Apr 24, 2011

ඩොටේ ඩොට් කොම් ගැනීමට ට්‍රයි කිරීම

හ්ම්ම්ම් කෙලියා තාප්පෙට කියගෙන තමා මට පටන්ගන්න වෙන්නෙ, තාත්තාට අර කාඩ් එකේ යක්කු කෝල් කරලා කියල  "මිස්ටර් ****** ඔයාගෙ එකවුන්ට් එක කවුරු හරි යූස් කරනවද?"
"පොඩ්ඩක් ඉන්න,, ඔව් ඊයේ යූස් කරා, ඇයි?"
"නෑ සර්, මේ කාඩ් එකට සර් නවත්තන්න කියපු කාඩ් එකක්, යූස් කරපු නිසා ඇක්ටිව් වෙලා"
"හරි හරි,"
බ්ලා බ්ලා බ්ලා
"කුශාන්!!!!"
සීතල දවසක කන රත් වන ටයිප් එකේ ක්‍රියාදාමයක් සිදුවී ඇත, මීයෙක් වගේ හොරෙන් එලියට පනින්න තැත් කලද බෙල්ලෙන්ම මාට්ටු විය!
"මොකද්ද ගත්තෙ"
කියල ඇහුවහම ඉතින් විස්තරෙ කිව්වා, ශේප් වගේ කොහොම වෙයිද දන්නෑ.
ඉතින් මම ඇහුව
"මගේ බ්ලොග් එකට ඩොට්කොම් ගන්න කීයක් හරි දෙනවද?" කියල,
"දෙනව මම",
ඔන්න රීප්ලයි එක. කනේ තව තව කෑලි අඩු කර ගැනීමේ ආසාවක් නැති නිසා ගුරුත්වාකර්ශණ බලයට  කෙලවේවා කියල කාමරය රින්ගත්තා.
මම දැක්කා ඩොනේට් කියල බටොන් එකක්, පොඩ්ඩක් ජංජාලෙ පිරල බැලුවහම අෆ්ෆට සිරි කිව්වලු, පේපැල් එකට කැමති ගානක් දාන එකක් ඒක.
ඉතින් මමත් ටෙස්ට් එකට වගේ දානව බ්ලොග් එකට කැමති කෙනෙක් දාලා යයිනෙ, දැම්මොත් පින්, නොදැම්මට ප්‍රශ්ණයක් නෑ, තව මාස 3,4කින් අම්මගෙන් ඉල්ලලා මොන රෙද්දක් හරි කරගෙන ඩොට්කොම් ගන්නයි ආසාව.

ඔය වැරදිලාවත් දාන අය ඉන්නවනන් වැඩිය එපා එක බිංදුවක් තියන එව්වා දාන්න. කොහොමත් ඔය බටොන් එක මාසයක් තියෙයි ඊට පස්සෙ අයින් කොරල දානවා. තව පොඩි හෙලුප් එකක් ඕනෙ, කොහොමද හොද ගැජට් ටිකක් හොයාගන්නෙ මගුල් ඇඩ් නැති.

3 comments:

  1. මම දන්න තරමින් ලංකාවේ පේපෑල් වලට ඔය ඩොනේට් එක වැඩ කරන්නෙ නෑ

    ReplyDelete
  2. ලංකාවේ තැනකින් ගන්නවනම් Pay pal Cadit Card ඕනේ නෑ නේ එයාලට බැංකුවකින් සල්ලි දැම්මාම එයාලා අපිට අරන් දෙනවා හරිම ලේසි.

    ReplyDelete
  3. abv all - ටෙස්ටින් කිව්වෙ ඒකනෙ, දැම්මත් මම ප්ලේන්ටියක් ගහලා, තව මොකක් හරි පිස්සුවක් කෙලී, තව මාස දෙක තුනක් ඉන්න වෙනව කොහොමත්, කරල තියන වැඩ වලටයි දාපු බිල් වලටයි ඔහොම හරි අරන් දෙනව කිව්වා ඇති. ඉතින් ඉතින් කස්ටියගෙ සැප දුක කෙසේද?

    ReplyDelete