Showing posts with label අනන් මනන්. Show all posts
Showing posts with label අනන් මනන්. Show all posts

Jan 7, 2014

තාත්තට දෙකක් තියනවා!!

ඔන්න අද ඇංඩර්සන් ලමයගෙ කතාවක්!
ඉස්කෝලෙ කියපු කතා හිටපු ගමන් මතක් වෙද්දි ටිසූ කොල වලත් ලියල ගෙදර අරගෙන එනවා බ්ලොගේ කොටන්න කියල කොහෙඩහ් සමහරක් එව්වා කලිසමේම දිය වෙලා..

වටේ දිව්වා ඇති කතාවට පනිමුකො..

ඔන්න ඇංඩර්සන් ඉස්කෝලෙ ලොකු පන්තියක ඉන්නකොට පන්ති භාර මැඩම්ට හිතුනලු මුං අල්ලං සෙල්ලන් කොරනව වැඩී, කියල දෙන්න ඕනෙ 18+ අද්දයාපනය (මමත් ඉක්කෝලෙ ගියෙ නෑ ඈ!) කියලා.

ඉතින් සදුදා උදෙම්ම ටීචැර් ගෙනාවලු ලොකූ....... පොටෝ වගයක් අවයව තියන.. 

ලමා..යි!!! වාඩි වෙන්ඩ!!! අද අති විසේස පාඩමක් කරන්ඩ තීනවා!!! ඔන්න ඉතින් එයාගෙ ගොරහැඩි සුකුමාල වොයිස් එකෙන් නිවේදනය කරාලු..

කෝම හරි ඔය බෝඩ් දැකපු ඇංඩා අද පන්තිය ඉස්සරාහින්ම වාඩි වෙලා හිටිය.. ඌ දන්නවා අද මොකක් හරි හත්තිලව්වක් වෙන්ඩ යන්නෙ කියල. දෙංනං ජම්බු කියල මූත් ඉස්සරහින් හිටියට ටීචැර් දන්නවා අද ගූ කේස් එකක් තමා කියල මූ ඉස්සරහ ඉන්න එක..


කොහොමින් කොහොම හරි ගත්තලු ටිං දෙකක්... නෑ නෑ පියයුරු දෙකක්..

ලමායි මේ මොනවාද?? ගුරුතුමිය අහනවලු.

ඇංඩං ගෙ කෙල්ල කිව්වලු ආ ඔය ඇංඩගෙ ආසම කෑමනෙ "බනිස්"!!

මොකක් කිව්වා!! "නෑ නෑ මිස්, පියයුරු.. අපෙ අම්මට, නැංදට දෙක ගානෙ තියනවා"

ආහ් මේක මොකද්ද?? යට කොටසක් පෙන්නුවලු..

ඇංඩගෙ හොදම යාලුවා කිව්වලු ආහ්, උත්ත, ඕක කොහෙන් බැලුවත් පේනවා දෙකක් විතර තියෙන්නෝනෙ  කියලා...

මල පැනලා කිව්වලු නෑ මේක"අර අවයවය" (මතක නෑ බොල) එකයි තියෙන්නෙ කියල..

ඊට පස්සෙ පෙන්නුවලු අහ-වල්ලක්..
















ඇම්ඩා පැනලා කිංව්ව අම්මට හුඩු ඕවෑයිං දෙකක් අපෙ තාත්තට තියනවා එකක් චූ කොරන්න අනිත් එක අපෙ අම්මගෙ දත් මදින්න කියලා!! 







Jul 7, 2011

ගල් ගැන තවත් ඇසකින්! :D

ටියුබ් ලයිට් ඉන්නවනන් කොස්සකින් ගහගෙන හරි පත්තු කරගන්න, දැන ගැනීම පිනිසයි!

වීදුරු හා ගල් එකම වර්ගයට අයත් වේ... තවද විවිධ ගල් වලට වීදුරු කැපිය හැකි නමුත්, කිසිදු වීදුරු වර්ගයකට ගල් කැපිය නොහැක... ගලකට ගලක් , ගල් කැපී යාම සුලභ වුවද, වීදුරු වීදුරු කැපී යන්නේ දුලභවය.... එවැනි දුලබ අවස්ථා ආප්ප දැමීමේදී පමණක් සිදුවේ....!

බොහෝ ගල් හොදින් ඔප දැමිය හැක.. එසේ ඔප දමන විට අතුරු ඵල ඉවත් කළ යුතුය.. එම ගල් ඔපදමා ටොපියක් ආකාරයෙන් පෙනෙන ලෙස සකසා හරවා බැලූ විට නූලක් වැනි යමක් දැකිය හැකිය.. ඒවාට ආරු නූල් ලෙස කියයි..!

හොද වර්ගවල ගල් වුවද කාලයක් ඔප නොදැමීමෙන් මිලින වි යයි... එවිට ඒවායේ පොල් කුඩු වැනි යමක් බැදෙන අතර පසුව ඔප දැමීමට පෙර පොල් මුඩ්ඩකින් හෝ අතුල්ලා සේදිය යුතුය... බොහෝ වේලාවක් ඔපදැමීමෙන් පමණක් මේවා යතා තත්වයට පත් කල හැක...!














මේක ෆොටෝ එකක කමන්ට් වලට වැටිච්ච කතාවක්, ලිව්වෙ මැක් ඒයින්ස්(Mac Eins) මිනිහගෙ නම දන්නැති නිසා හා ඔන්ලයින් ආවෙ නැති නිසා මුකුත් අහන්න/කියන්න බෑ. ඕ.පී. කියලා මම ඉතින් දැම්මා.

කස්ටියට ජය!

Jun 20, 2011

"තාත්තෙ මේ...!" සහ "අංකල් වෙලාව?"

මේ අපේ සෙට් එක දවසක් බස් එකේ සෙට් වෙච්ච වෙලාවෙ උන සීන් එකක්,

මේකයි කතාව, මමයි (දෙන්නට පුබ්බා, උදියා කියලා ගමු) මුන් දෙන්නයි බස් එකේ යනවා යද්දි ඉතින් එක එක පිස්සු විකාර කර කරනෙ යන්නෙ,

එක පාරටම බස් එකට නැග්ගා පොඩි කොල්ලෙක් අවු;4ක් 5ක් ඇති මිනිහා අම්මා, අනේ මංදා අම්මා කියන්නත් බෑ, නිකන් අක්කා වගේ. උදියා පැණි බේර බේර හිටියා අපේ වයසෙ කියලා.

කොහොම හරි පොඩ් එකාගෙ අතේ තිබ්බා කාර් පොඩ්ඩක් මිනිහ ඕක වද්දන්න ගත්තා පුබ්බගෙ කකුලෙ, මිනිහා පහල බැලුවා විතරයි "තාත්තෙ මේ..."
අම්මා ගහයි පොල් පිත්තෙන් කිව්වා, අරූ සුදුමැලි වෙලා කෑගහනවා

"අඩෝ පොඩි එකා මැරුම් කන්න එපා" කියලා.

අර අක්කටත් වස ලැජ්ජාව, හැබැයි ඕකෙන් මම අංකල් එකෙනෙක් උනා විනාඩි 2කට හරි. අර අක්කා කට වහගෙන බස් එකෙන් බැස්සා.








ඕන් අනිත් එක,

මම ඉස්කෝලෙ ඉස්සරහට ගියා සාපෙ ඉවරවෙච්ච ගමන්ම වගේ,
ඔය අස්සෙ පොඩි එකෙක් ලඟට ආවා

"අංකල් දැකලා පුරුදුයි වගේ"

"ඕයි මම මලියා!"

අනේ ඒ මල කරුමෙ ගියා කියන්නකො, මෙන්න තව එකෙක් ඇවිල්ලා අහනවා

"අංකල් වෙලාව කියන්නකො?"

මගෙ මල අතේ,

"07.15, පල ඇතුලට පොඩි එවුන්ට අංකල් කියන්නැතුව"

මම ආයි ඉස්කෝලෙට ආවෙ 10 පහුවෙලා, නැත්තන් එතන හිටගෙන හිටියනන්, 10 වෙනකොට මුන් මාව සීයා කරලත් ඉවරයි.

Jun 18, 2011

රිය පුහුණු අතර, විටින් විට ඇසුණු ප්‍රශ්ණ සහ පිස්සු පිලිතුරු

නිකන් ඉන්න එකේ පොඩ්ඩක් හිනාවෙන්න පෝස්ට් එකක් දාන්න හිතුවා, මෙච්චර දවස් දුන්නෙ තොල විකාගෙන, ඇස් ඉදිම්මවගෙන දාපු පෝස්ට් නෙ. පොඩි කොල්ලෙක්ගෙන් තමා මේ ප්‍රශ්ණ ටික අහල තියෙන්නෙ, හිනා යන්නැත්තන් සමාව භාජනේකට දාලා කස්ටිය කිති කවා ගන්නකො.
 

ප්‍රශ්ණය - ඔයා නවත්තනවද ඇස් පේන්නැති කෙනෙක් පාර පනිනවන්?
පිළිතුර - පිස්සුද? මිනිහට මගේ නමබර් ප්ලේට් එක පේන්නෑනෙ!

ප්‍ර - මීදුමක් තියන වෙලාවක රිය පදවනකොට මොකද්ද ඔයා පාවිච්චි කරන්නෙ?
පි - කාර් එක O.o

ප්‍ර - කොහොමද රිය අනතුරු අඩු කරගන්නෙ ඔයා?
පි - මමත් කාර් එකේ යතුර නැතිකරගත්ත බුවෙක් වගේ උඩ බලාගෙන ඉන්නකොට අඩු වෙයි

ප්‍ර - ඔයාගෙ ජීවිතේ කොච්චර වෙනස් වෙයිද නීති ගරුක නොවන විදියට වාහන පදින්න කියලා කිව්වොත්?
පි - අෆ්ෆො කිසි ප්‍රශ්ණයක් නෑ, හැමදාමත් එහෙමනෙ

ප්‍ර - මොනවද මූලිකව කරන්නෙ කාව හරි පසු කරොත්?
පි - හොදට බලනවා කවුද කියලා, ලස්සන කෙනෙක්නම් ඇහැක් ගහනවා

ප්‍ර - මාර්ග තදබදයට ඔයා පාරෙ යද්ද කරන්න පුලුවන් හොදම විසදුම මොකද්ද?
පි - ලොකු බෝම්බයක් අරගෙන ගිහින් දවල්ට යන පාරෙ රෑට ගිහින් තියලා, එදා දවස ඔෆිස් එකේ නිවාඩු දානවා.


ප්‍ර - පොලිස් ඔෆිසර් කෙනෙක් වෙන්න කැමති නැද්ද?
පි - ආපෝ උදේ ඉදන් ඔලුව කාගෙන, බැණුම් අහගෙන, තමාටම වල කපාගන්න ඕන්නෑ,

Jun 5, 2011

පොඩි ප්‍රශ්ණයක්, දන්න කෙනෙක් උත්තරයක් දෙන්න

ප්‍රශ්ණෙ තමා
දෙවියො අපිත් එක්ක තරහද නැත්තන් අපි කරන වැඩ වලට එතුමාට අපි ගැන කලකිරිලද,

මගෙ වැඩනන් නෑ එතුමට කලකිරෙන්න, මම කනතරමක් කන්නෙ කටු, දැන් 4.22 උදේ, කියල වැඩක් නෑ.

මම නැගිටල ඉන්නෙ මගේ නෙතූව මට මතක් වෙලා, ප්‍රසන්න(වල් මාළුවා) පිස්සි අක්කා තමා හොදට දන්නෙ කතා සැට් එක.

මම පිරිටන් කාලක්වත් ගහලා නිදාගන්න හැදුවෙ, ඉස්පෙසල් හලාගෙන සුවදක් එහෙම ආවොත් ගෙදරත් ඉදලා හමාරයි නොවෑ.

Jun 4, 2011

හොටේහොට් (හැබැයි පොඩ්ඩක් නිවිලා) නිවුස් බයි මලියා

ජනනාත් කිදෙල්පිටිය හෙවත් අපේ ආදරනීය ජනා දැන් 12වන බූට් සපත්තුව ලුණු ඇඹුල් ඇතුව කන්න යනබව ආරංචීවේ.

නොද-කිං හෙවත් කිංශාන්(බ්ලොග් ශාන්) විසින් මිනිහව "අහිංසක පෙම්වතුන්ගේ පාරාදීසය" ගෲපයට ඇතුලත් කරගන්නා බවට විශේශ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී!

මැන්ඩියා හෙවත් මැන්ඩරීන ෆ්‍රොගී විසින් ජනාට මෙසේ කෙල්ලන් සෙට් කර ඔහුට කුපාඩි කම් කරන බව විශ්වාසවන්ත නොද-කිං නිවුස් සේවය පවසා සිටී!
--------------------------------------------------------------------------------------------------------------

මෙන්න දැන් ලැබුනු ප්‍රවුත්තියක්,

නොද-කින්/කිනා නොහොත් කිං ශාන්ව ගැහැණු ලමයින් 5 දෙනෙක් විසින් කලු වෑන් එකකින් පැහැරගෙන ගොස් ඇත.

කෝල්...

ඔවු මෙන්න පොලිසියෙන් අල්ලලා වෑන් එක, (අෆ්ෆා පැය 8ක් මූ කොහොම හිටියද දන්නෑ)

ඔවු කිනා කියපං උබ කොහොමද දන්නෙ උබව ඉස්සුවෙ කෙල්ලොම 5ක් කියලා

මලියෝ උබලගෙ අත් වගේ නෙමේයි එයාලගෙ අත් සියුමැලී, සිනිදුයි, මට-සිලුටුයි!

(ආපෝ වලා,,) උබ කියාන් බලන්න දැන් මේක  අරමුණ මොකද්ද කියලා

මේ වල් කෙල්ලො ටික හදලා තියෙන්නෙ මගේ හිරිඔතප් බිදින්න

මචං කිනා පොඩ්ඩක් පැහැදිලි කරන්න උබව පැහැරගත් වෙලාවේ උන දේවල්..

මාව මුලින්ම වෑන් එකකට ඇදලා දාගත්තා, මගේ මූන බැන්දා, පැයකට විතර පස්සෙ මට මතකයි මාව කාමරේකට දැම්මා,

ඊට පස්සෙ,

කියන්න බෑ යකෝ(එහා පැත්තෙ එකාගෙ ශ්‍ර්ට් කට්ට විකයි!)
කමක්නෑ
ඒ වල් හැත්ත මගේ ඇදුම් ගැලෙව්වා,

පරීක්සනයකට වෙන්න ඇති!

පල යන්න

හරි හරි කියපං!

ගලවලා.... ගලවලා....

කියපන් කෝ!

මට කිතිකැව්වා!

ආපෝ මූගෙ නිවුස් එක චාටර්
---------------------------------------------------------------------------------------------------------
ගෙවිදු දයාල්, කවුද ඔහු තමා මේ දවස් වල ඇට්ටිව් පොරකට හිටියෙ චැටක් දාන්න, නමුත් ඔහු දැන් නෑ, ඇත්තටම කොහෙද මේ ගල් ආදා?

ඉන්නවා ඉන්නවා

කෝ කෝ

කොහෙවත් නෙමේ කිස් බවුන්(Chris Brown) ගෙ ඇද පල්ලෙ,

චීයා

නෑ යකෝ නෑ,,,....
මුන් දෙන්නා ඊයෙ රෑ මල්ටි ප්ලේයර් ගේම් එකක් ගහලා

ආ මම හිතුවේ

ආපෝ වලා

ඉහි ඉහි

අමු ගැහිල්ලක් ගහලා තියෙන්නෙ, ගෙවිදුවට අමාරුයි කියලා කියන්නෙ.

හෑ දැන් උබ කිව්වෙ මල්ටිප්ලේයර් කියලා

??????
-----------------------------------------------------------------------------------------------------------

 ගාමින්දයාගේ(Astro Boy) වැටීම හේතු කරගෙන ඔහුගේ ගෙදර සුද්ද සිංහල විදියට බලු කපුටු දානයක් දෙන්න යනවා කියලා ආරංචියක් ආවා, සති 1හමාරකට පෙර මෙම සිදුවීම වාර්තා උන ගමන් හොටේහොට් නිවුස් එක උබලට දුන්නා. දැන්.... හොව් හොව් කෝල් එක්.......

ඔව් මෙන්න දැන් ලැබුනු ප්‍රවුත්තියක් ගාමින්දයා කොටුවක් පනින්න ගොස් මාට්ටු වූ බවක් ඔහුගේ මවු පරානය විසින් හෙලිකැරුනි!

මූනන් ඉකෑයියා ඩයල් එකක් වෙලානෙ බං!

"ගාමින්ද! ඉන්න තැනකින් වර *විශේශන පදයක්* පුතෝ!"
                                                                     -පියා විසින් පුතාට දෙන්න කියූ පණිවිඩය

හොටේහොට් නිවුස් සමගින් මලියා






ඕවර් ඇන්ඩ් අවුට්!

May 28, 2011

ඊබේ මගින් අයි-පොඩ්ඩෙක් මිලදී ගත්තෙමි! සහ External HDD Update!

ඔන්න එහෙනන් මේකයි කතාව,
මම අයි-පොඩ්ඩෙක්ට බිඩ් කරා (Water Damaged, but working ) දාලා තිබ්බෙ 1st Gen කියලා, බිඩ් ඒ කියන්නෙ මගේ බිඩ් එක උනේ 52$ ඒක තමා ලොකුම එක ඔන්න ඉතින් ඊයේ පෙරේදා භාණ්ඩෙ ආවා කියමු, ආව පාර්සල් කෑල්ලෙ තියෙන්නෙ"Used MP3 Player" කියල, භාන්ඩෙ එල. ඒපාර Sync කරලා බැලුවා වැඩ, ඔන්න දැම්මා කියන්නකො සිංදුවක් මෙන්න මේක ඇහෙනවා ඉස්පීකොරෙන් අෆ්ෆට සිරි, ෆූසො පැනපි කිව්වලු! ආයි පොඩ්ඩක් සෙටිං වලට වැඩම කොරලා බැලින්නන් නිල්දතුත් (Bluetooth) වැඩ! මම ඊයෙ රෑ ජේල්බ්‍රේක් කරලා දැන් 5Gb ගේම්ස් හිටන් දාලයි තියෙන්නෙ










සුෆිරි කිව්වලු!

මටත් ඉතින් දැන් ෆුල් හැපි,
ඒක නෙමේ අර අර හාඩ් එකේ පොර ඌ මට කාසියක් එවලා *බඩුව ඊබේ එකේ බිඩ් එක යන්නෙ 45$ වලට* මම උගෙ අම්මා අප්පා මතක් කරලා සිංහල, ඉතාලි, ප්‍රංශ, සිම්ප්ලිෆයිඩ් චයිනීස් යන දන්නා භාශා වලින් යැවුවා මේල් එකක්, තොගෙ අහ-වල්ල කඩනවා මගේ එහා පැත්තෙ හිටියනන් කියලා.

මට වැටුන අයි-පොඩ්ඩා හේතු කරගෙන අරකෙ දුක දැන් අඩුයි.
එහෙනන් ඔන්න අපි කැපුනා! ජය වේවා

ආච්චිගෙ ඉන්ටර්නෙට්

(ඉන්ටර්නෙට් ගැන හිනායන්න එඩිට් කරලා දාන කතාවක්)

ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං

~හෙලෝ මලියා
   - කියන්න මචන්!
~ඔයි මගේ සයිට් එකට හැකෙක්ද කොහෙද ගේම් එකක් දෙන්න ට්‍රයි කරලා, හැබැයි තාම වැඩ නෑ
  - පොඩ්ඩක් හිටු බලන්න, කැකිරි පැලෙන ටිකිරි හිනාවයි කිව්වලු නෑනේන්නං!
~අනේ බෑ බං, මට දාඩියත් දාලා, මොකෝ කරන්නෙ?
  -ගූගල් කෑශ් එකේ තියනවනන් කොපි පේස්ට් වත් කරගනින්
~අනේ යකෝ එහෙමවත් බෑනේ!
 - පොඩ්ඩක් ඔහොන් හිටු,

පහලා තට්ටුවට ඔලුව දා

"අම්මේ ඉන්ටර්නෙට් නෑ!!!!!!"

ආච්චිගෙන් ඔන්න රීප්ලයි එක

"කවුද?, ඉනටානෙට් නැතිවෙලා ද? කවද්ද? කීයටද?"

මලහත්තිලවුවයි! ඉකේ මටමයි නෝන්ඩිය අරූ තාම ලයින් එකේ

වෙච්ච සන්තෑසිය උට කිව්වාම ඌ බකබක ගාලා හිනා වෙනවා,
ඉතින් මම කිව්වා
"හිනා නෙමේ බොල!, අඩපිය තොගෙ ඇකවුන්ට් එකත් බ්ලොක් නෙ?" කියලා!


May 24, 2011

චකිතය - නෙමිසිස්

සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියැදුනේ

හද දැවුනා කදුලේ ගිලුනා
නෙතු නිවුනා අන්දුරේ එතුනා
නිවුන ලොකෙ දැවුනා
ඔබ නිමවූ සිහිනෙ බිදුනා

කදුලල්ලක් වත් නෙත තුල මා නොරදෙන සේ
මගෙ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ

චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියදුනේ

හද දැවුන කදුලේ ගිලුන
නෙතු නිවුන අදුරෙ එතුන
නිවුන ලොකෙ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිදුනා

නිමේශයක් විය අපේ ලොකේ
සමනලයින් සේ පියම්බුවත් ඒදා
චපල හැගුම් ඔබේ මා දැවූයේ
මායාවේ නෑ මා යලි බැදෙන්නා
මායාවේ නෑ මා යලි බැදෙන්නා
 
 

May 23, 2011

නොබොන උන්ට බොන එවුන් ගැන ඇති කැසිල්ල මොකටද?

මට මේක ලියන්න හිතුනෙ අසංකගෙ පෝස්ට් එකක් දැකලා,

මම මේ කියන්න යන්නෙ 365 දවසම බ්ලැක්-අවුට් වෙලා ඉන්න ඩයල් වලට නෙමේ,
සාධාරණ ලෙස හරිහම්බ කරලා නිවාඩු දවසට ඒ හම්බ කරපු ඒවායින් සුලු කොටසක් වියදම් කරලා ශොට් එකක් ගහලා නිදාගන්න කට්ටිය වෙනුවෙන්,

මුලින්ම මොනවටද බොන්නෙ?
               ~අනේ පවු පොඩි එකා මූ දන්නෑ!~
 බොන එකේ ආතල් ඇති, මට වගේනන් නිදාගන්න අමාරු, හිතට අමාරු දවස් වලට පට්ටම බෙහෙත!

ඕකෙ තියන හොදේ මොකද්ද?
             ~උබම නේද කිව්වෙ නිදාගන්න පට්ට කියල~
මේකයි ඕකෙ ඇති හොදකුත් නෑ, හැබැයි එහෙම කියනවනන් නරකමත් නෑ
නරක මේකයි, ඕකට සෝඩා හරි ඩ්‍රයි ජින් ඒල් ටිකක් හරි දාලා බිව්වෙ නැත්තන් තමා ටොපිය. ඕවා බඩවැල් වල පිලිකා ඇති කරවනවා.

එතකොට නොබොන එවුන්ට බොන එවුන් ගැන ඇති කැසිල්ල මොකටද?
              ~ඇයි, නැතුව පෝස්ටරයක් වත් ගහන්න බෑනෙ ආතල් එකටවත්~
තමන් හරි විදියට හම්බකරගත්ත දෙයක් තමාගෙ යුතුකම් ඉටුකරලා ඉවරවෙලා යම් ප්‍රමාණයකට පැලපැදියම් වෙනවනම් අනුන්ට කරදරයක් නොවෙන්ට ඒක කමක් නෑ, කොහෙද යන කාළකණ්ණි රෑලක් මහජන මුදල්(මෙහෙම කිව්වෙ කාගෙ හරි සල්ලි නිසා) ගසාකමින් පෝස්ටර් ගහන එක වැරදී. මොකද අම්මා අප්පගෙ සල්ලි බෝතලයක් ගත්තනං අර පෝස්ටර් ගහන්න ඕනෙත් නෑ, බ්ලැක් ලේබල් එකක් සති දෙකක්වත් තියාගන්න පුලුවන් සාමාන්‍ය පදමට භාවිතා කරොත්.

මම මේක මෙහෙම කිව්වෙ ඇයි?
                    ~උබට කැහිල්ලනෙ~
 මම අම්මාපා අර 365දවසෙම බ්ලැක්-අවුට් වෙලා ඉදලා තියන එවුන්ට බැනලත් තියනවා, බැනලා හැදිච්ච එවුනුත් ඉන්නවා, තවත් නොආහා වල පල්ලටම ගිය එවුනුත් ඉන්නවා.
කරුමෙ කියන්නෙ මම ඇබ්බැහි වෙච්ච කාලයක් තිබ්බා මෙව්වට, නමුත් දැන් සාමාන්‍ය ලෙස ගත කරනවා,

May 14, 2011

යකාගෙ කෑමක්නෙ කන්නෙ!

කතා දෙකක් තියනවා, කියවලාම බලන්නකො කොහොමද කියල,
ඔන්න අද කොටන්න ගිය එක නෙමෙ කොටන්නෙ මොකද 'මලියා ගාල්ලෙ නටපු පිස්සු' දානවනන් අනිවා ඩෙෆා විරුද්ද පාර්ශවය, ඒ කියන්නෙ රජයේ පාර්ශවයෙන් පොඩි අවසරයක් ගන්න වෙනවා. (නැත්තන් සුදු වෑන් එකක් එවුවොත් මොන දෙයියන්ට කියන්නැයි).

හරි හරි කතාවට බහිමුකො,

අද රෑ නටපු පිස්සුවක් මේ කියන්න යන්නෙ, කස්ටිය කාලා තියනවද උයපු මාළු, උයපු වට්ටක්කා සමග ලුණුවල පොඟවපු මිරිස් එක්ක එකට බැදලා කාලා?
ආයි ඔය හම්බවෙන වෙලාවක් බලලා හදලා කාලා බලන්න,
මම හැදුවා, හැදුව විතරක් නෙමේ හදලා අම්මගෙන් "ඕකාට පිස්සු" කියලත් අහත්ගත්තා.
මෙහෙමයි බෝතල් කාලෙන් භාගයක් හෝ ඊට වැඩිය දාලා මුලින් මාළු කෑලි දෙක තුනක් දාන්න, ඊටත් පස්සෙ වට්ටක්කා ටික දාන්න, ඔන්න ලාවට බැදුනාම මිරිස් ටික දාන්න.
ඔන්න අරගෙන බත් එක්ක රිසිසේ බුක්ති විදින්න.

දෙක -,

මම තමා 2010 රිය නියාමක අංශයේ නායකයා, හැබැයි කතාව 2009 එකක්,
සම්බන්ද කස්ටිය තමා මම, හිරාන් (මාස්-කරාල), ඩිහාන් (පී.එම්.), තනූශ (තනකොටා) තව හිටියා ඒගොල්ලො තමා මට වඩා ලොකු සෙට් එක, තනයා ඇරෙන්න අනිත් සෙට් එක බොක්කෙ සෙට් එක,
අපිට කිව්වා බාලාංශයේ අලුත් මල්ලිලා එන නිසා පිට්ටනියෙ වාහන හසුරවන්න කියල.

කොහොමින් කොහොම හරි 11ට විතර අපිට කන්න එන්න කිව්වා, මමනන් කවුද ඉන්නෙ කියල බලන්නැතුව කිරි පැකට් 10ක්ද කොහෙද අරගෙනත් දුන්නා. අතේ තියෙන්නත් එපැයි.
ඉතින් ඔෆිස් එකට දැන් කස්ටියම රිංගුවා. අපේ ලොකු අයියා(ප්‍රින්සිපල් ගොයියා) ඇවිත් කිව්වා,
"බොහොමත්ම ස්තූතී ඔයගොල්ලන්ගෙ වැඩේට, පුතාලා දැන් කන්න" කියල.
කිව්වා විතරයි කස්ටිය හොයාගෙන ගිහින් කෑවෙ.
තිබ්බෙ කිරිබත්, ලුණුමිරිස්(හෙන පොඩ්ඩක්), කෙසෙල්, බිස්කට්(පෙට්ටියක්ම දුන්නා).
දැන් කස්ටිය හිටගෙන ඉදගෙන ගේම දෙනවා. ලොකු අයියා ආවා මම ගාවට(සෙට් එකෙන් පොඩ්ඩක් එහා මම හිටියෙ),
"හ්ම්ම් මදි වෙන්නැතෑ, යකාගෙ කෑමක්නෙ කන්නෙ නැද්ද ලමයො"
ඔච්චරයි කියන්න හම්බඋනේ හිරාන් අයියා ඇවිල්ලා සර්ට කියනවා,
"මෙන්න, සර් 2011 කැප්ටන්, හොදට බලාගන්නකො"
එයා අහිංසක හිනාවක් දැම්ම,
'දැන් මූ ගිහින් අනිත් එවුටත් කියයි' කියල වගේ.
කොහොම හරි කාටද එකෙට්ට ඉස්මුරුත්තාව හැදිලා ශේප් එකේ පංතියෙන් ගිහින් තිබ්බා.

ජය වේවා කියල අපි කැපුනා!

පුන්චි හෙල්ප් එකක් ඕනෙ,

පුලුවන් උත්තමයෙක් මම යටින් දාන ලින්ක් එකට ගිහින් මලිත් කුශාන්ට ඔබේ චන්දය ලබාදෙන්න. මේ වෙසක් සමයේ ඔබට පින්. (අනිවා දෙනවා)
මෙන්න ලින්ක් එක












http://www.micropoll.com/a/mpview/1074931-419186


මෙය හුදෙක් සිගිති ආතල් එකක් බවද සලකා මට බනින්න එපා(බනින්න බනින්න) , මම ඉතින් පොඩි එකානෙ (මුට පිස්සු)
බලාපොරොත්තුවන්න, අද දිනයේ 'මලියා ගාල්ලෙ නටපු පිස්සු'

May 7, 2011

පිස්සු රේඩියෝව














Listen with Winamp/iTunes

Listen with Windows Media Player

May 2, 2011

දියමන්ති මාලය (Diamond Girl) - සන්-ජේ බන්ඩාර

  

ඔබෙ දෑතින් අල්ලන් මා, එක්කන් යන්නම් ආයේ
ඔබෙ දෑසින් කඳුලැල්නම්, ගිලිහෙන්නේ නෑ අයේ
සුදු දියමන්ති මාලේ, ඔබෙ ගෙලෙහි රඳවාලා
ගෙනයන්නම් ඔරුවෙන් මා, මේ සීත රෑ යාමේ

ඔබෙ දෑතින් අල්ලන් මා, දිවගෙන යන්නම් ආයේ
මගෙ දෑසින් කඳුලැල්නම්, ගිලිහෙන්නේ නෑ අයේ
ඒ ඔරුවේ නැග ඔබ හා, උණුහුම් තුරුලේ හැන්ගීලා
සැණසුම් සුසුමන්ලන්නම් මා, මේ සීත රෑ යාමේ

මෘදු මීදුමෙන් පිරි කඳුයායේ, ඔබ හා කියු ගී මතකයි, මතකයි මට
ඇවිදන් යනකොට ගිම්හානේ, ඔබ හා කියු ගී මතකයි
සීත මද පවනැල් දසතින් හබාඑද්දී, ඔබගේ සිරුරේ දැවටිච්චී
මා සිහියට එන්නේ ඒ කාලේ, ඔබ මා හා හුරතල් වෙච්චී

ඔබෙ දෑතින් අල්ලන් මා, එක්කන් යන්නම් ආයේ
ඔබෙ දෑසින් කඳුලැල්නම්, ගිලිහෙන්නේ නෑ අයේ
ඒ ඔරුවේ නැග ඔබ හා, උණුහුම් තුරුලේ හැන්ගීලා
සැණසුම් සුසුමන්ලන්නම් මා, මේ සීත රෑ යාමේ
ගෙනයන්නම් ඔරුවෙන් මා, මේ සීත රෑ යාමේ


බලන්නකො මේ නම් හුරුද කියල,

ඕන් දවසක් ගාමින්ද අයිය බස් එක අරගෙන යනව, මිනිහා කඩාගෙන බිදගෙන යන ටයිප් එකේ පොරක්.
මිනිහගෙ පර්සනල් කොන්දා තමයි ශාන් (බස් දෙපාර්තුමෙන්තුවේ සුරතල් නාමය කින්ග් ශාන් ;) ).
මුන් දෙන්නා නාහෙට අහන්නැති දෙන්නෙක් කියල පරසිද්දයි.
දවසක් මූ බස් එකේ පොල් පටවලා වගේ මිනිස්සු දාගෙන ටිකට් කඩන්නැතුව යනව.
ඒ දවස් වල ටික්කො වැහි වැහැල, ඉතින් මුන් යද්දි ටික්කො සෙට් එකක් අතදාලා බස් එක නවත්තන්න.
අපේ ශාන් ගොයියා කොරල තියෙන්නෙ වම් අතේ ඇඟිලි දෙකක් රවුම් කරලා දකුණු අතේ මැදගිල්ලෙන් ඒක ඇතුලට දදා පෙන්නුවලු.

දවස් කිහිපයයි රජා(ශානයා) හා ගාමින්දයා විනය පරීක්සොනයක් සදහා ඇතුලෙ,
'හ්ම්ම් දැන් කියන්න බලන්න තමුන් මේ කරේ වරදක් කියල පිලිගන්නවද?' ලොක්කගෙ පුරස්නෙ,
'මොකද්ද ඔය කියන්නෙ කියලා ඉන්නකෝ,'
'ඔයා කොන්දා නේද?'
'ඔවු'
'ඔහේ ඩ්‍ර්යිව නේද?'
'ඔව්'
'දැන් දවස් දෙක තුනකට කලියෙන් බස් එක නවත්තන්න කිව්වාම මොකද්ද කරෙ?'
'බස් එක නැවත්තුවෙ නෑ'
'අහ් දැන් එන්නකො ප්‍රශ්නෙට මොකද්ද අරයට පෙන්නලා තියෙන්නෙ'
'ආ ඕකද ප්‍රශ්නෙ කලින් කියන්න එපැයි, මම කිව්වෙ බස් එකේ ඇගිල්ලක් ගහන්න ඉඩනෑ කියල'

ඉතින් කේස් ක්ලෝස්ඩ්, ගාමින්ද යන ගමන් කියනවා 'අඹ ගහට නැග්ග මිනිහට ජම්බු කඩන්නත් හේතු තිබ්බලු'

Apr 27, 2011

මලියගෙ කාචයේ රැදුනු මතක

















හොද නරක ගැන පොඩි සටහනක් දාලා යන්න අමතක කරන්න එපා.

Apr 13, 2011

කෝල් එකක්,,

වින්ඩි - හෙලෝ, ඉතින් පැටියෝ!!!
මලියා - ඉන්නවා, මේ කියන්න දෙයක් තියනවා,
වින්ඩි - ඉතින් කියන්න
මලියා - අනේ කියන්න බෑ වගේ
වින්ඩි - අනේ කියන්නකෝ!
මලිය - ප්‍රශ්ණයක් නෑනෙ?
වින්ඩි - කියන්න,
මලිය - පැටියො ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් වගේ ඉන්න එක අපි නවත්තමු?
වින්ඩි - ඇයි ඒ, මම මොනවත් කලේ නෑනේ,
මලියා - ඒක තමයි, මම ඔයාට මගෙ වයිෆ්ට වගේ ආදරෙයිනෙ, මාව චාන්ස් එකක් ආවොත් බදිනවද?
වින්ඩි - මෝඩයා!!! මාව බය කලා!!!!!!
මලියා - ඉතින් මම ඇත්තනෙ කිව්වෙ, මම ඔයාට ගොඩක් ආදරෙයි නෙ මගෙ රත්තරන්
වින්ඩි - ඔයා,, පිස්සු කොල්ලා!
මලියා - (හිනා වෙමින්)
වින්ඩි - මම බයිට් නෙ,
මලියා - බයිට් කියන්නෙ ගොඩක්

Apr 8, 2011

දෙක වතල ඇම්ඩා, පිත්තු කෙලපු ඇටි

ඕන් කිව්වා මේක පොඩි කුනුහරුප දෙකක් තියනවා, ඕක කියෝලා මට බනින්නනන් එපා, හිනාවෙලා යන්න."තබාවෙන් අවසරයි . මා මෙතනට පැමිනියේ තතාවක් කිලීමතයි,
ඔන්න එතෝමත් එත රතක තූති කුලුල්ලෙකුයි කපුතෙකුයි හොඳ යාලුවෝ වෙලා ඉතියාලු,,
පායන කාලේ පුලාම තූති කුලුල්ලා කෑම බීම දාති දොදාක් එකතු කලගෙන එයාගේ කූදුවේ තියා ගත්තාලු,,
කපුතා කලේ පායන කාලේ පුලාම තින්දු කිය කිය නත නත හිතපු එක තමයිලු ,,
ඔන්න ඉතිං වැත්ත කාලේ ආවලු ,,
තූති කුලුල්ලා එයාගේ කූදුවත වෙලා කෑම බීම කකා සතුතෙන් හිතියලු ,,
කපුතත හොඳතෝම බදගිනි වුනාලු . . එයාට කන්න මොතුත් නෑ . . එයා තූති කුලුල්ලගේ කූදුව ලඟත ගිහින් කිව්වලු . .. යාලුවේ යාලුවේ , , අනේ බත බදගිනී . . ඔයාගේ කෑම මොනා හලි මත දෙන්න . . තියලා . .
ආ ඔයා යන්න . . . ඔයා වැත්ත කාලේ පුලාම තිංදු කිය කිය හිතියේ . . දැන් නිකන් ඉන්න . . . මත බෑ ඔයාත මොකුත් දෙන්න කියලා තූති කුලුල්ලා තිව්වලු
කපුතත හොඳතෝම තලහා ගියාලු . . එයා කිව්වලු . . ආ වැස්ස පායපුවාකෝ . . මම තොගේ කූඩුවත් කඩලා . . . තොගේ අම්මට උකලා තොටත් පුකේ ඇලලා තමයි පස්ස බලන්නේ කියලා"

Apr 7, 2011

ඇම්ඩාගේ කුණුහරුප නොවන කතා

මට ඇම්ඩාගෙ පොඩි කතා ටිකක් ඇහුනා, ඒවා ඕන කෙනෙක්ට බලන්න පුලුවන් සයිස් එකේ නිසා දානව, හම්බ උනොත් අර එව්වාත් දාන්නන්.

“මුදලාලි! මුදලාලි!! බලනවා මේ තේ එකේ මැස්සෙක්.... මොකක්ද මේකේ තේරුම ?”
“අනේ මන්දන්නෑ ඇම්ඩෝ.... සාස්තරකාරයෙක්ගෙන් තමයි අහගන්න වෙන්නේ....”

තාත්තා ඇම්ඩව එක්කගෙන ක්ලාස් එකට ගියාලු, එතන ඉන්නවලු ඉටි කිරිස් රූපයක් තියන ගුරුතුමියක්. තාත්තා කියනවා
"මිස් මූ ලෝකයා මුගෙන් පරිස්සම් වෙලා ඉන්න"කියල.
"හරි හරි මම මිනිහව හදල ගන්නන්"
එච්චරයි ඊට පස්සෙ සති දෙකක් විතර පහුවෙලා කියනවා තාත්තට මිස්
"මම ඔයාගෙ පුතාට සෙකන්ඩ් උනේ නෑ"
"ඇයි මොකද උනේ?"
"නෑ මිනිහ මට කියනවා මගේ තට්ටමේ ඉන්නෙක් ඉන්නව කියල"
"ඉතින්"
"ඉතින් මම මිනිහට කලිසම ගලෝලා පෙන්නුවා"
"අයියෝ මිස් වැඩේ කෑවා, මූ මාත් එක්ක ඔට්ටු ඇල්ලුවා මිස්ගෙ කලිසම ගලෝලා බලනව කියල"

ඇම්ඩා යමක් ඉතාමත් හෙමින් හෙමින් ලිය ලියා ඉන්නවා දුටු ඔහුගේ මිතුරෙක් , ආ…. ඇම්ඩා මොනවද ඔය හෙමින් හෙමින් ලියන්නේ?
ඇම්ඩා : මම මේ මගේ තාත්තට ලියුමක් ලියනවා.එයාට වේගයෙන් කියවන්න බෑ…

පුතා : තාත්තේ...තාත්තේ...ඇත්තද තාත්තේ මේ ලෝකේ කැරකෙනවා කියන්නේ...???
 ඇම්ඩා : තොට පිස්සුද ‍යකෝ...තෝ මං නැති අතරෙ මගෙ ඇදයට තිබුණ කසිප්පු බොතලෙ බිව්ව නේද..???

"මචං ඇම්ඩා, උඹට වැඩියෙන් වදින්නේ ගල්වලින් ද එහෙම නැත්තං පොල් වලින් ද?"
ඇම්ඩා පියවෙන තම දෑස් අමාරුවෙන් හැර මෙසේ පිළිතුරු දුන්නේය.
"බාර් එකේදි නම් ගල්වලිනුත් වදිනවා, පොල්වලිනුත් වදිනවා. ඒත් ගෙදරදි වදින්නේ පිඟන්වලින්."

කතා කරන ඌරා

ගුරුතුමිය - අද ඔයාලට කියන්න යන්නෙ පොඩි කතාවක්, අහන ප්‍රශ්ණවලට උත්තරත් දෙන්න ඔනේ හරිනෙ ඔන්න, එක රටක ඌරො තුන් දෙනෙක් හිටියලු. ඔය තුන්දෙනාට ඕනෑ උනාලු ඒගොල්ලගෙම කියල ගෙවල් තුනක්. ඉතින් ඌරො තුන් දෙනාගෙන් ලොකුම ඌරා කැමති උනාලු ඕක ගිහින් ගමරාළට කියන්න, ඉඩක් ඕනෙ කියල. ඇම්ඩා! කියනවා බලන්න ගමරාළ මොකද්ද කිව්වෙ කියල?

ඇම්ඩා - හාමිනේ ඉක්මනට වරෙන්, මෙන්න අපේ ලොකු ඌරා කතා කරනවා! කියල කියයි