Apr 19, 2011

බාගෙට අහගෙන හිටපු කතාවක්,තේරුම් කරල දෙන්න (පොඩි බණ කතාවක්)

මම පෝය දවසෙ අහගෙන හිටියා අත්තනායක සර් (වෙන්න ඕනේ) කියනවා පොඩි කතාවක්

"ටීචර් දවසක් පන්තියේ ලමයින්ට පොරකන පූසො දෙන්නෙක් ව චිත්‍රයට නගන්න කියල ලමයින්ට පැවරුමක් දුන්නාලු, ඔය අස්සෙ එක ලමයෙක් හිටියා පූසො අදින්න දන්නෙනැති, ඒක නිසා ලමයා කරන්නේ මොකක්ද කියා හොඳට කල්පනා කලේය. ලමයාට විශිෂ්ට අදහසක් ආවේය. ලමයා පූසො දෙන්නෙකුගේ වලිග දෙක පමණක් ඇදල ටීචට දුන්නා. ටීචර් ඇහුව මේ මොකද්ද කියලා, මේ පූසෝ දෙන්නා පොරකාලා වලිග දෙක විතරක් ඉතුරුවෙලා. අනිත් පූසා අර පූසාව ගිල්ලා, ඉතින් දෙන්නට දෙන්න ගිලගෙන වලිග දෙක විතරක් තුරුවෙලා. එක පූසෙක් අනෙක් පූසාව ගිල්ලා,  මේකට ටීචර් මුලු ලකුනු ප්‍රමාණයම දීලා"

ඇත්තටම එහෙම කොහොමද වෙන්නෙ, මට තේරුන්නෑ, හැකි අයෙක් වෙත්නම් කියල දෙන්න.

7 comments:

  1. ඔය වැඩසටහනේදිම තව කතාවක් කිව්වා ....

    භාහිර ක්‍රියාකර කමකට චෛත්‍යක් හදන් එන්න කිව්වලු පොඩි ළමයෙක්ට. මේ ළමයා හදපු චෛත්‍ය එයාගේ මල්ලිද කොහෙද පෙරලලා කඩලා. ඒත් පහුවදා මේ ළමයා ඒ කැඩිච්ච චෛත්‍ය අරන් ගිහින් ටිචර්ට පෙන්නලා කිව්වාලු මේ නටබුන් වෙච්ච එකක් කියලා ...

    මේ උදාහරණ ඔක්කොම කිව්වේ...... අවාසනාවන්ත තත්වයක් කොහෙමද තමන්ට වාසි දායක විදිහට හරව ගන්නේ කියලා පැහැදිලි කරන්න ...

    තව උදාහරණයක් කිව්වා ඒක මතක නැහැ මට

    ReplyDelete
  2. ඇත්ත තමයි. යමක් විශේෂ කරන්න අලුතින් මුකුත් එකතු කරන්න ඕනිත් නෑ. ඒක විශේෂයි කියල තමන්ට හිතුණම වුණත් ඇති :-)

    ReplyDelete
  3. මෙන්න පූවො අඳින්න දන්නෙ නැති බබාලට පූවො අඳින හැටි ගැන හා ටීචර්ගෙන් පාඩමක්

    http://haapatikki.blogspot.com/2011/03/blog-post.html

    ReplyDelete
  4. ඇයි වලිගය විතරක් ඉතිරි උනේ..

    ReplyDelete
  5. වැප්, උඔ බණත් අහනවා නේද එහෙනං......!

    ReplyDelete
  6. මේකා මාර පොරක්නේ... බලපංකෝ පන පිහිටුවලා බොරු කියන හැටි... ඒ අස්සේ වැපත් හිටු කියලා නයි අරිනවා...

    ReplyDelete
  7. අඩේ මෙන්න වැප් අයියා බොලු කීනවලු,

    එහෙම කියන්නත් එපා මිනිහ බණ අහල තියනවනෙ, නැද්ද වැප් අයියා?

    වැප් අයියා තේරුම් කරා එක දෙයක් නමුත් කාපු දෙයක්නම් බඩ වැලක තියෙන්න එපැයි (මම හිතන්නෙ දගයා කිව්වෙ මේක වෙන්නැති ), කමක් නෑ කමක් නෑ, බොහෝම ස්තූති කිව්වලු තෙරුම් කිරීම සම්බන්දයෙන්.

    මමත් ඔය මලක් කඩකඩ ඉන්නකොට ඇහුන එකක්

    ඇනෝ කියල තියන කතාව පොඩ්ඩක් මේහරියට අදාල නෑ, මම ඒක හැබැයි තියෙන්න අරිනවා.

    ReplyDelete