Showing posts with label අහල ගත්තුවා. Show all posts
Showing posts with label අහල ගත්තුවා. Show all posts

May 28, 2011

ඊබේ මගින් අයි-පොඩ්ඩෙක් මිලදී ගත්තෙමි! සහ External HDD Update!

ඔන්න එහෙනන් මේකයි කතාව,
මම අයි-පොඩ්ඩෙක්ට බිඩ් කරා (Water Damaged, but working ) දාලා තිබ්බෙ 1st Gen කියලා, බිඩ් ඒ කියන්නෙ මගේ බිඩ් එක උනේ 52$ ඒක තමා ලොකුම එක ඔන්න ඉතින් ඊයේ පෙරේදා භාණ්ඩෙ ආවා කියමු, ආව පාර්සල් කෑල්ලෙ තියෙන්නෙ"Used MP3 Player" කියල, භාන්ඩෙ එල. ඒපාර Sync කරලා බැලුවා වැඩ, ඔන්න දැම්මා කියන්නකො සිංදුවක් මෙන්න මේක ඇහෙනවා ඉස්පීකොරෙන් අෆ්ෆට සිරි, ෆූසො පැනපි කිව්වලු! ආයි පොඩ්ඩක් සෙටිං වලට වැඩම කොරලා බැලින්නන් නිල්දතුත් (Bluetooth) වැඩ! මම ඊයෙ රෑ ජේල්බ්‍රේක් කරලා දැන් 5Gb ගේම්ස් හිටන් දාලයි තියෙන්නෙ










සුෆිරි කිව්වලු!

මටත් ඉතින් දැන් ෆුල් හැපි,
ඒක නෙමේ අර අර හාඩ් එකේ පොර ඌ මට කාසියක් එවලා *බඩුව ඊබේ එකේ බිඩ් එක යන්නෙ 45$ වලට* මම උගෙ අම්මා අප්පා මතක් කරලා සිංහල, ඉතාලි, ප්‍රංශ, සිම්ප්ලිෆයිඩ් චයිනීස් යන දන්නා භාශා වලින් යැවුවා මේල් එකක්, තොගෙ අහ-වල්ල කඩනවා මගේ එහා පැත්තෙ හිටියනන් කියලා.

මට වැටුන අයි-පොඩ්ඩා හේතු කරගෙන අරකෙ දුක දැන් අඩුයි.
එහෙනන් ඔන්න අපි කැපුනා! ජය වේවා

Apr 19, 2011

බාගෙට අහගෙන හිටපු කතාවක්,තේරුම් කරල දෙන්න (පොඩි බණ කතාවක්)

මම පෝය දවසෙ අහගෙන හිටියා අත්තනායක සර් (වෙන්න ඕනේ) කියනවා පොඩි කතාවක්

"ටීචර් දවසක් පන්තියේ ලමයින්ට පොරකන පූසො දෙන්නෙක් ව චිත්‍රයට නගන්න කියල ලමයින්ට පැවරුමක් දුන්නාලු, ඔය අස්සෙ එක ලමයෙක් හිටියා පූසො අදින්න දන්නෙනැති, ඒක නිසා ලමයා කරන්නේ මොකක්ද කියා හොඳට කල්පනා කලේය. ලමයාට විශිෂ්ට අදහසක් ආවේය. ලමයා පූසො දෙන්නෙකුගේ වලිග දෙක පමණක් ඇදල ටීචට දුන්නා. ටීචර් ඇහුව මේ මොකද්ද කියලා, මේ පූසෝ දෙන්නා පොරකාලා වලිග දෙක විතරක් ඉතුරුවෙලා. අනිත් පූසා අර පූසාව ගිල්ලා, ඉතින් දෙන්නට දෙන්න ගිලගෙන වලිග දෙක විතරක් තුරුවෙලා. එක පූසෙක් අනෙක් පූසාව ගිල්ලා,  මේකට ටීචර් මුලු ලකුනු ප්‍රමාණයම දීලා"

ඇත්තටම එහෙම කොහොමද වෙන්නෙ, මට තේරුන්නෑ, හැකි අයෙක් වෙත්නම් කියල දෙන්න.

Mar 26, 2011

ගාමින්ද විසින් මාක් මාමාට ලියමි, (1)

 මාක් මාමේ,

    මාක් මාමේ. ඔබට කැම්පස් එකට වී ඉගෙන ගන්නවා වෙනුවට නිකං ඉන්න බැරි අමාරුවකට හදපු මූනුපොත නිසා අප විඳින දුක දන්නේ අප පමණි. එක් අතකින් මෙය ඔබට නොවැටහෙන එක ගැන අප පුදුම නොවෙමු. මන්ද යත් ඔබට පෙනෙන්නේ ඔබ මසකට උපයන මිලියන බිලියන ගනන් මුදල් නෝට්‍ටු පමණි. ඔබ ඔබගේ මේ සමාජ ජාලය ට පසු ගිය දින කිහිපය තුල නවතම පහසුකම් ‍රැසක් එක් කල බව අපි දු‍ටුවෙමු. එහි හොඳක් ඇත. නමුත් ඉන් හොඳකට වඩා අපට මහත් කරදරයක් සිදුවෙයි. ඉන් එකක් ලෙස Comment සඳහා මිතුරන්ව ටැග් කිරීමේ පහසුකම හඳුන්වා දිය හැක. මෙතෙක් කලක් තිබුනේ වීඩියෝ වලට, පින්තූර වලට සහ බිත්තියේ දමන Post වලට මිතුරන් ටැග් කිරීම පමණි. ඒවායින්ද කරදර නැත්තේම නොවේ. නමුත් ඒවා කලකට පෙර සිටම පැවත එන බැවින් ඒවා ගැන දැන් කථා කිරීම නිශ්ඵලය. එම නිසා ඒ ගැන කරන කතාව නවත්වා තොප අලුතින් හඳුන්වා දුන් Comment Tags පිලිබඳ කතා කිරීමට මම කැමැත්තෙමු.

  අප ඉස්සර යහලුවෙකුට පමණක් වලංගු වන ලෙස කමෙන්‍ටුවක් දැමීමට ඕනේ අවස්ථාවකදී යතුරු පුවරුවේ @ ලකුණ ඔබා සාමාන්‍ය කමෙන්‍ටුවක් ලෙස එය පල කලෙමු. යහලුවාට එය ලැබුනේද සාමාන්‍ය කමෙන්‍ටුවක් මෙනි. එනිසා යහළුවාට එය තමන්ට කියූ දෙයක්ද, නැති නම් වෙනත් අයෙකුට කිවූ දෙයක්ද යන්න දැන ගැනීමට හැකි වූයේ එයට ගොසින් මය. නමුත් අලුත් වැඩි දියුණු කිරීමත් සමඟ අපට යහළුවාට විශේෂයෙන්ම දැන ගත හැකි වන පරිදි කමෙන්ට් දැමීමට හැකි වී ඇත. එය මා දකින පරිදි මෙහි ඇති එකම වාසියයි. නමුත් මෙහි අවාසි බොහෝමයකි.

  ඉන් එකක් නම් යම් දෙයකට කමෙන්ට් දැමීමේදී එය අපට Notification එකක් ලෙස එයි. තවද එයටම තවත් කෙනෙක් තමාව ටැග් කර කමෙන්ට් එකක් දැමුවහොත්  *** metioned you in comment ලෙස තවත් Notification එකක් පැමිණේ. අවසන එකම ස්ථානටට යෑමට Notification දෙකකි. මෙය මා සිතන විදිහට බොහෝ දෙනෙකුට  වදයකි.

  ඉතිං මම තොපට මෙය අවලංගු කරන ලෙස නොකියමි. හැකි නම් අපගේ Settings වලට අපව තවත් අයෙකුට ටැග් කිරීමට හැකි වන හෝ නොහැකි වන ලෙස අලුත් පහසුකමක් යොදන්නේ නම් මැනවි. එය මෙම පහසුකම අවලංගු කර දමනවාට වඩා සාර්ථක වනු ඇත.

  තවද මේත් සමඟ ඔබට මතක් කිරීමට තවත් දෙයක් ඇත. ඔබ මේ මූනුපොතට එක් කරන මේ පහසුකම් අතරේ MP3 ෆයිල්ද දැමීමට හැකි වන ලෙස පහසුකමක් යෙදීමට හැකි නම් ඉතා අගනේය.

  මේ කිසිම දෙයක් ඔබ වැනි කඩු වනන්නෙකුට නොතේරෙන බව දනිමි. තොප ලඟ සිටින ලංකාවෙන් ගිය පුද්ගලයා ලවා කියවාගෙන මෙය ක්‍රියාත්මක කිරීමට හැකි නම් එය අප මහත් උපකාරයක් කොට සලකමු.

                                                                                                                අදත් විමසුම පිටපත මහින්ද අබේසුන්දර මාමාගෙන් :P