Oct 9, 2011

කෙල්ලො කොල්ලො ගැන නොදන්න දේවල්...

මේවා සිරාම සිරාය කියලා ක්ලික් වෙන්නෙ බොක්කෙන් හා හදවතෙන් ලව් කරන සැට් එකට පමනි, මොකද නිකන් ආතල් එකට කෙල්ලෙක් එක්ක යාළුවෙලා time pass කරන එවුන්ට හෝ එවුන්ගේ කෙල්ලන්ට මේවා නොදැනෙන්නට පුලුවන්ය. මේවා නොවෙන්නත් පුලුවන්ය.

එකායි! - ඔන්න පලමු වෙනි එක බොරු නෑ හොර නෑ පිලිගනින් කොල්ලෙක්ගෙ ලොකුම දුර්වලතාවය  පවුල සහ කෙල්ලයි කියලා! ඔතනින් පවුල ලොකු වෙන්නැති එවුනුත් ඉන්නවා, කෙල්ලට මුල් තැන (මම පවුලට හොඳෑ! (^_^)



දෙකා..යි! - කොල්ලෙක් කියනවනන් කෙල්ලට, තනියෙන් ඉන්න ඕනෙ කියල,  ඕකා ඔය හින්ට් එකක් ගහන්නෙ අවුල ඉතින් ඕක මීටර් වෙන්නෙ කෙල්ලට පස්සෙ. එයා ඒ කියන්නෙ එයාත් එක්ක ඉන්න එයා කියන දේ අහන්න කියල.

දෙකා..යී!! නෑ නෑ තුනා...යී! - කොල්ලා කැමති නැත කීයටවත් තමාගේ වෙන්ඩ-බිරිය වෙන එකෙක් එක්ක කතා කරනවට. *වෙන්ඩ-බිරිය කිව්වෙ කෑමක් නෙමේ! වෙන්න-WIFE හරිය?*

හතරා..යි! - කොල්ලෙක්ට කෙල්ලෙක් හිනාවුනොත් ඒක ඇරෙන්න ඌට වෙන දෙයක් නෑ! දවසම හරි බලාගෙන ඉදී!  කොහොමත් අපේ පැණියෙක්ට කෙල්ලෙක් සෙට් උනා කියන්නෙ අනාථයි ;)

පහා...යි! - කොල්ලා එයාගෙ නින්ද, සෞඛ්‍ය තත්වය, කාලය කෙල්ල වෙනුවෙන් කැපකරනවා කියන්නෙ එයාට ඇත්තටම එයා ගාවට වෙලා ඉන්න ඕනෙ කියල පෙන්නන්නෙ, ඒ වෙලාවට පුලුවන් තරම් ලඟින් ඉන්න එයාට ඕනෙ, මෙහෙම කොල්ලො ගොඩාක් අඩුයි! මම වගේ එකෙක් දෙන්නෙක් ඉදී ;)

හයා...යි! - සමහරක් කෙල්ලො ඉන්නවා කොල්ලගෙ ආදරේ දැනුනත් ඒක එයාට පෙන්නන්නැතුව ඉන්නවා, ඒකෙන් වෙන්නෙ කොල්ලට රිද්දෙන එක. 

හතා..යි! - කොල්ලා වටේටම ලොල්ලා වෙන වෙලාවල් තියනවා, උදේ ඉදන් හවස වෙනකන් වටේටම මල් කඩනවා වෙන්න පුලුවන්, නමුත් නිදාගන්න යද්දි සහ නැගිටිද්දි එයාට මුලින්ම මතක් වෙන්නෙ කෙල්ලව! අත්දුටුවයි පත්තක්සයි!

අට්ටා...යි! - කොල්ලට බෑ තනියම ප්‍රශ්ණ විසදන්න, නමුත් ඒක එයා හංගන් ඉන්නෙ, අනිවා එයා ඒවා ඉවර කරලා කෙල්ලව ලඟට ගන්න තමා හැම විටම හදන්නෙ

නමයා...යි! - කෙල්ලට අසනීපයක් හෝ අනතුරක් උනහම ගෙදර කට්ටියට වඩා  දුක් වෙන්නෙ කොල්ලා, අත්දැකීමෙන් කියන්නෙ! 

දහයා..යි! - කොල්ලා හැම තිස්සෙම එයාගෙ ප්‍රශ්ණ කියනවනන් කීයටවත් එයාට උපදෙස් දෙන්න යන්න එපා, අහගෙන ඉන්න, එයාට බාදා කරන්න එපා, එයාට ඕනෙ ඒ එයාගෙ හිත නිදහස් කරගන්න.

අන්තිමට ඉවරා.....යි!!

ජය වේවා! 21සියවසේ CUPID - පික්සු මලියා කැපුනා! හැමදාම Happy Valentines Day කියල කිව්වා ඕන්!

14 comments:

  1. මචන් මේක පෙබරවාරියේ දාන්න උන්නු එකක්ද????

    කොහොමෙන් කොහොම හරි කෙල්ලව බ්ලොග් කියවන තත්වෙට හදාගෙන කියන්න ඕන දේ පොස්ට් වලින්ම කියනවා නේද???

    -හිකිස් අපි නොදන්න මලියා-

    ReplyDelete
  2. ආදරය කියන්නේ ජීවිතය නෙවෙයි. අවුරුද්දක්, දෙකක් නැත්නම් තුනක් ඔයා ඔය ලියලා තියෙන දේවල් කරයි. ඉගෙනගත්තේ නැත්නම්, හොද රස්සාවක් කලේ නැත්නම්, ආදරයට පුලුවනිද බඩ පුරවන්න? අම්මා තාත්තාට සලකන්න? අවුරුදු 20 විතර පනිනකම් ඔයා ඔය ලියලා තියෙන දේවල් හිතට එනවා, ඒත් එතනින් පස්සේ තේරෙනෙවා, කෙල්ලෙක් කියන්නේ හිරගෙයක්ම විතරයි කියලා, බඩගින්නේ ඉදීමක්ම විතරයි කියලා, ඒ වගේම දුක් විදීමක්ම විතරයි කියලත්. මේක මගේ අදහස විතරයි යාලුවා. ඔබට ජය!

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්ම්.... මෙව්වා ඇත්තමද?? ම්ම්ම්ම්... දැනගත්ත එකත් හොදයි...
    එතකොට මේ කෙල්ලෙක් කොල්ලෙක්ට කැමතියි වගේ කියලා කොල්ලෙක්ට තේරුනොත්, කොල්ලාගෙ රිඇක්ශන්ස් කොහොමද?? ;)

    ReplyDelete
  4. කථාවනන් ඇත්ත පුතේ...

    ReplyDelete
  5. එහෙම කොල්ලොන්ට හරියන කෙල්ලෙක් ලැබුණෙ නැත්තම් ඌ විනාස වෙනවා ඉබේම !

    ReplyDelete
  6. එහෙම කොල්ලොන්ට හරියන කෙල්ලෙක් ලැබුණෙ නැත්තම් ඌ විනාස වෙනවා ඉබේම !

    ReplyDelete
  7. එහෙම කොල්ලොන්ට හරියන කෙල්ලෙක් ලැබුණෙ නැත්තම් ඌ විනාස වෙනවා ඉබේම !

    ReplyDelete
  8. එහෙම කොල්ලොන්ට හරියන කෙල්ලෙක් ලැබුණෙ නැත්තම් ඌ විනාස වෙනවා ඉබේම !

    ReplyDelete
  9. මෙව්වගෙන් සමහරක් ඒව නම් සාපේක්ෂව ඇත්ත ගොයියො...

    ReplyDelete
  10. ලුණුයි බතුයි කමු කියපු ගොඩක් අයට ලුණුත් එක්ක බත් කන එක එපාවෙනවා..
    ජීවිතේ කියන්නෙ මුදල්මත් නෙවි. ඒ වුනාට ජීවත් වෙන්න මුදල් ඕන. ඒ වගේ ම සතුට තියෙන්නෙ මුදල් මත ම නෙවි.

    ReplyDelete
  11. ඔය හත් වෙනි එක ඇත්තෙයි?

    ReplyDelete
  12. හම්....තිතටම ඇත්ත කියලා තියෙනවා...:)

    ReplyDelete
  13. ඇත්තම ඇත්ත..ඒ වගේ කොල්ලෙක් ලබන්න කෙල්ලෙක් හුඟක් පින් කරලා තියෙන්න ඕන..අනික කෙල්ලත් ඒ කොල්ලට නොදෙවෙනිව ඒ විදිහටම ආදරේ ⁣දෙන්න ඕන..ඉරනම්කාරයා හම්බ වුනාම එයා අනිවා මෙ වගේ ..��������������

    ReplyDelete