Showing posts with label අසා බලා අහල ගත්තුවා. Show all posts
Showing posts with label අසා බලා අහල ගත්තුවා. Show all posts

Jun 23, 2011

මොකද්ද මේ ජූලි 4 කතාව, මලකෙලියයි ජූලි 4යි!

කොහෙද මේ අපේ හසී අක්කටත් ඉන්න බැරිවට කොරන වැඩ නොවෑ, අපේ කොල්ලො කෙල්ලො අමාරුවේ දාන්න කොරන වැඩනෙ මෙව්වා! :D

 සිරා කමන්ට් ටිකකුත් වැටිලා තිබ්බා

Jun 6, 2011

බුකියෙ නටන පිස්සු

1.
කෙල්ලෙක් බස් එකෙ ගමනක් යනවා.බස් එකේ සෙනග එච්චර නෑ.සීට් ගානටත් වඩා අඩුවෙන් තමා හිට්යේ.ටික වෙලාවක් ඔහොම යන්කොට මැන්ඩරීනා බස් එකට නැගලා කෙල්ල ලඟින් වාඩි උනා..පොර හොද ටියුබ් ලයිට් කාරයානේ.
මැන්ඩියා හිමීට කෙල්ල දිහා බැලුවා.කෙල්ල ලස්සනයි.
දැන් මුට කෙල්ල එක්ක කතාකරන්න ඔන.
කතාකරන්න පොටක් පාදගන්න විදියක් හිත හිත ඉන්න කොට දැක්කා කෙල්ල කුරුසෙ තියන මාලයක් දාගෙන ඉන්නවා.

මැන්ඩියා හිමීට කෙල්ල දිහ බලලා ලාවට හිනා වෙලා මෙහෙම ඇහුවා.
“නංගි ක්‍රිස්මස්ද?”
කෙල්ල මොකුත් නොකියා අහක බලාගත්තා .
“නැ මේ, බෙල්ලෙ චර්ච් එකක් තියන හින්ද ඇහුවෙ”.
මරුම සීන් එක තමා කෙල්ල දුන්න උත්තරේ...
"ඈයි අහන්නෙ… මං ක්‍රිස්මස් නෙමෙ. ක්‍රිස්මස්ම වෙන්න ඕනයැ බෙල්ලෙ චර්ච් දාන්න, මම ටෙම්පල්"
එකිත් උ‍ටම හරියන ටියුබ් ලයිට් එකියක්!.

2.
ගමින්ද: මචෝ මලියා හැම තිස්සෙම මතක තියා ගනින් අපි මෙ ලොකෙට ඇවිත් ඉන්නෙ අනිත් අයට උදව් උපකාර කරන්න කියලා..

මලිතයා: එතකොට ගමින්දයෝ අනිත් අය මොකටද මෙ ලොකෙට ඇවිත් තියෙන්නේ..

3.
රසිකයා අලුතෙන් ඩ්ව්ඩ් ප්ලේයර් එකක් අරන් කියල කිව්වනේ.කින්ග් ශානුයි , ගමින්දයයි, මලිතයයි, භවන්තයයි මේ දවස් ටිකේම එහෙ ගිහිල්ල ෆිල්ම් බලනවා. හවස බෝක්කුව උඩට වෙලා මනෝ පාරක් ගහන් ඉන්නකොට රසිකයා ආවා.
“මචන්ලා"(රසිකයා)
“හ්ම්..”( ගමින්දයා)
“උඹලා ෆිල්ම් බලනවාද?”(රසිකයා)(රසිකයා)
“ඔව්.. මොකෝ?”(මලිතයා)
“ජැකී චැන්ගේ රස්සව මරු නේද?”(රසිකයා)
“ඔව් ඉතින් නළුවෙක් වෙන එක මරු තමා”( භවන්තයා)
“නෑ බං රස්සව”(රසිකයා)(රසිකයා)
“එක තමා බුරුවො උගෙ රස්සාව නළුකම”(කින්ග්ශාන්)
“නෑ බං රස්සව… චිත්‍රපටිය”(රසිකයා)
“මේ ගොන්තය මෙ වෙනකන් කියල තියෙන්නෙ ජැකී චෑන්ගෙ Rush hour ෆිල්ම් එක ගැන”

4.
රසිකයයි ගමින්දයයි චිත්‍රපටි ගැන වාද කරලා.උන් දෙන්නා බැනගන. රසිකයාට මල පැනලා.
“අඩො මේ ගමින්දයාගේ හෙන පණ්ඩිත කම.”
“ඇයි?”
“ඌ අහනව ෆැන්ටැස්ටික් ෆෝ කියන film එකෙ ප්‍රධාන නලුවො කීයක් ඉන්නවද කියල”
“ඉතින්?”
ඕන එකක බං එකානේ  ඉන්නනේ..?”
” ඇයි උඹ දැන් ඒක බැලුවෙ නැද්ද?”
“ගමින්දයා ළග නම් ෆිල්ම් එක තිබ්බ ඒ උනාට පලවෙනි ෆිල්ම් 3 බලන්නෙ නැතුව කෙලින්ම 4 බැලුවම ආතල එකක් නැ නෙද බං...?”
"????"

5.
වේගයෙන් පැමිණි රියක්  මලිතයාගේ නිවස ඉදිරිපිට නතර කෙරුණි. ඉන් කඩිනමින් බැස ආ කින්ග්ශාන් කඩිමුඩියේ මලිතයායා ළඟට දුවගොස් මෙසේ ඇසීය.

"අනේ මලිතයෝ... ඉක්මනට ඉක්කාවට බොහෙතක් තියෙනවා නම් දෙන්නකො..."

කිසිවෙක් නොකී මලිත අත දිගහැර කින්ග්ශාන්ගේ කම්බුලට වේගවත් පහරක් ගැසීය.

"ක්ෂණික කම්පනයට පත් වුනාම ඉක්කාව ඉබේම හරි යනවා... දැන් කොහොමද ඉක්කාව හොඳද..?"

කම්ඹුල අතගාමින් මලිත දෙස විශ්මයෙන් බලා සිටින කින්ග්ශාන් වෙතට හැරෙමින් මලිත ඇසිය...

"දන්නෙ නෑ මලිතයෝ" කින්ග්ශාන් පිළිතුරු දුනි.

"ඉක්කාව තියෙන්නේ මගේ ගෑණිට බං.... ඒකි කාර් එකේ ඉන්නවා... මම අහලා එන්නද???"

6.
සුද්දෙක් ලංකාවට එන්න Sri Lankan Airlines වලට අයිති ප්ලේන් එක්කට නැග්ගා.නැගලා සීට් එකේ වාඩි වෙලා ඉන්නකොට අපේ ගමින්දයා ලඟට ඇවිල්ලා වැඩ්ඩ වගේ “ආයුබෝවන්” කියලා කිව්වා.

සුද්දා පුදුමෙන් වගේ බලලා “No I’m Henry ” කියලා කිවා.

ගමින්දයා ආයේ විරිත්තලා ලතාවට “ආයුබෝවන්”

සුද්ද මල පැනලා “Please don’t disturb me! I’m Henry” කිව්වා.

පස්සේ තමා සීන් එක දනේ.සුද්දට ආයුබෝවන් එක තේරිලා තියේන්නේ  “ආ යූ බෝවන්(Are You Bowen )” කියලා.

7.
සෑම දිනෙකම බීමත්ව සිටින මලිතයා දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.

"ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්‍රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම."

එය අසා සිටි මලිත ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.

"ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ."

8.
"ගමිනදයා කියනවා එයා ජීවිතේටම ආශ්‍රය කරපු ලස්සනම කෙල්ල මමලු"

නිතර දොඩමලු වන නිලූකා, වසන්තා ඉදිරියේ ඇති පුටුවේ වාඩිවෙමින් කීවාය.

"ඔහොම තමයි අනේ, ඔය මලිත ඉඳ හිටලා ඔය විධියේ පට්ටපල් බොරුත් කියනවා"

 ලිපිගොනුවක හිරවී සිටි වසන්තා එම ගොනුවෙන් හිස ඔසවමින් කීවාය.

9.
කින්ග්ශාන්, රසික සමග අවන්හලින් පිටතට පැමිණියේ හොඳ පදමට රත්වීමෙන් අනතුරුවය. නිවෙස් බලා යාමට බස් නැවතුම් පළ වෙත ඔවුන් දෙදෙනා ගියේ විසිවෙමිනි. එසේ යමින් සිටියදී රසික කින්ග්ශාන් ගෙන් මෙසේ ඇසීය.

"මචං , ශානයෝ උඹට වැඩියෙන් වදින්නේ ගල්වලින් ද එහෙම නැත්තං පොල් වලින් ද?"

කින්ග්ශාන් පියවෙන තම දෑස් අමාරුවෙන් හැර මෙසේ පිළිතුරු දුන්නේය.

"බාර් එකේදි නම් ගල්වලිනුත් වදිනවා, පොල්වලිනුත් වදිනවා. ඒත් ගෙදරදි වදින්නේ පිඟන්වලින්."

10.
කන පලෙන්න බීමත්ව පැමිනි මාර්ක්ගෙන් ඔහුගෙ යාලුවෙක් වෙන භවන්ත පැනයක් ඈසීය.

භවන්ත : අඩෝ මාකෝ...ඇත්තද බං මේ ලෝකේ කැරකෙනවා කියන්නේ...???

මාර්ක් : තොට පිස්සුද ‍යකෝ...තෝ මං නැති අතරෙ මගෙ ඇදයට තිබුණ කසිප්පු බොතලෙ බිව්ව නේද..??

 

බුකියෙ නටන පිස්සු

1.
මරණ මංචකයේ සිටි දිනේෂයා .... සිය බිරිඳ අමතා.....

"මට මේක නොකියා මැරෙන්න බැහැ.. ඔයා දන්නේ නැහැ ඔයත් එක්ක හිටපු කාලේ මම රෑ වැඩ කියලා ගෙදර එන්නේ නැත්තේ මම වැඩට ගිහින් නෙවෙයි. මම වෙන වෙන ගෑණුත් එක්ක හොටල්වල හිටියේ. එහෙම හිටපු ගෑණු කී දෙනෙක්ද කියල මට හිතා ගන්නත් අමාරුයි. ඒත්..... දැන් ඔයා විතරයි මගේ අවසන් වෙලාවේ මා ලඟ ඉන්නේ...... මම දැන් හරියට දුක් වෙනවා පහුගිය කාලේ මම ඔයාට සලකපු විදිහ ගැන. දැන් මගේ හිතේ තිබුණු ලොකූ බරක් නිදහස් උනා වගේ දැනෙනවා. මීට කලින් ඔයා මේ වග දැනගත්තනම් ඔයා මොකද කරන්නේ ???"

බිරිඳ - "ඒක දැනගත්ත හින්ද තමයි තොට වහ දුන්නේ"

2.
ප්‍රසිද්ධ ආපනශාලාවකට ගොඩවූ වියපත් යුවලක් (මෙම වියපත් යුවලේ පිරිමි පාර්ශවය වන්නේ අපේ ඉසුරැ කොල්ල තමා).... ආහාර ඇණවුම් කොට ආපනශාලාවේ කෙලවරවූ මේසයේ අසුන්ගත්හ. ඉතා වියපත් යුවලක් මෙසේ ආදරයෙන් සිටිනු දුටු අනෙකුත් තරුණ තරුණියෝ ‍මොවුන් දෙදෙනා ගැන විමසිල්ලෙන් පසුවූහ.

මේ හෝටලේ වේටර් වරයා වන අපේ ජනත් කොල්ලා එක් ආහාර බඳුනක් සහ එක් බීම වීදුරුවක් ඔවුන් දෙදෙනා ඉදිරියේ තැබීය. ස්වාමිපුරුෂයා වන ඉසුරැවා කෑම ප්‍රමාණයෙන් හරි අඩක් සිය අඹුවගේ කෑම පිඟානට බෙදීය. ඉතිරි කෑම ඔහු ඉතා සෙමින් බුදින්නට විය. භාර්යාව ස්වාමියා දෙස ඉතා ඕනෑකමින් බලා හිඳී. දෙදෙනා මාරුවෙන් මාරුවට බීම වීදුරුවද තොල ගෑහ.

මෙම දසුන ඉතා ආවේගයෙන් දරා සිටි ජනත්.... වියපත් ඉසුරැ අමතා..

"මම තව කෑම එකක් ඔබ දෙපල වෙනුවෙන් ඇණවුම් කරන්නද ?"

වියපත් තැනැත්තා වන ඉසුරැ - " අනේ එපා... "

ජනත් - "එහෙනම් මේ අම්මා ඇයි කෑම නොකා ඔබ දිහා බලාගෙන ඉන්නේ... ඔයාට කෑම මදිවෙයි කියලා නේද? "

වියපත් තැනැත්තා - " අනේ නෑ මහත්තයා.... මම කාල ඉවරවෙලා දත්සෙට් එක එයාට දෙනකල් එයා බලාගෙන ඉන්නේ...."


3.
ඉතා වයස්ගත පුද්ගලයෙක්(කසුන්) සහ තරුණ පුද්ගලයෙක් (ලක්ෂික)ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියේය. කසුනයා ලක්ෂිතයව අභිබවමින් ඉක්මනින් ක්‍රීඩා කලේය.

ලක්ෂිත - "අඩේ කසුනෝ උබ කොහොමැයි මෙච්චර ඉක්මනට සෙල්ලම් කරන්නේ ?"
කසුන් - "ඕව මොනවද, මම උබේ වයසේදී මීටත් වඩා ඉක්මනින් සෙල්ලම් කරනවා... උබට පුළුවන්ද මේ ඉස්සරහ තියෙන ෆයිනස් ගහ උඩින් බොලේ යන්න ගහන්න. ඒ කාලේ මට ඒක සුළු දෙයක්"

ලක්ෂිත - "අම්මේ ............ ඒකේ උස.... උබනම් වයසට ගියත් මාරයි"

කසුන් - "මාර නෑ.. මාර නෑ.... එතකොට ඔය ගහ අඩි තුන හතරකට වැඩිය උස නෑ.... බං..."

4.
පවිත්‍රයයි ප්‍රමෝදයයි සචියයි ඉන්නේ ගොඩනැගිල්ලක 75 වැනි තට්ටුවේය. දවසක් එළියට ගොස් ආපසු ආ මුන් තුන්දෙනා දුටුවේ.... ගොඩනැගිල්ලේ විදුලි සෝපාන ක්‍රියා විරහිත බව දන්වා ඇති දැන්වීමකි.

තිදෙනාම 75 වැනි තට්ටුවට නැගිය යුතුව ඇත.
පවිත්‍ර - "හරි! මම 25 වැනි තට්ටුවට යනකම් සිංදු කියනවා"
ප්‍රමෝද - "මම 25 වැනි තට්ටුවේ ඉඳන් 50 වැනි තට්ටුවට යනකම් හිනා යන කථා කියනවා"
සචින් - "මම 50 ඉඳන් කාමරේට යනකම් කථාන්දර කියනවා "

හරි! එහෙනම් නගින්න පටන් ගමු, කියා තිදෙනා ගොඩනැගිල්ල තරණය කරති. පවියා 25 වැනි තට්ටුව හමාරවනතෙක් සිංදු කීය. ප්‍රමෝදයා 50 වැනි තට්ටුව දක්වා විහිළු කථා කීය. දැන් තිදෙනා සිටින්නේ 50 වැනි තට්ටුවේය.

ප්‍රමෝදයා- "හරි ! දැන් උඹේ වාරේ. කථාන්දර කියන්න පටන් ගනිං"
සචින් - "මම මේ කියන්න යන කථාන්දරේ අහපුවහම උඹලට හුඟක් දුක හිතෙයි."
පවිත්‍ර - "කියපං බං"
සචින් - "කාඹරේ යතුර අරගෙන එන්න අමතකඋනා බං, ඒක කාර් එක ඇතුලේ"

5.
දේශණවාරය අතරතුරදී අශිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයා වන වරැණට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ.

පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්භයේදීම.... “ඇමරිකාවේ ගණිකාවක් එක රෑකට ඩොලර් දෙදාහක් විතර හම්බ කරනවා.......” යි කීය. එය ඇසූ සැනින් නැගී සිටි කාන්තාවන් සියළු දෙනා පංතියෙන් පිටවීමට පටන් ගති. පංතියෙන් ඉවත යන ඔවුන් ඇමතූ කථිකාචාර්ය වරයා “ඒ...යි ... නවතිනවලා..... දැම්ම ගියාට වැඩක් නෑ......ඇමරිකාවට ප්ලේන් එකක් තියෙන්නේ අනිද්දා....”

6.
බිරිද         :   ඩාලිං මම හදිස්සියේ මලොත්?
විදූ  :   පිස්සුද?මොනවද මේ කියන කථා? පිස්සී...
බිරිද        :   එහෙනම උනොත්,ඔයා වෙන කෙනෙක් බදියි..එයත් එක්ක මේ වගේ අපේ ඇදේ එක‍ට...
විදූ :   චිකේ...මගෙ රං..මොනවද ඔයා මේ කියන්නේ?
බිරිද        :   ඒ විතරක් නෙමෙයි එයා මගෙ සාරිත් අදියි..සෙරප්පුත් දායි..ගවුම් අදියි..
විදූ :   පිස්සුද එයා ඔයා වගෙ කැහැටු නෑ...
බිරිද        :   ????

7.
මේ අවුරුද්දෙ මුල සූර්යග්‍රහනයක් තිබ්බා මතකද? මේ සිද්ධිය උනේ එදා.පැතුමයයි දගයයි facebook එකේ චැට් කර කර හිටියේ.

පැතුම් - අඩෝ මචන් අද solar eclipse එක බැලුවද? මරු නේ ?
දගයා - මොකක් ?
පැතුම් - solar eclipse එක බං. බැලුවෙ නැත්නම් වැඩක් නැ.ඉක්මනට බලපන්.
දගයා– අඩේ සුගතා තරහ නැතුව මට link එක එවපන්කො.
පැතුම් -මොකක්?
දගයා - solar eclipse එකේ link එක එවපන් යකෝ.

8.
ඉස්කෝලෙ හොස්ටල් ඉන්න කොල්ලො ටික දෙසැම්බර් 31 පොඩි පාටියක් සෙට් කරල වැඩි හොදටත් එක්ක ප්‍රින්සිපල් වන පිස්සු කුක්කාට කියලම කරමු කියල මුන් ටික ගියා මෑන්ස්ව හම්බවෙන්න.
ගිහින් කිව්වලු "සර්,අපි 31st night පාටියක් දාන්න ඉන්නේ..සර් එදාට අපේ වැඩේට සහයෝගයක් දෙන්නත් එක්ක එන්න ඕන"කියලා.

"ෂා නියමයිනේ..."කියලා කුක්කත් කොල්ලන්ගෙ ආරාධනය ඉහලින්ම පිලි අරගෙන මේක සංවිධානය කිරීම ගැන ස්තුතියකුත් කරලා.

ඒ වැඩෙත් එහෙනම් හරි කියල කොල්ලො ටික එන්න හදනකොට කුක්කා අහනවා,

“කෝ…, ඔය ලමයි පාටිය තියනව කිව්ව විතරනෙ, තියන දිනෙයි වෙලාවයි කිව්වෙ නැහැනෙ"කියලා...

9.
මානසික රොහලක වෛද්‍යවරයෙක් වන රසිකයා සුපුරුදු ලෙස උදයක වාට්ටුවේ ඇවිද බලමින් සිටින අතරතුර ඔහු හදිසියේම දුටුවේ බිලී පිත්තක් ගෙන එහි ඇම වතුර බේසමක දමාගෙන සිටින රෝගියෙක් වන පවිත්‍රයයි.
"කොහොමද? මාළු කී සෙනෙක් අහු වුනාද ?"රසිකයා විමසා සිටියේය..
එවිට පවිත්‍රයා"මොන පිස්සුද දොස්තර මහත්තයෝ...මාළු කොහෙද වතුර බේසමේ.."

10.
මං ඔයා නිසා අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ...කින්ග්ශාන් වෙත දිව ආ තරුණියක කීවාය.
මහ මග මහ පිරිසක් මැද හටගත් ඒ සිද්ධියෙන් කම්පනයට පත් ශානයා කෑ ගසමින් "මොකක් කිව්වා...එහෙම වෙන්නේ කොහොමද?...මේක හරි කථාවක්නේ.."

"නෑ...නෑ...කලබල වෙන්න එපා.."තරුණිය යළි නැලැවිල්ලේ කිවාය.
මං කියන්න හැදුවේ මේ ඔයගෙ තාත්ත ඇයි දන්නෙ නැත්ද ගමින්ද මාව කසාද බදින්න තීරණය කරල කියලයි...

May 7, 2011

ස්කයිප් එකේ නටන පිස්සු,

මේක උනේ පොඩි වරදවා වටහ ගැනීමක් නිසා, අහලම බලන්නකො කුණුහබ්බ නැත!

ලස්සනම සීන් එකක් උනේ,

   ස්කයිප් එකේ කුණු වලියක්! by malithkushanh

Mar 26, 2011

ගාමින්ද විසින් මාක් මාමට ලියමි, (2)

මාක් මාමා වෙත ,

  අනෙ අම්මපා තොට දෙවනි සැරේටත් ලියන්න වුන එක ගැන මම කනගා‍ටුවෙමි. කලින් ලියුම ලියන්න කලින් මම මෙය දැක්කනම් එක ලියුමෙන්ම තොපට බැනුම් ඇසීමට තිබුනි. නමුත් අවාසනාවකට මා මෙය ප්‍රමාධ වී දු‍ටු නිසා තොට බැනීමට තවත් ලියුමක් ලියමි. ‍තෝ අද දින (දින කිහිපයකට පෙර වීමට පුළුවන) මූනුපොතට තවත් නවතම පහසුකමක් එකතු කරන ලදී. එනම් Poll එකක් ය. දැන් මේ මඟුල නිසා අපිට වෝල් එක කිසිම අපහසුවකින් තොරව කැත කර ගැනීමට ඔබ නොමිලේ ඉතාමත් ලේසියෙන් අවස්ථාව දී ඇත. *** Commented On a Photo of You කියාද *** Metioned you in comment කියාද එන නොටි‍ෆිකේශන් 200ක් 300ක් වැනි ඉතා අල්ප ගනණක් එන නිසා ඒ ගැන දුක හිතී තොප කල මේ අමන ක්‍රියාව මා තරයේ හෙලා දකිමු. මා සිතන විදිහට තොපවිසින්ම සෑදූ මේ සමාජ ජාල වෙබ් අඩවිය සමාජ ජාල වෙබ් අඩවියක් බව තොපට අමතක වී ඇත. මෙය Poll දාන්න Elakiri වැනි ෆෝරමයක්ද, බ්ලොගියක්ද නොවන බව මතක් කිරීමට කැමැත්තෙමු. තොපට Poll වලට ඔය තරම්ම ආශාවක් තිබේ නම් තොට මේ මූනුපොත හරහා ලැබෙන මහා ධනස්කන්ධයෙන් පෞද්ගලික වෙබ් අඩවියක් සාදාගෙන එය වැසෙන සේ Poll පමණක් දාගත්තා නම් මැනවි. යාලුවෙක් සමඟ සතු‍ටු සාමිචියේ යෙදී, අයෙක්ව හෑල්ලුවට ලක් කර හීන් ආතල් එකක් ගැනීමට මෙහි පැමිණෙන අපගේ ලේ සෙල්සියස් අංශක 1000 ට පමණ උණුසුම් වන ක්‍රියාවන් කරන්නේ මෙය තොපගේ පෞද්ගලික බූදලයක් යැයි සිතාගෙනද යන්න මම නොදනිමි. තවද විශේෂයෙන්ම කිව යුතු කාරණයක් ඇත. එනම් මේ මූනුපොතේ පසුබිම් වර්ණයයි. තොප වර්ණ අන්ධතාවයෙන් පෙලෙන මිනිසෙකු බව මා දැනගත්තේ මේ ලඟදීය. තොපගේ වර්ණ අන්ධතාවය මෙහි පසුබිම් වර්ණය නිල් ලෙස යොදාගැනීමටද හේතුවක් වූ බව මම දැනගත්තේ ලඟදීය. මා දන්නා ලෙසට මෙම මූනුපොත මිලියන 500 කට අධික පිරිසක් භාවිතා කරති. තොපගේ වර්ණ අන්ධතාවය එම මිලියන 500 ක් වූ ජනයාගේ පිට පටවන්නාක් මෙන් මූනුපොතේ වර්ණය නිල් ලෙස යොදාගැනීම මම තරයේ හෙලා දකිමු. තොපට නිල් පැහැය ඕනෙ නම් ලංකාවේ ඡන්දය පවතින සමයක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ශ කාර්්‍යාලයක් ලඟට වී ඒ දෙස බලා සිටිනු යෙහෙකි. නැත්නම් තොප මූනුපොතට නෑවිත් සිටියාට කම් නැත.

  මා මේ ලියුම ලියන්නේ තොපගේ වර්ණ අන්ධතාවය ගැන කීමට නොවේ. තොපගේ මූනුපොතට එක් කල Poll එක ගැන කීමටය. තොපට කූඹියෙකුට තරම් වත් මොලයක් ඇත්නම් දෙයක් මූනුපොතට එක් කිරීමට පෙර ඒ දෙය එක් කලොත් වන දේ ගැන සිතා බලන්න. නිකන් එහෙං මෙහෙං ඇහිඳ ගෙන අහුවෙන සෑම කුණුගොඩක්ම මේක අස්සෙ එබීම මූනුපොත ජනප්‍රිය වීමට ඉවහල් වනවා යැයි සිතනවා නම් තොප වැනි අධම, අඥාන, කුප්ප මිනිසෙක් මේ ලොවේ කිසිම තැනක නැත. තොප මෙම Poll එක මේ ලියුම ලැබී
පැය 72ක් ඇතුලට ඉවත් නොකලහොත් මා තොපව ලිබියාවට පිටමං කර ගඩා‍ෆි යා ලවා ගෙල වැලලා මරවමි.

  මේ ගැන තවත් කථා කිරීමට ගියහොත් මාගේ රුධිරයේ උනුසුම වැඩිවී සියොලඟින් දහදිය වැගිරෙනවා මිස වන සෙතක් නැත. එම නිසා මා මෙය මින් නවත්වමි.


                                                                                                                           මෙවරත් පිටපත මහින්ද අබේසුන්දර මාමාගෙන්