Showing posts with label no හිනා. Show all posts
Showing posts with label no හිනා. Show all posts

Jul 22, 2011

සරා සිහින - භාතිය & සන්තුශ්


සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කදුලු පහසේ මුමුනා සිනා
ඔහේ ඇවිද හා මා
හද සිතුවිලි විල කලබා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිල
සරා සිහින රහසේ දිවුරා කියා

සිත කදුලැල්ලෙහි තවරා
කලුවර රසකර වින්දා
සද සෙවනැල්ලක හැන්ගී
මගෙ ඇස් තනිකර තෙමුනා
එසේ කදුලු ගැලු ඒ හීනෙ
තවමත් ඔබයි ආදරේ

සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කදුලු පහසේ මුමුනා සිනා
ඔහේ ඇවිද හා මා
හද සිතුවිලි විල කලබා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිල
සරා සිහින රහසේ දිවුරා කියා

තනි අතකින් හඩ දෙදරා
හරි ආදරයක් හින්දා
යලි කවදාවත් නොවෙනා
මහ සාගරයඩ හැඩුවා
එසේ කදුලු ගැලූ ඒ හීනෙ
තවමත් ඔබයි ආදරේ


සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කදුලු පහසේ මුමුනා සිනා
ඔහේ ඇවිද හා මා
හද සිතුවිලි විල කලබා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිල
සරා සිහින රහසේ දිවුරා කියා

ගායනය - භාතිය & සන්තුශ්
රචනය - දුමින්ද අලහේන්ද්‍ර

පොඩි හේතුවක් නිසා දානවා (මුගේ බොරු), මේ දවස් වල වැඩ වැඩීනෙ(මුගේ හිතේ අවුලක්!)

ජය වේවා!

Jul 7, 2011

ෆේස්බුක් + ස්කයිප් වෙතින් දැන් වීඩියෝ චැට්










ඈහ් මෙන්න මලියා ටෙක් ගැන කතා කරනවා!
ඔව් ඔව්, අද පොඩි සීන් එකක් හොයාගත්තා, මේක ෆේස්බුකිය හා ස්කයිප් එක්ක එකතුවෙලා කරන ව්‍යාපෘතියක්. ඉතින් ඒක පොඩ්ඩක් කියලා දෙනවා කියලා හිතුවා. මෙන්න මේකයි කරන්න තියෙන්නෙ,

යන්න මෙන්න මේකට ගිහින් තියනවා Get Started කියලා බටොං එකක් ඒකට කොටන්න.

ඊට පස්සෙ, ඒගොල්ලො දෙනවා සෙටප් එකක් දාගන්න, ඒක දාගෙන ඔන්ලයින් ඉන්න යාළුවෙක්ට කෝල් කරන්න. එයත් ඒ පැකේජ් එක දාගත්තට පස්සෙ එයාටත් පුලුවන් වීඩියෝ කෝල් ගන්න.

එහෙන් ඒක ට්‍රයි කරලා බලන්න. මම කැපෙනවා!
ජය වේවා!

ගල් ගැන තවත් ඇසකින්! :D

ටියුබ් ලයිට් ඉන්නවනන් කොස්සකින් ගහගෙන හරි පත්තු කරගන්න, දැන ගැනීම පිනිසයි!

වීදුරු හා ගල් එකම වර්ගයට අයත් වේ... තවද විවිධ ගල් වලට වීදුරු කැපිය හැකි නමුත්, කිසිදු වීදුරු වර්ගයකට ගල් කැපිය නොහැක... ගලකට ගලක් , ගල් කැපී යාම සුලභ වුවද, වීදුරු වීදුරු කැපී යන්නේ දුලභවය.... එවැනි දුලබ අවස්ථා ආප්ප දැමීමේදී පමණක් සිදුවේ....!

බොහෝ ගල් හොදින් ඔප දැමිය හැක.. එසේ ඔප දමන විට අතුරු ඵල ඉවත් කළ යුතුය.. එම ගල් ඔපදමා ටොපියක් ආකාරයෙන් පෙනෙන ලෙස සකසා හරවා බැලූ විට නූලක් වැනි යමක් දැකිය හැකිය.. ඒවාට ආරු නූල් ලෙස කියයි..!

හොද වර්ගවල ගල් වුවද කාලයක් ඔප නොදැමීමෙන් මිලින වි යයි... එවිට ඒවායේ පොල් කුඩු වැනි යමක් බැදෙන අතර පසුව ඔප දැමීමට පෙර පොල් මුඩ්ඩකින් හෝ අතුල්ලා සේදිය යුතුය... බොහෝ වේලාවක් ඔපදැමීමෙන් පමණක් මේවා යතා තත්වයට පත් කල හැක...!














මේක ෆොටෝ එකක කමන්ට් වලට වැටිච්ච කතාවක්, ලිව්වෙ මැක් ඒයින්ස්(Mac Eins) මිනිහගෙ නම දන්නැති නිසා හා ඔන්ලයින් ආවෙ නැති නිසා මුකුත් අහන්න/කියන්න බෑ. ඕ.පී. කියලා මම ඉතින් දැම්මා.

කස්ටියට ජය!

Jun 27, 2011

පරණ කතාවක්, මරු සීන් එකක්

කෙල්ලෙක් - මන් හදිස්සියෙ මැරුනොත් ඔයා මොකද කරන්නෙ...?


කොල්ලෙක් - වෙන කෙනෙක් කසාදබදිනවා..


කෙල්ලෙක් - මෝඩයා....


කොල්ලෙක් - ඇයි..


කෙල්ලෙක් - මගෙ හිත ඔයා ගොඩාක් පෑරුවා..... මාව අමතක කරන්න ඔයාට පුලුවන්ද...?

කොල්ලෙක් - කවුද කිව්වෙ ඔයාව අමතක කරනවා කියලා...

කෙල්ලෙක් - කැමතිද මන් තනිවෙනවට...
ඒකට විසදුම වෙනකෙනෙක්ව බදින එකද?

කොල්ලෙක් - වෙන මොකද්ද... මන්දන්නෙ නෑ....


කෙල්ලෙක් - කැමත්තක්...

කොල්ලෙක් - එහෙනම් තරහගත්තෙ.....

කෙල්ලෙක් - ඔයාට තේරෙන්නෙ නෑ....
බඳිනව උනත් එහෙම මුණට කියනවද?
කොල්ලෙක් - මන් හිතුවෙ ඔයා වෙනුවෙන් තව අසරණ කෙනෙක්ට ජීවිතයක් දෙන්න...

කෙල්ලෙක් - බෝධිසත්වයෙක් වෙන්නද...?

කොල්ලෙක් - නෑ... නිකමට... කොහොමත් අපි බැන්දත් මමයි මුලින්ම මැරෙන්නෙ.....

එ ඇයි...?

කොල්ලෙක් - මටනෙ එතකොට අඩන්න වෙන්නෙ ඔයා මැරිල ඉන්නව බලන් ඉන්න බෑ....

කෙල්ලෙක් - පොරොන්දුවෙන්න.... ඔය අත්දෙකෙන් මගෙ අවසන් කටයුතු කරනව නේද..??

කොල්ලෙක් - කොහොමද?..... ඔයාම කියන්න...

කෙල්ලෙක් - අම්මා එනවා....?
තියන්නම් පැටියො... උම්මා

බීප්... බීප්.... බීප්....

මේ ගෲප් එකට ඔයාලත් එන්න, ඒකට තමා මම මේක දැම්මෙ,
මේක හොයාගත්ත තැන මතක නෑ, නමුත් මේක මම දැම්මෙ මුලින්ම
දෙසැම්බර් 7, 2010 හරියටම දවල් 2:35ට. 


Jun 23, 2011

මොකද්ද මේ ජූලි 4 කතාව, මලකෙලියයි ජූලි 4යි!

කොහෙද මේ අපේ හසී අක්කටත් ඉන්න බැරිවට කොරන වැඩ නොවෑ, අපේ කොල්ලො කෙල්ලො අමාරුවේ දාන්න කොරන වැඩනෙ මෙව්වා! :D

 සිරා කමන්ට් ටිකකුත් වැටිලා තිබ්බා

Jun 20, 2011

"තාත්තෙ මේ...!" සහ "අංකල් වෙලාව?"

මේ අපේ සෙට් එක දවසක් බස් එකේ සෙට් වෙච්ච වෙලාවෙ උන සීන් එකක්,

මේකයි කතාව, මමයි (දෙන්නට පුබ්බා, උදියා කියලා ගමු) මුන් දෙන්නයි බස් එකේ යනවා යද්දි ඉතින් එක එක පිස්සු විකාර කර කරනෙ යන්නෙ,

එක පාරටම බස් එකට නැග්ගා පොඩි කොල්ලෙක් අවු;4ක් 5ක් ඇති මිනිහා අම්මා, අනේ මංදා අම්මා කියන්නත් බෑ, නිකන් අක්කා වගේ. උදියා පැණි බේර බේර හිටියා අපේ වයසෙ කියලා.

කොහොම හරි පොඩ් එකාගෙ අතේ තිබ්බා කාර් පොඩ්ඩක් මිනිහ ඕක වද්දන්න ගත්තා පුබ්බගෙ කකුලෙ, මිනිහා පහල බැලුවා විතරයි "තාත්තෙ මේ..."
අම්මා ගහයි පොල් පිත්තෙන් කිව්වා, අරූ සුදුමැලි වෙලා කෑගහනවා

"අඩෝ පොඩි එකා මැරුම් කන්න එපා" කියලා.

අර අක්කටත් වස ලැජ්ජාව, හැබැයි ඕකෙන් මම අංකල් එකෙනෙක් උනා විනාඩි 2කට හරි. අර අක්කා කට වහගෙන බස් එකෙන් බැස්සා.








ඕන් අනිත් එක,

මම ඉස්කෝලෙ ඉස්සරහට ගියා සාපෙ ඉවරවෙච්ච ගමන්ම වගේ,
ඔය අස්සෙ පොඩි එකෙක් ලඟට ආවා

"අංකල් දැකලා පුරුදුයි වගේ"

"ඕයි මම මලියා!"

අනේ ඒ මල කරුමෙ ගියා කියන්නකො, මෙන්න තව එකෙක් ඇවිල්ලා අහනවා

"අංකල් වෙලාව කියන්නකො?"

මගෙ මල අතේ,

"07.15, පල ඇතුලට පොඩි එවුන්ට අංකල් කියන්නැතුව"

මම ආයි ඉස්කෝලෙට ආවෙ 10 පහුවෙලා, නැත්තන් එතන හිටගෙන හිටියනන්, 10 වෙනකොට මුන් මාව සීයා කරලත් ඉවරයි.

Jun 18, 2011

රිය පුහුණු අතර, විටින් විට ඇසුණු ප්‍රශ්ණ සහ පිස්සු පිලිතුරු

නිකන් ඉන්න එකේ පොඩ්ඩක් හිනාවෙන්න පෝස්ට් එකක් දාන්න හිතුවා, මෙච්චර දවස් දුන්නෙ තොල විකාගෙන, ඇස් ඉදිම්මවගෙන දාපු පෝස්ට් නෙ. පොඩි කොල්ලෙක්ගෙන් තමා මේ ප්‍රශ්ණ ටික අහල තියෙන්නෙ, හිනා යන්නැත්තන් සමාව භාජනේකට දාලා කස්ටිය කිති කවා ගන්නකො.
 

ප්‍රශ්ණය - ඔයා නවත්තනවද ඇස් පේන්නැති කෙනෙක් පාර පනිනවන්?
පිළිතුර - පිස්සුද? මිනිහට මගේ නමබර් ප්ලේට් එක පේන්නෑනෙ!

ප්‍ර - මීදුමක් තියන වෙලාවක රිය පදවනකොට මොකද්ද ඔයා පාවිච්චි කරන්නෙ?
පි - කාර් එක O.o

ප්‍ර - කොහොමද රිය අනතුරු අඩු කරගන්නෙ ඔයා?
පි - මමත් කාර් එකේ යතුර නැතිකරගත්ත බුවෙක් වගේ උඩ බලාගෙන ඉන්නකොට අඩු වෙයි

ප්‍ර - ඔයාගෙ ජීවිතේ කොච්චර වෙනස් වෙයිද නීති ගරුක නොවන විදියට වාහන පදින්න කියලා කිව්වොත්?
පි - අෆ්ෆො කිසි ප්‍රශ්ණයක් නෑ, හැමදාමත් එහෙමනෙ

ප්‍ර - මොනවද මූලිකව කරන්නෙ කාව හරි පසු කරොත්?
පි - හොදට බලනවා කවුද කියලා, ලස්සන කෙනෙක්නම් ඇහැක් ගහනවා

ප්‍ර - මාර්ග තදබදයට ඔයා පාරෙ යද්ද කරන්න පුලුවන් හොදම විසදුම මොකද්ද?
පි - ලොකු බෝම්බයක් අරගෙන ගිහින් දවල්ට යන පාරෙ රෑට ගිහින් තියලා, එදා දවස ඔෆිස් එකේ නිවාඩු දානවා.


ප්‍ර - පොලිස් ඔෆිසර් කෙනෙක් වෙන්න කැමති නැද්ද?
පි - ආපෝ උදේ ඉදන් ඔලුව කාගෙන, බැණුම් අහගෙන, තමාටම වල කපාගන්න ඕන්නෑ,

Jun 6, 2011

අසභ්‍ය හාවා (බනියට නෙමේ)

මේ අපේ හාවා කරපු අලි සෝයි වැඩක්,

දවසක් බලනකොට හාවා බැහැලම ගේමක් ගහනවා පන අමාරුවෙන්, දැන් මම බැලුවා යකෝ මොකද්ද මේ කරන කුණුහබ්බෙ කියලා.

බැලින්නන් තාමාගේ වර්ගයා බෝකිරීමේ ව්‍යාපෘතියකට පනපොවනවා

අඩේ එකපාරටම මෙතනට අම්මයි නංගියි පැන්නෙ නැතෑ, මම පොඩි එකානෙ සහ මුන්ගෙ ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න බැරි නිසා මම කිව්වා "මේ මොකද්ද මේ කරන්නෙ?"

අම්මට දැන් එනවා හිනාවක්, "නෑ මුකුත් නෑ"

එතකොටම එතන හිටපු නැංදාට කියවුනා මහ අසභ්‍ය හාවෙක් කියලා,

ඉකේ එදා ඉදන් ඌ අසභ්‍ය හාවා,

මමත් කිව්වා ඒ වෙලාවේ "මූ හොද වෙලාවට අසභ්‍ය උනේ, නැත්තන් තව ඉන්නවනෙ වල් කුපාඩි වනචර හාවොත්" කියල මම සද්ද වහලා හිටියා. 





Jun 5, 2011

පොඩි ප්‍රශ්ණයක්, දන්න කෙනෙක් උත්තරයක් දෙන්න

ප්‍රශ්ණෙ තමා
දෙවියො අපිත් එක්ක තරහද නැත්තන් අපි කරන වැඩ වලට එතුමාට අපි ගැන කලකිරිලද,

මගෙ වැඩනන් නෑ එතුමට කලකිරෙන්න, මම කනතරමක් කන්නෙ කටු, දැන් 4.22 උදේ, කියල වැඩක් නෑ.

මම නැගිටල ඉන්නෙ මගේ නෙතූව මට මතක් වෙලා, ප්‍රසන්න(වල් මාළුවා) පිස්සි අක්කා තමා හොදට දන්නෙ කතා සැට් එක.

මම පිරිටන් කාලක්වත් ගහලා නිදාගන්න හැදුවෙ, ඉස්පෙසල් හලාගෙන සුවදක් එහෙම ආවොත් ගෙදරත් ඉදලා හමාරයි නොවෑ.

May 28, 2011

ඊබේ මගින් අයි-පොඩ්ඩෙක් මිලදී ගත්තෙමි! සහ External HDD Update!

ඔන්න එහෙනන් මේකයි කතාව,
මම අයි-පොඩ්ඩෙක්ට බිඩ් කරා (Water Damaged, but working ) දාලා තිබ්බෙ 1st Gen කියලා, බිඩ් ඒ කියන්නෙ මගේ බිඩ් එක උනේ 52$ ඒක තමා ලොකුම එක ඔන්න ඉතින් ඊයේ පෙරේදා භාණ්ඩෙ ආවා කියමු, ආව පාර්සල් කෑල්ලෙ තියෙන්නෙ"Used MP3 Player" කියල, භාන්ඩෙ එල. ඒපාර Sync කරලා බැලුවා වැඩ, ඔන්න දැම්මා කියන්නකො සිංදුවක් මෙන්න මේක ඇහෙනවා ඉස්පීකොරෙන් අෆ්ෆට සිරි, ෆූසො පැනපි කිව්වලු! ආයි පොඩ්ඩක් සෙටිං වලට වැඩම කොරලා බැලින්නන් නිල්දතුත් (Bluetooth) වැඩ! මම ඊයෙ රෑ ජේල්බ්‍රේක් කරලා දැන් 5Gb ගේම්ස් හිටන් දාලයි තියෙන්නෙ










සුෆිරි කිව්වලු!

මටත් ඉතින් දැන් ෆුල් හැපි,
ඒක නෙමේ අර අර හාඩ් එකේ පොර ඌ මට කාසියක් එවලා *බඩුව ඊබේ එකේ බිඩ් එක යන්නෙ 45$ වලට* මම උගෙ අම්මා අප්පා මතක් කරලා සිංහල, ඉතාලි, ප්‍රංශ, සිම්ප්ලිෆයිඩ් චයිනීස් යන දන්නා භාශා වලින් යැවුවා මේල් එකක්, තොගෙ අහ-වල්ල කඩනවා මගේ එහා පැත්තෙ හිටියනන් කියලා.

මට වැටුන අයි-පොඩ්ඩා හේතු කරගෙන අරකෙ දුක දැන් අඩුයි.
එහෙනන් ඔන්න අපි කැපුනා! ජය වේවා

ආච්චිගෙ ඉන්ටර්නෙට්

(ඉන්ටර්නෙට් ගැන හිනායන්න එඩිට් කරලා දාන කතාවක්)

ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං

~හෙලෝ මලියා
   - කියන්න මචන්!
~ඔයි මගේ සයිට් එකට හැකෙක්ද කොහෙද ගේම් එකක් දෙන්න ට්‍රයි කරලා, හැබැයි තාම වැඩ නෑ
  - පොඩ්ඩක් හිටු බලන්න, කැකිරි පැලෙන ටිකිරි හිනාවයි කිව්වලු නෑනේන්නං!
~අනේ බෑ බං, මට දාඩියත් දාලා, මොකෝ කරන්නෙ?
  -ගූගල් කෑශ් එකේ තියනවනන් කොපි පේස්ට් වත් කරගනින්
~අනේ යකෝ එහෙමවත් බෑනේ!
 - පොඩ්ඩක් ඔහොන් හිටු,

පහලා තට්ටුවට ඔලුව දා

"අම්මේ ඉන්ටර්නෙට් නෑ!!!!!!"

ආච්චිගෙන් ඔන්න රීප්ලයි එක

"කවුද?, ඉනටානෙට් නැතිවෙලා ද? කවද්ද? කීයටද?"

මලහත්තිලවුවයි! ඉකේ මටමයි නෝන්ඩිය අරූ තාම ලයින් එකේ

වෙච්ච සන්තෑසිය උට කිව්වාම ඌ බකබක ගාලා හිනා වෙනවා,
ඉතින් මම කිව්වා
"හිනා නෙමේ බොල!, අඩපිය තොගෙ ඇකවුන්ට් එකත් බ්ලොක් නෙ?" කියලා!


May 23, 2011

නොබොන උන්ට බොන එවුන් ගැන ඇති කැසිල්ල මොකටද?

මට මේක ලියන්න හිතුනෙ අසංකගෙ පෝස්ට් එකක් දැකලා,

මම මේ කියන්න යන්නෙ 365 දවසම බ්ලැක්-අවුට් වෙලා ඉන්න ඩයල් වලට නෙමේ,
සාධාරණ ලෙස හරිහම්බ කරලා නිවාඩු දවසට ඒ හම්බ කරපු ඒවායින් සුලු කොටසක් වියදම් කරලා ශොට් එකක් ගහලා නිදාගන්න කට්ටිය වෙනුවෙන්,

මුලින්ම මොනවටද බොන්නෙ?
               ~අනේ පවු පොඩි එකා මූ දන්නෑ!~
 බොන එකේ ආතල් ඇති, මට වගේනන් නිදාගන්න අමාරු, හිතට අමාරු දවස් වලට පට්ටම බෙහෙත!

ඕකෙ තියන හොදේ මොකද්ද?
             ~උබම නේද කිව්වෙ නිදාගන්න පට්ට කියල~
මේකයි ඕකෙ ඇති හොදකුත් නෑ, හැබැයි එහෙම කියනවනන් නරකමත් නෑ
නරක මේකයි, ඕකට සෝඩා හරි ඩ්‍රයි ජින් ඒල් ටිකක් හරි දාලා බිව්වෙ නැත්තන් තමා ටොපිය. ඕවා බඩවැල් වල පිලිකා ඇති කරවනවා.

එතකොට නොබොන එවුන්ට බොන එවුන් ගැන ඇති කැසිල්ල මොකටද?
              ~ඇයි, නැතුව පෝස්ටරයක් වත් ගහන්න බෑනෙ ආතල් එකටවත්~
තමන් හරි විදියට හම්බකරගත්ත දෙයක් තමාගෙ යුතුකම් ඉටුකරලා ඉවරවෙලා යම් ප්‍රමාණයකට පැලපැදියම් වෙනවනම් අනුන්ට කරදරයක් නොවෙන්ට ඒක කමක් නෑ, කොහෙද යන කාළකණ්ණි රෑලක් මහජන මුදල්(මෙහෙම කිව්වෙ කාගෙ හරි සල්ලි නිසා) ගසාකමින් පෝස්ටර් ගහන එක වැරදී. මොකද අම්මා අප්පගෙ සල්ලි බෝතලයක් ගත්තනං අර පෝස්ටර් ගහන්න ඕනෙත් නෑ, බ්ලැක් ලේබල් එකක් සති දෙකක්වත් තියාගන්න පුලුවන් සාමාන්‍ය පදමට භාවිතා කරොත්.

මම මේක මෙහෙම කිව්වෙ ඇයි?
                    ~උබට කැහිල්ලනෙ~
 මම අම්මාපා අර 365දවසෙම බ්ලැක්-අවුට් වෙලා ඉදලා තියන එවුන්ට බැනලත් තියනවා, බැනලා හැදිච්ච එවුනුත් ඉන්නවා, තවත් නොආහා වල පල්ලටම ගිය එවුනුත් ඉන්නවා.
කරුමෙ කියන්නෙ මම ඇබ්බැහි වෙච්ච කාලයක් තිබ්බා මෙව්වට, නමුත් දැන් සාමාන්‍ය ලෙස ගත කරනවා,

May 19, 2011

දිලුම් නොහොත් අපේ ඉලංදාරියා ඔබට නිවන් සුව!

අපේ කුප්පයා නොහොත් රත්ගමයා කියන විදියට ඔහු අපෙන් සමුගෙන ඇත.
මම බනියටද කෑගැහුවේ විහිලුවක්නං නවත්තපං කියලා.
නමුත් ඔහු හැරදා ගොස්ය.

උදේ 7.32 නැගිටලා ඇදුම් මැදලා ඊබේ එකේ දිනපු බිඩ් එකක් දැකලා හිනාවෙවී ඉන්නකොට හිතුනා බුකිය පැත්තෙ කැරකෙන්න. ගියා විතරයි

"මිය ගිය නුඹට නෙවේ මචං දුක..
ජිවත් වෙලා ඉන්න අපිටයි...

දිලුම් අයියේ උඹට නිවන් සුව.. ..!"

වෙන කවුරුවත් නෙමේ අපේ බනියා දාලා තියෙන්නෙ,
මම යටින් කමන්ට් කරා "අඩෝ බනියා බොරු කියන්න එපා, උබ බොරු නේද කියන්නෙ?" කියලා.
නමුත් ඇත්තම තත්වය දැනගනිද්දි කතාව ඇත්ත,
"සිරාටවත් කියන්න එපා බං, දුකයි" කියල මම ආයි කමන්ට් කලා.

ඉලංදාරියා මට හම්බ උනේ සයිබර් සිංහල අලුත් අවුරුද්ද උත්සවයේදි. මුලින් ක්ලික් උන්නෑ නමුත් අදුරගත්තා. කිසිම දෙයක් මුහුනෙන් පෙන්නුවෙ නෑ, අමුතු හැගීමකින් කොල්ලා හිටියෙ.මෙහෙම දෙයක් වෙයි කියල මිනිහ හිතන්නැතුව ඇති.

මචං දිලුම්, සිංහල බ්ලොග්කරුවන් හා සියලුම කියවන්නන් නුඹව තව කාලාන්තරයක් යනකන් කතාබහට ලක් කරයි, මතක් කරයි, පිං දෙයි.
මචං උදේම අපේ ඇස් වලට කදුලු දීලා උබ මාරු උනා නේද ලොක්කා, කමක් නෑ බං යන මිනිහට යන්න වෙනවා ඒක උබට වෙච්ච අසාධාරණයක් කියල මට හිතෙන්නෙ, යන්න ඕන එකා ඉදලා, ඉන්න ඕන එකා කියන්නැතුව යනවා. මචන් උබට නිවන් සුව!



                                             "මිය ගිය නුඹට නෙවේ මචං දුක..
                                                     ජිවත් වෙලා ඉන්න අපිටයි...

                                               දිලුම් අයියේ උඹට නිවන් සුව.. ..!"

May 14, 2011

පුන්චි හෙල්ප් එකක් ඕනෙ,

පුලුවන් උත්තමයෙක් මම යටින් දාන ලින්ක් එකට ගිහින් මලිත් කුශාන්ට ඔබේ චන්දය ලබාදෙන්න. මේ වෙසක් සමයේ ඔබට පින්. (අනිවා දෙනවා)
මෙන්න ලින්ක් එක












http://www.micropoll.com/a/mpview/1074931-419186


මෙය හුදෙක් සිගිති ආතල් එකක් බවද සලකා මට බනින්න එපා(බනින්න බනින්න) , මම ඉතින් පොඩි එකානෙ (මුට පිස්සු)
බලාපොරොත්තුවන්න, අද දිනයේ 'මලියා ගාල්ලෙ නටපු පිස්සු'

May 7, 2011

පිස්සු රේඩියෝව














Listen with Winamp/iTunes

Listen with Windows Media Player

Apr 25, 2011

නුවරඑළියේ ප්‍රොජෙක්ට් එක


--------------------------->



තාත්තාගේ කම්පැනි එකෙන් මටත් පොඩි චාන්ස් එකක් සෙට් උනා නුවරඑළියට යන්න, ඉතින් මම, මල්ලි, නංගි, අම්මා ගියා. ගියා වගේ නෙමේ හෙන වැඩ ටිකක් තිබ්බා. කොහොම හරි මම සතියෙන් කදුරටින් පල්ලම් බැස්සා. අනිත් සෙට් එක එහෙ, කස්ටියට අවුරුදුත් නෑ.

ඉතින් මහන්සියේ හැටියට ප්‍රතිපල ලැබුනා.

වික්ටෝරියා පාර්ක් එකේ සමර් හට් එක හදන්න තිබ්බේ.

මට පට්ට ආතල් ඇයි මම කාර් එක එද්දී නිකන් බලන්නේ අයිතිකාරයා එනවා වගේනේ, මම ඔන්න පොටෝ ටිකක් දානවා බලන්න.

ජය වේවා කිව්වා, අපි කැපුන!

Apr 24, 2011

ඩොටේ ඩොට් කොම් ගැනීමට ට්‍රයි කිරීම

හ්ම්ම්ම් කෙලියා තාප්පෙට කියගෙන තමා මට පටන්ගන්න වෙන්නෙ, තාත්තාට අර කාඩ් එකේ යක්කු කෝල් කරලා කියල  "මිස්ටර් ****** ඔයාගෙ එකවුන්ට් එක කවුරු හරි යූස් කරනවද?"
"පොඩ්ඩක් ඉන්න,, ඔව් ඊයේ යූස් කරා, ඇයි?"
"නෑ සර්, මේ කාඩ් එකට සර් නවත්තන්න කියපු කාඩ් එකක්, යූස් කරපු නිසා ඇක්ටිව් වෙලා"
"හරි හරි,"
බ්ලා බ්ලා බ්ලා
"කුශාන්!!!!"
සීතල දවසක කන රත් වන ටයිප් එකේ ක්‍රියාදාමයක් සිදුවී ඇත, මීයෙක් වගේ හොරෙන් එලියට පනින්න තැත් කලද බෙල්ලෙන්ම මාට්ටු විය!
"මොකද්ද ගත්තෙ"
කියල ඇහුවහම ඉතින් විස්තරෙ කිව්වා, ශේප් වගේ කොහොම වෙයිද දන්නෑ.
ඉතින් මම ඇහුව
"මගේ බ්ලොග් එකට ඩොට්කොම් ගන්න කීයක් හරි දෙනවද?" කියල,
"දෙනව මම",
ඔන්න රීප්ලයි එක. කනේ තව තව කෑලි අඩු කර ගැනීමේ ආසාවක් නැති නිසා ගුරුත්වාකර්ශණ බලයට  කෙලවේවා කියල කාමරය රින්ගත්තා.
මම දැක්කා ඩොනේට් කියල බටොන් එකක්, පොඩ්ඩක් ජංජාලෙ පිරල බැලුවහම අෆ්ෆට සිරි කිව්වලු, පේපැල් එකට කැමති ගානක් දාන එකක් ඒක.
ඉතින් මමත් ටෙස්ට් එකට වගේ දානව බ්ලොග් එකට කැමති කෙනෙක් දාලා යයිනෙ, දැම්මොත් පින්, නොදැම්මට ප්‍රශ්ණයක් නෑ, තව මාස 3,4කින් අම්මගෙන් ඉල්ලලා මොන රෙද්දක් හරි කරගෙන ඩොට්කොම් ගන්නයි ආසාව.

ඔය වැරදිලාවත් දාන අය ඉන්නවනන් වැඩිය එපා එක බිංදුවක් තියන එව්වා දාන්න. කොහොමත් ඔය බටොන් එක මාසයක් තියෙයි ඊට පස්සෙ අයින් කොරල දානවා. තව පොඩි හෙලුප් එකක් ඕනෙ, කොහොමද හොද ගැජට් ටිකක් හොයාගන්නෙ මගුල් ඇඩ් නැති.

Apr 23, 2011

ඊබේ මගින් 1ටීබී හාඩ් එකක් මිලදී ගත්තෙමි!

මගේ ලැප්-උත්තමාවියගේ රැම් එක හා හාඩ් එක රීප්ලේස් කලයුතු බව දැන ගන්නට ලැබිනි. කෑල්ලක් නැති මට ලැපත් සැපයි කියාගෙන හිටපු මිනිහා අඩාගෙන පියානන් වහන්සේ ලගට ගොස් ඇවිටිලි කොරන්නට විය,

"තාත්තේ මගේ ලැපේ හාඩ් එකයි රෑම් එකටයි කෙලියා, මම ඉදල වැඩක් නෑ"
"මොකද උනේ?"

බ්ලා බ්ලා බ්ලා....

ඉතින් ඕක කැඩුනා කියල හදන්නැතුව සතියක් පමණ හිටියා.
කොහොමින් කොහොම හරි පියානන්ට පිටරට ගමනක් සෙට් වෙලා ඒ කංට්‍රියට වැඩම කොලා
ඔය අස්සෙ මොකක් හරි හේතුවකට රැම් හාඩ් නෙමේ අලුත් ලැප්-රත්නයක් උස්සන් ඇවිල්ලා තිබ්බා. අනේ මට දුකාකාකායි වගේ නිසා ඊබේ එකේ හෙව්වා, හාඩ් එකක් හම්බ උනා රාජධානියේ වැටිල තිබ්බ තාත්තගෙ ක්‍රෙඩිට් කාඩ් එකට පින් සිද්ද වෙන්න මම 35$ වලට එක්ස්ටර්නල් හාඩ් එකක් ගත්තා. මම කලින් ඊබේ ගනුදෙනු කරල තියන හින්දා පේපැල් එකවුන්ට් පොජ්ජකුත් තිබ්බා. මම මේ කරපු වැඩේ අවුලක් නැද්ද කියල හෙට උදේ වෙද්දි දැන ගන්න පුලුවන්.
මේ වගේ වාසි දායක අයිටම් ඊබේ එකේ වැහි වැහැලා තියනවා, මම කියන්නෙ අහුවෙන්නැතුව වැඩේ ගොඩ දාගන්න කියල. ඒ හාඩ් එක Western Digital My Passport Essential SE 1TB USB 3.0 US කියල තිබ්බෙ.
එල-වේවා කියල අපි කැපෙනවා

Apr 13, 2011

කෝල් එකක්,,

වින්ඩි - හෙලෝ, ඉතින් පැටියෝ!!!
මලියා - ඉන්නවා, මේ කියන්න දෙයක් තියනවා,
වින්ඩි - ඉතින් කියන්න
මලියා - අනේ කියන්න බෑ වගේ
වින්ඩි - අනේ කියන්නකෝ!
මලිය - ප්‍රශ්ණයක් නෑනෙ?
වින්ඩි - කියන්න,
මලිය - පැටියො ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් වගේ ඉන්න එක අපි නවත්තමු?
වින්ඩි - ඇයි ඒ, මම මොනවත් කලේ නෑනේ,
මලියා - ඒක තමයි, මම ඔයාට මගෙ වයිෆ්ට වගේ ආදරෙයිනෙ, මාව චාන්ස් එකක් ආවොත් බදිනවද?
වින්ඩි - මෝඩයා!!! මාව බය කලා!!!!!!
මලියා - ඉතින් මම ඇත්තනෙ කිව්වෙ, මම ඔයාට ගොඩක් ආදරෙයි නෙ මගෙ රත්තරන්
වින්ඩි - ඔයා,, පිස්සු කොල්ලා!
මලියා - (හිනා වෙමින්)
වින්ඩි - මම බයිට් නෙ,
මලියා - බයිට් කියන්නෙ ගොඩක්

Apr 7, 2011

තවත් දුරකතන ඇමතුමක්.........

මන් හදිස්සියෙ මැරුනොත් ඔයා මොකද කරන්නෙ...?
වෙන කෙනෙක් කසාදබදිනවා..
මෝඩයා....
ඇයි..
මගෙ හිත ඔයා ගොඩාක් පෑරුවා..... මාව අමතක කරන්න ඔයාට පුලුවන්ද...?
කවුද කිව්වෙ ඔයාව අමතක කරනවා කියලා...
කැමතිද මන් තනිවෙනවට...
ඒකට විසදුම වෙනකෙනෙක්ව බදින එකද?
වෙන මොකද්ද...
මන්දන්නෙ නෑ....
කැමත්තක්...
එහෙනම් තරහගත්තෙ.....
ඔයාට තේරෙන්නෙ නෑ....
බඳිනව උනත් එහෙම මුණට කියනවද? මන් හිතුවෙ ඔයා වෙනුවෙන් තව අසරණ කෙනෙක්ට ජීවිතයක් දෙන්න...
බෝධිසත්වයෙක් වෙන්නද...?
නෑ... නිකමට... කොහොමත් අපි බැන්දත් මමයි මුලින්ම මැරෙන්නෙ.....
එ ඇයි...?
මටනෙ එතකොට අඩන්න වෙන්නෙ ඔයා මැරිල ඉන්නව බලන් ඉන්න බෑ....
පොරොන්දුවෙන්න.... ඔය අත්දෙකෙන් මගෙ අවසන් කටයුතු කරනව නේද..??
කොහොමද?..... ඔයාම කියන්න...
අම්මා එනවා....?
තියන්නම් පැටියො... උම්මා

බීප්... බීප්.... බීප්....