලග නෑ
මේ වැහි බිදු ඒ ගැන දන්නෑ
"



විභාග මාසෙත් ආවා, ඔයාගෙ ගෙදරින් ඉතින් ඔයාට එලියටවත් යන්න දුන්නෙ නෑනෙ, තාත්තගෙ ඔෆිස් වාහනෙන්ම ඔයාව ඉස්කෝලෙට එක්කගෙන ගියා, ආවා. මට මගේ හොදම යාලුවා ආදරවන්තිය හම්බුනේම නෑ මාසයක්.. මට මතකයි මගේ විභාගෙ ඉවරවෙච්ච දවසෙම තාත්තා ලගට කතා කරලා කිව්වා ලෑස්ති වෙන්න දැන් පිටරටකට ගිහින් ඉගෙනගන්න, ඔයා මෙහෙට හරි යන්නෙ නෑ, ගෙදර වාහන තියනවා බස් එකේමයි යන්නෙ, දැන් එහෙ ගිහින් දුක් විදිනවකො කියලත්..

එයා දැනගෙන හිටියෙ නෑ මම වගේම තවත් කෙනෙක් එහෙම කරා කියලා..

"නොයිවසිල්ලෙන් බලා උන් වසන්තය ආවේ දැනුයි
මාවත මලින් පිරී ගොහින් හීතල හුලගේ විසිරේ
නුබත් ලග උන්නානම් කියා මට තුරුලු වී උනුහුම් වෙන්න තිබුනා
වසන්තේ ඒ ගැන දන්නෙ නෑ
"

දැන් අවුරුදු දෙකක් වෙනවා අපි දෙන්නා හම්බවෙලා, සතියකට කිහිපසැරයක් කෝල් එකක් දුන්නට ලග නැති පාලුව දැනවා හොදටම. කවද්ද එන්නෙ කියලා අහන එකමයි ඔයාගෙ වැඩේ, ඔයා එහෙම ඇහුවාම ඔයා දන්නැති උනාට මම හිත යටින් අඩනවා එහෙම අහන්න එපා කියලා, මම එනවා මගෙ රත්තරන් ඉක්මනටම, එහෙම කියලා තමා ඔයාව සනසන්නෙ.. 

ඔය අතරෙ තමා තාත්තා කියන්නෙ මම එද්දි මාව පුදුම කරන්න දෙයක් ලෑස්ති කරලා තියෙන්නෙ කියලා, මම තාම දන්නෑ ඒ මොකද්ද කියලා, බලමුකො මොකද්ද කියලා..

"අපි දෙන්නා හිනා උනු ගන්තෙර තාමත් සිහිල් පවන් හමයි
ඒ දයාවන් අතීතයේ සුවද ගලනා හීතලයි කියා නුබ තැවෙන්නෙපා
මං නුබේ හිතේ උන්නු තැන තාම උණුහුමයි
නුඹ ගැන දන්නෙ මං විතරයි
"

අද දවසම සුන්දරයි, අද ඔයාව මම ගෙදර එක්කගෙන එන දවස, අවුරුදු 4ක යාලුකම, අවුරුදු 2ක පෙම් හබය ගෙදරට කියන දවස, ගෙදරින් එලියට ගියේ අද ගෙදර කට්ටිය පුදුම කරන්න කියලා හිතාගෙන. ඔක්කොටම වඩා පුදුම කරන්න එයාගෙ වාහනේම ගියා මම නැතිව වගේ,
ඔයත් එක්ක ගෙදරට එන දවසෙ මුලු ගෙදරම සරසවලා, හරියට ඔයාව එක්කගෙන එනවා කියලා දැනගෙන වගේ ඔයත් පුදුම වෙලා, ඔයා විතරක් නෙමේ මමත් පුදුම වෙලා, තාත්තෙ මේ මොකද කියල මම පුදුමෙන් අහද්දි ඔයාගෙ මූන දුකින් පිරීගෙන එනවා වගේ දැනුනා, පුතා දැන් ඔයා ඇවිත් දවස් කිහිපයක් උනානෙ, මට ඕනෙ උන්නෑ තවත් පරක්කු කරන්න අද ඔයාගෙ අනාගත මනමාලි එක්කගෙන එන දවස, එහෙම කියද්දිම ඔයා දිහා බැලුනෙ කදුලු පිරිච්ච මූනෙන්, ඔයාව දැක්ක ගමන් මම දැක්කා මටත් කලින් ඔයා ඒක දැනගෙන කියලා. ඔයා  වාහනේට දුවද්දි මම දොරෙන් එලියට ආවා විතරයි, ඇයි ඔයා පාර බලන්නැතුව වාහනේ දැම්මෙ?

"අද හීතල වැස්සෙ මං විතරයි
මල් කුඩේ යටින් මං තනියෙන්

මේ වැහි බිදු ඒ ගැන දන්නෑ"


ඩොක්ට, කොහොමද එයාට? එයා මුකුත් කිව්වෙ නෑ, මම දවස් දෙකක් නිදාගන්නැතුව ඩොක්ට ෆයිනල් රිපෝට් එකක් දෙනකන් හිටියා, ඔයා වෙන්ටිලේටර් එකකින් හුස්මගන්න හැටි දකිද්දි මට තවත් ඉවසගෙන ඉන්න ඕන උනේ නෑ. 
අද හොස්පිට්ල් එකට ගියේ දෙකෙන් එකක් බේරගන්නව කියලයි, ඩොක්ට දැන්වත් කියනවද මොකද්ද වෙලා තියෙන්නෙ කියලා, මම ඇහුවෙ ඔහුගෙ නලලට පිස්තෝලයක් එල්ල කරමින්, ඩොක්ට කිව්ව දේ එයාගෙ දෙමාපියන් කොහොම ඇහුවද කියලා මම දන්නෙ නෑ, එයාගෙ තාත්තා කියලා තියෙන්නෙ මට ඒ දේ කියන්න එපා මට ඒක විදවගන්න බැරිවෙයි කියලා. ඇත්ත, ඩොක්ට ඒ කියපු දේ මට දරාගන්න බැරි උනා, තත්පරයත් විනාඩියක් වගේ දැනුනා, මට හැගීම් දැනීම් පාලනය කරගන්න බැරි උනා,
මට මතක පිස්තෝලෙ මගෙ දෙසට හරවාගෙන වෙඩි තියාගන්නවා පමනයි!

1 comment:

  1. අන්තිම ටික ටිකක් හිතාගන්න බැරි උනා... හ්ම්...

    ReplyDelete