May 19, 2011

දිලුම් නොහොත් අපේ ඉලංදාරියා ඔබට නිවන් සුව!

අපේ කුප්පයා නොහොත් රත්ගමයා කියන විදියට ඔහු අපෙන් සමුගෙන ඇත.
මම බනියටද කෑගැහුවේ විහිලුවක්නං නවත්තපං කියලා.
නමුත් ඔහු හැරදා ගොස්ය.

උදේ 7.32 නැගිටලා ඇදුම් මැදලා ඊබේ එකේ දිනපු බිඩ් එකක් දැකලා හිනාවෙවී ඉන්නකොට හිතුනා බුකිය පැත්තෙ කැරකෙන්න. ගියා විතරයි

"මිය ගිය නුඹට නෙවේ මචං දුක..
ජිවත් වෙලා ඉන්න අපිටයි...

දිලුම් අයියේ උඹට නිවන් සුව.. ..!"

වෙන කවුරුවත් නෙමේ අපේ බනියා දාලා තියෙන්නෙ,
මම යටින් කමන්ට් කරා "අඩෝ බනියා බොරු කියන්න එපා, උබ බොරු නේද කියන්නෙ?" කියලා.
නමුත් ඇත්තම තත්වය දැනගනිද්දි කතාව ඇත්ත,
"සිරාටවත් කියන්න එපා බං, දුකයි" කියල මම ආයි කමන්ට් කලා.

ඉලංදාරියා මට හම්බ උනේ සයිබර් සිංහල අලුත් අවුරුද්ද උත්සවයේදි. මුලින් ක්ලික් උන්නෑ නමුත් අදුරගත්තා. කිසිම දෙයක් මුහුනෙන් පෙන්නුවෙ නෑ, අමුතු හැගීමකින් කොල්ලා හිටියෙ.මෙහෙම දෙයක් වෙයි කියල මිනිහ හිතන්නැතුව ඇති.

මචං දිලුම්, සිංහල බ්ලොග්කරුවන් හා සියලුම කියවන්නන් නුඹව තව කාලාන්තරයක් යනකන් කතාබහට ලක් කරයි, මතක් කරයි, පිං දෙයි.
මචං උදේම අපේ ඇස් වලට කදුලු දීලා උබ මාරු උනා නේද ලොක්කා, කමක් නෑ බං යන මිනිහට යන්න වෙනවා ඒක උබට වෙච්ච අසාධාරණයක් කියල මට හිතෙන්නෙ, යන්න ඕන එකා ඉදලා, ඉන්න ඕන එකා කියන්නැතුව යනවා. මචන් උබට නිවන් සුව!



                                             "මිය ගිය නුඹට නෙවේ මචං දුක..
                                                     ජිවත් වෙලා ඉන්න අපිටයි...

                                               දිලුම් අයියේ උඹට නිවන් සුව.. ..!"

7 comments:

  1. ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව පොතේ අවසානයේ ඇලන් ක්වාටමෙන් තමන්ගේ අවසන් මොහොතෙදී තමන් එක්ක ගවේෂණ චාරිකාවලට එක්වුණු මිතුරන්ට කියනවා

    "මං මේ සැරේ යන්නේ අපි හවුලේ ගිය ඒවාට වඩා විශ්මයජනක චාරිකාවක්. මා ගැනත් මතක තියාගන්න. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" කියලා.

    සයිබර් අවකාශයේ එකට ගමන් කරපු දිළුම් මිතුරාණෙනි ඔබ ගැනත් එසේමයි..........
    ඔබට ප්‍රීතිමත් චාරිකාවක්........

    ReplyDelete
  2. ඔබට නිවන් සුව අයියේ...!!!!

    ReplyDelete
  3. දිලුම් සොහොයුරාට නිවන් සුව පතමි!

    ReplyDelete
  4. @ රොබින් - කතා අනූව 55%ක් ශුවර්
    කරන්න දෙයක් නෑ මචන්ලා :(

    ReplyDelete
  5. කවුද ඔය බනියා කියන්නෙ ?

    ReplyDelete