Jun 19, 2018

මරණෙන් පසු..

"මේ මොන චාටර් ජීවිතයක්ද? ජීවත් වෙලා වැඩක් නෑ"  මමම කියාගත්තෙ බ්ලේඩ් එක අතට ගන්න ගමන්, මගෙ ආසම බියර් බෝතල් කිහිපෙත් බාස්කට් එකේ  දාගෙන කවුන්ටරේට යනගමන් සිගරට් ගන්නවදෝ හිත හිත ඉදලා "නෑ ඕන්නෑ" කියාගෙන බිල් කරගෙන එලියට ආවා.

නොදැනුවත්වම වගේ ඇවිත් තියෙන්නෙ මම ආසම කෑම කඩේ ගාවින්..

"යකෝ මැරෙන්න යද්දිත් කනබනේ තොට.. ඒකට වෙලාව තියනවා?" මම මගෙන්ම අහගත්තා..
"හරි හරි, අන්තිම වතාවනෙ කට කට, මම කොහොමත් පොඩි කාලෙ ඉදලා ආස තැනනෙ"

----------------------------------------------------------------------------

එයා හොදට නාගත්තා, ටවල් එක ලස්සනට එල්ලුවා, ආසම කොට කලිසම ඇදගත්තා.
සීරුවෙන් ඇවිත් ඇදේ ඉදගත්තා..

බිම තිබ්බ බෑග් එකෙන් බ්ලේඩ් එක අරගෙන ඇදේ හාන්සි උනා..

"ඒක රිදුනා, කමක් නෑ, ඉක්මනට මේක ඉවර වෙයි නෙ" එයා එයාවම සනසගත්තා..

බ්ලේඩ් එක විසිකරන ගමන් එයා අත්දෙක බැලුවා, ඇගිලි පුරුකෙන් පුරුක දැනෙන නොදැනෙන ගානට යනවා, ඒක රිදෙනවා තමා, නමුත් හිත ඇතුලෙ තියන රිදිල්ල ඊට වැඩී, ඇද දෙපැත්තෙන් ලේ වැක්කෙරිලා, මුලු ලෝකෙම තරහා වෙලා..

"කෑම මරු එතන.. මැරෙන්න යද්දිත් කන එක.. පුදුම කෙලියක්නෙ මේක.." එයා එහෙම කියාගෙන අහිංසක විදියට හිනා උනා.
----------------------------------------------------------------------------

මුලු ලෝකෙම නිශ්ශබ්දවෙලා වගේ.. මේසෙ උඩ තියන අත් ඔරලෝසුවේ සද්දෙ ඇහෙන තරමට මූසල විදියට නිශ්ශබ්ද වෙලා.. කනට හෙන වදයක් වෙන තරමටම..

"කොච්චර වෙලාවක් ගිහින්ද දන්නෑ, ඔලුව ඇද ඇතුලට බැහැලා වගේ, නැගිටගන්න පණ නෑ, මම මැරිලද? නෑ වෙන්න බෑ, මොකද කෑම එකේ රහ සුවද තාම තියනවා" නොඉවසිල්ලෙන් වහලෙ දිහා බලලා ඒ කෑම ගැන කල්පනා කරන්න ගත්තා..

"කවද්ද මම මුලින්ම මෙතන්ට ගියේ? අම්මයි තාත්තයි පොඩි කාලෙ එක්කගෙන ගියා.. ඇයි රෝස්? එයා එක්ක හැම මාසෙම ගියා.. පොඩි කාලෙ ඉදලම මාර බැදීමක් මේ තැනත් එක්ක තියෙන්නෙ.."

"අම්මයි තාත්තයි මට ආදරෙයි, එහෙනන් ඇයි මට මෙහෙම උනේ? රෝස්? නෑ නෑ ඒ කෙල්ල නෙමේ" මේ වෙලාවෙ ඒවා ගැන හිතන්න බෑ, මේක ඒවා ගැන කල්පනා කරන වෙලාව නෙමේ, ආපහු හැරෙන්න පුලුවන් දෙයක් නෙමේ කරගත්තෙ..

----------------------------------------------------------------------------

විනාඩි 30ක් විතර ගියා.. එයා දුර්වලයි, කවදාවත්ම වෙලා නැති විදියට දුර්වලයි.එයාගෙ ජීවිතේ එයා කරපු කියපු සියල්ල මුල ඉදලා අගටත්, අග ඉදලා මුලටත් පේන්න ගත්තා.. ජීවිතේ එච්චර නරක නෑ කියලා එයාට තේරුනා.. නමුත් පරක්කු වැඩී.. හරියටම නිශ්ශබ්දතාවය අහගෙන හිටියොත් ඇත්තටම නිශ්ශබ්දතාවය කන් අඩි පැලෙන තරම් සද්දෙයි කියලා එයාට දහස්වාරයකට වඩා තේරුනා..කැපුම් රිදෙනවා, අත් දෙකම දැනෙන්නෙ නෑ..

----------------------------------------------------------------------------

පැයක් ගියා... එයා එයාගෙ ජීවිතේ සියලුම මතකයන් අවදිකරගෙන ඒවා රස විදිනවා.. ජීවිතේ කොච්චර ලස්සනද? කොතනද වැරදුනෙ? මුල්ම මතකයන්, දෙමාපියන් එක්ක ගිය තැන්, යාලුවො කොච්චර හිටියද? ආදරණිය පෙම්වතියයි එයා එක්ක කතා කරගත්ත දේවල්, යශෝදරා කියලා දුවෙක්, ලස්සන ගෙයක් හදන ආසාව, සල්ලි දීලත් හම්බවෙන මෝඩ බල්ලා, ලෝකෙ වටේ ඇවිදින්න තියන ආශාව, හැම දෙයක්ම මිටියකින් ගහනවා වගේ ඔලුවට වදිද්දි ඇයි හිතුනෙ ජීවිතේ මෙතනින්ම ඉවරකරගන්න?

"බෑ!!!! මට මැරෙන්න බෑ, මාව බේරගන්න!!!" කෑගැහුනෙ ඉබේටමයි..

එයාගෙ හදවත ගැහෙනවා ජීවිතේ කිසිම දේකදි නොවුන ගානට... හදවතට දැනිලද කොහෙද තව දුරටත් එයාවත් අවශ්‍ය නැති බවට..

"මට මැරෙන්න බෑ" කෑගැහුනෙ ඇඩිල්ලක් එක්කයි.

ජීවිතේ කිසිම දවසක දැනුනෙ නැති වේදනාවක්, හරියට ලෝකෙ වටේ දුවලා ආවා වගේ මහන්සියක්.. හෙලවෙන්නවත් බෑ, ජල පහරක නොසෙල්වී තියෙන කලුගලක් වගේ හිර වෙලා.

ආයි කෑගහන්න ඕනෙ, ඒත් උගුරෙ යමක් හිරවෙලා වගේ, කවුරුහරි ඒ අන්තිම හුස්ම යන්න දෙන්නැතුව අල්ලගෙන ඉන්නවා වගේ.

ඔරලෝසුවේ කට්ට යන්නෙත් පරක්කුවෙලා වගේ..

මේක තමා අවසානය.
----------------------------------------------------------------------------

එයා නැගිට්ටා ඊලග දවසෙ.

ජීවිතේට දැකලා නැති කාමරයක්, ලස්සනයි, මේක අපායද ද්ව්‍ය ලෝකෙද, නැත්තම් අතර මැද තැනක්ද මොකද මෙච්චර එලිය තියන ලස්සන කාමරයක් දැකලා නැති තරම්.

අත උස්සන්න බැලුවා, නමුත් ඇහැ නතර උනේ අත් දෙකයි කකුල් දෙකයි ඇදට ගැටගහලා තියන විදිය, සේලයින් දෙන විදිය දැක්කාම තේරුනා ඉන්නෙ ඉස්පිරිතාලෙ කියලා.

ඔහු වටපිට බැලුවා, ඇගේ තිබ්බ සියලුම ශක්තිය දහනය කරලා බැලුවා..

----------------------------------------------------------------------------

මගෙ අම්මා මගෙ එහා පැත්තෙ හිටියා, තාත්තා හිටියා, යාලුවො දෙන්නෙක් හිටියා, රෝස් හිටියා, හැම කෙනාම අඩනවා..

ඒ අය ඇහුවෙ, ඒ ඇස් වල තිබ්බෙ එකම එක ප්‍රශ්ණයයි.

"ඇයි?"


Jan 25, 2015

පෙම්වතෙකුගේ ජීවිත කතාව..

"දිනක ඔබ මා
හිරි පොද වැස්සෙ
මල් කුඩේ යටින් පිය මැන්නා
මොනවද හිමිහිට මිමිනුවා
"


Jan 16, 2015

එදා රෑ!

අද උදෙ මාර සාටර් සීන් එක උනේ, නැගිට්ට ගමන් කාමරෙන් එලියට ගියා, එහා ගෙදර එකා වෙනදට ජනේලෙන් අත වනන එකේ අද නිකන් බය වෙලා වගේ දිව්වා, මම දඩාස් ගාලා දොර වහලා ආපිට හැරිලා කාමරේට ආවා, මලා.. කන්නාඩියෙන් මගෙ සරුවාංගෙ පේනකොටයි මට දෙලෝ රත් උනේ. මුලින් මං බය උනා. කවුදෝ යකෙක් වගේ එකෙක් ඇගේ නූල් පොටක් නැතුව මම දිහා බලාගෙන ඉන්නවා, ඌත් මාව දැකලා ගැස්සිලා බය උනා වගේ දැක්කා..
ටික වෙලාවකින් තමා මීටර් උනේ, හත්තිලව්වෙ මේ මමනෙ! 
මං දනිපනියෙ ලැජ්ජාව දෝතින් වහගෙන ඇද ලගට ගියා. සරම හොයාගත්තෙ මෙට්ටෙ යට තියලා. විස්වාස කරන්ඩ නින්ද ගියාම මට මොනවා වෙනවද කියලා මංවත් දන්නෙ නෑ. රෑට යස අගේට සරම ඇදන් නිදාගන්නවා. උදේට බලද්දි ඒක එක එක තැන්වල. පෙරේදා සීලිමේ ෆෑන් එකේ තිබිලා සරම ගත්තෙ මේසෙට නැගලා, ඊයෙ මේසෙ උඩ තිබ්බ සර ගත්තෙ සීලින් ෆෑන් එකේ එල්ලිලා..
සමහර දාට සරම ගෙයිත් නෑ, අල්ලපු ගෙවල් වල වැටවල් වල තිබිලා හම්බවෙනවා.. මෙච්චර මේ බෝ පැලයක් වගේ හැදෙන මේ තරම් හැදියාවක් තියන මලියගෙ සරමට මේ ඇමරිකාවට ආපුවට පස්සෙ මොකද වෙලා තියෙන්නෙ කියලා හිතාගන්න බෑ, බලන්න දෙයක් නෑ සරමට කකුල් ඇවිත්! මේ දවස් ටිකේම අල්ලපු ගෙදර ඇන්ටිත් මං දිහා බලන්නෙ අමුතු විදියට!

Nov 5, 2014

අපේ සාපෙ

කෝමෙයි?? මකුලු දැල් වගයක් තිබ්බා මේකෙ කඩලා දාලා වැඩ පටන් ගන්න කියලා බැලුවෙ..

මේ හරියෙ ඇහැට කනට පේන කෑල්ලක්වත් නැති එකේ යාලුවන්ට කෝල් එකක් දෙකක් දුන්නා මක්කැයි වෙන්නෙ කියලා බලන්ඩ..
ඔන්න ඒ අස්සෙ ගෙවල් දිහායින් කෝල් එකක් එනවා
"මොකෝ කරන්නෙ??"
ඈ බොලේ මොකෝ මේ බැලුවා මම, කොහෙවත් යන අහවල්ලක් ඉහේ කඩාපාත් වෙන්න යනවද කියලා..
කෝම හරි ඔය කෝල් එක අස්සෙ මට ඇහෙනවා මලනුවන් කෑ ගහනවා "අම්මේ මේ මදි සෙමිනාර් එකට 300යි කන්න වැඩිපුර දෙන්න" කියලා..
හෑ මූ මටත් කලියෙන් අම්මගෙන් සල්ලි ඉල්ලනවා, ඇඩෝව් එහෙම බෑ මේ අයියා ඉන්නකන් මටත් ඔනෙ ටැක්ස් එකක්!

ඔය මොහොත නිසා මගෙ මතකෙට ආවා වර්ස එක්දාස් බරගනන් වලට පසුව 2000අවදියේ මා සාපෙ කොරන කාල වකවානුව, ඒ කාලෙ සුදා (සුදත් දියගුආරච්චි) ගෙ විද්‍යාව පන්තියේ කැපී පෙනෙන අවමානයෙන් අභිමානයෙන් වැජබෙන  සිස්සයෙක්! 

කොහොම හරි ඔය කාලෙ තමා නෙත්මි (ඔව් එයා තමා) එක්ක මෙව්වා එකක් තිබ්බෙ..

 දැන් ඉතින් අපිට ඉස්සර ක්ලාස් එකේ ඉන්න නිසා ඉස්පෙසල් වරප්‍රසාදයක් ලැබිලා තිබුනා 1500 සෙමිනාර් එකට 700ක් හරි කොහොම හරි අඩු ගානක් දාලා අනිත් එවුන්ට 1500ක් ද කොහෙද..

"අම්මෙ, සුදාගෙ ක්ලාස්, සෙමිනා, 1500යි, සෙනසුරාදා" කෙටියෙන් අම්මට කියනවා සිකුරාදා රෑට ක්ලාස් ඉවර වෙලා ඇවිල්ලා..

සෙනසුරාදා ඉතින් හෝදන්න දෙයක් නෑ ආයි සැන්ට් පැර්ෆියුම් නාලා හැන්ඩියට ජැන්ඩියට පැලදලා යනවා ක්ලාස්..

ෆීස් ගෙවනවා, අඩේ මෙන්න ඉතුරුත් තියනවා, බ්‍රේක් ටයිම් එකේ යනවා නෙතූ එක්ක පීසාහට්, තව යාලුවො දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක, කනවා, කවනවා, කවාගන්න එක විකාරයයි ඇයි ඒ දවස් වල ජෝඩුවටම ලව් සික්! (ඔය අස්සෙ තාත්තත් දැකලා තිබ්බා පීසා කවන දර්සනයක් එව්වා පසුවට)

හරි ඔක්කොම ඉවරයි ගෙදර යන්න ඕනෙ, හුටා 3ද 4ද තාම..

යමන් චිලර්ස් පූල් පාරක් ගහන්න, ඔන්න යනවා පූල් ගහන්න..

ඔන්න ඔහොමයි සාපෙ කාලෙ ගෙව්වෙ.. මොනවා උනත් සාපෙ යාංතං ගොඩ දාගත්ත එක ලොකු දෙයක්!

කෝම හරි මලයට ඔය වරප්‍රසාද නැති විත්තිය කෝල් එකෙන් තේරුනා, කමක් නෑ, ඌ හොද එකා :D