Showing posts with label අත්දැකීම්. Show all posts
Showing posts with label අත්දැකීම්. Show all posts

Jul 22, 2011

සරා සිහින - භාතිය & සන්තුශ්


සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කදුලු පහසේ මුමුනා සිනා
ඔහේ ඇවිද හා මා
හද සිතුවිලි විල කලබා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිල
සරා සිහින රහසේ දිවුරා කියා

සිත කදුලැල්ලෙහි තවරා
කලුවර රසකර වින්දා
සද සෙවනැල්ලක හැන්ගී
මගෙ ඇස් තනිකර තෙමුනා
එසේ කදුලු ගැලු ඒ හීනෙ
තවමත් ඔබයි ආදරේ

සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කදුලු පහසේ මුමුනා සිනා
ඔහේ ඇවිද හා මා
හද සිතුවිලි විල කලබා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිල
සරා සිහින රහසේ දිවුරා කියා

තනි අතකින් හඩ දෙදරා
හරි ආදරයක් හින්දා
යලි කවදාවත් නොවෙනා
මහ සාගරයඩ හැඩුවා
එසේ කදුලු ගැලූ ඒ හීනෙ
තවමත් ඔබයි ආදරේ


සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කදුලු පහසේ මුමුනා සිනා
ඔහේ ඇවිද හා මා
හද සිතුවිලි විල කලබා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිල
සරා සිහින රහසේ දිවුරා කියා

ගායනය - භාතිය & සන්තුශ්
රචනය - දුමින්ද අලහේන්ද්‍ර

පොඩි හේතුවක් නිසා දානවා (මුගේ බොරු), මේ දවස් වල වැඩ වැඩීනෙ(මුගේ හිතේ අවුලක්!)

ජය වේවා!

Jun 27, 2011

පරණ කතාවක්, මරු සීන් එකක්

කෙල්ලෙක් - මන් හදිස්සියෙ මැරුනොත් ඔයා මොකද කරන්නෙ...?


කොල්ලෙක් - වෙන කෙනෙක් කසාදබදිනවා..


කෙල්ලෙක් - මෝඩයා....


කොල්ලෙක් - ඇයි..


කෙල්ලෙක් - මගෙ හිත ඔයා ගොඩාක් පෑරුවා..... මාව අමතක කරන්න ඔයාට පුලුවන්ද...?

කොල්ලෙක් - කවුද කිව්වෙ ඔයාව අමතක කරනවා කියලා...

කෙල්ලෙක් - කැමතිද මන් තනිවෙනවට...
ඒකට විසදුම වෙනකෙනෙක්ව බදින එකද?

කොල්ලෙක් - වෙන මොකද්ද... මන්දන්නෙ නෑ....


කෙල්ලෙක් - කැමත්තක්...

කොල්ලෙක් - එහෙනම් තරහගත්තෙ.....

කෙල්ලෙක් - ඔයාට තේරෙන්නෙ නෑ....
බඳිනව උනත් එහෙම මුණට කියනවද?
කොල්ලෙක් - මන් හිතුවෙ ඔයා වෙනුවෙන් තව අසරණ කෙනෙක්ට ජීවිතයක් දෙන්න...

කෙල්ලෙක් - බෝධිසත්වයෙක් වෙන්නද...?

කොල්ලෙක් - නෑ... නිකමට... කොහොමත් අපි බැන්දත් මමයි මුලින්ම මැරෙන්නෙ.....

එ ඇයි...?

කොල්ලෙක් - මටනෙ එතකොට අඩන්න වෙන්නෙ ඔයා මැරිල ඉන්නව බලන් ඉන්න බෑ....

කෙල්ලෙක් - පොරොන්දුවෙන්න.... ඔය අත්දෙකෙන් මගෙ අවසන් කටයුතු කරනව නේද..??

කොල්ලෙක් - කොහොමද?..... ඔයාම කියන්න...

කෙල්ලෙක් - අම්මා එනවා....?
තියන්නම් පැටියො... උම්මා

බීප්... බීප්.... බීප්....

මේ ගෲප් එකට ඔයාලත් එන්න, ඒකට තමා මම මේක දැම්මෙ,
මේක හොයාගත්ත තැන මතක නෑ, නමුත් මේක මම දැම්මෙ මුලින්ම
දෙසැම්බර් 7, 2010 හරියටම දවල් 2:35ට. 


Jun 20, 2011

"තාත්තෙ මේ...!" සහ "අංකල් වෙලාව?"

මේ අපේ සෙට් එක දවසක් බස් එකේ සෙට් වෙච්ච වෙලාවෙ උන සීන් එකක්,

මේකයි කතාව, මමයි (දෙන්නට පුබ්බා, උදියා කියලා ගමු) මුන් දෙන්නයි බස් එකේ යනවා යද්දි ඉතින් එක එක පිස්සු විකාර කර කරනෙ යන්නෙ,

එක පාරටම බස් එකට නැග්ගා පොඩි කොල්ලෙක් අවු;4ක් 5ක් ඇති මිනිහා අම්මා, අනේ මංදා අම්මා කියන්නත් බෑ, නිකන් අක්කා වගේ. උදියා පැණි බේර බේර හිටියා අපේ වයසෙ කියලා.

කොහොම හරි පොඩ් එකාගෙ අතේ තිබ්බා කාර් පොඩ්ඩක් මිනිහ ඕක වද්දන්න ගත්තා පුබ්බගෙ කකුලෙ, මිනිහා පහල බැලුවා විතරයි "තාත්තෙ මේ..."
අම්මා ගහයි පොල් පිත්තෙන් කිව්වා, අරූ සුදුමැලි වෙලා කෑගහනවා

"අඩෝ පොඩි එකා මැරුම් කන්න එපා" කියලා.

අර අක්කටත් වස ලැජ්ජාව, හැබැයි ඕකෙන් මම අංකල් එකෙනෙක් උනා විනාඩි 2කට හරි. අර අක්කා කට වහගෙන බස් එකෙන් බැස්සා.








ඕන් අනිත් එක,

මම ඉස්කෝලෙ ඉස්සරහට ගියා සාපෙ ඉවරවෙච්ච ගමන්ම වගේ,
ඔය අස්සෙ පොඩි එකෙක් ලඟට ආවා

"අංකල් දැකලා පුරුදුයි වගේ"

"ඕයි මම මලියා!"

අනේ ඒ මල කරුමෙ ගියා කියන්නකො, මෙන්න තව එකෙක් ඇවිල්ලා අහනවා

"අංකල් වෙලාව කියන්නකො?"

මගෙ මල අතේ,

"07.15, පල ඇතුලට පොඩි එවුන්ට අංකල් කියන්නැතුව"

මම ආයි ඉස්කෝලෙට ආවෙ 10 පහුවෙලා, නැත්තන් එතන හිටගෙන හිටියනන්, 10 වෙනකොට මුන් මාව සීයා කරලත් ඉවරයි.

Jun 6, 2011

බුකියෙ නටන පිස්සු

1.
කෙල්ලෙක් බස් එකෙ ගමනක් යනවා.බස් එකේ සෙනග එච්චර නෑ.සීට් ගානටත් වඩා අඩුවෙන් තමා හිට්යේ.ටික වෙලාවක් ඔහොම යන්කොට මැන්ඩරීනා බස් එකට නැගලා කෙල්ල ලඟින් වාඩි උනා..පොර හොද ටියුබ් ලයිට් කාරයානේ.
මැන්ඩියා හිමීට කෙල්ල දිහා බැලුවා.කෙල්ල ලස්සනයි.
දැන් මුට කෙල්ල එක්ක කතාකරන්න ඔන.
කතාකරන්න පොටක් පාදගන්න විදියක් හිත හිත ඉන්න කොට දැක්කා කෙල්ල කුරුසෙ තියන මාලයක් දාගෙන ඉන්නවා.

මැන්ඩියා හිමීට කෙල්ල දිහ බලලා ලාවට හිනා වෙලා මෙහෙම ඇහුවා.
“නංගි ක්‍රිස්මස්ද?”
කෙල්ල මොකුත් නොකියා අහක බලාගත්තා .
“නැ මේ, බෙල්ලෙ චර්ච් එකක් තියන හින්ද ඇහුවෙ”.
මරුම සීන් එක තමා කෙල්ල දුන්න උත්තරේ...
"ඈයි අහන්නෙ… මං ක්‍රිස්මස් නෙමෙ. ක්‍රිස්මස්ම වෙන්න ඕනයැ බෙල්ලෙ චර්ච් දාන්න, මම ටෙම්පල්"
එකිත් උ‍ටම හරියන ටියුබ් ලයිට් එකියක්!.

2.
ගමින්ද: මචෝ මලියා හැම තිස්සෙම මතක තියා ගනින් අපි මෙ ලොකෙට ඇවිත් ඉන්නෙ අනිත් අයට උදව් උපකාර කරන්න කියලා..

මලිතයා: එතකොට ගමින්දයෝ අනිත් අය මොකටද මෙ ලොකෙට ඇවිත් තියෙන්නේ..

3.
රසිකයා අලුතෙන් ඩ්ව්ඩ් ප්ලේයර් එකක් අරන් කියල කිව්වනේ.කින්ග් ශානුයි , ගමින්දයයි, මලිතයයි, භවන්තයයි මේ දවස් ටිකේම එහෙ ගිහිල්ල ෆිල්ම් බලනවා. හවස බෝක්කුව උඩට වෙලා මනෝ පාරක් ගහන් ඉන්නකොට රසිකයා ආවා.
“මචන්ලා"(රසිකයා)
“හ්ම්..”( ගමින්දයා)
“උඹලා ෆිල්ම් බලනවාද?”(රසිකයා)(රසිකයා)
“ඔව්.. මොකෝ?”(මලිතයා)
“ජැකී චැන්ගේ රස්සව මරු නේද?”(රසිකයා)
“ඔව් ඉතින් නළුවෙක් වෙන එක මරු තමා”( භවන්තයා)
“නෑ බං රස්සව”(රසිකයා)(රසිකයා)
“එක තමා බුරුවො උගෙ රස්සාව නළුකම”(කින්ග්ශාන්)
“නෑ බං රස්සව… චිත්‍රපටිය”(රසිකයා)
“මේ ගොන්තය මෙ වෙනකන් කියල තියෙන්නෙ ජැකී චෑන්ගෙ Rush hour ෆිල්ම් එක ගැන”

4.
රසිකයයි ගමින්දයයි චිත්‍රපටි ගැන වාද කරලා.උන් දෙන්නා බැනගන. රසිකයාට මල පැනලා.
“අඩො මේ ගමින්දයාගේ හෙන පණ්ඩිත කම.”
“ඇයි?”
“ඌ අහනව ෆැන්ටැස්ටික් ෆෝ කියන film එකෙ ප්‍රධාන නලුවො කීයක් ඉන්නවද කියල”
“ඉතින්?”
ඕන එකක බං එකානේ  ඉන්නනේ..?”
” ඇයි උඹ දැන් ඒක බැලුවෙ නැද්ද?”
“ගමින්දයා ළග නම් ෆිල්ම් එක තිබ්බ ඒ උනාට පලවෙනි ෆිල්ම් 3 බලන්නෙ නැතුව කෙලින්ම 4 බැලුවම ආතල එකක් නැ නෙද බං...?”
"????"

5.
වේගයෙන් පැමිණි රියක්  මලිතයාගේ නිවස ඉදිරිපිට නතර කෙරුණි. ඉන් කඩිනමින් බැස ආ කින්ග්ශාන් කඩිමුඩියේ මලිතයායා ළඟට දුවගොස් මෙසේ ඇසීය.

"අනේ මලිතයෝ... ඉක්මනට ඉක්කාවට බොහෙතක් තියෙනවා නම් දෙන්නකො..."

කිසිවෙක් නොකී මලිත අත දිගහැර කින්ග්ශාන්ගේ කම්බුලට වේගවත් පහරක් ගැසීය.

"ක්ෂණික කම්පනයට පත් වුනාම ඉක්කාව ඉබේම හරි යනවා... දැන් කොහොමද ඉක්කාව හොඳද..?"

කම්ඹුල අතගාමින් මලිත දෙස විශ්මයෙන් බලා සිටින කින්ග්ශාන් වෙතට හැරෙමින් මලිත ඇසිය...

"දන්නෙ නෑ මලිතයෝ" කින්ග්ශාන් පිළිතුරු දුනි.

"ඉක්කාව තියෙන්නේ මගේ ගෑණිට බං.... ඒකි කාර් එකේ ඉන්නවා... මම අහලා එන්නද???"

6.
සුද්දෙක් ලංකාවට එන්න Sri Lankan Airlines වලට අයිති ප්ලේන් එක්කට නැග්ගා.නැගලා සීට් එකේ වාඩි වෙලා ඉන්නකොට අපේ ගමින්දයා ලඟට ඇවිල්ලා වැඩ්ඩ වගේ “ආයුබෝවන්” කියලා කිව්වා.

සුද්දා පුදුමෙන් වගේ බලලා “No I’m Henry ” කියලා කිවා.

ගමින්දයා ආයේ විරිත්තලා ලතාවට “ආයුබෝවන්”

සුද්ද මල පැනලා “Please don’t disturb me! I’m Henry” කිව්වා.

පස්සේ තමා සීන් එක දනේ.සුද්දට ආයුබෝවන් එක තේරිලා තියේන්නේ  “ආ යූ බෝවන්(Are You Bowen )” කියලා.

7.
සෑම දිනෙකම බීමත්ව සිටින මලිතයා දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.

"ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්‍රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම."

එය අසා සිටි මලිත ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.

"ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ."

8.
"ගමිනදයා කියනවා එයා ජීවිතේටම ආශ්‍රය කරපු ලස්සනම කෙල්ල මමලු"

නිතර දොඩමලු වන නිලූකා, වසන්තා ඉදිරියේ ඇති පුටුවේ වාඩිවෙමින් කීවාය.

"ඔහොම තමයි අනේ, ඔය මලිත ඉඳ හිටලා ඔය විධියේ පට්ටපල් බොරුත් කියනවා"

 ලිපිගොනුවක හිරවී සිටි වසන්තා එම ගොනුවෙන් හිස ඔසවමින් කීවාය.

9.
කින්ග්ශාන්, රසික සමග අවන්හලින් පිටතට පැමිණියේ හොඳ පදමට රත්වීමෙන් අනතුරුවය. නිවෙස් බලා යාමට බස් නැවතුම් පළ වෙත ඔවුන් දෙදෙනා ගියේ විසිවෙමිනි. එසේ යමින් සිටියදී රසික කින්ග්ශාන් ගෙන් මෙසේ ඇසීය.

"මචං , ශානයෝ උඹට වැඩියෙන් වදින්නේ ගල්වලින් ද එහෙම නැත්තං පොල් වලින් ද?"

කින්ග්ශාන් පියවෙන තම දෑස් අමාරුවෙන් හැර මෙසේ පිළිතුරු දුන්නේය.

"බාර් එකේදි නම් ගල්වලිනුත් වදිනවා, පොල්වලිනුත් වදිනවා. ඒත් ගෙදරදි වදින්නේ පිඟන්වලින්."

10.
කන පලෙන්න බීමත්ව පැමිනි මාර්ක්ගෙන් ඔහුගෙ යාලුවෙක් වෙන භවන්ත පැනයක් ඈසීය.

භවන්ත : අඩෝ මාකෝ...ඇත්තද බං මේ ලෝකේ කැරකෙනවා කියන්නේ...???

මාර්ක් : තොට පිස්සුද ‍යකෝ...තෝ මං නැති අතරෙ මගෙ ඇදයට තිබුණ කසිප්පු බොතලෙ බිව්ව නේද..??

 

අසභ්‍ය හාවා (බනියට නෙමේ)

මේ අපේ හාවා කරපු අලි සෝයි වැඩක්,

දවසක් බලනකොට හාවා බැහැලම ගේමක් ගහනවා පන අමාරුවෙන්, දැන් මම බැලුවා යකෝ මොකද්ද මේ කරන කුණුහබ්බෙ කියලා.

බැලින්නන් තාමාගේ වර්ගයා බෝකිරීමේ ව්‍යාපෘතියකට පනපොවනවා

අඩේ එකපාරටම මෙතනට අම්මයි නංගියි පැන්නෙ නැතෑ, මම පොඩි එකානෙ සහ මුන්ගෙ ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න බැරි නිසා මම කිව්වා "මේ මොකද්ද මේ කරන්නෙ?"

අම්මට දැන් එනවා හිනාවක්, "නෑ මුකුත් නෑ"

එතකොටම එතන හිටපු නැංදාට කියවුනා මහ අසභ්‍ය හාවෙක් කියලා,

ඉකේ එදා ඉදන් ඌ අසභ්‍ය හාවා,

මමත් කිව්වා ඒ වෙලාවේ "මූ හොද වෙලාවට අසභ්‍ය උනේ, නැත්තන් තව ඉන්නවනෙ වල් කුපාඩි වනචර හාවොත්" කියල මම සද්ද වහලා හිටියා. 





May 28, 2011

ඊබේ මගින් අයි-පොඩ්ඩෙක් මිලදී ගත්තෙමි! සහ External HDD Update!

ඔන්න එහෙනන් මේකයි කතාව,
මම අයි-පොඩ්ඩෙක්ට බිඩ් කරා (Water Damaged, but working ) දාලා තිබ්බෙ 1st Gen කියලා, බිඩ් ඒ කියන්නෙ මගේ බිඩ් එක උනේ 52$ ඒක තමා ලොකුම එක ඔන්න ඉතින් ඊයේ පෙරේදා භාණ්ඩෙ ආවා කියමු, ආව පාර්සල් කෑල්ලෙ තියෙන්නෙ"Used MP3 Player" කියල, භාන්ඩෙ එල. ඒපාර Sync කරලා බැලුවා වැඩ, ඔන්න දැම්මා කියන්නකො සිංදුවක් මෙන්න මේක ඇහෙනවා ඉස්පීකොරෙන් අෆ්ෆට සිරි, ෆූසො පැනපි කිව්වලු! ආයි පොඩ්ඩක් සෙටිං වලට වැඩම කොරලා බැලින්නන් නිල්දතුත් (Bluetooth) වැඩ! මම ඊයෙ රෑ ජේල්බ්‍රේක් කරලා දැන් 5Gb ගේම්ස් හිටන් දාලයි තියෙන්නෙ










සුෆිරි කිව්වලු!

මටත් ඉතින් දැන් ෆුල් හැපි,
ඒක නෙමේ අර අර හාඩ් එකේ පොර ඌ මට කාසියක් එවලා *බඩුව ඊබේ එකේ බිඩ් එක යන්නෙ 45$ වලට* මම උගෙ අම්මා අප්පා මතක් කරලා සිංහල, ඉතාලි, ප්‍රංශ, සිම්ප්ලිෆයිඩ් චයිනීස් යන දන්නා භාශා වලින් යැවුවා මේල් එකක්, තොගෙ අහ-වල්ල කඩනවා මගේ එහා පැත්තෙ හිටියනන් කියලා.

මට වැටුන අයි-පොඩ්ඩා හේතු කරගෙන අරකෙ දුක දැන් අඩුයි.
එහෙනන් ඔන්න අපි කැපුනා! ජය වේවා

ආච්චිගෙ ඉන්ටර්නෙට්

(ඉන්ටර්නෙට් ගැන හිනායන්න එඩිට් කරලා දාන කතාවක්)

ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං

~හෙලෝ මලියා
   - කියන්න මචන්!
~ඔයි මගේ සයිට් එකට හැකෙක්ද කොහෙද ගේම් එකක් දෙන්න ට්‍රයි කරලා, හැබැයි තාම වැඩ නෑ
  - පොඩ්ඩක් හිටු බලන්න, කැකිරි පැලෙන ටිකිරි හිනාවයි කිව්වලු නෑනේන්නං!
~අනේ බෑ බං, මට දාඩියත් දාලා, මොකෝ කරන්නෙ?
  -ගූගල් කෑශ් එකේ තියනවනන් කොපි පේස්ට් වත් කරගනින්
~අනේ යකෝ එහෙමවත් බෑනේ!
 - පොඩ්ඩක් ඔහොන් හිටු,

පහලා තට්ටුවට ඔලුව දා

"අම්මේ ඉන්ටර්නෙට් නෑ!!!!!!"

ආච්චිගෙන් ඔන්න රීප්ලයි එක

"කවුද?, ඉනටානෙට් නැතිවෙලා ද? කවද්ද? කීයටද?"

මලහත්තිලවුවයි! ඉකේ මටමයි නෝන්ඩිය අරූ තාම ලයින් එකේ

වෙච්ච සන්තෑසිය උට කිව්වාම ඌ බකබක ගාලා හිනා වෙනවා,
ඉතින් මම කිව්වා
"හිනා නෙමේ බොල!, අඩපිය තොගෙ ඇකවුන්ට් එකත් බ්ලොක් නෙ?" කියලා!


May 23, 2011

නොබොන උන්ට බොන එවුන් ගැන ඇති කැසිල්ල මොකටද?

මට මේක ලියන්න හිතුනෙ අසංකගෙ පෝස්ට් එකක් දැකලා,

මම මේ කියන්න යන්නෙ 365 දවසම බ්ලැක්-අවුට් වෙලා ඉන්න ඩයල් වලට නෙමේ,
සාධාරණ ලෙස හරිහම්බ කරලා නිවාඩු දවසට ඒ හම්බ කරපු ඒවායින් සුලු කොටසක් වියදම් කරලා ශොට් එකක් ගහලා නිදාගන්න කට්ටිය වෙනුවෙන්,

මුලින්ම මොනවටද බොන්නෙ?
               ~අනේ පවු පොඩි එකා මූ දන්නෑ!~
 බොන එකේ ආතල් ඇති, මට වගේනන් නිදාගන්න අමාරු, හිතට අමාරු දවස් වලට පට්ටම බෙහෙත!

ඕකෙ තියන හොදේ මොකද්ද?
             ~උබම නේද කිව්වෙ නිදාගන්න පට්ට කියල~
මේකයි ඕකෙ ඇති හොදකුත් නෑ, හැබැයි එහෙම කියනවනන් නරකමත් නෑ
නරක මේකයි, ඕකට සෝඩා හරි ඩ්‍රයි ජින් ඒල් ටිකක් හරි දාලා බිව්වෙ නැත්තන් තමා ටොපිය. ඕවා බඩවැල් වල පිලිකා ඇති කරවනවා.

එතකොට නොබොන එවුන්ට බොන එවුන් ගැන ඇති කැසිල්ල මොකටද?
              ~ඇයි, නැතුව පෝස්ටරයක් වත් ගහන්න බෑනෙ ආතල් එකටවත්~
තමන් හරි විදියට හම්බකරගත්ත දෙයක් තමාගෙ යුතුකම් ඉටුකරලා ඉවරවෙලා යම් ප්‍රමාණයකට පැලපැදියම් වෙනවනම් අනුන්ට කරදරයක් නොවෙන්ට ඒක කමක් නෑ, කොහෙද යන කාළකණ්ණි රෑලක් මහජන මුදල්(මෙහෙම කිව්වෙ කාගෙ හරි සල්ලි නිසා) ගසාකමින් පෝස්ටර් ගහන එක වැරදී. මොකද අම්මා අප්පගෙ සල්ලි බෝතලයක් ගත්තනං අර පෝස්ටර් ගහන්න ඕනෙත් නෑ, බ්ලැක් ලේබල් එකක් සති දෙකක්වත් තියාගන්න පුලුවන් සාමාන්‍ය පදමට භාවිතා කරොත්.

මම මේක මෙහෙම කිව්වෙ ඇයි?
                    ~උබට කැහිල්ලනෙ~
 මම අම්මාපා අර 365දවසෙම බ්ලැක්-අවුට් වෙලා ඉදලා තියන එවුන්ට බැනලත් තියනවා, බැනලා හැදිච්ච එවුනුත් ඉන්නවා, තවත් නොආහා වල පල්ලටම ගිය එවුනුත් ඉන්නවා.
කරුමෙ කියන්නෙ මම ඇබ්බැහි වෙච්ච කාලයක් තිබ්බා මෙව්වට, නමුත් දැන් සාමාන්‍ය ලෙස ගත කරනවා,

May 14, 2011

යකාගෙ කෑමක්නෙ කන්නෙ!

කතා දෙකක් තියනවා, කියවලාම බලන්නකො කොහොමද කියල,
ඔන්න අද කොටන්න ගිය එක නෙමෙ කොටන්නෙ මොකද 'මලියා ගාල්ලෙ නටපු පිස්සු' දානවනන් අනිවා ඩෙෆා විරුද්ද පාර්ශවය, ඒ කියන්නෙ රජයේ පාර්ශවයෙන් පොඩි අවසරයක් ගන්න වෙනවා. (නැත්තන් සුදු වෑන් එකක් එවුවොත් මොන දෙයියන්ට කියන්නැයි).

හරි හරි කතාවට බහිමුකො,

අද රෑ නටපු පිස්සුවක් මේ කියන්න යන්නෙ, කස්ටිය කාලා තියනවද උයපු මාළු, උයපු වට්ටක්කා සමග ලුණුවල පොඟවපු මිරිස් එක්ක එකට බැදලා කාලා?
ආයි ඔය හම්බවෙන වෙලාවක් බලලා හදලා කාලා බලන්න,
මම හැදුවා, හැදුව විතරක් නෙමේ හදලා අම්මගෙන් "ඕකාට පිස්සු" කියලත් අහත්ගත්තා.
මෙහෙමයි බෝතල් කාලෙන් භාගයක් හෝ ඊට වැඩිය දාලා මුලින් මාළු කෑලි දෙක තුනක් දාන්න, ඊටත් පස්සෙ වට්ටක්කා ටික දාන්න, ඔන්න ලාවට බැදුනාම මිරිස් ටික දාන්න.
ඔන්න අරගෙන බත් එක්ක රිසිසේ බුක්ති විදින්න.

දෙක -,

මම තමා 2010 රිය නියාමක අංශයේ නායකයා, හැබැයි කතාව 2009 එකක්,
සම්බන්ද කස්ටිය තමා මම, හිරාන් (මාස්-කරාල), ඩිහාන් (පී.එම්.), තනූශ (තනකොටා) තව හිටියා ඒගොල්ලො තමා මට වඩා ලොකු සෙට් එක, තනයා ඇරෙන්න අනිත් සෙට් එක බොක්කෙ සෙට් එක,
අපිට කිව්වා බාලාංශයේ අලුත් මල්ලිලා එන නිසා පිට්ටනියෙ වාහන හසුරවන්න කියල.

කොහොමින් කොහොම හරි 11ට විතර අපිට කන්න එන්න කිව්වා, මමනන් කවුද ඉන්නෙ කියල බලන්නැතුව කිරි පැකට් 10ක්ද කොහෙද අරගෙනත් දුන්නා. අතේ තියෙන්නත් එපැයි.
ඉතින් ඔෆිස් එකට දැන් කස්ටියම රිංගුවා. අපේ ලොකු අයියා(ප්‍රින්සිපල් ගොයියා) ඇවිත් කිව්වා,
"බොහොමත්ම ස්තූතී ඔයගොල්ලන්ගෙ වැඩේට, පුතාලා දැන් කන්න" කියල.
කිව්වා විතරයි කස්ටිය හොයාගෙන ගිහින් කෑවෙ.
තිබ්බෙ කිරිබත්, ලුණුමිරිස්(හෙන පොඩ්ඩක්), කෙසෙල්, බිස්කට්(පෙට්ටියක්ම දුන්නා).
දැන් කස්ටිය හිටගෙන ඉදගෙන ගේම දෙනවා. ලොකු අයියා ආවා මම ගාවට(සෙට් එකෙන් පොඩ්ඩක් එහා මම හිටියෙ),
"හ්ම්ම් මදි වෙන්නැතෑ, යකාගෙ කෑමක්නෙ කන්නෙ නැද්ද ලමයො"
ඔච්චරයි කියන්න හම්බඋනේ හිරාන් අයියා ඇවිල්ලා සර්ට කියනවා,
"මෙන්න, සර් 2011 කැප්ටන්, හොදට බලාගන්නකො"
එයා අහිංසක හිනාවක් දැම්ම,
'දැන් මූ ගිහින් අනිත් එවුටත් කියයි' කියල වගේ.
කොහොම හරි කාටද එකෙට්ට ඉස්මුරුත්තාව හැදිලා ශේප් එකේ පංතියෙන් ගිහින් තිබ්බා.

ජය වේවා කියල අපි කැපුනා!

May 2, 2011

බලන්නකෝ මේ නම් හුරුද කියල, ද IIන්ඩ්

අපේ ජනනාත්ගෙ පැත්තෙ ‍පාම් එකක් තියෙනව ඕකෙන් අපේ පැත්තෙ හුගක් අය උදේට එලකිරි ගන්නව.........
ජනායි කොල්ලො සෙට්එකයි එකක් එකතු වෙලා ඕකෙ අයිතිකාරයාව බයිට් කරන්න හිතන් කොල් එකක් දුන්න

ආ........  ඩඩ්ලි අංකල්ද........

ඔව් කතාකරනවා...........

ආ...... අංකල් අද උදේ ගෙනිච්ච කිරි නිකන් වතුර වගේනෙ....

ඒ පාර මූ කියාපි..........

ඇ.... බොල..... හු***  කොලුවො... කිරි වතුර වගේ හින්ද තමයි බෝතල් වලට දාල දෙන්නෙ නැත්තම් මම තොපිට කෑලි කපල කන්න පිගන්වලට දාල දෙනවනෙ....

ආරන්චිය ජනාට කට උත්තර නතිව ගියා කියලයි

මේ දෙවෙනි ඉස්ටෝරිය,

මලියා කියල හැන්සම්, එල, අහිසක කොල්ලෙක් ඉන්නවා මිනිහා මහ රෑ බුකියෙ දාලා තියනවා

"මට කැමරා කට්ටක් හොයල දීපියවු! DSLR or SLR!" කියල.

එතකොට ගාමින්ද මල්ලි අහනවා

"මොන වගේ එකක්ද" කියල,

"යකෝ ගහල තියෙද්දි මොන වගෙද කියල අහන්නෙ dslr හරි slr එකක් හරි අඩුවට තියන එකක් ලින්ක් කරන්නෝ!" කියල මලියගෙන් රීප්ලයි එකකුත් තිබ්බා.


"අහ් ෆොටෝ වදින එකක්ද ?" ඔන්න ඉතින් මූ සිගිති ආතල් එකකුත් ගත්තා.


"ෆොටො ඇන්ඩ් 720පී එම්.පි.4 තියන එකක් උනත් ශෙප්, ගාන අඩුවෙන්" - මලියා.

"අඳෝමැයි. ෆොටෝ ගහද්දි ඇස් කඩං යන එලියකුත් ඕනෙ ද ?"

"නෑ, හැබැයි තිබ්බත් පුරස්නයක් නෑ."

"හ්ම්ම්. ඉස්සරහ ලෙන්ස් එකක් තියෙන්න ඕනෙද ?"

"නැත්තන් බන්"

"හ්ම්ම්. උඹට ඔය ඕනෙ කරන ජාතියෙ එකක් ගන්න යන්න වෙනව ඉතියෝපියාවට. හෙටම ලෑස්ති වියන්. මටනම් වීස පාස්පෝට් මොකුත් නෑ. උඹ මටත් එක්ක හදල ගනින්. යාලුව හින්ද ඔය වගේ එකක් 100000000000$ වලට අරං දෙන්නම්. :D "

ඔන්න ඉතින් අසරණ කොල්ලට කරපු දේ, රෑවැට්ටුවා!



Apr 27, 2011

මලියගෙ කාචයේ රැදුනු මතක

















හොද නරක ගැන පොඩි සටහනක් දාලා යන්න අමතක කරන්න එපා.

Apr 25, 2011

නුවරඑළියේ ප්‍රොජෙක්ට් එක


--------------------------->



තාත්තාගේ කම්පැනි එකෙන් මටත් පොඩි චාන්ස් එකක් සෙට් උනා නුවරඑළියට යන්න, ඉතින් මම, මල්ලි, නංගි, අම්මා ගියා. ගියා වගේ නෙමේ හෙන වැඩ ටිකක් තිබ්බා. කොහොම හරි මම සතියෙන් කදුරටින් පල්ලම් බැස්සා. අනිත් සෙට් එක එහෙ, කස්ටියට අවුරුදුත් නෑ.

ඉතින් මහන්සියේ හැටියට ප්‍රතිපල ලැබුනා.

වික්ටෝරියා පාර්ක් එකේ සමර් හට් එක හදන්න තිබ්බේ.

මට පට්ට ආතල් ඇයි මම කාර් එක එද්දී නිකන් බලන්නේ අයිතිකාරයා එනවා වගේනේ, මම ඔන්න පොටෝ ටිකක් දානවා බලන්න.

ජය වේවා කිව්වා, අපි කැපුන!

Apr 23, 2011

ඊබේ මගින් 1ටීබී හාඩ් එකක් මිලදී ගත්තෙමි!

මගේ ලැප්-උත්තමාවියගේ රැම් එක හා හාඩ් එක රීප්ලේස් කලයුතු බව දැන ගන්නට ලැබිනි. කෑල්ලක් නැති මට ලැපත් සැපයි කියාගෙන හිටපු මිනිහා අඩාගෙන පියානන් වහන්සේ ලගට ගොස් ඇවිටිලි කොරන්නට විය,

"තාත්තේ මගේ ලැපේ හාඩ් එකයි රෑම් එකටයි කෙලියා, මම ඉදල වැඩක් නෑ"
"මොකද උනේ?"

බ්ලා බ්ලා බ්ලා....

ඉතින් ඕක කැඩුනා කියල හදන්නැතුව සතියක් පමණ හිටියා.
කොහොමින් කොහොම හරි පියානන්ට පිටරට ගමනක් සෙට් වෙලා ඒ කංට්‍රියට වැඩම කොලා
ඔය අස්සෙ මොකක් හරි හේතුවකට රැම් හාඩ් නෙමේ අලුත් ලැප්-රත්නයක් උස්සන් ඇවිල්ලා තිබ්බා. අනේ මට දුකාකාකායි වගේ නිසා ඊබේ එකේ හෙව්වා, හාඩ් එකක් හම්බ උනා රාජධානියේ වැටිල තිබ්බ තාත්තගෙ ක්‍රෙඩිට් කාඩ් එකට පින් සිද්ද වෙන්න මම 35$ වලට එක්ස්ටර්නල් හාඩ් එකක් ගත්තා. මම කලින් ඊබේ ගනුදෙනු කරල තියන හින්දා පේපැල් එකවුන්ට් පොජ්ජකුත් තිබ්බා. මම මේ කරපු වැඩේ අවුලක් නැද්ද කියල හෙට උදේ වෙද්දි දැන ගන්න පුලුවන්.
මේ වගේ වාසි දායක අයිටම් ඊබේ එකේ වැහි වැහැලා තියනවා, මම කියන්නෙ අහුවෙන්නැතුව වැඩේ ගොඩ දාගන්න කියල. ඒ හාඩ් එක Western Digital My Passport Essential SE 1TB USB 3.0 US කියල තිබ්බෙ.
එල-වේවා කියල අපි කැපෙනවා

Apr 20, 2011

ඇම්ඩා ද සෙකන්ඩ්,

ඇම්ඩා චූ කොල්ලා කාලෙ ඉතින් ගහපු අතක් නෑනෙ, මිනිහා එක එක ප්ලේස් වල රවුන් ගගහනෙ ඉන්නෙ, ඉතින් ඔහොම රස්තියාදු ගහන කොට වෑන් එකක් ඇවිල්ල ඇහුවලු
 "මල්ලි මේ පාර කොහෙද යන්නෙ" කියල
 "මෙහෙමයි අයියා දවල්ටනන් පාර කොහෙවත් යන්නෑ, හැබැයි රෑට කොහෙහරි යනවද කියල දන්නෑ"

පන්තිභාර ගුරුතුමා දුවගෙන ඇවිල්ලා කෑගහල කිව්වා "විභාගෙට තියෙන්නෙ හරියටම තව දවස් දෙකයි. ප්‍රශ්න පත්තර අච්චු ගහන්ඩ දීලත් ඉවරයි. ඔය ළමයින්ට මුකුත් ප්‍රශ්නයක් එහෙම අහන්න තියෙනවද?"
ඇම්ඩා හයියෙන් කෑගහල ඇහුවා "සර් මොකද්ද ඒ ප්‍රින්ට්න්ග් සර්විස් කරන ප්ලේස් එක" කියල,

Apr 7, 2011

තවත් දුරකතන ඇමතුමක්.........

මන් හදිස්සියෙ මැරුනොත් ඔයා මොකද කරන්නෙ...?
වෙන කෙනෙක් කසාදබදිනවා..
මෝඩයා....
ඇයි..
මගෙ හිත ඔයා ගොඩාක් පෑරුවා..... මාව අමතක කරන්න ඔයාට පුලුවන්ද...?
කවුද කිව්වෙ ඔයාව අමතක කරනවා කියලා...
කැමතිද මන් තනිවෙනවට...
ඒකට විසදුම වෙනකෙනෙක්ව බදින එකද?
වෙන මොකද්ද...
මන්දන්නෙ නෑ....
කැමත්තක්...
එහෙනම් තරහගත්තෙ.....
ඔයාට තේරෙන්නෙ නෑ....
බඳිනව උනත් එහෙම මුණට කියනවද? මන් හිතුවෙ ඔයා වෙනුවෙන් තව අසරණ කෙනෙක්ට ජීවිතයක් දෙන්න...
බෝධිසත්වයෙක් වෙන්නද...?
නෑ... නිකමට... කොහොමත් අපි බැන්දත් මමයි මුලින්ම මැරෙන්නෙ.....
එ ඇයි...?
මටනෙ එතකොට අඩන්න වෙන්නෙ ඔයා මැරිල ඉන්නව බලන් ඉන්න බෑ....
පොරොන්දුවෙන්න.... ඔය අත්දෙකෙන් මගෙ අවසන් කටයුතු කරනව නේද..??
කොහොමද?..... ඔයාම කියන්න...
අම්මා එනවා....?
තියන්නම් පැටියො... උම්මා

බීප්... බීප්.... බීප්....

Apr 4, 2011

සයිබරයේ සිහින උළෙල













මාරයා සහෝදරයා

වැප් අයියා



















"මේකා බෑ කියනවනෙ"

"දැන්නන් වැඩී වගේ"

"හදිස්සියක් නෑ කාලා වරෙන්, එකෙක් දිව්වා"














සිරාම සිරා පැය කිහිපයක්, අනිවා ආයි පවත්වන්න වටිනවා.